පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, March 22, 2018

බංගලියන්ගේ නයි නැටුම ඇතුළු තවත් ක්‍රිකට් නැටුම් - Cobra Dance and Other Cricket Dance Styles



ශ්‍රී ලංකාවේ නිදහස සමරමින් පවත්වන ලද නිදහස් කුසලානතුන්කොන් ක්‍රිකට් තරගය නිමාවට පත් වූයේ ක්‍රිකට් ඉතිහාසයට බොහෝ අලුත් මතකයන් එක් කරමින්. නිදහස කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ෂර්මා පවසා සිටියේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්  මුල සිටම ලබා දුන් සහයෝගය තම ජයග්‍රහණයට මහත් රුකුලක් වූ බවයි. ඔහු පවසා සිටියේ මෙය තම රට තුළ පැවැත්වෙන තරගයක් සේ දැනෙන තරමට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලද බවයි. ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් මෙම අවසන් තරගයේ දී ඉන්දියාවට සහය පළ කරන්නට විශේෂ හේතුවක් ද තිබුණා. ඒ ඔවුන් අපේ අසල්වැසි රටක් නිසාම නෙවෙයි. එයට හේතුව මේ තුන්කොන් තරගයේ අනෙක් ක්‍රිකට් තණ්ඩායම වූ බංගලාදේශ් ක්‍රීඩකයන්ගේ නොමනා හැසිරීම් මාලාවක් නිසයි. එහි නායක මුෂ්ෆිකර් රහිම් ඇතුළු කණ්ඩායම ක්‍රීඩා තරගාවලිය මුළුල්ලේම ප්‍රතිවාදී කණ්ඩායමට නයා පෙන්වනුදකින්නට ලැබුණා. මාධ්‍ය හමුවේ මුෂ්ෆකිර් පවසා සිටියේ එය අනෙක් කණ්ඩායම අපහසුතාවයකට පත් කරන්නට දරන ලද උත්සාහයක් නොවෙන බවත්, එය තම කණ්ඩායමේ සාමාන්‍ය හැසිරීමක් බවත් යන්නයි. කෙසේ නමුත් ක්‍රීඩා පිටිය මැද දී ඔවුන් යම්කිසි තරහවක් පිරිමසා ගන්නා මෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ ඇඟට කඩා පාත් වනුද දකින්නට ලැබුණා. අවසානයේ ඔවුන් අප රටින් නික්ම ගියේ ක්‍රීඩාගාරයේ වීදුරු ද කුඩු කරමින්. කෙසේ වෙතත් මේ නයි නැටුමත් සමග ක්‍රිකට් ලෝකය පුරා බොහෝ කතා පැතිර යන්නට පටන් ගත්තා. ඒ නයි නැටුම් ගැනම විතරක් නෙවෙයි. ජයග්‍රහණයකදී ලෝකයේ විවිධ ක්‍රිකට් කණ්ඩායම්, ක්‍රීඩකයන් තමන්ට ආවේණික ශෛලීන්ගෙන් එය සමරන ආකාරය පිළිබඳවයි. මේ ඒ ගැන හොයා ගත්තු විස්තර ටිකක්.

ගංගුලිගේ අැඳුම් ගැලවීම



2002 වසරයි. ඉන්දියාව සහ එංගලන්තය අතර නැට්වෙස්ට් තරගාවලිය ආරම්භ කරන්නට පෙර පැවැති එක් දින තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් වීම නිසා එංගලන්ත පිලේ ඇන්ඩෲ ෆ්ලිනටොෆ් එය සැමරුවේ ෂර්ට් එක් ගළවා ප්‍රසිද්ධියේ ඇවිදගෙන යාමෙන්. මෙය ඉන්දීය ක්‍රීඩකයන්ගේ සිතට තදින්ම බලපෑ සිදුවීමක් වුණා. ඉන් පසු මේ රටවල් දෙක අතර පැවැත් වූ නැට්වෙස්ට් තරගාවලිය අවසන් වූයේ ඉන්දියාවට ජයග්‍රහණය අත්කර දෙමින්. එහිදී ජයග්‍රහණය මැද සවුරව් ගංගුලි ඇන්ඩෲ ෆ්ලින්ටොෆ්ගේ හැසිරීමට එකට එක කරමින් ක්‍රීඩාගාරයේ දී සිය ටී - ෂර්ට් එක ගලවා දමා නටන්නට වුණා.

