පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, December 25, 2012

මහනුවර රජමාළිගා සංකීර්ණය - Palace Complex of Kandy



දළදා මාළිගාව හා පත්තිරිප්පුව
 උඩරට රාජධානි සමයේ ඉදිකරන ලද රජ මාළිගා අතුරින් අද ශේෂව පවතින්නේ මහනුවර රජමාළිගාව පමණයි. මෙය සිංහලයේ අන්තිම රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රජ වාසලයි. මෙහි තිබූ ගොඩනැඟිලි බොහෝමයක්‌ විනාශ වී ගොස්‌ ඇති අතර දැනට දක්‌නට ලැබෙන කොටස්‌ බ්‍රිතාන්‍ය ජාතිකයන් ඔවුන්ගේ අවශ්‍යතාව පරිදි ප්‍රතිසංස්‌කරණය කර ඇත.

මුලින්ම මහනුවර රජමාළිගයක්‌ නිර්මාණය කරනු ලැබුවේ ගම්පොල විසූ 3 වන වික්‍රමබාහු රජුය. ඉන් අනතුරුව සේනාසම්මත වික්‍රමබාහුත් ක්‍රි.ව. 1592 දී පළමුවන විමලධර්මසූරිය රජුත් මහනුවර රාජධානිය කොට ගත්තේය. අනතුරුව සෙනරත් රජු (ක්‍රි.ව. 1604) දෙවන රාජසිංහ රජු (ක්‍රි.ව. 1635) දෙවන විමලධර්මසූරිය, ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ, ශ්‍රී විජය රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධි රාජසිංහ සහ ශ්‍රී වික්‍රම රාජසිංහ යන රජවරු කන්ද උඩරට රාජ්‍යයට හිමිකම් කීය
උල්පැන්ගෙය

සෙනරත් රජු විසින් කරවන ලද මැදමහනුවර මාළිගාව
 පැරණි මහනුවර නගරයේ සැලැස්‌මෙහි 1815 දී රජමාළිගාවට අයත්ව තිබූ පහත සඳහන් ගෘහ සමූහය  තිබේ.

1. මහ වාසල (රජමාළිගාව), 2. හරඹක්‌කාර මඩුව,

3. මුද්දර මණ්‌ඩපය, 4. සැතපෙන ගේ 5, උල්පැන්ගේ,

6. හළු මණ්‌ඩපය, 7. රන් ආවුද මණ්‌ඩපය, 8. දකින මණ්‌ඩපය, 9. කවිකාර මඩුව, 10. දාන ශාලාව, 11. මඟුල් මඩුව, 12. දේව සංහිඳ යුක්‌ති ඝන්ඨාව, 13. මහ ගබඩාව සහ අරමුදල, 14. උඩ ගබඩාව, 15. මැද වාහල, 16. දළදා මාළිගාව, 17. පල්ලේවාහල, 18. දෙමළ ඉලංගම්මඩුව,

19. කූනම් මඩුව, 20 බිසෝ උල්පැන්ගේ, 21 ගබඩා අටුව, 22. සාන්ති මඩුව, 23. ජයතිලක මණ්‌ඩපය.

මෙම ගොඩනැඟිවලින් සමහර ඒවා ඉංග්‍රීසි ආණ්‌ඩුව විසින් ඔවුන්ගේ අවශ්‍යතාව අනුව වෙනස්‌කර ඇති අතර මේ දක්‌වා නිරුපද්‍රිතව ඇත්තේ මහ වාසල, මැද වාහල, පල්ලෙවාහල, මඟුල් මඩුව, දළදා මාළිගාව, රන් ආයුධ මණ්‌ඩපය සහ උල්පැන්ගේ පමණි.


රජු බැහැදකින්නට පැමිණෙන ස්ථානය

රජමාළිගාවේ සීමැදුරු කවුළුව
 රජ මාළිගාව (මහ වාසල) වශයෙන් අප හඳුන්වන ගොඩනැඟිල්ලේ නාථ දේවාලය දෙසට මුහුණලා ඇති දොරටුව රජ මාළිගාවේ පැරැණිම කොටස ලෙස සැලකිය හැකිය. මෙය බිත්තියේ ඉදිරියට නෙරා සිටින සේ තනා ඇත. මෙම දොරටුව දෙපස බිත්තියේ ඉර හඳ ලකුණු වේ. සිංහ රූපය අර්යෝන්නතව කැටයම් කළ උළු පේළියක්‌ බිත්තියේ මැද හරියේ තිරස්‌වද එතැන් සිට ඉහළට උළුවස්‌ස වටාද සැරසිලි මෝස්‌තරයක්‌ සේ යොදා ඇත. ගොඩනැඟිල්ල ඇතුළත බිත්තිවල ද මේ සිංහ උළු අල්ලා ඇත. මේ උළු පේළිවල සායම් ආලේප කොට තිබුණු බැව් පෙනේ. අද මෙය පුරාවිද්‍යා කෞතුකාගාරයකි.

