පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, March 22, 2015

වැදගත් ජාත්‍යන්තර දින - Important International Days



ලෝකයේ ජාත්‍යන්තර වශයෙන් වැදගත් දින සිංහල බසින් සෙවීමේදී ඒ සඳහා ප්‍රමාණවත් විස්තර නොමැති නිසා මෙවැනි ලිපියක් සකස් කරන්නට මට සිතිණි. මෙහි සෑම දිනයකටම පාහේ එහි විස්තර සහිත සබැදියක් ද ඇතුළත් කොට තිබේ. එයින් එක් එක් දිනයන් ගැන ප්‍රමාණවත් විස්තරයක් ලබාගත හැකිය. මෙහි අඩංගු කළ යුතු එහෙත් මට හමු නොවූ දිනයන් කොතෙකුත් තිබිය හැකිය.  ඒවා සකස්කරගැනීමට ඔබගේ සහාය ද පතමි. එවිට මෙය බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වනු ඇති බව නොඅනුමානය.

ජනවාරි මාසය 

ජනවාරි 04 - ලෝක බ්‍රේල් දිනය
ජනවාරි 26 - ජාත්‍යන්තර රේගු දිනය
ජනවාරි 27 - සමූලඝාතනවලින් මියගියවුන් සැමරීමේ ජාත්‍යන්තර දිනය -  (
යුදෙව් මහා සංහාරයේ වින්දිතයන් පිළිබඳ මතකය සැමරීම සඳහා වූ ජාත්‍යන්තරදිනය)
ජනවාරි 28 - දත්ත සුරක්ෂිතතා දිනය
ජනවාරි 30 හෝ එදිනට ආසන්න ඉරිදා දිනය - ලෝක ලාදුරු දිනය 
සෑම වසරකම ජනවාරි මාසයේ තුන්වැනි සතියේ ඉරිදා දිනය - ලෝක ආගමික දිනය

පෙබරවාරි මාසය
පෙබරවාරි 02 - ලෝක තෙත්බිම් දිනය
පෙබරවාරි 04 - ලෝක පිළිකා දිනය
පෙබරවාරි 06 - කාන්තාවන් සුන්නත්කිරීමට එරෙහි ජාත්‍යන්තර දිනය
පෙබරවාරි 13 - ලෝක ගුවන් විදුලි දිනය (යුනෙස්කෝ)
පෙබරවාරි 20 - ලෝක සමාජ සාධාරණත්ව දිනය
පෙබරවාරි 21 - ජාත්‍යන්තර මව් භාෂා දිනය (යුනෙස්කෝ) 

පෙබරවාරි 22 - ලෝක බාලදක්ෂ දිනය

මාර්තු මාසය
මාර්තු 01 -  ලෝක සමානාත්මතා දිනය
මාර්තු 3 - ලෝක වන සත්ව දිනය 

මාර්තු 08 - ජාත්‍යන්තර කාන්තා දිනය 
මාර්තු මාසයේ දෙවැනි ඉරිදා - පොදු රාජ්‍ය මණ්ඩලීය දිනය
මාර්තු 15 - ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය 

මාර්තු 16 - ලෝක නිද්‍රා දිනය
මාර්තු 20 - ලෝක ගේ කුරුළු දිනය
මාර්තු 20 - ලෝක ප්‍රීතිමත් දිනය
මාර්තු 21 - ජාතීන් අතර අසමානතාවය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය
මාර්තු 21 - ලෝක කාව්‍ය දිනය
මාර්තු 21 - ලෝක ඩවුන් සහලක්ෂණ දිනය
මාර්තු 21 - වනාන්තර සහ ශාක පිළිබඳ ජාත්‍යන්තර දිනය
මාර්තු 22 - ලෝක ජල දිනය
මාර්තු 23 - ලෝක කාලගුණ විද්‍යා දිනය
මාර්තු 24 - ලෝක ක්ෂය රෝග දිනය
මාර්තු 24 - දළ මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධව සත්‍යය සහ විපත්වලට ගොදුරුවූවන්ගේ ගරුත්වය පිළිබඳ ජාත්‍යන්තර දිනය
මාර්තු 25 - වහල්භාවයට හා අන්තර්මහාද්වීපික වහළ වෙළෙඳාමට  ගොදුරුවූවන් අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනය
මාර්තු 25 - රඳවාගත් සහ අතුරුදහන් වූ කාර්ය මණ්ඩල සාමාජිකයන් සම්බන්ධ ජාත්‍යන්තර සහයෝගිතා දිනය 

