පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, May 10, 2015

වෙසක් කූඩුවට පාට තුනේ LED - Tri Colour LED for Vesak Lanterns



මම මේ කියන්න යන්නේ විශේෂ තාක්ෂණික රහසක් නෙවෙයි. කවුරුත් දන්න දෙයක්. නමුත් අපේ ගෙවල් පැත්තේ කවුරුවත් මේක කරලා තියෙනවා දැක්කේ නැති නිසා මට හිතුණා නිකමට වගේ බ්ලොග් එකට ලියලා දාන්න. ඒ තමයි වෙසක් කූඩුවලට පාට තුනේ LED දාන එක. 

වෙනදා නම් කරන්නේ වෝල්ට් 230න් වැඩ කරන වොට් 5 පාට බල්බ් වෙසක් කූඩුවලට දාන එකනේ. මේ ගමන මට හිතුණා පාට තුනේ LED බල්බ්වලින් මේ වැඩේ කරන්න. මේ ගැන වැඩිය නොසිතුපු කෙනෙක් මේ බ්ලොග් එක පැත්තේ අවොත් පහසුවෙන්ම කරගන්න පුළුවන් කියලා දැනෙයි. 



සාමාන්‍යයෙන් LED බල්බ් එකකට සරල ධාරාව වෝල්ට් 3ක් දුන්නාම දැල්වෙනවා. ඒ නිසා මම කළේ මේ පින්තූරයේ තියෙන  විදිහට පාට තුනේ LED බල්බ් 5ක් සමාන්තරගත විදිහට ඊයම්වලින් පාස්ස ගත්ත එක. මේකට විදුලය ලබාදෙන්න ප්‍රත්‍යාවර්ථ ධාරාව කෙලින්ම සරල ධාරාවක් කරන පරිපථයක් සකස් කරගන්නත් පුළුවන්. අර දැන් LED  බල්බ් පත්තු කරන්න හදන පරිපථ වගේ. නමුත් මතක තියාගන්න මෙතන සරල ධාරාව වෝල්ට් 3 යි අවශ්‍ය. මම කළේ වෝල්ට් 3ක සැපයුමක් ඇති කුඩා ට්‍රාන්ස්ෆෝමරයකින් විදුලි බලය සපයපු එක. රෙක්ටිපයර් 4ක් සහිත බ්‍රිජ් රෙක්ටිපයර් පරිපථයක් ඉලොක්ට්‍රොනික් බඩු කඩයකින් ගන්න පුළුවන්. 



ඉන් පස්සේ මේ පින්තූරයේ පෙනෙන විදිහට කට්ටල 4ක් හදලා වෙසක් කුඩුවලට සවි කළා. අඳුර වැටුනාම මෙම බල්බ් අලංකාරව පෙනෙනවා.
 

5 comments:

  1. හරිම ලස්සනයි වැඩඩේ.ඊලග වෙසක් එකට මේක තව දියුණු කරල ගන්න.මම ‍ගොඩක් කැමැත්තෙන් බලන බ්ලොග් එකක්.තවත් මෙවැනි දේවල් දාන්න.ගොඩක් වැදගත්.මගෙන් සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ඔව් මේක තව ටිකක් දියුණු කරලා ගන්න ඕන. ඔබේ අදහස්වලට ස්තූතියි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න