ගොඩනැඟිල්ලේ ඇතුළු බිත්තිවල සිතුවම් ඇඳ තිබූ බවද ප්‍රධාන ශාලාව (දකින ශාලාව) අසල කුළුණක සුදුහුනු ඉවත් කිරීමෙන් සාදාගෙන ඇති නිදර්ශනවලින් පැහැදිලි වේ. මෙම ප්‍රධාන ශාලාව දකින ශාලාව ලෙස හඳුන්වන අතර රජතුමා බැහැ දැකීමට එන ප්‍රධානීන් මෙහි දී හමුවීමට සලස්‌වා ඇත. විදේශීය තානාපතිවරුන් හෝ ප්‍රධානීන් හමුවන ස්‌ථානය දකින මණ්‌ඩපයයි. එය අද විනාශ වී ඇත. වර්තමාන රජ මාළිගා ගොඩනැඟිල්ලේ ඇති සීමැඳුරු කවුළුව දේවින් වහන්සේලා පෙරහැර නැරඹීම සඳහා යොදා ගන්නට ඇති බවට විශ්වාසයක්‌ ඇත. 



රජමාළිගාවේ පිටුපස කොටස

රජමාළිගාවට ඇතුළුවන පෙදෙස
 මෙම රජ මාළිගාව ඉංග්‍රීසින් විසින් අත්පත් කර ගැනීමෙන් පසු රොබට්‌ බ්‍රවුරින්ග් ආණ්‌ඩුකාරයා විසින් පත්කරන ලද ජෝන් ඩොයිලිගේ කාර්යාලය මෙය විය. මැද වාහලෙහි රජුගේ ඥති ස්‌ත්‍රීන්ද, පල්ලෙවාහල අන්තඃපුර ස්‌ත්‍රීන්ද වාසය කර ඇති අතර අද පල්ලෙවාහල ගොඩනැඟිල්ල ජාතික කෞතුකාගාරය ලෙස පවත්වාගෙන යයි. මඟුල් මඩුව අද නිරුපද්‍රිතව තිබෙන ගොඩනැඟිල්ලකි. මෙය ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට ප්‍රථම සිටි රජවරු කිහිපදෙනකු විසින් ප්‍රතිසංස්‌කරණය කර තිබෙන අතර විදේශීය අමුත්තන් හා සාකච්ඡා මෙහිදී සිදුකර ඇත. 1815 මාර්තු 02 දින උඩරට ගිවිසුම අත්සන් කරන ලද්දේද මෙහිදිය.

දළදා මාළිගාව මහා වංශයේ හා එළු දළදා වංශයේ සඳහන් අන්දමට ප්‍රථමයෙන් ඉදිකරනු, ලැබුයේ 1 වන විමලධර්මසූරිය (ක්‍රි.ව. 1592-1604) රජු විසිනි. මෙතුමා දළදාව තැන්පත් කිරීම සඳහා දෙමහල් මැඳුරක්‌ කරවීය. පසුව II රාජසිංහ රජ (ක්‍රි.ව. 1634-1686) මෙම දළදා මැඳුර වෙනුවට දෙමහල් මැඳුරක්‌ කරවීය. ඉන්පසු II විමලධර්මසූරිය රජ (ක්‍රි.ව. 1686-1706) තෙමහල් පායක්‌ ඉදිකර වු බවද චුල වංශයේ සඳහන් වේ. මෙසේ පැවති දළදා මැඳුර ක්‍රි.ව. 1707 දී ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ දෙමහල් පායක්‌ ලෙස සලකා දන්න ධාතුන් වහන්සේ එහි තැන්පත් කළේය. රජත පර්වතයක්‌ මෙන් අති ධවල මේ මන්දිරය ඇතුළු වන තැන දෙතිසක්‌ මහා ජාතක කතා කරවීය. නමුත් දැන් මේවා අවිද්‍යා මානය පසුව සිංහලයේ අන්තිම රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ (ක්‍රි.ව. 1797-1814) මේ මාළිගයට පත්තිරිප්පුව හා දිය අගල දේවේන්ද්‍ර මුලාචාරීන්ගේ උපදෙස්‌ ඇතිව එක්‌ කළේය. නමුත් දැන් පවතින මාළිගයේ 1930 ට පෙර ගොඩනැඟිලි ලෙස සැලකිය හැක්‌කේ පත්තිරිප්පු හා වැඩ හිඳින මාළිගය පමණි. ජනප්‍රවාදවල එන අන්දමට මේ ගොඩනැඟිල්ල සාදා ඇත්තේ කිසි දිනෙක නොසිඳෙන උල්පතක්‌ වූ තැනකය.
රජමාළිගාව දළදා මැදුර දෙසින් දිසවන අයුරු

උල්පැන්ගෙය
 මාළිගය ලෙස හඳුන්වන්නේ විශාල ගොඩනැගිලි සංකීර්ණයක්‌ය. එය සංස්‌කෘතික ත්‍රිකෝණය මගින් බෙදා ඇත්තේ.