මාර්තු 27 - ලෝක රංග කලා දිනය

අප්‍රේල් මාසය
අප්‍රේල් 2 - ස්ව්ච්ඡතාවය(Autism) පිළිබඳ දැනුවත්වීමේ ලෝක දිනය

අප්‍රේල් 2 - ලෝක ළමා පොත් දිනය
අප්‍රේල් 4 - බෝම්බ (බිම් බෝම්බ) පිළිබඳ දැනුවත්වීම සහ බිම් බෝම්බ ඉවත්කිරීම සඳහා සහායවීම් පිළිබඳ ජාත්‍යන්තර දිනය
අප්‍රේ්ල් 6 - සංවර්ධනය සහ සාමය සඳහා ක්‍රීඩාව යොදාගැනීම සම්බන්ධව ජාත්‍යන්තර දිනය
අප්‍රේල් 7 - ලෝක සෞඛ්‍ය දිනය 

අප්‍රේල් 8 - ජාත්‍යන්තර අහිගුණ්ඨික දිනය
(ජාත්‍යන්තර අහිගුණ්ඨික දිනය ගැන වැදගත් තොරතුරු සහිත ලිපියක් බාගත කරගන්න මෙතැන ක්ලික් කරන්න)
අප්‍රේල් 12 - මානව අභ්‍යවකාශ ගමන් පිළිබඳ ජාත්‍යන්තර දිනය 

අප්‍රේල් 12 - වීදි දරුවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය
අප්‍රේල් 22 - ජාත්‍යන්තර මිහිකත් මාතා දිනය
අප්‍රේල් 23 - ලෝක ග්‍රන්ථ සහ ග්‍රන්ථ හිමිකම් දිනය
අප්‍රේල් 23 - ලෝක ඉංග්‍රීසි භාෂා දිනය
අප්‍රේල් 25 - ලෝක මැලේරියා දිනය
ප්‍රේල් 26 - ලෝක බුද්ධිමය දේපළ දිනය
අප්‍රේල් 27 - ලෝක කපුටු දිනය (කාක සහ දෝණකාක අගැයීමේ දිනය)
අප්‍රේල් 28 - සේවයේදී සුරක්ෂිතභාවය සහ සෞඛ්‍යය සම්බන්ධ ලෝක දිනය 

අප්‍රේල් 29 - ලෝක නර්තන දිනය
අප්‍රේල් 30 - ලෝක ජෑස් සංගීත දිනය

මැයි මාසය
මැයි 01 - ලෝක කම්කරු දිනය
මැයි 03 - ලෝක ප්‍රවෘත්ති නිදහස් දිනය 

මැයි 05 - ජාත්‍යන්තර වින්නඹු මාතා දිනය
මැයි 08 - ලෝක රතු කුරුස දිනය
මැයි 08 - ලෝක තැලිසීමියා දිනය
මැයි 10 -11 - ලෝක සංක්‍රමණ පක්ෂි දිනය
මැයි 12 - ජාත්‍යන්තර හෙද දිනය
මැයි 15 - ජාත්‍යන්තර පවුල් දිනය 

මැයි දෙවැනි ඉරිදා - මව්වරුන්ගේ ජාත්‍යන්තර දිනය
මැයි 17 - ලෝක සන්නිවේදන සහ තොරතුරු සමාජ දිනය
මැයි 18 - ජාත්‍යන්තර කෞතුකාගාර දිනය
මැයි 21 - සංවාදය සහ සංවර්ධනය සඳහා සංස්කෘතික විවිධත්වය යොදාගැනීම පිළිබඳ ලෝක දිනය (ලෝක සංස්කෘතික දිනය)
මැයි 22 - ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනය
මැයි 29 - ප්‍රසව භගන්දරාව අවසන්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
මැයි 29 - එක්සත් ජාතීන්ගේ සාම සාධකයන් පිළිබඳ ජාත්‍යන්තර දිනය
මැයි 31 - ලෝක දුම්කොල විරෝධී දිනය



