පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, May 8, 2015

සංඝ සමාජයේ ඉරණම - Fate of the Sangha Community


මට හිතෙන විදිහට නම් මේ වෙන කොට අපේ සංඝ සමාජය හෑල්ලුවකට ලක්වෙමින් පවතිනවා. 

මේ තත්වය ඇතිකරගෙන තියෙන්නෙත් සංඝයා වහන්සේලාම තමයි. මහනායක හාමුදුරුවරු මෙයට සෑහෙන්න වගකියන්න ඕන. 

සංඝයා වහන්සේලා අර්ථයෙන් ධර්මයෙන් පාලකයන්ට අනුශාසනා කළ බව තමයි අතීතයෙන් අසන්නට ලැබෙන්නේ. 

නමුත් අද වෙලා තියෙන්නේ නිකාය විදිහට විතරක් නෙවෙයි තමන්ගේ දේශපාලන මතවාදය වෙනුවෙන් සංඝ සමාජය පිල්වලට බෙදිලා. 

තමන් අනුගමනය කළ යුතු මතවාදය බෞද්ධ දර්ශනය බව සියලු දෙනාට අමතක වෙලා. 

ඇතැම් සංඝයා වහන්සේලා උද්ඝෝෂණවලට සහභාගීවෙන්නේ වියරු වැටිලා. 

නමුත් අනෙක් කිසිම ආගමක නායකයන් තමන් තුළ කුමන දේශපාලන මතවාදයක් තිබුණත් ඔවුන් තම ආගම යටතේ එක් ප්‍රජාවක් විදිහට ඉන්නවා. 

මා හිතන්නේ නම් සංඝයා වහන්සේ කළ යුත්තේ අපේ රට වෙනුවෙන්, රටේ උන්නතිය වෙනුවෙන් පාලකයන්ව හැසිරවීමයි. 

එහිදී දේශපාලන මතවාද නොව ප්‍රඥාවෙන් යුක්තව සියලු ජාතීන්ගේ හා ආගමිකයන්ගේ හිත සුව පිණිස රට මෙහෙයවීමයි කළ යුත්තේ. 

නමුත් දේශපාලුවන්ගේ ගැටවලට අසුවුණු සංඝ සමාජය කෙමෙන් තමන්ගේ ගෞරවය හානි කරගනිමින් පවතිනවා. 

සංඝ සමාජය පිළිබඳ ජාත්‍යන්තරයට වැරදි ප්‍රතිරූපයක් යනවා. 

මහනායක හාමුදුරුවරු මේ සියල්ල දැක නොදැක්කා සේ බලා ඉන්නවා. 

උන්වහන්සේලාට ආණ්ඩුවෙන් සියලු සැප සම්පත් ලැබෙනවා. 

ඒ වෙනුවෙන් තමන් වෙත එන හැමෝටම පිරිත් නූල් බැඳලා කුමක් හෝ දෙයක් මාධ්‍යයට කියනවා. දෙයියනේ කියලා ඉන්නවා. 

ඔලුව වටේ රේස් පැද්දත් ඇහක් ඇරලා බලන්නේ නැහැ. 

මෙහෙම ගියොත් බුදුදහමටත්, එය ඉදිරියට රැගෙන යන්න යැයි කියමින් සිටින සංඝ පරම්පරාවන්ටත් 

අබසරණයි! 

11 comments:

  1. මේ පිස්සු කෙළීම ලෝකෙ කිසිම ආගමක නායකයන් කරන්නෙ නෑ.
    සිත සන්සුන් කරගන්න මුන් බණ කියන්නෙ කොහොමද
    අපටත් වඩා අශීලාචාර අවිනීත මේ ගණරාලලට ( සමූහයක සාමාජික රාළහාමිලා ) දණ ගහල වදින්නෙ කොහොමද
    මේ ගණරාලලාට අවශ්‍ය සිවුපසය නොවෙයි පිස්සු බලු බේත්.
    ජේවීපී හාමුදුරුවරු සිවුර අදින්නෙත් බෞද්ධ භික්ෂූන් සිවුර අදින විදියටයි . ජේවීපී අය වෙනත් විදියකට සිවුර අදිනවනම් පටලැවිල්ලක් නෑ.

    ReplyDelete
    Replies
    1. මටත් ඇත්තටම සංඝ සමාජය ගැන කළකිරීමක් තියෙන්නේ. තමනුත් වැරදි පාරේ යද්දි පොදු සමාජයට කියන්නේ කොහොමද හරි පාරේ යන්න කියලා. අඩුම ගානේ ගමේ පන්සලේ හාමුදුරුවන්ට වෙලාවක් නැහැ දායකයෝ එක්ක කතා කරන්න. දකින කොට හැංගෙනවා. දානේ අරන් යන වෙලාවට පින් දෙන්න හාමුදුරු නමක් පන්සලේ නැහැ.

      Delete
  2. සංඝ සමාජය ගැන ජාත්‍යන්තර ව යන අදහස නම් ඉතාම නරකයි තමයි.. ජනතාව හිතන්නේ ලංකාවේ හාමුදුරුවරු හරියට තලෙෙබාන් වගේ කියලයි......