1. දළදා මාළිගය

2. රජ මාළිගය

3. මැද වාහල

4. ජාතික කෞතුකාගාරය

5. මඟුල් මඩුව හා අවට

6. ජයතිලක මණ්‌ඩලය

7. උල්පැන්ගෙය ආදී ලෙසටය.

දළදා මාළිගය ඉදිකර ඇත්තේ නගරයට නැගෙනහිරින් උස්‌ භූමි භාගයකය වර්තමාන මාළිගාවට පිවිසෙන දොරටු මහ වාහල්කඩ නමින් හඳුන්වයි.

අතීතයේ මෙම ස්‌ථානයේ දොරටු 3 ක්‌ වූ බවත් ඉන් පළමුවැන්න දළදා වැඳීම සඳහාත්, දෙවැන්න රජු බැහැදැකීමට පැමිණෙන අය සඳහාත්, තෙවැන්න රජුගේ පෞද්ගලික වැඩ සඳහා වූ බවත් සඳහන් වේ. පසුව අන්තිමට සිටි ශ්‍රී වික්‍රමසිංහ රජු මෙය එක්‌ දොරක්‌ කරවූ බවද සඳහන් වේ. මාළිගය ඉදිරිපස ඇති වළාකුළු බැම්ම පිටුපස තවත් එවැනිම බැම්මක්‌ ඇත. මේ දෙක අතර දිය අඟලක්‌ වේ. මෙය මත්තෙහි මහ වාහල්කඩ පිහිටා ඇත. මෙම වාහල්කඩ දෙපස සරනේරු ඇතිමුත් දොරවල් නැත. මෙයින් ඇතුළු වූ විගස උතුරට හා දකුණට විහිඳී යන පඩි පෙළින් සමන්විත මාර්ග දෙකකි. උතුරට විහිදී යන පඩිපෙළින් රජ මාළිගාවටත් දකුණට යන පඩිපෙළින් දළදා මාළිගාවටත් පිවිසිය හැක.

රජ මැඳුර පිහිටා ඇත්තේ දළදා මැඳුරට අඩි 77 ක්‌ පමණ ඈතින් එකිනෙකට සමාන්තරව බටහිරට මුහුණලාය. ප්‍රධාන වාහල්කඩින් දකුණට විහිදීයන පඩිපෙළ නැගෙනහිරට හැරී දළදා මැඳුරේ ප්‍රධාන දොරටුව දක්‌වා දිවයයි. මේ පඩිපෙළ ඇරඹෙන ස්‌ථානයේ වම්පස උස්‌ වේදිකාවකි. දළදා කරඬුව ඇතා පිට තැන්පත් කරන්නේ මෙහිදීය. ප්‍රධාන දොරටුව අභියස අඩි 8 1/2 ක්‌ පමණ පළල ඇති ආලින්දයකි. මෙය උතුරටත්, දකුණටත් විහිදී යයි. මෙය ඉදිරිපස අඩි 3 1/2 ක්‌ පමණ උස දැවයෙන් කළ ගරාදි වැටක්‌ ඇත. මේ ආලින්දය තුළ අග කොටස සතරැස්‌ වන අතර මැද කොටස අටපට්‌ටම්. හැඩයක්‌ ගන්නා ගල් කණු දහයක්‌ වේ. අතීතයේ මේ ආලින්දයටත් මහ වාහල්කඩටත් උතුරින් උඩවාහල්කඩ විය. නමුත් දැන් මෙය අවිද්‍යමානය.