ජුනි මාසය
ජූනි 01 - ලෝක දෙමාපිය දිනය

ජුනි 04 - ආක්‍රමණයට ලක් වූ අහිංසක දරුවන් සම්බන්ධ ජාත්‍යන්තර දිනය
ජූනි 05 - ලෝක පරිසර දිනය
ජුනි 08 - ලෝක සාගර දිනය
ජුනි 12 - ළමා ශ්‍රමයට එරෙහි ලෝක දිනය
ජුනි 13 - ඇලිතාවය පිළිබඳ (
Albinism ) ලෝක දිනය
ජුනි 14 - රුධිර දන්දීම පිළිබඳ ලෝක දිනය
ජුනි 15 - වැඩිහිටි අපයෝජනය පිළිබඳ ලෝක දිනය
ජුනි 17 - කාන්තාරකරණයට සහ නියඟයට එරෙහිව සටන්වැදීමේ ලෝක දිනය
ජුනි 20 -  ලෝක සරණාගත දිනය
ජූනි 21 - ලෝක සංගීත දිනය
ජූනි 21 - පියවරුන්ගේ දිනය
ජුනි 21 - ලෝක යෝග දිනය
ජුනි 23 - එක්සත් ජාතීන්ගේ රාජ්‍ය සේවා දිනය
ජුනි 23 - ජාත්‍යන්තර වැන්දඹු දිනය 

ජුනි 23 - ලෝක ඔලිම්පික් දිනය
ජුනි 26 - මත්ද්‍රව්‍ය අපයෝජනය සහ නීති විරෝධී ප්‍රවාහනයයට එරෙහි ජාත්‍යන්තර දිනය
ජුනි 26 - වද හිංසනයට ගොදුරුවූවන්ට සහාය වීමේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනය

ජූලි මාසය
ජූලි මස මුල් සෙනසුරාදා - ජාත්‍යන්තර සමුපකාර දිනය
ජූලි 02 - ලෝක හඳුනානොගත් පියාසර වස්තූන් දිනය
ජූලි 11 - ලෝක ජනගහන දිනය
ජූලි 15 - ලෝක යොවුන් හැකියා දිනය
ජූලි 18 - ජාත්‍යන්තර නෙල්සන් මැන්ඩෙලා දිනය
ජූලි 28 - ලෝක හෙපටයිටිස් දිනය
ජූලි 30 - ජාත්‍යන්තර මිත්‍රත්ව දිනය
ජූලි 30 - නීති විරෝධී මිනිස් ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය

අගෝස්තු මාසය
අගෝස්තු මාසයේ පළමු ඉරිදා - ජාත්‍යන්තර මිතුරු දිනය
අගෝස්තු 09 - ලෝක ආදීවාසීන් පිළිබඳ ජාත්‍යන්තර දිනය
අගෝස්තු 12 - ජාත්‍යන්තර (තරුණ) යොවුන් දිනය
අගෝස්තු 19 - ලෝක මානවවාදී දිනය
අගෝස්තු 19 - ලෝක ඡායාරූපකරණ දිනය
අගෝස්තු 21 - ලෝක විලාසිතා දිනය
අගෝස්තු 23 - වහල් වෙළෙදාම සහ එය අහෝසිකිරීම අනුස්මරණය කිරීමේ  ජාත්‍යන්තර දිනය
අගෝස්තු 29 - න්‍යෂ්ටික අත්හදාබැලීම්වලට එරෙහි ජාත්‍යන්තර දිනය
අගෝස්තු  30 - බලයෙන් අතුරුදහන්කරවූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය

සැප්තැම්බර් මාසය 

සැප්තැම්බර් 2 - ලෝක පොල් දිනය
සැප්තැම්බර් 5 - ජාත්‍යන්තර අසරණය සරණ දිනය
සැප්තැම්බර් 8 - ලෝක සාක්ෂරතා දිනය
සැප්තැම්බර් 15 - ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය
සැප්තැම්බර් 16 - ඕසෝන් ස්ථරය සුරැකීමේ ජාත්‍යන්තර දිනය
සැප්තැම්බර් 21 - ජාත්‍යන්තර සාම දිනය
සැප්තැම්බර් 26 - න්‍යෂ්ටික අවි සහමුළින්ම තුරන්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
සැප්තැම්බර් 27 - ලෝක සංචාරක දිනය
සැප්තැම්බර් 28 - ලෝක ජලභීතිකා දිනය