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. අද ජාත්‍යන්තර මාධ්‍යයේ බොහෝ විට Buddhist Extremists යනුවෙන් සදහන් කොට පෙන්වන්නේ සාමාන්‍ය මිනිසුන් නොව භික්ෂූණ් වහන්සේලායි. මෙය අප රටේ මහ නායක උන්නාන්සේලා එක්කෝ දකින්නේ නෑ. එක්කෝ දකින්න වෙලාවක් නෑ. මොකද දේශපාලුවන්ට නූල් බදිනවා ඇරෙන්න ඔවුන්ට වෙන වැඩක් නැති නිසා. එක්කෝ දැකලා නොදැක්ක වගේ ඉන්නවා. මොකද තමන්ට දේවල් ලැබෙනවා නම් බුද්ධ සාසනේ අතුගෑවුනත් මොකද? මම මමෙහෙම කියන්නේ මහ නායක උන්නාන්සේලාගෙන් සංඝ සමාජය ක්‍රමවත් කරන්න නිසි වැඩපිළිවෙලක් නැති නිසයි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  3. අතීතයේ ඉඳලම පාලකයින් විසින් ජනතා ප්‍රසාදය ලබා ගැනීමේ ක්‍රමයක් විදියට සංඝ්‍යා වහන්සේලාව පාවිච්චි කලා. නොහොත් භික්ශූන් අප රටේ දේශපාලනයේ වැදගත් භූමිකාවක් රඟ දැක්වූවා. අසූව දශකයේ අග සහ අනුව් දශකයේ මුල හිස එසවු ජාතිකත්ව ව්‍යාපාරය සහ භික්ශූන් යන කණ්ඩායම දැඩි ලෙස තම දේශපාලන වාසි සඳහා පාලකයින් විසින් යොදා ගැනීමේ ප්‍රතිපලයක් විදිහටයි අද භික්ශූන් යන කොටස පාලනයකින් තොරව මේ විදියට හැසිරෙන තත්වයට පත් වෙලා තියෙන්නෙ. මේ අහිතකර බලපෑමට සමාජය විසින් දැක්විය යුතු ප්‍රතිරෝධය නොලැබීමට ප්‍රධානම හේතුව නම් ඔවුන් තුළ සංඝ සමාජය කෙරෙහි ඇති කොන්දේසි විරහිත ගරුත්වයයි. භික්ශුන් විසින් පෙන්නුම් කරන මෙම හැසිරීම හේතුවෙන් සමාජය විසින් තමා භික්ශුව කෙරේ දක්වන කොන්දේසි විරහිත ගරුත්වය ප්‍රශ්න කරන තත්වයකට පත්ව තිබෙනවා. ඉදිරියට ඒ ප්‍රවනතාවය තවත් වැඩි වේවි. එය මේ නිසා ඇති වන ධනාත්මක ප්‍රතිපලයක්. කොහොමත් ඕනම දෙයක් කරේ තියාගෙන උදේ හවහ සුවඳ දුම් අල්ලන්න ගියාම මේ වගේ තත්වයන් උදා වෙනවා. මේ ගැන අන්තිමට කියන්න තියෙන්නේ ටැබු විසින් සොල්දාදුවන්ට කියපු කතාවමයි.

    'හාමුදුරුවනේ.. දැන් බහින්න කරෙන් බිමට'

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස සමග මම ද එකගයි

      Delete
    2. සීමාවක් තියනවා. සෝමාරාම එදා බණ්ඩාරනායකට වෙඩි තියපු වෙලේ හාමුදුරුනමකට පාරෙ බැහැල යන්න බැරි වුනා. මේ ගනරාල ල කරන වැඩ නිසා හොද හාමුදුරුනමකටවත් ඉන්න බැරි තත්වයක් උදාවෙලා. මේ මාක්ස්වාදී ගනයො බුද්ධාගා අදහන්නෙ නෑ. උන්ට මේක ගුටි නොවදින ඇදුමක් විතරයි.
      චිත්ත රූපයක් මවාගන්න මේ දේශපාලන ගනයො ගිහි ඇදුම් ඇදගෙන ඉන්න හැටි. සමහරු කිසිම පෞර්ෂයක් නැති නිකම්ම නිකම් ගිහියො. මුන් මේ සිවුර නිසා සියල්ල දත් කැරැක්ටර් එකක් රගනව. සීලෙ පැත්තකටම දානව

      මේ වැඩේ වෙන ආගම්වල කරන්න බෑ. ඒ ආගම්වල පූජ්‍ය පක්ෂය හතර කේන්දරේ පාලුවෙලා බල්ලො බලල්ලු පන්සලට ගෙනත් දානව වගෙ ගෙනත් දාපු අනාථයො නෙමේ. අභ්‍යාස විද්යාලවලින් පුහුණු වුන අය. බලන්න ඒ අයගෙ සංවරකම. මහන වෙන්න ඕනවට මහන වුන උන් නෙමේ. ලොකු වුන හැටියෙ මුන් ජේවීපී පෙරටුගාමී කිය කිය පිස්සු කෙළිනව.

      Delete
    3. මමත් කියන්නේ ඒක තමයි. රජය හෝ මහ නායක හාමුදුරුවරු (මේක නම් කෙරෙන වෙදකමක් නෙවෙයි) හරි, එහෙමත් නැත්නම් අපේ රටේ නියම සංඝයා වහන්සේලා හරි එකතු වෙලා කතිකාවකක් ඇතිකරගනෙ මේ සාසනය පිරිසුදු කළ යුතුයි. මේ විදිහට ඉදිරියට ගියොත් මේ චීවරධාරීන් නෙවෙයි අමාරුවේ වැටෙන්නේ බෞද්ධ අපි.

      Delete
  4. මේ අයගෙන් වැඩි දෙනෙක් බුදු දහමේ අයිතිකාරයො හැදිල එය විකෘති කරමින් සිටින පිරිසක්.

    ReplyDelete
    Replies
    1. චීවරයට ඇති ගෞරවය නැතිකරලා දාන්නෙත් මේ අයම තමයි. වෙලාවකට හිතෙනවා මේකත් බටහිර කුමන්ත්‍රණයක්වත් ද කියලා.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න