උල්පැන්ගෙය - ඇතුළු පැත්ත

උල්පැන්ගෙය පිළිබදව ඇති දැන්වීම් පුවරුව
 මාළිගාවේ ප්‍රධාන දොරටුවේ දොරටුපාල රූප දෙකක්‌ හා මකර තොරණක්‌ සහිත ගල් උළුවස්‌සක්‌ ඇත. උසට වඩා පළලින් යුතු මේ උළුවස්‌සේ ප්‍රමාණය දෙකක රූකම් දැක්‌වේ. මේ උළුවස්‌සේ උස අඩි 12 යි අඟල් 6 ක්‌ වන අතර පළල අඩි 15 ක්‌ වේ. දැවයෙන් කළ දොරක්‌ද වේ. දොරටුව ඉදිරිපස මහනුවර යුගයට අයත් සඳකඩ පහණකි. මෙම දොරටුවෙන් ඇතුළු වූ විට උමගක්‌ වැනි ආරුක්‌කු හැඩයක්‌ ගත් බරාඳයක්‌ ඇත. මෙහි පළල අඩි 8 කි. දිග අඩි 29 යි. අඟල් 8කි. මෙය මුළුමණින්ම චිත්‍ර වලින් සරසා ඇත. මෙම බරාඳය කෙළවර සඳකඩ පහනකි. එයින් හේවිසි මණ්‌ඩපයට පිවිසිය හැක.

හේවිසි මණ්‌ඩපය යනු දළදාව වැඩ හිඳින කුටිය ඉදිරිපස ඇති ශාලාවකි. මෙහි පළල අඩි 40 ක්‌ වන අතර දිග අඩි 118 කි. මෙම මණ්‌ඩපය ආයතාකාරය. මෙහි වහලය විශාල ගල් කුළුණු 20 ක්‌ මත රඳවා ඇත. මෙම කුළුණු ක්‍රමයෙන් සිහින් වී යන ආකාරයට සකසා රඳවා ඇත. දළදා මැඳුරේ දැවයෙන් කළ පළමුවැනි මහල ර¹ ඇත්තේ මේ කුළුණු මතය. මෙම මණ්‌ඩපයේ බස්‌නාහිර පසෙහි දෙකෙළවර ඉහළ මාලයට නැගීමට පඩිපෙළ දෙකකි. එයින් දකුණු පස එකෙන් පල්ලේ මාළිගයටත්, පත්තිරිප්පුවටත් පිවිසිය හැක. පල්ලේමාලය ඉදිරිපස දක්‌නට ඇත්තේ ආලින්දයකි.

හේවිසි මණ්‌ඩපයේ ඉහළ මාලය වන උඩුමාලය බිම් මාලය ප්‍රමාණයටම දැවයෙන් නිමවා ඇත. ලී කණු මත වූ පේකඩ මත දැවැන්ත බාල්ක යොදා ඒ මත ඇති කුරුපහ උඩ වහලය රඳවා ඇත. මෙහි උතුරු හා දකුණු දෙදිග බිත්තිවලින් වසා තිබුණද අනෙක්‌ දෙපස දැවයෙන් තැනූ ජනෙල්වලින් සකසා ඇත.

රජමාළිගාව නාථ දේවාලය දෙසින් පෙනෙන අයුරු

රජමාළිගාවේ සීමැදුරු කවුළුවෙන් පත්තිරිප්පුව පෙනෙන සේ සැළසුම් කොට තිබේ
සියවස්‌ 4ක්‌

ජනෙල් මත කුළුණු කෙළවර දක්‌වා දැවයෙන් තැනූ ගරාදි වැටකි. මෙය පිරිත් මණ්‌ඩපය නම් මෙය හරි මැද නැගෙනහිර දෙසට නෙරා සිටින සේ ඉදිකළ පැන්නුමකි. මෙය තුළ නියම දළදා මැඳුර පිහිටා ඇත. මෙය ශාලාවෙන් නියම දළදා මැඳුරට ඇතුළුවීමට දොරවල් තුනක්‌ ඇත. මෙම උඩුමහලයේ කාමර 3 කි. ඒවානම් වැඩ හිඳින මාළිගය, හඳුන්කුඩම හා කවිකාර මඩුවයි.

පහළ ඇති හේවිසි මණ්‌ඩපයෙන් නැගෙනහිර දෙසට නෙරා ඇති ඉදිරි පැන්නුම පෞරාණික නියම දළදා මාළිගයයි. මෙය දෙමහල් වන අතර සාදා ඇත්තේ අඩි 4 යි අඟල් 5 ක්‌ උසැති පාදමක්‌ මතයි. පාදම බොරදමින් යුක්‌තය. බිම් මාලයේ (දළදා මාළිගයේ) සැලැස්‌ම ආයතාකාර කොටස්‌ දෙකකින් යුක්‌තය. එනම් දිග්ගෙය හා මහා අරමුදලයි. දිග්ගේ දකුණු පස ඉහළ මාලයට යැම සඳහා දැවයෙන් කළ සෝපානයකි. මහා අරමුදලේ මුතු මැණික්‌ තැන්පත්කර ඇත. අතීතයේ මෙය රජ භාණ්‌ඩාගාරයයි. පුරාණ මාළිගයේ එක්‌ පසෙක දක්‌ෂිණ ශාලාව නම් මෙය පුරාණයේ උසස්‌ නිලධාරින්ගේ උත්සව සඳහා විය.