ඔක්තෝබර් මාසය
ඔක්තෝබර් 01 - ලෝක ළමා දිනය 

ලෝකයේ විවිධ රටවල මේ වෙනුවෙන් විවිධ දිනයන් වෙන්කොට ගෙන තිබේ. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෙය සැමරෙන්නේ ඔක්තෝබර් 01 වැනිදා වන අතර ඇතැම් රටවල නොවැම්බර් 20, ජුනි 01 වැනි දිනයන් ද මේ වෙනුවෙන් යෙදේ.
ඔක්තෝබර් 01 - ලෝක වැඩිහිටි දිනය
ඔක්තෝබර් 02 - ජාත්‍යන්තර අවිහිංසා දිනය
ඔක්තෝබර් 04 - ලෝක සත්ත්ව දිනය
ඔක්තෝබර් 05 - ලෝක ගුරු දිනය
ඔක්තෝබර් පළමු සඳුදා - ලෝක ජනාවාශ දිනය
ඔක්තෝබර් 08 - ලෝක දෘෂ්ටි දිනය
ඔක්තෝබර් 09 - ලෝක තැපැල් දිනය
ඔක්තෝබර් 11 - දැරියන් පිළිබඳ ජාත්‍යන්තර දිනය
ඔක්තෝබර් 13 - විපත් අවමකිරීමේ ජාත්‍යන්තර දිනය
ඔක්තෝබර්15 - ග්‍රාමීය කාන්තාවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය
ඔක්තෝබර් 16 - ලෝක ආහාර දිනය
ඔක්තෝබර් 17 - දරිද්‍රතාවය තුරන්කිරීම පිළිබඳ ලෝක දිනය
ඔක්තෝබර් 20 - ලෝක ඔස්ටියෝපොරෝසිස් දිනය
ඔක්තෝබර් 24 - එක්සත් ජාතීන්ගේ දිනය
ඔක්තෝබර් 24 - ලෝක සංවර්ධන තොරතුරු දිනය
ඔක්තෝබර් 27 - ශ්‍රව්‍ය දෘශ්‍ය උරුමය පිළිබඳ ලෝක දිනය
ඔක්තෝබර් 31 - ලෝක නගර දිනය

නොවැම්බර් මාසය
නොවැම්බර් 02 - පුවත්පත්කලාවේදීන්ට එරෙහි අපරාධ සඳහා දඬුවම් ලබානොදීම අවසන්කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 06 - යුද සහ ආයුධ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සූරාකෑම වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 10 - සාමය සහ සංවර්ධනය සඳහා විද්‍යාව යොදාගැනීම පිළිබඳ ලෝක දිනය
නොවැම්බර් 14 - ලෝක දියවැඩියා දිනය
නොවැම්බර් මාසයේ තුන්වැනි ඉරිදා - මහාමාර්ග අනතුරුවලට ගොදුරුවූවන් අනුස්මරණයකිරීමේ ලෝක දිනය 

ලෝක දාර්ශනික දිනය - නොවැම්බර් 15
නොවැම්බර් 19 - ලෝක වැසිකිලි දිනය
නොවැම්බර්  මාසයේ සෑම තෙවැනි බ්‍රහස්පතින්දා දිනය - ලෝක දර්ශනවාදී දිනය

නොවැම්බර්  20 - විශ්ව ළමා දිනය
නොවැම්බර් 21 - ලෝක රූපවාහිනි දිනය
නොවැම්බර් 21 - ලෝක ධීවර දිනය
නොවැම්බර් 25 - කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය
නොවැම්බර්  29 - පලස්තීන ජනතාව සමඟ සබඳතා ශක්තිමත්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය

