පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, October 22, 2015

වෙනම රාජ්‍යයක සිහිනය දැක සතර රියනක් පමණක් හිමිකරගත් තමිලිනී


බිහිසුණු ත්‍රස්තවාදී කණ්ඩයාමක් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කාන්තා අංශයේ නායිකාව වූ ‛තමලිනී’ හෙවත් ‛සුබ්‍රමනියම් සිවාගමි’ පසුගිය ඔක්තෝබර් 18 වැනිදා උදෑසන මිය ගියාය. ඒ අගන්‍යාශයේ ඇති වූ පිළිකා තත්වයක් නිසාවෙනි. ඇගේ දේහය කිලිනොච්චියේ පරන්තන් හි පිහිටි සිය නිවස කරා රැගෙන ගිය අතර වෙනම රාජ්‍යයක සිහිනය දකින දෙමළ සන්ධානය ඇතුලු උතුරේ දේශපාලන නායකයෝ ද දෙමළ ජනතාව රැසක් ද ඇයට ගෞරව දක්වන්නට පැමිණ සිටියහ. පිළිකා රෝගී තත්වය උත්සන්න වීමෙන් අනතුරුව පසුගිය ඔක්තෝබර් 15 වැනිදා ඇය මහරගම පිළිකා රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර එහිදී විකිරණ ප්‍රතිකාර ද ලබාදෙනු ලැබිණි. ඒකීය ශ්‍රී ලංකාව දෙකඩ කොට උතුරේ වෙනම රාජ්‍යයක් පිහිටුවන්නට ඇයගේ නායක වෙලුපිල්ලේ ප්‍රභාකරන් ගෙන ගිය සටනට කාන්තා දායකත්වය ලබාදුන් ඇගේ බලාපොරොත්තුව වන්නට ඇත්තේ සිය ජීවිත කාලය තුල දිනක් හෝ ඔවුන්ගේ රාජ්‍යයක ජීවත්වන්නට වාසනාවක් ලැබේ යැයි කියා විය හැකිය. ඇයට ජාතිවාදයේ විෂ පෙවූ ඇගේ ජ්‍යෙෂ්ඨ නායකයන් නිසා ඇගේ සිත තුළ දකුණේ සිංහල ජනතාව පිළිබඳ වෛරී සිතක් පහළව තිබුණාට කිසිඳු සැකයක් නැත. කෙසේ නමුත් මහා රාජ්‍යයක සිහිනු දුටු ඇයට අවසානයේ හිමි වූයේ සතර රියනක් පමණි. මිය ගියේ නායිකාවක ලෙස නොව පිළිකා රෝගියකු ලෙසය. අවසන් සුසුම් හෙළන්නට වූයේ ඔවුන් මැවූ සිහින රාජ්‍යයයේ නොව ඒකීය ශ්‍රී ලංකාවක් තුළ මහරගම පිළිකා රෝහලේය. දෛවය සරදම් කරන්නේ තරාතිරම් බලානොවේ යැයි පැවසනේනේ මේ නිසාය. කෙසේ වෙතත් ත්‍රස්තවාදී ක්‍රියාකාරිත්වය පැවති සමයේ එල්.ටී.ටී.ඊ. නායකයන් අතර ඇගේ නම නිතරම පාහේ කියැවිණි. උතුරේ දෙමලුන් අතර සේම දකුණේ සිංහලයන් අතර ද ඇය සුප්‍රකට චරිතයක් විය. ඒ සාමාන්‍ය දැරියක ලෙසින් ඉපිද මිනිසුන් දහස් ගණනක් මරු තුරුළට යැවූ ත්‍රස්තවාදී නායිකාවක බවට පත් ඇගේ ජීවන ගමන් මග පිළිබඳ කෙටියෙන් කතා කරන්නට අප සිතුවේ එබැවිනි. 

1972 අප්‍රේල් 22 වැනි දින ඇය උපත ලැබුවාය. ඇයට සහෝදරයකු සහ සහෝදරයින් දෙදෙනකු විය. ඒ සමය දෙමළ ත්‍රස්තවාදය පැතිරී ගිය වටපිටාවක නොවේ. නමුත් උතුරේ ජාතිවාදී මතවාද අළු යට ගිනි පුපුරු මෙන් තිබිණි. සිංහල ජනතාව කෙරෙහි ඇගේ සිත තුළ වෛරී සිතක් ඇති කරවන්නට දෙමළ නායකයන් අවස්ථාවක් කරගත්තේ 1983 වසරේ කලු ජූලියයි. ඒ වන විට ඇය 11 වැනි වියෙහි පසු වූවාය. ඇය ඒ වන විට පරන්තන් හින්දු පාසලේ අධ්‍යාපනය ලබමින් සිටියාය. ඒ සමය වන විටත් පාසලේ අධ්‍යාපනික කටයුතුවලදී මෙන්ම විෂය බාහිර කටයුතුවලදී ද සියලු දෙයට ඉදිරිපත් වී නායකත්වය ගනිමින් කටයුතු කරනු දක්නට හැකිවිය. 

කලු ජූලියෙන් පසු උතුරේ සිංහලයන්ට එරෙහි ජාතිවාදී වෛරී සිතිවිලි පතුරුවා හරින්නට දෙමළ ජාතිවාදී නායකයෝ කටයුතු කළහ. එම කටයුතුවලට සහභාගී වන්නට තමිලිනීට ද අවස්ථාව ලැබිණි. ඇය ඔවුන්ගේ දේශනවලට නිරතුරු සහභාගී වූවාය. සාමාන්‍ය පෙළ විභාගය සමත්වීමෙන් පසු ඇය කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන්නට තීරණය කළාය. නමුත් ඒ වන විටත් ඇගේ සිතට කාවද්දන ලද සිංහලයාට එරෙහි හැඟීම් නිසා අධ්‍යාපනයට වඩා අවශ්‍යව තිබුණේ සිය දේශපාලන නායකයන් ඔවුන් ඉදිරියේ මවා පෙන්වන ලද වෙනම රාජ්‍ය සිහිනය සැබෑ කරගන්නටය. ඒ නිසාම ඇය 1991 මැයි 27 වැනිදා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී කණ්ඩායම සමඟ එක්වන්නට තීරණය කළාය. සිංහලයන් කෙරෙහි වෛරී සිතින් යුක්ත ඇය වැනිම දෙමළ ජාතික තරුණ තරුණියක් රැසක්ම මේ කාලයේ එල්.ටී.ටී.ඊ. හෙවත් කොටි සංවිධානයට එක් වූහ. ඉන්පසු වෙලුපිල්ලේ ප්‍රභාකරන් නම් ත්‍රස්තවාදී නායකයා සහ ඔහුගේ සහායකයෝ සිංහලයන්ට එරෙහි ම්ලෙච්ඡ යුද්ධය තමිලිනීට සහ ඇය වැනිම දෙමළ තරුණ තරුණියන්ට පුහුණු කරවන්නට පටන් ගත්තේය. ඇය කුඩා සමයේ දුටු අනාගතය පිළිබඳ සුබ සිහින වෛරය සහ සිහින රාජ්‍යයක් ඉදිරියේ විනාශ කර දැමුවාය. 

කොටි සංවිධානය තුළ ඇයට ඉදිරියට යන්නට අවස්ථාවක් සළසා ගත්තේ පුනරීන් හමුදා කඳවුරට එල්ල කරන ලද ප්‍රහාරයත් සමගිනි. මෙම ප්‍රහාරය සඳහා තමිලිනී ඇතුළු කොටි කාන්තාවන් රැසක් ද සහභාගී වූහ. 1993 නොවැම්බර් 11 වැනිදා කලු කොටි හෙවත් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් පෙරටු කරගනිමින් තමිලිීනී ඇතුළු කොටි කාන්තාවෝ පුනරීන් කඳවුර විනාශ කර දැමූහ. කොටි සංවිධානයේ අවධානය ඇය වෙත නතුකරගන්නට ඇය මෙහිදී පෙන්වූ නායකත්වය ඉවහල් විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඇය කොටි සංවිධානයේ කාන්තා අංශයේ නායකත්වයට පත්වීමෙනි. ඇයට කොටි සංවිධානය විසින් කර්නල් තනතුරක් පිරිනමනු ලැබිණි. ඇය ඒ සමයේ කාන්තාවන් වෙනුවෙන් පුවත්පතක් ද ප්‍රකාශයට පත් කළාය. පසුකාලයේ සිදු කළ කොටි සංවිධානයේ ත්‍රස්තවාදී ක්‍රියා රැසක් සඳහාම ඇය සිය නොමසුරු දායකත්වය ලබාදුන්නාය. ඇය කොටි සංවිධානය තුළ කිසිවකු සමඟ හෝ කිසිදු ආකාරයක හෝ ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත් වූ බවට තොරතුරු ලැබෙන්නේ නැත. 