වර්තමාන දිස්‌ත්‍රික්‌ උසාවිය ළඟ උඩ ගබඩාව විය. කච්ෙච්රිය ළඟ මහ ගබඩාව විය. "දේවසංහිඳ" නම් ධර්මාධිකරණයේ පිහිටන ස්‌ථානය නාථ දේවාලයත්, මහා දේවාලයත් අතර විය. දළදා මාළිගයේ මහා වාහල්කඩ සිට බැලූ විට දකුණ පැත්තට උල්පැන්ගෙය නම් බිසෝවරුන්ගේ ස්‌නානාගාරය දැක ගත හැකි මෙහි මල්වතු විහාරය පැත්තට හැර බිත්ති නොවීය.

1 වන විමලධර්මසූරිය රජු හා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ (ක්‍රි.ව. 1700-1738) රාජ්‍ය කාලයන් අතර කාලයේදී දළදා මැඳුර තැනීම හෝ ප්‍රතිසංස්‌කරණය කිරීම කර ඇත. එහෙත් අද දක්‌නට ඇත්තේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු තෙමහල් කොට තැනූ දළදා මැඳුරයි.

ජනප්‍රවාදයට අනුව මෙම ගොඩනැඟිල්ල ඉදිකර ඇත්තේ කිසිදා නොසිඳෙන දිය උල්පතක්‌ වූ ස්‌ථානයකය. නැකැත්තන් මෙහි පැමිණෙන විට එය කිරි ඉබ්බකුගේ වාසස්‌ථානයක්‌ව පැවැතියේය. දළදාවහන්සේ අද වැඩ සිටින්නේ එම ස්‌ථානය මතය.

සිංහලයේ අන්තිම රජුවන ශ්‍රී වික්‍රම රාජසිංහ රජ (ක්‍රි.ව. 1797- 1814) දළදා මාළිගයට පත්තිරිප්පුව ද එක්‌ කළේය. "හිඳගෙන බලනු" යන අරුත් ඇති පාත්තු -ඉරිප්පු යන ද්‍රවිඩ වචනයෙන් පත්තිරිප්පු යන පදය සෑදී ඇත. මෙය රජු ඇසළ පෙරහැර නැරඹීමට භාවිත කළේය.

පත්තිරිප්පුව ද්විත්ව පාලමක්‌ මත ගොඩනගා ඇත. දිය අගලින් මතුව ඇති කොටස ආයතාකාර බොරදමින් හා අධොවෘත්ත පද්මයක ආකාරයෙන්ද, සෘජු මූණතකින් හා උද්ධෘත පද්ම කොටසකින්ද සමත්විතය. පත්තිරිප්පුවට පිවිසීමට දොරවල් 8 ක්‌ ඇත. අටපට්‌ටම් කණු අටක්‌ මත වහල ර¹ පවතී. පියස්‌ස පෙති උළුවලින් සෙවිලි කර ඇත. පත්තිරිප්පුවේ බිම් මාලයට පිවිසීමට දොරටු තුනකි. පත්තිරිප්පුව දැන් දළදා මාළිගාවේ පුස්‌තකාලයයි.

තනිවැල්ලේ දේවාලය - Thaniwelle Dewalaya



ශ්‍රී ලංකාවේ රජකම් කළ ප‍්‍රාදේශීය රජවරුන්අතුරින්  උඩුගම්පොල සකල කලා වල්ලභ රජුට හිමිවන්නේ මුල් තැනකි. ක‍්‍රි.ව 1477-1496 අතර කෝට්ටේ රජකම් කළ අට වැනි වීර පරාක‍්‍රම රජු දෙවනුව සරණ පාවා ගත් අග බිසවගේ බාල සොයුරියගේ කුසින් මෙලොව එළිය දුටු කුමාරවරුන් දෙදෙනා ගෙන් පළමුවැන්නා මොහුය. දෙවැන්නා තනිය වල්ලභ කුමරුය. පිය රජුගේ ඇවෑමෙන්  අග බිසව ගේ පුතුන් සිව් දෙනා අතුරින් වැඩිමල් පුතු වන ධර්ම පරාක‍්‍රමබාහු  කුමරුට කෝට්ටේ සිහසුන භාර කළ සකල කලා වල්ලභ සහ තනිය වල්ලභ යන කුමරුවෝ උඩුගම්පොල සහ මාදම්පේ යන ප‍්‍රදේශවල උප රාජධානි පිහිටුවා ගත්හ.