දෙසැම්බර් මාසය
දෙසැම්බර් 01 - ලෝක ඒඩ්ස් දිනය
දෙසැම්බර් 02 - වහල්භාවය තුරන්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
දෙසැම්බර් 03 - ආබාධිතයන් පිළිබඳ ජාත්‍යන්තර දිනය
දෙසැම්බර් 05 - ආර්ථික සහ සමාජ සංවර්ධනය සඳහා වූ ලෝක ස්වේච්ඡා දිනය
දෙසැම්බර් 05 - ලෝක පාංශු දිනය
දෙසැම්බර් 07 - ලෝක සිවිල් ගුවන් ගමන් දිනය
දෙසැම්බර් 09 - ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය
දෙසැම්බර් 10 - මානව හිමිකම් දිනය
දෙසැම්බර් 11 - ජාත්‍යන්තර කඳුකර දිනය
දෙසැම්බර් 18 - ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ දිනය
දෙසැම්බර් 20 - ජාත්‍යන්තර මානව සහයෝගීතා දිනය



අවසන් වරට යාවත්කාලීන කළේ - 2023-07-27
Last Updated day - 27-07-2023

61 comments:

  1. පට්ට වැදගත් පෝස්ටුවක්.......... පාසල් යන දරුවන්ටත් ඉතා වැදගත් වේවි......... ප්‍රින්ට් ඒකක් ගන්නයි හිතුවේ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පාසල් යන දරුවන් ගැන හිතලා තමයි වැඩිපුරම මෙහෙම එකක් දාන්න හිතුවේ. මොකද අපි ඉස්කෝලේ යන කාලේ මේ වගේ දින එක තැනකින් හොයාගන්න කිසිම විදිහක් තිබුණේ නැහැ. අද අන්තර්ජාල පහසුකම් තිබුණත් තවමත් එහෙම හරිහැටි තැනක් නැහැ. මෙය බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වේවි. මේ වගේම අපේ රටේ වැදගත් දිනත් මේ දවස්වල එකතු කරගෙන යනවා. ඒකත් ඉක්මණට දාන්න පුලුවන් වෙයි.

      Delete
    2. very important, but can't get print

      Delete
    3. comment your email address. I will send a pdf.

      Delete
    4. Tnx me wage wadk karata. Meka hinda apita hoda danumak labuna. Nathnum me tika hoyagannath wenne na

      Delete
  2. වැදගත් මෙහෙයක් නිරා....බොහොමත් ස්තූතියි....

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස්වලට බොහෝ ස්තූතියි

      Delete

  3. ගොඩක් වැදගත් පිටුවක

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම ගැන ස්තූතියි

      Delete
  4. ඔබේ මහන්සිය ඉතාම වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි

      Delete
  5. බොහෝම පිං සහෝදරයා............
    මං අපේ බබාගෙ හෝම් වර්ක් එකකට හොයමින් හිටියේ...

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම ගැන ස්තූතියි. ඇත්තටම මම මේ විස්තර එකතු කළේ වැඩිපුරම පාසල් දරුවන් වෙනුවෙන්ම තමයි. එයින් ඔබ වැනි අයට උදව්වක් ලැබීම ගැන මට සතුටුයි.

      Delete
  6. මට ඔ්ෙන උනා ජාත්‍යන්තර දින ෙහායා ගන්න.. ෙමතනින් ගන්න පුලුවන් උනා...
    ෙබාෙහාම ස්තුතී...

    ReplyDelete
    Replies
    1. මෙය ප්‍රයෝජනවත් වීම ගැන සතුටුයි

      Delete
  7. ගොඩක් වැදගත් තොරතුරු එකතුවක්

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම ගැන ඔබට ස්තූතියි.

      Delete
  8. මට PDF FILE 1 එවන්න nishantha.kdy@gmail.com thanks

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මම එව්වා

      Delete
  9. නියමයිගමමත් තොරතුරු ටිකක් ගත්තා.ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඔබටත් මෙයින් ප්‍රයෝජනයක් ලැබීම ගැන සතුටුයි.

      Delete
  10. මේක ගොඩක්‌ වැදගත්.නමුත් ඩවුන්ලෝඩ් කරන්න බැහැ .#plz help #

    ReplyDelete
    Replies
    1. මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න
      https://drive.google.com/file/d/1uWnxMeXUm_AG0DCOaBBXaJw5xCw7tiCA/view?usp=sharing

      Delete
  11. ෆට්ට ආ ගොඩක් වැදගත්

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට බොහෝ තුති. ඔන්න මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සබැඳියක් ද මෙහි පහතින් එක් කළා.