සිය ත්‍රස්තවාදි ක්‍රියා ඔස්සේ සිංහලුන්ට නිතර මර බිය දැන්වූව ද යම්කිසි දිනක තමාට ද එම මර බිය දැනෙනු ඇතැයි ඇය කිසිදා නොසිතන්නට ඇත. නමුත් ඇගේ සිහින රාජ්‍යය තුළ සැනසිල්ලේ ජීවත්වන්නට දෛවය ඇයට ඉඩ දුන්නේ නැත. ඇය ජීවත් වූ කොටි සංවිධානයේ මළගම ළංවෙමින් පවතින බව ඇය කිසිදාක සිතන්නට නැතිව ඇත. මාවිල්ආරු සොරොව්වේ ජල ප්‍රශ්නයත් සමග ඇවිලුණු යුද ගිනිදැල් කොටි සංවිධානය දවා පුළුස්සා විනාශ කරනු ඇතැයි ඇය හෝ ඇගේ නායකයන් සිතන්නට නැත. කෙසේ වෙතත් පෙර අවස්ථාවලට වඩා සංවිධානත්මකව පිරිස් බලය සහිතව හමුදාවන් සිය ප්‍රහාර දැඩි කරද්දී අනුනට දුන් මර බිය ඇයට ද දැනේනනට විය. 

කොටි නායකයන් එකා පිට එකා මිය යද්දී සිය ජීවිතය බේරාගැනීම යහපත් යැයි නන්දිකඩාල් කලපුව අසල බිම් කඩෙහි සිරවී සිටියදී ඇයට සිතෙන්නට ඇත. ඉතිරිව සිටි කොටි නායකයන්ගේ ද අණ නොතකා සාමාන්‍ය ජනතාව සමඟ හමුදාවට යටත්වීමේ අරමුණින් පැමිණෙන්නට ඇය සිත එකඟ කරගත්තේ මේ නිසා විය හැකිය. සිය නායකයන් ඇය ඉදිරියේ මවා පෙන්වූ රාජ්‍යය සිහිනයක් බැව් ඇය ඒ වන විටත් තේරුම් ගෙන සිටින්නට ඇත. එතෙක් කල් ඇය ජීවත් කරවූ වෛරයේ ගිනි මැදින් සාමාන්‍ය මිනිසකුට දැනෙන කුසගින්න ඇය වෙළාගිනිමින් පැවතිණි. සාමාන්‍ය ජනතාව සමග සැඟවී පැමිණි ඇය වව්නියාව අවතැන් කඳවුරේ සිටියදී 2009 මැයි 27 වැනිදා හමුදා ඇස ඇයව හඳුනාගත්තේය. හමුදා බුද්ධි අංශ ඇය පිළිබඳ බොහෝ කරුණු දැන සිටි බැවින් නොදන්නා තවත් බොහෝ කරුනු දැනගනු වස් ඇය බොහෝ ප්‍රශ්නකිරීම්වලට ලක්කරනු ලැබිණි. 

වව්නියාව අවතැන් කඳවුරේ වසරක පමණ කාලයක් පුනරුත්ථාපනය වූ ඇය යළි සාමාන්‍ය ජීවිතයට යොමුවන්නට තීරණය කරන ලද්දේ අතීතයේ සිදුකළ ත්‍රස්තවාදී ක්‍රියාවලට යළි කිසිදා යොමු වන්නේ නැතැයි ආරක්ෂක හමුදාවන් ඉදිරියේ කළ සපථවීමෙකින් ද අනතුරුවය. පරන්තන් හි සිය නිවසට ඇය කැඳවා යනු පිණිස ඇගේ සොයුරියක් ද ඇය පුනරුත්ථාපන කඳවුරෙන් නික්ම යද්දී පැමිණ සිටියාය. කොටි සංවිධානයේ සිටි සමයේ වැරෙන් යටපත් කොටගෙන සිටි ආදර සිතිවිලි නැවත ඉස්මතු වීම නිසාදෝ ඇය නුදුරේම විවාහ වී සාමාන්‍ය ජීවිතයක් ගත කරන බව ද එදින පවසා සිටියාය. ඒ 2013 ජූනි 27 වැනිදාය. 

ඇය පැවසූ සේම විවාහ දිවියට ද සැපත් වූවාය. නමුත් ඇගේ සාමාන්‍ය ජීවිතයට දෛවය වැඩි දිනක් ඉඩදුන්නේ නැත. ඒ ඇගේ අගන්‍යාශය පුරා පැතිරුණු පිළිකා රෝගය නිසාය. එසමයේ ඇයට සත්කාර කරන ලද්දේ කොටි සංවිධානය සමඟ ත්‍රස්තවාදී ක්‍රියා සිදුකරන්නට එපා යැයි අවවාද කළ ඇගේ මව විසිනි. කෙසේ වෙතත් වෙනම රාජ්‍ය සිහිනය සේම සිය රෝගී තත්වය ද ජයගන්නට ඇය අසමත් වූවාය. ලොවේ සියලු දෙනා මුහුණ දෙන පොදු ධර්මතාවයට මුහුණ දෙමින් ඇය ද රියන් සතරකට හිමිකම් ලැබුවාය. බොහෝ සිහින පසුපස යමින් විනාශකාරී ක්‍රියාවන් සිදුකරන සියලු දෙනාට අවසානයේ අත්වන්නේ මේ ඉරණම බව වටහා ගන්නට කදිම ආදර්ශයක් අවසානයේ ඇය අප හමුවේ තබා ඇත. 

42 comments:

  1. සිංහලයෝ අති උතුම් ජාතියක්.හතුරකුට උනත් උදව් කරනවා. සිංහල වීම ගැන ආඩම්බර වෙමු.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස සමග මා ද එකගයි

      Delete
    2. පියුමි මහත්මිය/මෙනවිය
      ඔබතුමිය හොද අදහස් තියන එඩිතර කාන්තාවක් බව පෙනෙනවා .බ්ලොග් එකක් ලියන්න පටන් ගන්න. අපට ඕන ඔබ වගෙ බ්ලොගර්ස්ල තමා. එහෙම ලියන්න පටන් ගත්තොත් ප්‍රචාරයක් ලබා දෙන්නම්..

      Delete
    3. පියුමි මහත්මිය/මෙනවිය
      ඔබතුමිය හොද අදහස් තියන එඩිතර කාන්තාවක් බව පෙනෙනවා .බ්ලොග් එකක් ලියන්න පටන් ගන්න. අපට ඕන ඔබ වගෙ බ්ලොගර්ස්ල තමා. එහෙම ලියන්න පටන් ගත්තොත් ප්‍රචාරයක් ලබා දෙන්නම්..

      Delete
    4. ස්තුතියි ඔබට ...(මධ්‍යස්ථ මතධාරියාට )

      අපේ රට ගැන හදවතින් සිතන ඔබ වගේ අය අප අතර සිටීම ඇත්තටම සතුටක්.

      Delete
  2. වැදගත් ලිපියක්.මේ වගේ ලිිපි තව තවත් ලියන්න ඔබට ශක්තිය ලැබෙිවා ! ඔබ තුමාගේ ලිිපි වලට මම පෞද්ගලිකවම කැමතියි.

    ReplyDelete
    Replies
    1. ඔබගේ දිරිගන්වන අදහස්වලට බොහෝ ස්තූතියි

      Delete
  3. වෙඩ්ඩ තමිලිනී එක්ක කරපු සාකච්චාවක් 2002 දි විතර වගේ රාවයෙ තිබ්බ එකක් ආපහු එඩිට් කරල දාල තිබ්බ හොයාගන්න පුලුවන් වුනොත් මම මෙතන දාන්නම්

    ReplyDelete
    Replies
    1. ඒක නම් හොදයි. වැදගත් දේවල් ටිකක් හොයාගන්න පුළුවන් වෙයි.

      Delete
  4. මම හිතන්නේ දෙමළ කොටි සංවිධානය සටන් කරනු ලැබුයේ වෙනම රටක් උදෙසා මිස සිංහල ජාතියට විරුද්ධව නෙමෙයි. ප්‍රභාකරන් හෝ එම සංවිධානයේ වෙන කිසිදු ඉහල නිලධාරියෙක් සිංහල ජනතාවට එරෙහිව වර්ගවාදි ක්‍රියාවන්වල යෙදුනේ නැහැ. ඔවුන් සිදුකරන ලද ප්‍රචන්ඩ ක්‍රියාවන් බහුතරයක් කලේ තමන්ගේ දේශ සිමා ලකුණු කිරීමට සහ දකුණේ වැඩි ආරක්ෂක හමුදා පිරිසක් රුදවීමේ අරමුණින්

    ඒ වගේම ලංකාවේ හමුදාවන් සටන් කලෙත් දෙමළ ජාතියට විරුද්ධව නෙමෙයි. දෙමළ කොටි සංවිධානය මර්ධනය කිරිමට සහ වෙනම රටක් කියන සංකල්පය නැති කිරිම සදහා

    මම හිතන්නේ අපිට LTTE එක කරපු අරගලයෙන් ඉගෙන ගන්න බෝහෝ දේ තියෙනව. මිනිස්සු මරාගෙන මැරෙන තැනට පත්කලේ සහ සාමාන්‍ය මිනිසුන් ආයුධ අතට ගත්තේ දෙමළ නායකයන් කියපු සහ පතුරවනලද ජාතිවාදය නිසාම විතරක් නෙමෙයි

    ලොවේ සියලුම දෙනා මරණයට පත්වෙනව හැබැයි වැරදිකරපු අයට කියල විශේෂයෙන් දෙයක් වෙන්නේ නැහැ මොකද බොහෝම හොද මිනිස්සුත් බරපතල රෝග ආබාධවලට ලක්වෙලා මිය යනව.