සුවිශ්ට රණශූරත්වයකින් යුත් සකල කලා වල්ලභයන්ට එනම ලැබී ඇත්තේ ඔහු සටන් කලාවන් ඇතුළු සකල විධ කලාවන්හි කෙළ පැමිණි නිසා යැයි කියනු ලැබේ. එමෙන්ම මෙම රජු චක‍්‍රායුධ කුමරු නමින් ද හැඳින්වුණු බව  ඕලන්ද ජාතිකපූජක තුමකු සහ ඉතිහාසඥයෙකු වන වැලන්ටයින් විසින් 1724 වසරේ දී එළි දැක්වූ ඉතිහාස ග‍්‍රන්ථයේ සඳහන්ය. ඒ අනුව එම කුමරු චක‍්‍රායුධය නම් අවිය හැසිරවීමේ සූරයකු නිසා එනම පට බැඳුණා ද විය හැක.


සකල කලා වල්ලභ, තනිය වල්ලභ රජවරුන් දෙදෙනා යුද ශිල්පයෙහි සේම කෘෂි කර්මාන්තයෙහි ද අති දක්ෂ වූහ. වත්මන්  පුත්තලම දිස්ත‍්‍රික්කයටඅයත් අති විශාල භූමි ප‍්‍රදේශයක් අස්වද්දා රට සමෘද්ධිමත් කිරීමට මාදම්පේ රජකම් කළ තනියවල්ලභ කුමරු සමත්විය. මෙම යුගයේ හලාවත, පුත්තලම ආශ‍්‍රිතමුහුදු තීරයේ අක්කර දස දහස් ගණනක සරුසාර වී වගාවක් පැවැති බවට ඓතිහාසික සේම භූගෝලීය සාක්ෂිද ඇත. එහෙත්, ඉන් පසු ඇරඹි  ඕලන්ද යුගයේ සිදුවූ නොවිධිමත් ජල කළමනාකරණ ව්‍යාපෘතීන් නිසා එම කුඹුරුවලට කරදිය මුසු වීමෙන් අද වන විට ඒවා විල්ලූබවට පත්ව තිබේ. සුවිසල් වැව් පද්ධතියක් හා සම්බන්ධආනවිලූන්දාව තෙත් බිමද පසුව එසේ සම්පූර්ණයෙන් වැනසී  ගිය සශ‍්‍රික කූඹුරු යායකි. 



ක‍්‍රි.ව. 1513 වසරේ ධර්ම පරාක‍්‍රම රජු අභාවයට පත් අතර ඉන්පසු කෝට්ටේ කිරුළට ඇරැයුම් ලැබූ උඩුගම්පොල සකල කලා වල්ලභ රජතුමා කොට්ටේ රාජධානියට සපැමිණ තමනට හිමි කිරුළු ධර්මපරාක‍්‍රම රජුගේ එක් කුස උපන් බාල සොයුරු  වන විජයබා කුමරුට භාරදී යළි උඩුගම්පොලටම පැමිණ තිබේ. එය අටවැනි වීර පරාක‍්‍රම රජුගේ අගබිසව ගේ කුසින් උපන් ඒ කුමරු රාජ්‍යත්වයට වඩාත් සුදුසු බව තමන්ම තීරණය කිරීමෙනි. සකල කලා වල්ලභයන් ගේ යුක්ති ධර්මතාවය කොතෙක් දැයි මින් අපට පසක් වේ. එමෙන්ම සකල කලා වල්ලභයන්ගේ වීර ක‍්‍රියාවන් රැසක් රාජවලිය සහ අලකේශ්වර යුද්ධය යන ග‍්‍රන්ථවල මැනැවින් විස්තර කොට ඇත.




ඔහුගේ සොයුරු මාදම්පේ තනියවල්ලභ කුමරු මරණින් පසුව තනිවැල්ලේ දෙවියන් නමින් දේවත්වයට පත්විය. මාදම්පේ ප්‍රදේශයට යන විට සුදු අශ්වයෙක්ගේ රුවක් ඉදි කොට ඇත්තේ තිබෙන දේවාලයේය. කෝට්ටේ යුගයේ සිට පැවතියේ යැයි පැවසෙන තිබුණු මේ දේවාලයේ වර්තමානයේ දක්නට ලැබෙන ගොඩනැගිලි ගලින් ඉදි කරන්නේ 1894 දීය.