ඉන්දියානුවන්ගේ අතුල්ලන නැටුම



මෙය 2017 වසරේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී සිදුවුණු දෙයක්. දෙවැනි ටෙස්ට් තරගයේ දී උපුල් තරංග එල්ල කළ පහරක් අනගි උඩ පන්දුවක් ලෙස රැකගන්නට ඉන්දීය කණ්ඩායමේ රාහුල්ට පුළුවන් වුණා. එහිදී ක්‍රීඩා පිටිය මැද රාහුල් සහ කෝලි අමුතු නැටුමක් ඉදිරිපත් කරනු දක්නට ලැබුණා. ඔවුන් මුලින්ම සිය දෑත් එකිනෙකෙට හප්පා ඉන් පසුව දෑත් එකිනෙක අතුල්ලමින් අමුතුම විදියට නටන්නට පටන් ගත්තා.

පාකිස්ථානුවන්ගේ ව්‍යායාම නැටුම



පාකිස්ථානුවන් තරගයක් ජයග්‍රහණය කිරීමෙන් පසු එය සමරන්නේ අපූරු විදියකට. ඔවුන්ගේ මේ ශෛලිය ගැන මුළු ලෝකයේම කතා බහට ද ලක් වී තිබෙනවා. ඔවුන් කරන්නේ පුෂ් - අප්ස්නමින් හඳුන්වන ව්‍යායාම ඉරියව්ව අනුගමනය කිරීමයි. තරගයක් ජයග්‍රහණය කළ විට මුළු කණ්ඩායමේම එකතුවෙන් මෙය සිදු කරන අතර කඩුල්ලක් දවා ගැනීම, ශතකයක් ලබා ගැනීම වැනි අවස්ථාවක දී අදාළ ක්‍රීඩකයා විසින් තනි තනිව වශයෙනුත් මෙය සිදු කරනු දැක ගත හැකියි. පකිස්තානු කණ්ඩායම තුළ මේ පුෂ්-අප්ස් රැල්ල ඇති කරන්නට මුල් වූයේ මිෂ්බා උල් හක් විසින්. ඔහු සිය මංගල ටෙස්ට් ශතකය රැස් කළ අවස්ථාවේ දී මෙය මුලින්ම දකින්නට ලැබුණා. ඔහු මෙයට හේතුව ද පසුකාලයේ දී හෙළි කළා. මෙය ඔහු සිය මිතුරු හමුදා කණ්ඩායමකට දුන් පොරොන්දුවක්. පකිස්තානු කණ්ඩායමට ලාහෝරයේ ඇබොට්ටාබාද් හි හමුදා කඳවුරක එක්තරා පුහුණුවීමක් යෙදී තිබුණා. ඔවුන්ට හමුදා පුහුණුවක් ලබා දෙන්නට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළේ ක්‍රිකට් කණ්ඩයමේ ශරීර සුවතාවය බොහෝ පහළ මට්ටමකට ගොස් තිබුණු නිසා බවයි දැනගන්නට ලැබෙන්නේ. එහිදී පුෂ්-අප්ස් ව්‍යායාමය කරද්දී ඔහු හමුදා සාමාජිකයන්ට පවසා ඇත්තේ ශතකයක් රැස් කළ අවස්ථාවක දී මේ හමුදා කඳවුරේ කළ පුහුණු වීම් යළි ස්මරණය කිරීම සඳහා මෙම ව්‍යායාමය අනිවාර්යෙන්ම සිදුකරන බවයි. දැන් එය ඔවුන් සිය ජයග්‍රහණය සැමරීමේ අංගයක් බවට පත් කරගෙන සිටිනවා.

එංගලන්තයේ ස්ප්‍රින්කල්නැටුම



ස්ප්‍රින්කල් කියන්නේ වතුර ඉසිනවා කියන තේරුම තියෙන වචනයක්. වතුර ඉසිනවා වගේ අත් සොලවමින් නැටුමක් ඉදිරිපත් කරන්නට ප්‍රසිද්ධ වෙලා ඉන්නේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමයි. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී 2010 වසරේ ඈෂස් හෙවත් අළු බඳුන් කුසලානය ජයග්‍රහණය කළ අවස්ථාවේ දී තමයි ඔවුන් මේ ස්ප්‍රින්කල් නැටුමමුල් වරට ඉදිරිපත් කළේ. 80 දශකයේ ඉතා ජනප්‍රියත්වයකට පත් ව තිබුණු මේ නැටුම් ශෛලිය ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වා දීමේ ගෞරවයට හිමි කම් කියන්නේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයකු වූ පෝල් කොලින්වුඩ්. එවකට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකයාව සිටි ඇන්ඩෘ ස්ට්‍රවුස් පවසා සිටියේ එය තම කණ්ඩායමේ හකානැටුම් ශෛලිය බවයි. හකාකියන්නේ නවසීලන්ත ආදිවාසීන් වන මඔරිජන කොට්ඨාශයට ආවේණික යුද නැටුම හඳුන්වන නමයි. ඔවුන් මෙයට ස්ප්‍රින්කල්හෙවත් වතුර ඉසිනවා කියන නම යොදන්නට ද විශේෂ හේතුවක් තිබෙනවා. මේ කුසලානය ජයග්‍රහණය කළ සමයේ මෙම නැටුම පිළිබඳව ඕස්ට්‍රේලියානු දිනපතා පුවත් පතක සිරස් තලයක් වූයේ එංගලන්තය ඕස්ට්‍රේලියානු අළු සොහොන මත නටයියන්නයි. අළු සොහොන මත නටද්දී අළු සෝදා දමන්නට ඉසින්නේ වතුර නිසා ඔවුන් මේ නම මෙය හඳුන්වන්නට යොදා ගත්තා.