    ReplyDelete
    Replies
    1. හමුදාව දෙමළ මිනිසුන්ට එරෙහිව සටන් නොවැදුණු බව ඇත්ත. ඒත් කොටි සංවිධානය තමන්ගේ ප්‍රදේශ විශාල කරගැනීම වෙනුවෙන් මරා දැම්මේ පිටසක්වල වැසියන් පිරිසක් නෙවෙයි. සිංහල වැසියන්. කුමන හේතුවකට හෝ ඔවුන් මරා දැම්මේ සිංහල වැසියන්. පිටකොටුවේ බෝම්බ පිපිරවීම, දෙහිවල දුම්රිය බෝම්බ පිපිරවීම ආදියේ ප්‍රධාන ඉළක්කය වුනේ සිංහලයන්.

      Delete
    2. යහපත් මිනිසුන්ද බරපතල රෝග තත්වයන් නිසා මිය යන බව ඇත්ත. නමුත් මා මෙයින් පවසන්නට අදහස් කළේ වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන් වැදුනත් අවසානයේ හිමි කරගත්තේ සතර රියනක් බව පෙන්වීමටයි. එල්.ටීටී.ය. වැනි ත්‍රස්තවාදී සංවිධාන පසුපස ඇත්තේ ජාතිවාදය පමණක් නෙවෙන බවත් ඇත්ත. මේ සියල්ල පසුපස බටහිර ධනවාදී රටවල් සිටින බව කවුරුවත් කතා කරන්නේ නැහැ.

      Delete
    3. මම හිතන්නේ LTTE සංවිධානය සිංහල මිනිස්සුන්ට එරෙහිව වර්ගවාදීව කටයුතුකලේ නැහැ. මිනිස්සුන්ව මරන්න ඕනනම් ඔයිට වඩා ඕන තරම් බෝම්බ තැබිමේ හැකියාවක් ඒ මොහොතේ LTTE එකට තිබුනා.

      “පිටකොටුවේ බෝම්බ පිපිරවීම, දෙහිවල දුම්රිය බෝම්බ පිපිරවීම ආදියේ ප්‍රධාන ඉළක්කය වුනේ සිංහලයන්.“ යනුවෙන් තෙරුම් ගන්නවට වඩා මම හිතන්නෙ ඔවුන්ගේ එවැනි ක්‍රියාකාරකම්වල ප්‍රධාන ඉලක්කය වුනේ දකුණේ ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන්න හමුදාවන්ට බලපෑම් කරපු එක මේ හරහා උතුරට තියෙන තෙරපුම අඩු කරවා ගැනීම සහ හමුදාව රටපුරා විසිරවීම වගේ දේවල් කර ගන්න. ඒ වගේම රටේ ආර්ථිකයට බලපෑම් එල්ල කරවීම (සංචාරක කර්මාන්තය, විදේශ ආයෝජන)

      LTTE සංවිධානය බිහිකිරීම සදහා ලංකාවේ පැවති ආණ්ඩු සහ පාලකයන්ද විශාල වැඩ කොටසක් කලා. අවසානයේදි උතුරේ සහ දකුණේ පහල පාන්තික ජනතාවට තමයි මේ සියලු දේවල වන්දිය ගෙවන්න සිද්ධවුනේ. උතුරේ තමලනී වගේම දෙමළ තමන්ටම කියල නිවසක් ඉඩමක් නැති පිඩිත මිනිසුන් සහ තමන්ටම කියල ගෙයක් දොරක් ඉඩමක් නැති හසලක ගාමිණිල වගේ සිංහල පිඩිත මිනිසුන් මියගියා තමන්ට අයිති නැති භුමියක් වෙනුවෙන්.

      යුද්ධයෙන් වාසි ගත්තේ ආයුධ විකුණපු සහ යුද්ධය පෙන්වමින් බලයට ආපු පාලකයො විතරයි

      Delete
    4. එල්ටීටීය සාධාරණීකරණය කරමින් ඕනෑ තරම් අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබ වක්‍රව කියන්න හදන්නේ කොටින් විසින් සිංහලයන් මරා දැමීම සදහා හේතුවක් තිබුණු බවත්, ඒ නිසා කොටින්ට දොස් කීම අසාධරණ බවත් වැනි අදහසක්. යුද්ධයෙන් බැටකෑවේ පහළ පංතිය බව හැබෑව. කොටින්ගෙන් රට බේරාගන්න ජීවිතය දුන්නේත් පහළ පංතිය බව හැබෑව. නමුත් හසලක ගාමිණී මිය ගියේ තමන් උපන් රටට ත්‍රස්තවාදීන්ගේ බේරාගැනීමේ සටනෙදි. තමිලිනී ඇතුලු කොටි රැළ කළේ තමන් උපන් රටෙන් කොටසක් කඩා ගන්න ත්‍රස්තවාදී ක්‍රියාවල නිරතවීම.

      Delete
    5. ඇනෝ ගෝනිබිල්ල දැනගනින් කොටි සින්හල ගම් වලට පැනල අහින්සක කිරිදරුවො පවා මැරුව.ගම්මාන සිය ගානක් කැතිගෑවා.ඒව පොලව නුහුලන අපරාද. බස් සිය ගනනක් පිපිරෙව්ව.. මේ රටේ මිනිස්සු මැරිල ඉපදිල නෑ. උබ මොකක් හරි හේතුවක් නිසා කුලියට කහින බල්ලෙක් වෙන්න ඇති. මන් දැක්කා සීන්හල ගම්,පෙතිගහපු තමිලිනි ගැනත් තොපි ගුන කියනව.

      Delete
    6. ඇනෝ ගෝනිබිල්ල දැනගනින් කොටි සින්හල ගම් වලට පැනල අහින්සක කිරිදරුවො පවා මැරුව.ගම්මාන සිය ගානක් කැතිගෑවා.ඒව පොලව නුහුලන අපරාද. බස් සිය ගනනක් පිපිරෙව්ව.. මේ රටේ මිනිස්සු මැරිල ඉපදිල නෑ. උබ මොකක් හරි හේතුවක් නිසා කුලියට කහින බල්ලෙක් වෙන්න ඇති. මන් දැක්කා සීන්හල ගම්,පෙතිගහපු තමිලිනි ගැනත් තොපි ගුන කියනව.

      Delete
    7. හමුදාවෙ ක්‍රියාකාරකම් අපට අනුව දේශප්‍රේමය ලෙස දක්වද්දී කොටින්ගේ ක්‍රියාකාරකම් ඔවුනට අනුව දේශප්‍රේමයයි
      කොටි අපට අනුව ත්‍රස්තවාදින් හා මිලෙච්චයන් වන විට ඔවුනට අනුව හමුදාව යනු දකුණේ සිට උතුරට කිසිදු අරමුණක් නොමැතිව පැමිණ සිටින ආක්‍රමණිකයින්ය.

      අපගේ දේශප්‍රේමයේ සහ කොටින්ගේ දේශප්‍රේමයේ අවසානය විශාල මිනිස් ජිවිත සංඛ්‍යාවක්ය. අවසානයේ විමුක්තිය ලබාගෙන ඇත්තේ ආයුධ වෙලෙන්දන් සහ ජාතිවාදය තම බලය පවත්වාගෙන යෑමට සහ එදාවෙල වෙනුවෙන් භාවිතා කරන පාලකයින්ටය

      තමන්ගේ මිනිය තැබීමටවත් තරමේ ඉඩමක අයිතිය නොමැති ජනතාවක් භුමිය වෙනුවෙන් සටන් කිරීමට පෙලඹවු පාලකයින්ට අප විරුද්ධ විය යුතුය. ඒ සදහා සිංහල දෙමළ මුස්ලිම් අප සැමම ජාතිය අමතක කර එකතුවිය යුතුව ඇත. මිනිසුන් සටන් කල යුතුතේ රට, ජාතිය, ආගම වෙනුවෙන් නොව මිනිසුන්ගේ අයිතින් වෙනුවෙන් බව මිනිසුන්ට තේරුම් කල යුතුය.

      Delete
    8. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට ඔවුන්ගේ පැත්තෙන් බලන විට එය දේශප්‍රේමයක් විය හැකි වුණත් ලෝකයේ සෙසු සියලු දෙනාට එය ත්‍රස්තවාදයකි. කුමක් හෝ ගමකට ආගන්තුකයන් පිරිසක් පැමිණිය හොත් ඔවුන් ඒ ගමට අමුත්තන් වෙයි. ඔවුන් ආයුධ පෙන්වන්නේ නම් ගම් වැසියන් තුළ ත්‍රස්තය ඇති වෙයි. එවිට පැමිණි අමුත්තෝ ත්‍රස්තවාදීහු නම් වෙති. කොටිද ද එසේය. ඔවුන්ගේ පැත්තෙන් එය දේශප්‍රේමයක් හෝ වෙන අහවල් දෙයක් වුවත්, ඔවුන් කළේ වසර 30 ක් මුළුල්ලේ රට පුරා ත්‍රස්තය වැපිරවීමය. හමුදාව කළේ එයින් රට බේරාගැනීමට උත්හාස කිරීමය.