තනිය වල්ලභයන්ගේ මරණයට හේතුව සොයා බැලුවොත් එය සිදුවන්නේ ඔහුගේම මුණුබුරා අතිනි. තනිය වල්ලභයන්ට හිටියේ දියණියකි. ඇය විවාහ වූයේ සොළී කුමාරයෙක් සමඟිනි. ඔවුනගේ දරුවන් වූයේ වීදිය බණ්ඩාර සහ තම්මිට සූරිය බණ්ඩාර කියන කුමාරවරුන්ය. අවසානයේදී 1583 දී පමණ තනිය වල්ලභයන් මියයන්නේ තමාගේම මුණුබුරා වුණු වීදිය බණ්ඩාර අතිනි. තනිය වල්ලභයනුත් මරණයෙන් පසුවජනතාව "තනිවැල්ලේ දෙවියන්" නමින් ඔහුව වන්දනා කරන්න පටන් ගත්තා. සුදු අශ්වයෙක් පිට නැගී සුදු වස්ත්‍රාභරණයෙන් සැරසී තවමත් තනියවැල්ලේ දෙවියන් තමන්ගේ බල ප්‍රදේශයේ ගමන් තම වැසියන්ගේ ආරක්ෂාව සලසන බවයි ජනතාවගේ පිළිගැනීම.

අතිරේක කියැවීම්




Saturday, December 22, 2012

මහනුවර කිරි මුහුද හා ජලතිලක මණ්ඩපය - Kirimuhuda and Jalathilaka Mandapaya, Kandy

වළාකුළු බැම්ම
 මහනුවර නගරය මැද ඇති වැව පුරාණයේ හැඳින්වූයේ කිරි මුහුද යනුවෙන් බව පුරාණ ලේඛනවලින් පෙනේ. ඒ සම්බන්ධ ජනප්රරවාදය මෙසේය: වික්ර්මබාහු රජුගේ අණ පරිදි මෙම ස්ථානයේ කැනීම් කරන විට හුලංගමුවේ ආචාරියා නම් දෛවඥයාගේ අනාවැකිය සැබෑ කරමින් කිරි ඉබ්බකු හමු විය. දැනට ඇති වැවේ නැඟෙනහිර කෙළවර කුඩා පොකුණක් තනා මේ ඉබ්බාගේ වාසයට වෙන් කෙරිණි. ඊට පසු එය කිරි මුහුද යනුවෙන් හඳුන්වන ලද අතර එම පොකුණ අසුවන සේ තැනූ වැවට ද ඒ නමම යෙදිණි. කිරි මුහුද යන නාමයට රජු කැමැත්තක් දක්වා ඇත්තේ ඒ වන විට රට වටේ මුහුද ඉංග්රී සීන්ට අයත් ව තිබූ නිසා රට තුළ මුහුදක් තැනවීමට තමන්ට හැකියාවක් ඇති බව පෙන්නුම් කිරීමට වන්නටත් පුළුවන.


ජලතිලක මණ්ඩපය

වළාකුළු බැම්ම 

 වැව මැද කුඩා දූපතක් ඇති අතර  එය එදා හඳුන්වා ඇත්තේ ජලතිලක මණ්ඩපය යනුවෙනි. එහි පිහිටි පාම් ගස්, අරලිය, දුනුකේ සහ වෙනත් මල් වර්ග දූපත අලංකාර කරයි. දූපතේ ඉදිකළ පැරණි ගොඩනැඟිලිවල ගඩොල් අත්තිවාරම් සංස්කෘතික ත්රිෙකෝණයේ කැණීම් මඟින් තහවුරු කර තිබේ. වැවේ නිර්මාතෘ වූ ශ්රීව වික්ර ම රාජසිංහ රජු එකල මෙහි විවේක සුවයෙන් කල්ගත කරන්නට ඇත. රජුගේ නොසන්සුන් මනසට මෙම සුන්දර වටපිටාවෙන් මඳ සුවයක් හෝ ලැබෙන්නට ඇති බව නිසැක ය. මෙය රජුගේ විවේක ස්ථානයක් විය. ශ්රී් වික්රඳම රාජසිංහ රජු විසින් සිය අවසාන කාලයේ දී කිරි මුහුද ඉදිකිරීමට පෙර නගරයේ පැවැති ජලාශය වූයේ බෝගම්බර වැවයි. එය නිර්මාණය වී තිබුණේ දුනුමඬලාව කඳුගැටයේ සිට ගලාගෙන එන ජල මාර්ගවලින් පෝෂණය වෙමිනි.
 



ජලතිලක මණ්ඩපය

ජලතිලක මණ්ඩපය
 කිරි මුහුද තනා නිම වුයේ 1812 දීය. දළදා මැදුර සහ මල්වතු විහාරය අතර තිබූ තිගොල්වෙල නම් කුඹුරු යාය හරහා බැම්මක් බැඳීමෙන් හෙක්ටයාර 18ක විශාලත්වයෙන් යුත් නුවර වැව ඉදිකෙරිණි.