බටහිර ඉන්දියානු කොදෙව්වන්ගේ ගැන්ග්නම්ශෛලිය



ගැන්ග්නම් ශෛලිය කියන එක බොහෝ දෙනෙකුට අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි. දැනට වසර කිහිපයකට පෙර, එනම් 2012 දී, ‛ගැන්ග්නම් ස්ටයිල්යනුවෙන් ප්‍රසිද්ධව තිබූ කොරියානු ගීතයත් සමග ඉදිරිපත් කළ නර්තනයත් සමගයි මේ ශෛලිය බොහෝ දෙනෙක් හඳුනා ගත්තේ. මේ ගීතය ප්‍රසිද්ධියට පත්වීමෙන් මාස තුනකට පසුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකාවේ දී ලෝක ටී ට්වෙන්ටිතරගාවලියේ ශූරයන් බවට පත් වුණා. ඔවුන් මෙය සමරන්නට යොදා ගත්තේ ගැන්ග්නම්ශෛලියයි. මෙය ඉදිරිපත් කරන්නේ සිතින් මවා ගත් අශ්වයකු පිට ගමන් කරන අතරේ තොණ්ඩුවක් කරකවන ආකාරයෙනුයි. මෙහිදී සත්කාරක රට වූ ශ්‍රී ලංකාව පරාජයට පත් වුවත්, ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිටි සියලු ප්‍රේක්ෂකයන් බටහිර ඉන්දියානුවන් සමග මේ නර්තනයට එක් වීම විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක්.


ඒ වගේම ඉන්දීය කණ්ඩායම ද මෙම ශෛලිය සිය ජයග්‍රහණය සමරන්නට එක් අවස්ථාවකදී යොදා ගත්තා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ජයග්‍රහණයෙන් වසරකටත් අඩු කාලයක් තුළ එංගලන්තයේ දී ශූරයන්ගේ කුසලානය දිනා ගන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. මෙහිදී විරාත් කෝලි ඇතුළු සමස්ත ඉන්දීය කණ්ඩායම ද ගැන්ග්නම් ශෛලියෙන් සිය ජයග්‍රහණය සමරනු දකින්නට ලැබුණා.

Saturday, March 17, 2018

මිනිසුන් උස්සන්නට සුදු වෑන්ම ගන්නේ ඇයි? - White Vans and Abductions


Image Source - https://bjerg.deviantart.com/art/Candy-In-The-Van-114711398

සුදු වෑන් යනු අප නිතර අසා ඇති වෑන් ජාතියකි. ඒවා හදන්නේ මොන සමාගමේ වුනත් අවසානයේ සුදු වෑන්වලට ලැබෙන්නේ එකම ආකාරයේ ගෞරවයකි. ඒ සුදු වෑන් ‘මිනිස්සු උස්සන්න‘ හෙවත් පැහැර ගැනීමට ගන්නා වෑන් ජාතියක් ය කියන එකය. අපේ රටේ සුදු වෑන්වලින් මිනිසුන් උස්සපු කතා කාලාන්තරයක් තිස්සේ ඇසෙන්නේය.


මේ නිසා හදිසියේ කල්පනා කරමින් ඉන්නා අතරේ මිනිසුන් උස්සන්නට සුදු වෑන් ම යොදා ගන්නේ ඇයිදැයි කියා මට සිතුණි. මේ නිසා ගූගල් මලයාගෙන් ගැන විමසන්නට තීරණය කළෙමි. 


මා මුලින්ම කළේ white Van කියා ගූගල්ගෙන් ඇසීමය. මේ තියෙන්නේ කවුරු ඇසුවත් ගූගල් මලයා දෙන උත්තරයි.


සුදු වෑන් උඩ ක්ලික් කරන්න.