      Delete
    9. ගෝනිබිල්ලො @ හමුදාවෙ ක්‍රියාකාරකම්වල ඇති දේශප්‍රේමයක් නෑ . හමුදාවෙ අරමුණ රජය රැකීම රට රැකීම නෙමෙයි. හමුදාව කරන්නෙ රස්සාවක්. ඒකට ඒ අයට ගෙවනව. ඒ කොන්ත්‍රාත් එක එතනින් ඉවරයි. දේශප්‍රේමය තියෙන්නෙ ජාතික බලවේගවලට. කොටින්ට එරෙහි යුද්ධයට රජය පෙලබුවේ ජාතික බලවේග විසින්.හමුදාවත් එක්ක අපේ ගනුදෙනුවක් නෑ. අපේ ගනුදෙනුව තියෙන්නෙ රජය එක්ක.

      කොටි කියන්නෙ පැහදිලිවම විදේශීය බලවේගයක් අයි එස් අයි එස් වගෙ. කොටින්ගෙ ආරම්බහ්යෙ ඉදලම ඉන්දියාව හා බටහිර බලවේග හිටියා.

      අප ත්‍රස්තවාදය හා ම්ලේච්ඡ ක්‍රියා අර්ථකථනය කළ යුත්තෙ සාපේක්ශව නෙමෙයි නිරපේක්ෂව. කොටි කළත් වැටුප් ලබන සෙබලු කළත් වැරැද්ද වැරැද්දමයි. බස් පුපුරවපු එක ත්‍රස්තවාදී ක්‍රියාවක්. ගම්මාන සමූලඝාතනය කලේ වර්ග සමූලඝාතනය කිරීමේ ආර්මුනින්. වාර්ගික පවිත්‍රකරනයක් තුලින් සිංහල මුස්ලිම් ජනයා සමූලඝාතනය කිරීමයි දෙමළ නාසිවාදීන්ට ඕන වුනේ.

      දෙමළ නාසිවාදය හා ඒකීය භාවය වෙනුවෙන් කළ කැපකිරීම් එක මල්ලෙ දාල දෙගොල්ලොම ජාතිවාදියො කියල කියන්න එපා. ඒකෙන් දෙමළ නාසිවාදය සාධාරනීකරනය වෙනව.

      Delete
    10. මධ්‍යස්ථ මතධාරියාOctober 22, 2015 at 1:00 PM

      //ඇනෝ ගෝනිබිල්ල දැනගනින් කොටි සින්හල ගම් වලට පැනල අහින්සක කිරිදරුවො පවා මැරුව.ගම්මාන සිය ගානක් කැතිගෑවා.ඒව පොලව නුහුලන අපරාද. බස් සිය ගනනක් පිපිරෙව්ව.. මේ රටේ මිනිස්සු මැරිල ඉපදිල නෑ. උබ මොකක් හරි හේතුවක් නිසා කුලියට කහින බල්ලෙක් වෙන්න ඇති. මන් දැක්කා සීන්හල ගම්,පෙතිගහපු තමිලිනි ගැනත් තොපි ගුන කියනව.//

      LTTE සංවිධානයට පක්ෂව හෝ ලංකා ආණ්ඩුවට පක්ෂව හිටගන්නේ නැතුව ප්‍රශ්නය දිහා බලන්න. LTTE සිංහල ජනතාවට විරුද්ධව යුද්ධය කලානම් ලංකා ආණ්ඩුව යුද්ධය කලේ දෙමළ ජනතාවට විරුද්ධව කියල කියන්නත් පුලුවන්. යුද්ධයේදි අපරාධ සිද්ධ වුනා LTTE සහ හමුදාව යන දෙකෙන්ම.

      හැබැයි ප්‍රශ්නය තමයි LTTE වගේ සංවිධානයක් හැදුනේ ඇයි කියන එක. දෙමළ ජනතාව මරාගෙන මැරෙන තත්වයට පත්වීම.

      මේ ගැටලුවට විසදුම් හොයන්න බැහැ LTTE වැරදි වැඩ කලා කියල. ගම් වලට වැදිල, බෝම්බ තියල මිනිස්සු මරපු නිසා තමයි LTTE එක පැරදුනේ. එහෙම නොකලනම් (ගම් වලට වැදිල, බෝම්බ තියල මිනිස්සු මැරුවේ නැත්නම්) LTTE එක කරපු දේ හරිද?

      Delete
    11. කොහොමද එහෙම කියන්නෙ. එල්ටීටීඊ එක සටන් කළේ සිංහල ,මුස්ලිම් ජනතාවට එරෙහිව තමයි. ලංකා ආන්ඩුව යුද්ධ කලේ දෙමල ජනතාවට එරෙහිව කියල කියන්නෙ කොහොමද.

      මම සිංහල පාර්ශ්වයෙ ඉදන් ප්‍රශ්න දෙස බලනව නෙමෙයි මම බලන්නෙ මධ්‍යස්ථව, සාධාරනව. ජර්මන් නාසීන් යුදෙව්වො මරපු එකට මට දැනුන වේදනාවම තමා දෙමළ නාසීන් සිංහල මුස්ලිම් ගම් වනසල වර්ග සමූලඝාතනය කරන කොට දැනුනෙ. ම්ලේච්ඡයන් හා සෙසු ජනයා එක බෝට්ටුවකට දාල ම්ලේච්ඡයන්ට සුදුහුනු ගාන්න එපා.

      දකුනෙ ජේවීපී කැරලි තිබුනෙ කැරලි ගහන්න තරම් ප්‍රශ්න තිබිල නෙමෙයිනෙ .උතුරෙත් එහෙම තමයි.

      Delete
    12. මම ලංකා ආන්ඩුවෙ පැත්තෙ ඉදන් නෙමෙයි ප්‍රශ්න දිහා බලන්නෙ. පොදු ඇසකින්. මටනම් මේ තිරිසන් ම්ලේච්ඡත්වය පෙන්වන්න බෑ. ඔබට ම්ලේච්ඡත්වය වෙනුවෙන් පෙනී සිටීම වෙනුවෙන් ආර්ථික ලාභ ඇති. ඒත් ප්‍රසිද්ධ බ්ලොග් කරුවෙක් වන ඔබ ඇයි මේ ගෝනියක් අස්සෙ හැංගිලා. ඔබේ නරුම අදහස් ප්‍රසිද්ධියෙ කියන්න බෑ නේද.

      Delete
    13. මධ්‍යස්ථ මතධාරියා
      ජාතික බලවෙගවල සීමාව තමයි අපි සිංහල (ලාංකික) හෝ අපේ රට වෙනුවෙන් ජිවිත පරදුවට තබා සටන් කල යුතුයි කියන එක. අපේ රට බටහිර ධනවාදී රටවල්වල කුමන්ත්‍රණ වලින් ආරක්ෂාකර ගත යුතුය කියන එක. විදේශිකයින් අපව විනාශ කිරීමට බලාගෙන සිටිනවායැයි සිතිම.
      නැහැ එක වැරදි. අපි කරන වැරදි නිසා තමයි අපිට මේ ගැටලු වලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ කියන තැන ඉදල හිතන්න පටන් ගත්තහම තේරුම් ගන්න පුලුවන් විදේශ රටවල්වලට වඩා අපිම තමයි අපේ ප්‍රශ්න වලට මුල කියල. අපි ඉන්න සමාජ ක්‍රමය තමයි අපේ අතර අවුල් හදල තියෙන්නේ. රට, ජාතිය, ආගම වෙනුවෙන් නොව මිනිසුන්ගේ අයිතින් සහ වගකීම් වෙනුවෙන් සංවිධානය වන සමාජයක් එලෙස සිතන මිනිසුන් නිර්මාණය කිරිමෙන් තමයි මේ සියලු ගැටලු වලට අපිට විසදුම් හොයන්න වෙන්නේ
      එහෙම නැත්නම් හෙටත් අපිට මිනිස්සු හොයන්න වෙයි රස්සාවට යුද්ධ කරන

      Delete
  5. තමිලිනී හෙවත් සුප්‍රමනියම් සිවකාමී මට කිහිපවිඩක්ම මුණ ගැසී ඇත. ඒත් ඈ සංවාදයක පටලවා ගන්නට අවකාශයක් ලැබුණේ ‘මනුෂ්‍යත්වයේ දෙමළ හමුව‘ මැයෙන් යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවති දෙමළ සංස්කෘතික උළෙල අතරතුරදී ය. ඇය හා සමඟ කළ සංවාදය ‘රාවය‘ පත්තරේ පළ වූයේ 2002 නොවැම්බර් 3වැනිදා ඉරිදාවේ ය.

    මෙතැන පළවන සටහන ‘රාවයේ‘ සංවාදය පදනම් කරගනිමින් මවිසින් පසුව ලියැවිණි. දේශපාලන රැඳවියක ලෙස අප්‍රමාණ පීඩාවට පත්වෙමින් හමුදා අත් අඩංගුවේ පසුවෙන සමයෙහිදී ය. අනෙක විද පීඩාවට පත් කළ ඇය දකුණෙ ජරාජීර්ණ දේශපාලනයේ අතකොළවක් කරගැනීමට බොහෝ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වුණද අවසන කෙසේ හෝ ඇයට ඒ කරා වලෙහි නොලැග අතීත ස්මරණයන් පමණක් ශේෂ කරලන්නට හැකිවිය.

    දැන් තමිලීනී මියගොසිනි. ඇය මිය ගියද, ජීවිතයේ අඛන්ඩව පිළිකා දෙකක් හා සටන් කළ ‘විමුක්තිකාමිනිය‘ ලෙස ඇය අපගේ ස්මරණයන් තුළ ජීවත් වනු ඇත.