වැව වටා යන අලංකාර බැම්ම වලාකුළුවල ආකාරයෙන් තනා ඇති නිසා එය වලාකුළු බැම්ම නම් විය. මෙම ප්රාමකාරයේ පහන් දැල්වීම සඳහා කුඩා කවුළු තබා ඇත. මෙම ප්රාිකාරය නිසා වැවට ලැබුණේ ආකර්ෂණීය පෙනුමකි. එය අදටත් දැකගත හැකිය.

ජලතිලක මණ්ඩපය

ජලතිලක මණ්ඩපය



වැව ඉදිකර තිබෙන්නේ රාජකීය ගෘහ නිර්මාණ ශිල්පියා වූ මූලාචාරියාගේ උපදෙස් මත බව පැවසේ. ඔහු පත්තිරිප්පුව ඉදිකළ සමයේ දී ම මෙය ද ආරම්භ කර ඇත. මෙයට විරුද්ධව මහජන මතයක් ඇති විය. එක් රාත්රිේයක අති දක්ෂ නිර්මාණ ශිල්පියකු වූ මූලාචාරිතුමා තමා විසින්ම නිර්මාණය කළ වැවේ ගිල්වා මරන ලදී. තම දක්ෂ මූලාචාරියා මරා දැමූ සාහසිකයන් සොයා ගැනීමට නොහැකි වූ රජතුමා මහත් සේ උදහස් විය. ඒ අතර සිල්වත් භික්ෂු නමක් පැමිණ රජුගේ කෝපය සංසිඳවූයේ මේ වැව තැනීමට පෙර මෙහි වෙල්යායේ සිටි දහස් ගණන් කටුස්සන් හිකනලුන් සහ කක්කුට්ටන් වැව සෑදූ විට දියේ ගිලී මැරුණු නිසා උදහස් වූ දෙවිවරුන් මූලාචාරියාට දඬුවම් කළ බව පවසමිනි.

Wednesday, December 19, 2012

නල්ලූර් කන්දසාමි කෝවිල - Nallur Kandasamy Temple

 මෙය යාපනය නගයේ සිට පේදුරු තුඩුව දක්‌වා ගමන් ගන්නා බී 71 මාර්ගයේ කි.මී. 2 ක්‌ පමණ ගමන් කළ විට කල්ලුර් කන්දසාමි කෝවිලට යා හැකිය. නල්ලූර් කෝවිල යාපන නගරයේ පිහිටි හින්දු බැතිමතුන්ගේ ප්‍රමුඛවු සිද්ධස්ථානයකි. බුවනෙකබාහු රජ අවධියේ නිර්මාණය කරන ලද යැයි පැවසෙන කෝවිල පෘතුගීසින් විසින් විනාශයට පත් කර ඇත. නව කෝවිල 18 වන ශත වර්ෂයේ ප්‍රති නිර්මාණයකි.
යාපන අර්ධද්වීපයේ පැවත්වෙන වැදගත් ම ආගමික උත්සවය නල්ලූර් කෝවිල මුල් කොට සෑම වසරකම අගෝස්තු මාසයේ දී පැවැත්වේ. අගෝස්තු පුර පෝයට දින විසිහයක් තිබියදී ඇරඹෙන උත්සව සමය පුර පෝයට නිමාවේ.



 මෙම කෝවිල අද හින්දු කෝවිලක්‌ ලෙස පැවැතියත් ෂඪ වැනි පැරකුම්බා රජු සමයේදී යාපනයේ පැවැති ආර්යය චක්‍රවර්තී පාලනය පරාජය කර යළි රට ඒකීය කිරීමට ෂඩ වැනි පැරකුම්බා රජුට උදව් කළ සපුමල් කුමාරයා විසින් කතරගම දෙවියන් උදෙසා මෙම දේවාලය ඉදිකළ බවත් ඉතිහාසයේ සඳහන්වී තිබේ. එම දේවාලයේ අදත් ගායනා කරනා ස්‌ත්‍රොaත්‍රවල සපුමල් කුමාරයාගේ අභිෂේක නාමය පිළිබඳ සඳහන්වී තිබීමෙන් ඒ බව තහවුරු වේ.







පෘතුගීසින් හා සටන් කිරීමට යාපනයේ සිටි පාලකයන්ගෙන් සහයෝගය ලබාගැනීමට යාපනයට ගියවීදිය බණ්‌ඩාර කුමාරයාට, එම දේවාල භූමියේ තිබූ නුග ගසක සිට එල්ල කරන ලද පහරකින් එම කුමාරයා මරණයට පත්වූ බවත් ඉතිහාසයේ සඳහන් වී තිබේ.