ඒ උත්තරයේ තැනින් තැන මෙවැනි නම් ගැසූ වෑන් දකින්නට පුළුවන්ය.


Free Candy

Discount Speakers

Suspicious White Van

Free Candy and Puppies

Image Source - http://sacramento.cbslocal.com/2015/08/27/white-van-with-free-candy-painted-in-red-makes-natomas-parents-nervous/

Image Source - https://i.ytimg.com/vi/X6rU5QKWH6E/maxresdefault.jpg



මේ වෑන් එකක්වත් ලංකාවේ ඒවා නොවන අතර සියල්ල පිටරට ඒවාය. එයින් කියවෙන්නේ මිනිසුන් ඉස්සීම සඳහා සුදු වෑන් යොදා ගන්නේ අපේ රටේ විතරක් නෙවෙයි කියාය. පිටරටවල ද මිනිසුන් ඉස්සීම සඳහා සුදු වෑන් යොදාගන්නේ ය. White Van Abductions කියන්නේ මොනවාදැයි ගූගල් මලයාගේ ඇසූ විට සුදු වෑන්වලින් පැමිණ මිනිසුන් පැහැර ගන්නා පිටරට පින්තූර අපට ලබා දෙන්නේ පිටරටවලත් මේ සෙල්ලම ගජාරාමෙට යන නිසා විය යුතුය.


Kidnapping Van Pictures කියන්නේ කුමක්දැයි ගූගල්ගෙන් ඇසූ විට දෙන පින්තූරවලින් වැඩි හරියක් සුදු වෑන්මය.

Image Source - https://www.youtube.com/watch?v=cOZSAq0A3tE
 
Image Source - http://i.dailymail.co.uk/i/pix/2010/11/18/article-1330578-0C1ED65F000005DC-99_634x286.jpg


එසේ නම් මිනිසුන් ඉස්සීමට සුදු වෑන්ම යොදා ගන්නේ ඇයි?


ඇත්තටම එයට ඇත්තේ සරල උත්තරයකි.


ලෝකයේ  ඇති වෑන්වල වැඩිපුරම ඇත්තේ සුදු පැහැයයි. මේ නිසා සුදු වෑන් එකකින් පැමිණ මිනිසුන් ඉස්සූ විට ඒ කුමන වෑන් එක ද යන්න එකවර පහසුවෙන් සොයා ගන්නට අපහසුය. ඇසට දැක පසුපස හඹා නොගියොත් මිනිසුන් ඉස්සීම සඳහා යොදා ගත් වාහනය සෙවීමට පොලිසියට පවා සෑහෙන වෙහෙසක් දරන්නට සිදු වේ. බොහෝ විට සොයා ගන්නට ලැබෙන්නේම නැත.


ඊළඟ ප්‍රශ්නය - ලෝකයේ සුදු වෑන් වැඩි ඇයි?


ලෝකයේ වාහන සමාගම් වෑන් නිෂ්පාදනය කරන්නේ වැඩිපුරම සුදු පැහැයෙනි. එයට හේතුව මෙයයි. වෑන් බොහෝ විට පාවිච්චියට ගන්නේ ගෙදර දොරේ වැඩවලට වඩා ව්‍යාපාරික වැඩවලටය. ව්‍යාපාරික වැඩවලට ගන්නා වෑන්වල තම ව්‍යාපාරය ගැන පහසුවෙන් සඳහන් කරන්නට පුළුවන් විය යුතුය. බොහෝ විට තම ව්‍යාපාරයේ නම, තමා ලබා දෙන සේවයේ නම එහි සඳහන් කරන්නට පුළුවන් විය යුතුය. මේ සඳහා හොඳින් ගැළපෙන්නේ සුදු වෑන් ය. එවිට වෑන් එක මිලට ගත් තැනැත්තාට පහසුවෙන් තම ව්‍යාපාරයේ නම මෙහි සඳහන් කරන්න ඉඩකඩක් ලැබේ. වෑන් එක වෙනත් පැහැයකින් තිබුණා නම් මෙය ටිකක් දුෂ්කර වැඩකි.


මේ නිසා ව්‍යාපාර ගැන වැඩි වශයෙන් සිතන වෑන් නිෂ්පාදකයෝ ඒවා වැඩි වශයෙන් සුදු පැහැයෙන්ම තනති.


මිනිසුන් ඉස්සීම සඳහා සුදු වෑන්ම යොදා ගන්නේ මේ නිසයි.


මෙයට වඩා තවත් හේතු තිබේ නම් ඒවා ගැන දැනුම්වත් කරන මෙන්න ඉල්ලා සිටිමින් මගේ පෝස්ටුවට තිත තබමි.