    - මංජුල වෙඩිවර්ධන

    ‘‘ඇය, ඇය වෙනුවෙන් පෙනී නොසිටින්නේ නම්,
    ඇය වෙනුවෙනු පෙනී ඉන්නෙ කවුද?‘‘
    - තමිලිනී හෙවත් සුප්‍රමනියම් සිවකාමී

    ඒ ලියවිල්ලේ ශීර්ෂය වූයේ ‘‘අපි සහෘදයෝ’’ යන්නයි. ශීර්ෂය උපුටා ගැනුනේ ඇය සිංහල ප‍්‍රජාව පිළිබඳව ගොනු කළ සංවේදී පිළිතුරු අතරිනි. සංලාපය අතරතුර ඇය මෙසේ පැවසූවා ය. ‘‘ ඔව්, අපි රාජ්‍ය ත‍්‍රස්වාදයට එරෙහිව සටන් වදින එක ඇත්ත. සහෝදර සිංහල ජනතාව වගේම ජාත්‍යන්තර ප‍්‍රජාවත් තේරුම් ගත යුතුයි, ජාතික නිදහස් අරලයක සහ ත‍්‍රස්තවාදය අතර වෙනස. අපි ත‍්‍රස්තවාදීන් නෙමෙයි, විමුක්ති සටන්කරුවන්. සටනේදී අපි සිවිල් ජනතාව ඉල්ක්ක කර ගන්නේ නෑ.’’

    ‘තමලිනී නම් වන ඇය දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ කාන්තා අංශයේ වත්මන් දේශපාලන නායිකාව වන්නී ය. යාපනයේ පැවැත්වුණු ‘මනුෂ්‍යත්වයේ දෙමළ හමුව’ නම් වූ සංස්කෘතික කතිකාවත අතරතුරේ දී ඇය අපට හමු විය. එහිදී අපි ඇගේ ජීවන දෘෂ්ඨියට ආමන්ත‍්‍රණය කළෙමු. මෙළෙස ඔබ හදවතට මුසු කරන්නේ ඇගේ මුවින් නික්ම ආ හෘදයාංගම පිළිවදන්ය.’

    ඒ, රාවය පත්තරේ පළවූ ලිපියේ මා ඈ ගැන ලියූ පූර්විකාවයි. එදා, 2002 වසරේ ඔක්තෝබරයේ දී යාපනයේ වීරසිංහම් ශාළාවේ රොද බැඳි ජන සන්නිපාතයෙන් මිදී, මොහො තකට හුදෙකලා වූ අසුන් පේලියක අග, ඇය සම`ග සිදුකළ සංලාපයේදී, ඇය මතු කළ කරුණු තවදුරටත් එළෙසින්ම වලංගු වන්නේ යැයි මට හැෙ`ග්. ඇය විශේෂයෙන් ස්ත‍්‍රී විමුක්තිය පිළිබඳව කළ විග‍්‍රහය සමස්ථ කාන්තා සංහතිය පිළිබිඹු වන්නා වූ කැටපතකි. ඇය කිසිවිටෙකත් සිංහල ප‍්‍රජාව පිළිබඳ වෛරී ආකල්යයක් දරා නැත්තී ය. ‘‘ අපි සහෘදයෝ’’ යනුවෙන් පැවසූ තමිලිනී 2009 මැයි 27වැනිදා සිට ‘‘සිංහල’’ අත් අඩංගුවේ පසුවන්නී ය. මරණාතුර පීඩිත දෙමළ ප‍්‍රජාව හා සම`ගින් පුදුමාතලන්හි සිට වව්නියා ළතෝනි කඳවුර කරා සිය මව සහ නැෙ`ගණිය සම`ගින් අවතැන්ව සිටි තමිලිනී, ඈ අත්අඩංගුවට ගනු පිණිසම පැමිණි විශේෂ පොලිස් ඒකකය විසින් කොළඹට රැුගෙන එනු ලදුව සිරගත කරනු ලද්දී ය. ඇය වෙනුවෙන් පෙනී සිටීමට පළමුවරට නීතිඥවරයෙකුට අවකාශ ලැබුණේ සිරගත කිරීමෙන් වසරකුත් මාස හතරක් ඉක්මගිය පසු ය. ඒ 2010 වසරේ සැප්තැම්බර් 20වැනිදා ය. ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පී. පූබාලසිංහම් කොළඹ මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි හමුවේ නිදර්ශන සහිතව කරුණු ගොනු කර දැක්වූයේ, ඇය දේශපාලන අංශයේ නායිකාව බවත් සන්නද්ධ නායිකාවක නො වන බවත් ය. ඒ කෙසේවතුදු දකුණේ සිංහල උපවිඥානයට අනුව ඇය ත‍්‍රස්තවාදී නායිකාවකි. එබැවින් කප්පරක් අඛණ්ඩ පරීක්ෂණ යන හේතුව පදනම් කර ගනිමින් ඈ මානසික පක්ෂගාතයට ඇද දමනුතුරු ඇප ලබා දීමට රාජ නීතිඥයන් විරුද්ධ ය. අවසන් වරට ඉකුත් ජනවාරි 2වැනිදා ඇය අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව තවමත් චෝදනා ගොනු කර නො මැත්තෙන් යළි විභාගය කල් තැබිණ. සිංහල සහෘදයෝ නිශ්ශබ්දව සිටිති. ඇය පිළිබඳව කිසිඳු අදහසක් පළ නො කරති. ඇය අධිකරණයට රැුගෙන ඒමත්, නඩුව කල් යෑමත් මෙළෝ රහක් නැති පැරා එකක නිව්ස් එකක් පමණක් බවට පත්ව තිබේ. ඉන් ඔබ්බට ගිය විවරණයක් ඇය පිළිබඳව පැන නො නැෙ`ගන්නේ ඇය ත‍්‍රස්තවාදී නායිකාවක බවට පවතින අවිඥානික භීතියයි. ගතානුගතික ආකල්පයයි. අදේශපාලනික පසුගාමීත්වයයි. අවම වශයෙන් ප‍්‍රගතිශීලීන් යැයි සැළකෙන කාන්තා ක‍්‍රියාකාරිනියන්යට පවා තමිලිනී ම`ගහැරී යන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ’‘සමාජය කෙරෙහි පවතින ඕනෑම පීඩනයක්, එහි අතිවිශාල ප‍්‍රතිශතයක් වශයෙන් සෘජුවම කාන්තාවට බලපානවා. කාන්තාව යනු ගෙදර බලා කියා ගනිමින්, කුටුම්භය රැක ගන්නා තැනැත්තිය යැයි පවතින සාම්ප‍්‍රදායික ආකල්පය ඉක්මවා යමින් මෙකී පීඩනයට එරෙහිව පෙළ ගැසීමේ වගකීමක් කාන්තාව හමුවේ පවතිනවා. ඇගේ ආරාක්ෂාව තමා තුළම මිස පරිබාහිරව ගොඩනැගෙන්නේ නෑ. ඇය, ඇය වෙනුවෙන් පෙනී නොසිටින්නේ නම්, ඇය වෙනුවෙනු පෙනී ඉන්නෙ කවුද? ඇය අනිවාර්යයෙන්ම පීඩනයට එරෙහිව නැගී සිටිය යුතු වන අතර තම පියා, පුත‍්‍රයා, සහෝදරයා, ඥාතියා තියා තම ස්වාමිපුරුෂයාටවත් අවම වශයෙන් ඇය ආරක්ෂා කරගැනීමටවත් අවකාශයක් පවතින සමාජ පසුබිම තුළ ඉතුරු වී නෑ.’’