      Delete
  12. ඉතාම වැදගත් ⁣දෙයක් මමත් උපුටා ගත්තා බොහොම ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වමට බොහෝ ස්තූතියි

      Delete
  13. බෙහෙවින්ම ස්තුතියි ඔබට

    ReplyDelete
    Replies
    1. ප්‍රයෝජනයක් වුණා නම්, ඒ ගැන සතුටුයි.

      Delete
  14. බෙහෙවින්ම ස්තුතියි ඔබට

    ReplyDelete
    Replies
    1. ප්‍රයෝජනයක් වුණා නම්, ඒ ගැන සතුටුයි.

      Delete
  15. සුපිරි...geography කරන කට්ටියට එහෙම ගොඩාක් වැදගත්.ස්තූති...

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්විමට ස්තූතියි.

      Delete
  16. ගොඩක් ප්‍රයෝජනවත් උනා ස්තූතියි ඔබට 👌

    ReplyDelete
    Replies
    1. ප්‍රයෝජනවත් වීම ගැන සතුටුයි

      Delete
  17. ඉතාම වැදගත් ⁣දෙයක් .... ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම ගැන සතුටුයි

      Delete
  18. ඉතාමත් වැදගත් කාර්යයක්......ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම ගැන ඔබට ස්තූතියි

      Delete
  19. Me dinawala visheshathwaya gane poddak pahadilikarala dammanam thawath hodai neda?

    ReplyDelete
    Replies
    1. මේ දින බොහොමයක් මත ක්ලික් කිරීමෙන් ඒ දිනය ගැන විස්තරයක් ගන්නට පුළුවන්.

      Delete
  20. ඉතා වැදගත්. බොහෝම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි

      Delete
  21. වැදගත් දෙයක් ඒ ආකාරයෙන් හදුනාගැනීමට හැකිවීම බුද්ධිමතුන්ට පමනක් හැකිවන්නකි. ඔබට ජය...

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි

      Delete
  22. ජනවාරි 4-‌ලෝක ‌බ්‍රේල් දිනය ජනවාරි 31-වීදි ළමයින්ගේ දිනය ජනවාරි 28-දත්ත සුරැකීමේ දිනය ජනවාරි 27-යුදෙව් මහා සංහාරයේ වින්දිතයන් පිළිබඳ මතකය සැමරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය

    ReplyDelete
    Replies
    1. ඔබගේ තොරතුරුවලට බෙහෙවින්ම ස්තුතිවන්ත වන අතර ඒවා සියල්ල මෙයට එක් කරනු ලැබුවා. කෙසේ වෙතත් ලෝක වීදි දරුවන්ගේ දිනය අන්තර්ජාලයෙන් සෙවීමේදී ලැබුනේ අප්‍රේල් 12 ලෙසයි. අනෙක යුදෙව් මහා සංහාරයේ වින්දිතයන් පිළිබඳ මතකය සැමරීම සඳහා වූ දිනය මා මෙහි සඳහන් කොට තිබෙනවා. එය සඳහන් කොට ඇත්තේ සමුලඝාතනවලින් මිය ගිය වුන් සැමරීමේ දිනය වශයෙන්. මම ඒ නම ද මෙයට ඇතුළත් කළා. ඔබේ තොරතුරුවලට නැවතත් ස්තුතියි.

      Delete
  23. ස්තුතියි මේ තොරතුරු හුඟක් වැදගත්.👍

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි

      Delete
    2. ගොඩක් වැදගත් පසල් යන අපි වගේ ලමයිට. ස්තූතියි!!

      Delete
    3. අදහස් පළකිරීම ගැන ස්තුතියි.

      Delete
  24. thank you. wayas siimaawakin thorawa wedagath thorathuru tikak...

    ReplyDelete
    Replies
    1. මේ ගැන අදහස් දැක්වීම ගැන ඔබට ස්තුතියි.

      Delete
  25. දෙසැම්බර් 21 වෙනිදා වැදගත්කම දෙන්නකෝ විස්තර එක්කම plzzz 20vinidata ඉස්සරින් දෙන්නකෝ plzzzz

    ReplyDelete
  26. අප්‍රේල් 27- ලෝක කපුටු දිනය

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න