      ඒ තමිලිනීගේ නිර්ව්‍යාජී, නිර්ලෝභී නිරාකූල මතයයි. ත‍්‍රස්ත විරෝධී සකළවිධ රණ විරුවන්ගේත්, පාරිශුද්ධ අපරාධ පරීක්ෂක පොලිස් මහත්තැන්ගේත් කප්පරක් ප‍්‍රශ්න කිරීම් හමුවේ තවමත් මුනිවත රකිමින් සිටින සුබ‍්‍රමනියම් ශිවතායි හෙවත් තමලිනීගේ ජීවිතයේ ඈ ත අ තී තයේ මතකයන් අතරට මොහොතකට පිවිසෙමු. අසන්න.
      ‘‘ඒක බිහිසුණු සිහිනයක්. මොහොතින් මොහොත අන්ධකාරයෙන් බර වුණු සිහිනයක්. වේදනාවෙන් පිරුණ සිනමාපටක්. මං පුංචියි. මොනවද සිද්ධ වෙන්නේ කියලා තේරුම් බේරුම් කර ගන්න බැරි පුංචි වයස. දේවල් කොහොමද සිද්ධ වෙන්නේ කියලා අවබෝධ කර ගන්න බෑ. කිසි දෙයක්. කිසි ම දෙයක්. ඒත් බොහෝ දේ සිද්ධ වෙමින් තිබුණා.
      ‘‘පණ අදින මිනිස්සු, විසිරුණු අතපය, ලේ පෙරෙන මිනිස් මුහුණු, දැවි හළු වී දුම් දමමින් තිබෙන කඩ විදී, හමුදා රූප. මෙබඳු දර්ශන සුළබ වෙමින් තිබුණෙ. අවිඥනික භීතියක් අප වෙලා ගනිමින් තිබුණෙ. අඬන්න, ඉගෙන ගන්න ඕන වුණේ නෑ අපිට.
      ‘‘දවසක්, වැඩට ගිය අප්පා ගෙදර ආවේ නෑ. හමුදාවෙන් අරන් ගිහින් තිබුණා. මාස තුනකින් තමයි ගෙදර එව්වේ. ඒ මාස තුන කියන්නේ අනන්ත, අප‍්‍රමාණ දුකක් අත්විඳපු කාලවකවානුවක්. කන්න දෙයක් නෑ. ඉස්කෝල යන්න විදිහක් නෑ. ඊට පස්සේ හමුදාව දැක්කම භය තවත් වැඩි වෙන්න පටන් ගත්තා. මගේ මතකෙට අනුව ඒ 1983. අපි හිටියෙ වන්නියෙ. දකුණේ දෙමළ ජනතාවට සිදු වුණු ඛේදවාචකය හේතුවෙන් ඔය කාලෙ දහස් ගාණක් ජනතාව වන්නියට සේන්දු වෙන්න පටන් ගත්තා. ඉස්කෝලෙ ගිය ළමයි කපපු සිද්ධි, කාන්තාවන්ව දූෂණය කළ සිද්ධි, පණපිටින් පුච්චපු සිද්ධි වන්නියට ආපු අය අපට කිව්වා. හිතට දැනුණු කම්පාවත් එක්ක සිද්ධ වෙන්න මොකක්ද කියන දේ වැටහෙමින් තිබුණෙ. ඔය කාලෙම තමයි අහසින් බෝම්බ අතහරින්න පටන් ගත්තේ. අහසෙ මොකක් හරි කැරකෙනවා ඇහුණම හිතට දැනෙන හැඟීමත් එක්ක ඉගෙන ගන්නවා කියන කාරණාව ජීවිතෙන් ඈත් වෙන්න පටන් ගත්තා. දවසක් හමුදාවෙන් අපේ ඉස්කෝලෙට කඩං පාත් වෙලා අපේ පන්තිය භාර ගුරුතුමාට ලේ පෙරෙනකම් ගැහුවා. ඊට පස්සේ මුළු ගුරු මණ්ඩලයයි, ළමයිනුයි, ප‍්‍රින්සිපලූයි ඉස්කෝලෙ වත්ත වටේ දණ ගැස්සුව. අපිට දැනුණෙ හද කකියවන කම්පාවක්. මම සාමාන්‍ය පෙළට පාඩං කරමින් හිටපු කාලෙ උඩින් අපේ පන්තියට වැටුණු බෝම්බයකින් මගේ ම පංතියෙ ළමෙක් මැරුණු හැටි මට අද වගේ මතකයි. මේ වගේ කතන්දර ගොඩක් අපේ ජීවි ත ඇතුළෙ තියෙනවා.

      ‘‘මේ සියලු දේ යන අතරෙ තවත් පැත්තකින් විමුක්ති අරගලය මෝදු වෙමින් තිබුණෙ. ඔවුන් සටන් කරන්නෙ අපි වෙනුවෙන් කියන හැඟීමක් ඇති වෙන එක අන් තිම සාමාන්‍යයි. ඒ අය රෑට හොරෙන් ඇවිත් කෑම ටිකක් ඉල්ලන් කාලා යළිත් සැඟවුණු ජීවිතේට යනවා. අම්මව, අප්පව බලන්න බොහොම ආශාවෙන් ඒ අය පසු වුණේ. ඒ ආවේ අපේ අයියල. ඔවුන් යන්න පෙර අපේ හිස අතගාලා කියනවා ඕගොල්ලො හොඳට ඉගෙන ගන්න ඕනෙ. ඕගොල්ලන්ට හොඳ අනාගතයක් තියෙනවා. එහෙම අපිට ආදරේ කරපු අපි ගැන හොයල බලපු සහෝදරවරු ජීවිතේ පූජා කළා. මේවා අපේ හිතට බොහොම තදින් කා වැදුණා. ඉගෙන ගත්තත්, රස්සාවක් ලබා ගැනීම හීනයක් වුණා. ඉස්කෝලෙ ගියත් නිදහසේ ඉගෙන ගන්න බෑ. හැමෝටම බය තිබුණා. කාන්තාවන්ට බය ඊටත් වැඩියි. ඉස්කෝලෙ යන එන අතරවාරෙ ඔච්චම් කරන එක දරුණු වැඩි වෙමින් තිබුණෙ. ඒ අපි යන එන පාරවල්, අපේ පාරවල්වල අපිට විඳින්න වෙන නොහොබිනා විහිළු ගැන ඇත්තෙන්ම අපිට දැවැන්ත වේදනාවක් තිබ්බා. අපි ළමා කාලෙන් තරුණ කාලෙට පය තිබ්බෙ මේ වගේ පරිසරයක. ඊට පස්සෙ ඉන්දියන් හමුදාව ආවා. ඒ හමුදාවෙ වැඩපිළිවෙළ වුණෙත් ඒකමයි.

      Delete
    2. ‘‘අපිට තිබුණු දරුණුම ප‍්‍රශ්නය තමයි හැම මොහොතකම අවතැන් වෙන්න සිදු වෙච්ච එක. ඔන්න අම්මා උය උය ඉන්නවා. එකපාරටම ආරංචි වෙනවා මේ පැත්තට හමුදාව එනවා කියලා. ඔක්කොම කැලේට පනිනවා. උයපුවා ලිප උඩ. අපි දුවපු තැන්වල කෑම කොයින්ද? ආමි එක කොහෙන්ද එන්නෙ, මොනවද කරන්නේ, කොහෙට ද යන්නෙ, කීයට ද යන්නෙ කියලා බල බල ඉදල තමයි ආපහු එළියට ඇවිත් ගෙවල්වලට එන්නෙ. අපි ආපහු ගමට ආවහම අපි දන්න කියන ආශ‍්‍රය කරන ඥාතිකම් තියෙන කිහිපදෙනෙක් ගමෙන් අඩුවෙලා. මැරිලා. අතුරුදහන් කරලා. මේ පරිසරය ඇතුළේ කොහොමත් අපිට නිදහසක් ගැන කතා කරන්න බෑ. නිදහසක් ගැන හිතන්නවත් බෑ. මේ තත්ත්වය නිසා ජීවිතේ අර්ථවත් දෙයක් කරන්න ඕනෑය කියන හැඟීමක් ඇති වුණා. යමක් කරන්න ඕනෑය කියන හැඟීම යථාර්ථයක් වෙන්නෙ සමස්ථ නිදහස වෙනුවෙන් පෙනී සිටින සටන්කාමීයෙක් වුණොත් විතරයි.’’

      ඇය දෙමළ විමුක්ති ව්‍යාපාරය හා ඒකාත්මික වූ තීරණාත්මක සංසිද්ධිය සිදුවූයේ 1991 දී ය. එවක ඈ, පරන්තන් හින්දු විදුහල් බිමට වැටුණු බැරල් බෝම්බ නින්නාදයේ සාපෙළ සමත්ව, කිළිනොච්චි මැදි විදුහලේ උසස් පෙළ හැදෑරූ ශිෂ්‍යාවකි. ඒ, අලිමංකඩ පළමු යුද අවදියයි. සකලවිධ සටන් ඇවිලී ගියේ ඒ ඇස් අබියස දී ම ය. ප‍්‍රහාරයන් ද, ප‍්‍රතිප‍්‍රහාරයන් ද, වීරත්වය හා ප‍්‍රාණ පරිත්‍යාගයන්ද ඈ හදවත් සංතානය තුළ නිදන්වන්නට විය. බොහෝ දෙමළ සටන්කාමීන්ගෙ නිෂ්චල සීතල සිරුරු දෙමළ මාතෘභූමියේ අතුරා තිබෙනු බොඳව ගිය ඇසින් ඇය දුටුවා ය. මඩකලපුවේ සින්දු කියනා මාළුවන් අතර සිට, වේදනාබර වන්නියට පැමිණ සටන් වැද මියගිය විමුක්තිකාමීන්ගේ සිරුරු ද ඒ අතර තිබිණ. මඩකලපු විරුවන්ට අවසන් බුහුමන දක්වනු පිණිස ඒ කිසිවකුගේ අම්මලා හෝ අප්පලා කිසිවකුත් නො සිටිය හ. තම දුවා දරුවන්ගේ ආදරණීය මුහුණු අවසන් වතාවට මොහොතකටවත් දැකගන්න, සීතල සිරුරු මත උණුසුම් කඳුළු බිඳුවක් තවරන්නවත් අවකාශ තිබුණේ නැත. ඒ ගෞරවනීය දිවි පිදුම් ඈ වෙත රැුගෙන ආවේ අතිමහත් කැළඹීමකි, පුදුමසහගත දුකකි, නො සංසිඳෙන වේදනාවකි. මඩකලපුවෙ සිට වන්නියට පැමිණ දෙමළ නිජබිම වෙනුවෙන් සටන් වැද ජීවිතය පූජා කළද ඔවුන් දන්න හඳුණන කවුරුවත් ළඟපාත නැතැයි යන හැඟීම විසින් ඈ කම්පනයට පත් කෙරිණ. ඇගේ හිත හඬගා ඇයට ම කී යේ එක ම එක වැකියකි. ‘‘අපි සටන් කරන්න යන්නැති එක කොච්චර වැරදිද?’’ ඒ, ඈ විමුක්තිි සංවිධානයට බැඳෙන්නට බලපෑ ආසන්නතම හැඟිමයි. ඒත් ඒ තීන්දුව කි‍්‍රයාත්මක වූයේ ඊට මඳ කලකට පසුව ය.
      මන්දයත් සංවිධානයට බැඳෙන්නට තීරණය කර තිබුණ ද ගෙදර ඇත්තන් හට ඒ පිළිබඳව තිබුණු බිය හේතුවෙන් එය දවසින් දවස කල් ගියේ ය. ඒ අතර ඇය කාන්තා සටන්කාමිනියන්ව මුණ ගැසිණ. ඔවුන් සමග අප‍්‍රමාණව කුළුපඟ විය. ඔවුන් අතර දැඩි මිත‍්‍රශීලීත්වයක් ගොඩනැඟිණ. මේජර් නිලහාන්ගෙ මරණය සිද්්ධ වූ යේ මේ අතරතුර ය. ඔහු, තමිලිනීගේ ගමෙන් බිහිවූ විරුවකු විය. ඔහුගේ නිසසල සිරුර ජනතා ගෞරව පිණිස තබා තිබිණ. ඇය විරුවා දක්නට ගියේ මල් අහුරකුත් අතැතිව ය. ඇයට ඕනෑ වූ යේ, ඒ සටන්කාමී මුහුණ දකින්නටත්, ඔහු මල් පූජා කරන්නටත් ය. ඒ මල් පූජාවෙන් පසු යළි හැරී ගෙදර යන්නට ඇයට සිත් වූයේ නැත. ඒ ඇගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යයයි. සටන්කාමී දේශපාලනික ජීවිතයේ ආරම්භක ලක්‍ෂ්‍යයයි

      Delete
    3. කාන්තාව පිළිබඳව වන සමාජ ආකල්පය ඔබ දන්නවා. එබඳු පසුබිමක ඔබ ඔබේ තීන්දුව ස්ථානගත කළේ කොයි ආකාරයට ද? මම සුපුරුදු පිරිමි ප‍්‍රශ්නය ඇගෙන් ඇසුවෙමි. එහෙ ත් ඇය එයට සිනහ වූයේ නැත.

      ‘‘මම සම්බන්ධ වුණේ 1991. විමුක්ති කි‍්‍රයාකාරිණියන් සංවිධාන තුළට ආවෙ 1984 ඉඳන්. මුල්කාලීනව දෙමළ සමාජය තුළ බරපතළ බියක්, විචිකිච්ඡුාවක් තිබිලා තියෙනවා තරුණයො සටනට අව තීර්ණ වුණු එක ගැන. සංවිධානයට බැඳීම ගැන. ඒත් විමුක් ති ව්‍යාපාරයට පැහැදිලි විනයක් තිබුණා. ඒ හින්දා අර තිබුණු බිය, විචිකිච්ඡුාව ක‍්‍රමයෙන් දියවෙලා ගියා. මොකද තරුණියක් සංවිධානෙට බැඳීමේ දී වැරදි පාරක නෙවෙයි යන්නෙ, යහපත් අරමුණකයි ගමන් කරන්නෙ කියන සංකල්පය සමාජය තුළ තහවුරු වුණා. මේ අනුව සමාජය කාන්තා සටන්කාමිනියන් දිහා ගෞරවයෙන් බලන්න පෙළඹුණා. 1991 වෙද්දී කාන්තා සටන්කාමියෝ පාරෙ යනවා එනවා. මෝටර් සයිකල්වල යනවා. දිවි පුදනවා. ගෙදර යනවා එනවා. ඒක සාමාන්‍යකරණය වෙලා තිබුණෙ. ඒ හින්දා මට සමාජ ආකල්පය ජය ගන්න අමතර වෙහෙසක් ගන්න අවශ්‍ය වුණේ නෑ.’’

      එහෙත් තමිලිනී නම් වූ ඇය කම්පා වූයේ තමන්ගේ සොල්දාදුවා ගැන පමණක් නො වේ. අසන්න අද සිංහල සිරබත බුදිමින් සිටින ඇයගේ, නො වෙනස් අතීත කටහඬ.
      ‘‘අපේ සහෝදර සහෝදරියන්ගෙ මළ සිරුරු දැක්කම අපිට අති විශාල දුකක් දැනෙනවා. ඒ වගේ සිංහල සෙබළුන්ගෙ මළ සිරුරු දැක්කමත් අපේ හිත් වේදනාවෙන් බර වුණා. මේ කවුද දන්නෑ කියන එක හිතට එනවා. මටත් අම්ම කෙනෙක් ඉන්නවා වගේ ඒ අයටත් අම්මලා ඇති කියන එක ඇත්තටම හිතට දැනෙනවා. ඒ අයටත් හීන ඇති. අභිලාෂයන් ඇති. ප‍්‍රාර්ථනාවන් ඇති. අපිට සටන් කිරීමට අරමුණක් තියෙනවා. උවමනාවක් තියෙනවා. අපේ භූමිය සම්බන්ධයෙන්. ඒ භූමියේ නිදහසේ ජීවත් වීම සම්බන්ධයෙන් අපේ ගම් බේරගන්න, අපේ ඉස්කෝලෙ බේර ගන්න, අපේ කෝවිල් බේර ගන්න, අපේ වීදි බේර ගන්න අපේ අරගලය ඒ වගේ එකක්. ඒ සඳහා සටන් කිරීම අපේ වගකීමක්. දකුණේ ඉපදිලා එහෙ හැදී වැඩුණු සිංහල තරුණයා මෙහේ මැරෙන්නෙ මොකද කියන එක තමයි අපේ හිතේ වැඩිපුරම තියෙන්නෙ. මේ විදියට ඔවුන් මැරෙන එකේ කිසිම තේරුමක් නෑ. අර්ථයක් නෑ. අපි සිංහල සෙබළුන්ගෙ මෘත ශරීර රතු කුරුස සවිධානය මාර්ගයෙන් යුද හමුදාවට භාර දුන් බොහෝ අවස්ථාවල ඔවුන් ඒ මළ සිරුරු භාර ගත්තේ නෑ. සතුරා අපිට එරෙහිව ආයුධ සන්නද්ධව ඉන්න තාක් කල් පමණයි ඔහු අපේ සතුරා වෙන්නෙ. ඔහු මරණයට පත් වුණාට පස්සෙ හෝ ඔහු යටත් වුණාට පස්සෙ ගෞරවයෙන් සැලකිය යුතුයි කියන එකයි අපේ සංවිධානයේ ප‍්‍රතිපත්තිය. ඒ පිළිබඳව දකුණේ තියෙන්නෙ මොනවගේ තක්සේරුවක් ද කියන එක ගැන අපිට තියෙන්නෙ කණගාටුවක්. ඒ සෙබළා උතුරට එන්නෙ මොකට ද කියලවත් දන්නෑ. මැරෙන්න වෙයිද කියන එක දන්නෙත් නෑ. අඩු ගාණේ මැරුණාම ඒ මරණයටවත් සිංහල ආණ්ඩු වගකියන්නෙත් නෑ. මේක ඛේදවාචකයක්.’’

      මම ඇගෙන් මෙසේ ඇසුවෙමි. තමලිනී, ඔබ විමුක්ති අරගලය තුළ ප‍්‍රායෝගික දේශපාලනික චරිතයක්. අනෙක් පසින් ඔබ කාන්තාවක්. දකුණේ කාන්තාවන්ට පැවසීමට, ඔබ අත්දැකීමෙන් ගොඩනඟා ගත් කතාවක් ඇති? ඇය මොහො තක් නිශ්ශබ්දව කල්පනාවේ නිමග්නව සිට ඒ ගැඹුරු හඬ අවදි කළා ය.

      ‘‘අපි කිසිම මොහොතක සිංහල ජනතාව හෝ සිංහල කාන්තාව හතුරො විදිහට දකින්නෑ. ඔවුන් අපේ සහෘදයෝ, කිට්ටුවන්තයො, කිට්ටුවරියො, සහෝදරයෝ, නෑදෑයො කියන හැඟීම තමයි අප තුළ තියෙන්නෙ. අපිට ඇහැට පේන්න ඉන්නෙ සිංහල ජනතාව, මේ අපේ අසල්වැසියො, අල්ලපු ගෙදර අය. ඔවුන්ගේ දුක්ඛ දෝමනස්සයන් පිළිබඳවත් අපට විශාල හැඟීමක් තියෙනවා. යම් යම් අවස්ථාවල දී සිංහල කාන්තාවන් අපිත් එක්ක කතා බහ කරලා තියෙනවා. ඔවුන්ගේ දුක්ඛ දෝමනස්සයන් අපිත් එක්ක බෙදාගෙන තියෙනවා. ඔවුන්ට බොහෝ දුක් ගැහැට තිබෙන බව අපි දන්නවා. ඔවුන් තමන්ගෙ ගෘහස්ථ ජීවිතයටම සීමා නොවී පොදු අරමුණක් ඔස්සේ සමාජයට අවතීර්ණ වෙන්න ඕනෙ කියන එක දකුණේ කාන්තාවන් වෙත පැහැදිලි පණිවිඩයක් ලෙස අපි ප‍්‍රකාශ කරනවා. උතුරේ කාන්තාවන් ආයුධ අතට ගත්තෙ ඇයි කියන එක එතකොට තේරුම් ගන්න අපහසු නෑ.

      ‘‘හැම අම්මෙක්ගෙම පුතෙක් තමයි උතුරට එන්නෙ, සෙබළෙක් හැටියට. හැම බිරිඳකගේම සැමියෙක් තමයි මෙහෙට එන්නෙ. හැම පෙම්වතියකගෙම පෙම්වතෙක් තමයි මෙහෙට එන්නෙ. හැම සහෝදරියකගෙම සහෝදරයෙක් තමයි මෙහෙට එන්නෙ. ඒ අම්මලා, ඒ බිරුන්දෑවන්ට, ඒ පෙම්වතියන්ට, ඒ සහෝදරියන්ට අපේ මේ කතාව ගැන නිවැරදි අවබෝධයක් තියෙනවා නම් ඔවුන් මෙය සන්නිවේදනය කරයි දකුණේ ජනතාවට.’’

      මෙසේ පැවසූ තමිලිනී අද තවමත් දකුණ විසින් විධිමත්ව චෝදනා ගොනු කරලනු නො හැකි වූ දේශපාලන සිරකාරියකි. කප්පරක් දෙමළ සිවිල් ජීවිත සංහාරය පිණිස අණ දුන් එක් දේශපාලන සිරකරුවකු ගැන පමණක් දෛනිකව කම්පා වන දකුණේ හෘද සාක්ෂිය අවම වශයෙන් තමිලිනී නම් වන දේශපාලන නායිකාව, සමස්ථ සමාජ පීඩාව හා කාන්තාව අරභයා දැක්වූ නිර්ව්‍යාජ දැක්ම පිළිබඳව හෝ සසල නොවන්නේ ඇගේ දෙමළකම නිසාවෙන් නොවන්නේද?

      Delete
    4. උපුටා ගත්තේ මංජුල වෙඩිවර්ධනගේ මුහුණු පොත් පිටුවෙනි. මුළු ලිපියම එක් කමෙන්ටුවකට පල කල නොහැකි නිසා කොටස් කිහිපයකට කඩන්නට වීම පිළිබද සමාවන්න

      Delete
    5. ඇත්තටම හැමෝම හැමවෙලාවකම තමන් වෙනුවෙන්, තමන් සාධාරණීකරණය කරමින් අදහස් ඉදිරිපත් කරන්නට කැමැත්ත පළ කරනවා. දකුණේ මරණ දහස් ගණනකට වගකිව යුතු ප්‍රභාකරන් මිය ගිය මොහොතේ ඔහුගේ අයිතිවාසිකම් ගැන කතා කරන්නටත් බොහෝ දෙනෙක් ඉදිරිපත් වුණා. ත්‍රස්තවාදී නායකයන් මාධ්‍යයට අදහස් දෙන විට ඔවුන් පවසන්නේ ඔවුන් කිසිවකු සමග සතුරුකමක් නැති බවයි. ලොවේ සෑම තැනකම ත්‍රස්තවාදී නායකයන් පවසන්නේ එයයි. නමුත් ක්‍රියාවේදී එය වෙනස් වෙනවා. කොටින්ගේ අවදානම පැවති සිංහල ගම්මානවලට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කොට ගර්භනී තත්වයේ මව්වරුන්ගේ උදරය පලද්දී තමිලිනීගේ නිර්ව්‍යාජ කාන්තා දැක්ම තිබුණේ කොහේදැයි මට තේරෙන්නේ නැහැ.

      Delete
    6. මංජුල වෙඩිවර්ධන කියන එකා කොටින්ට ඍජුවම පක්ෂ එකෙක්. ඌ ඊළම පිළිගන්නව. උගෙ බ්ලොග් එකේ තමිලිනී ගැන වර්නනාවක් කරල තිබුනා. ගෝනගල ගමේ වැසියන් පෙතිගැහුවෙ ඔය තමිලිනි ල තමයි. එක ගෙදරල දානෙකට උදව් වෙන්න ආපු පිරිසක් වටකරල පෙති ගහල තිබුන. පොඩි ළමයි දෙකට ඉරල තිබුන. ගැබිනි මවුවරුන්ගෙ බඩවල් පලල.

      ඉතා අනුවේදනීය කතාවක් තියනව. එක අම්ම කෙනෙක් දරුවෙන් තුන්දෙනා බේරගන්න ගත් වෙහෙස . තමිලිනිල ගේ වට කරල. එක ළමයෙක් ඇද යටට දානකොට තව ළමයෙක් පෙති ගහනව. ඒක බලන්න යනකොට ජනේලෙන් ආපු කොටියෙක් ඇද යටින් අනික් ළමයට එලියට ගත්තලු.

      මංජුල වෙඩිවර්ධන වගෙ උන් පෙනී හිටින්නෙ මේ වගෙ ම්ලේච්ඡයො වෙනුවෙන්. එහෙම පෙනී සිටින්න ඌට මොනවහරි හේතුවක් ඇති.

      Delete
    7. කුමක් හෝ හේතුවකට තමන්ගේ ජීවිතය වරද්දා ගත්ත උදවිය තමන් අයිති සමාජයෙන් පළිගන්න හදනවා. කොටින්ට සුදු හුණු ගාන හැමෝගේම ජීවිත ගැන හොයලා බැලුවාම ඒක පෙනෙනවා. තමිලිනී වැනි කොටි ත්‍රස්ත කාන්තාවන් ගැන වර්ණනා කරන්නේ ඔවුන්ගේ මේ පළිගැනීමේ අදහස නිසා මිසක් අන් කිසිවක් නිසා නොවෙයි.

      Delete
  6. කියවගෙන කියවගෙන ගියාම අන්තිමේදී මට හිතුනේ ත්‍රස්තවාදියා වීරයකු වී රණ විරුවා අපරාදකරයකු වෙන දවස වැඩි ඈතක නෑ වගේ කියලා .කරුණාකරලා සින්ඩියේ මොන යම් හෝ රණ විරුවකු (වැටුපට තමන්ගේ ජීවිතය අවදානයට ලක් කර ගනිමින් සටන් වැදුණු)ගැන සටහනක් තියෙනවා නම් පෙන්වා දෙන්න .

    ReplyDelete
    Replies
    1. දැන් ත්‍රස්තවාදීන්ගෙ පැත්තට බෝලෙ පාස්වෙලා නිසා ඔවුන්ගෙ ගුනවර්නනා වැඩියි. රනවිරුවන් ගැන කතා නොවෙන්නෙ ඒකයි . රනවිරුවා ( ජාතික බලවේග විසින් නිර්මානය කරනු ලබන වීර චරිතය ) අපරාධකාරයෙක් කරන්නවත් ත්‍රස්තවාදියා වීරයෙක් කරන්නවත් මේ රටේ ජනතාව ඉඩ දෙන්නෙ නැහැ

      Delete
    2. ඒක සහතික අැත්ත. ඔබේ අදහස සමග මම එකගයි.

      Delete
  7. මේ තරම් දිග ඡේද ගනන් කියවන්න ඕන නෑ...කවුරුත් කැමතිද තමුංගෙ ගෙදරට කවුරු හරි බලෙන් පැනලා ගෙදර ඉන්න අම්මා තාත්තා මරලා ඒ ගේ අයිති කර ගන්නවට...? ඒ ගෙදර අපේ රට නම් අපි මොකද කරන්නේ....වෙන එකෙකුට ඒක අයිති කර ගන්න දීලා බලන් ඉන්නෙ නෑනෙ නේද ...?

    ReplyDelete
    Replies
    1. නෑනේ නෑනෝ (නෝනෝ)

      Delete
  8. කොටියට ඊලම ලැබිල තිබුණනම් උන් එක්ක එකතු වෙලා බටහිර රටවල් අර ගම් වලට පැනල අහින්සක සිංහලයන් කපල කොටල මරපු ඒව ගැන යුධ අපරාධ පරීක්ෂණ කරන්න යයිද? ඔය මැරුණු කොටි කාන්තාව මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබාගත්තා වගේ උන්ගේ ඊලම තිබුණනම් බටහිර ආධාරයෙන් හැදෙන ඊලාම් රෝහලක අපේ හමුදා සාමාජිකයන්ට ප්‍රතිකාර කරයිද? අන්න ඔය වෙනස ගැන අපි හිතන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අන්න ඒ සත්‍යය පිළිගන්න අපේ රටේ ඉන්න ‘සම හරක්‘ මෝඩ ප්‍රබුද්ධ කාරයෝ කැමති නැහැ.

      Delete
  9. Meruna minihata RIP kiyanne nethuwa jathake liya liya unge kunu hoyana ubala wage sinhala gonnu.. Thuk nodakin.. Wedak nethnam noliya indahan..

    ReplyDelete
    Replies
    1. ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි.

      Delete
    2. ජාතකේ හොයන්නෙ නැතිව බැහැ‍ෙනෙ....මිල කරන්න බැරි තරම් වටිනා දේවල්‍ෙනෙ කමලිනිලා අපේ රටට කරලා තියෙන්නේ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න