පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, February 6, 2015

ප්‍රමිලාට පෙම් කළ දස්කොන් හෙවත් ගස්කොන් - Love Story of Daskon and Pramila


අමරදේවයන් සහ නීලා වික්‍රමසිංහ ‛දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් - නො එනා ගමනකි යන්නේ’ යන ගීතය කුඩා සමයේ ඇසෙද්දී මේ පවසන්නේ කුමක් ගැන දැයි වටහා ගන්නට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් තරමක් කල් ගත වෙද්දී, පොත පත කියවද්දී දස්කොන් - ප්‍රමිලා ප්‍රේම වෘතාන්තයක් ගැන ද දැනගන්නට ලැබුණා. එසේ වුවත් මේ කවුද? කිම්ද? මන්ද? කියා නිරවුල් තොරතුරක් හමුවුණේ නැහැ. කෙසේ හෝ පාසල් කාලයේදීම කියවන්නට ලැබුණු පැරණි පුවත්පතක මේ ගැන අපූරු සටහනක් තිබුණා. අද කාලේ ද බොහෝ දෙනෙක් මේ කතාව නොදන්නවා වන්නටත් පුලුවන්. ඒ නිසා ඒ පුවත්පතේ විස්තරය සරල බසින් මේ විදිහට ලියන්න හිතුණා. 

දස්කොන් කියා අපේ ඉතිහාසයේ ප්‍රසිද්ධත්වයට පත්ව සිටින මොහුගේ සැබෑ නම ‛පේදුරු ගස්කොන්’. ඔහු කන්ද උඩරට සිංහල රාජ්‍යයේ උසස් පදවි දැරූ ප්‍රංශ ජාතිකයෙක්. ඔහුගේ කතාවේ ආරම්භය නම් ඉතා රසවත්. නමුත් අවසානය නම් ඛේදනීයයි. 

වර්ෂ 1672 දී ‛අද්මිරාල් ද ලාහේ’ නම් නැව්පතියා ප්‍රමුඛ නැව් සමූහයක් ප්‍රංශයේ සිට අපේ රටේ ත්‍රිකුණාමලයට පැමිණියා. ඔවුන් මෙහි පැමිණෙන අතරවාරයේ මහ සයුරේදී ලන්දේසීන් සමග කිහිප වතාවක්ම සටන්වලට පැටලී තිබුණා පමණක් නොවෙයි ඒ සෑම සටනකින්ම පාහේ ජය ද ලබාගත්තා. මේ බව දැන ගත් එවකට කන්ද උඩරට රාජ්‍යය පාලනය කළ දෙවැනි රාජසිංහ රජු අපමණ සතුටට පත් වුණා. එයට හේතුව දෙවැනි රාජසිංහ රජු ද ලන්දේසීන් සමග කෝපයෙන් සිටි නිසයි. මේ නිසා මෙසේ පැමිණි ප්‍රංශ නැව්පතියන්ට කන්ද උඩරට රජුගෙන් විශේෂ සැළකිලි හිමි වුණා. ඔවුන්ව කන්ද උඩරට රාජ්‍යයට ගෙන්වා ගෙන ආගන්තුක සත්කාර කරන්නට රජතුමා පියවර ගත්තා. 

මේ නාවික හමුදාවේ දෙවැනි නිලධාරියාගේ නම ‛ගස්කොන්’. ප්‍රංශ හමුදාවේ අනෙක් සියලු දෙනා ආපසු ගියත් ඔහු  ගියේ නැහැ. ඔහු කන්ද උඩරට ප්‍රදේශයෙන් කාන්තාවක් ද විවාහ කරගෙන රජුගේ සැළකිලි ද ලබමින් සතුටින් ජීවත් වුණා. කලක් ගතවන විට මේ දෙපළට පුතෙක් ලැබුණා. ඔහුට නම තැබුණේ ‛පේදුරු ගස්කොන්’ කියායි. මේ දරුවා කුඩා කාලයේ පටන්ම පිරිවෙන් අධ්‍යාපනය සඳහා යොමු කෙරුණා. දෙවැනි රාජසිංහ රජුගේ පුත් නරේන්ද්‍රසිංහ කුමාරයා ද මේ සම වයසේම පසු වූ අතර ඔහු ද පිරිවෙන් අධ්‍යාපනය සඳහා යොමුකොට තිබුණා. මේ නිසා රජකුමරා සහ ගස්කොන් අතර දැඩි මිත්‍ර සබඳකමක් ඇතිවුණා. ඒ නිසාම දෙවැනි රාජසිංහ රජු ද ගස්කොන් ගැන විශේෂ ආදර සැළකිල්ලක් දක්වන්නට පටන් ගත්තා. ගස්කොන් කවි ලියන්නට ද අති දක්ෂයෙක්. 

මෙසේ කාලය ගතවෙද්දී දෙවැනි රාජසිංහ රජු මිය ගියා. මරණයෙන් පසු නරේන්ද්‍රසිංහ කුමාරයාට රජකම හිමිවිය යුතු වුණත්, උඩරට සිටි රදළයන් කිහිප දෙනෙකු මෙයට කැමැත්තක් දැක්වූයේ නැහැ. ඔවුන් කුමරාට විරුද්ධව කැරැල්ළක් සංවිධානය කළා. 

නරේන්ද්‍රසිංහ කුමාරායා මේ අවස්ථාවේදී වනාන්තරයට පළාගොස් රජකම ලබාගැනීම සඳහා සේනා සංවිධානය කළා. මේ කාලයේ කුමරාගේ විශ්වාසවන්ත මිතුරකු ලෙසින් නිතරම පාහේ ළඟින් සිටියේ ගස්කොන් නම් මේ ප්‍රංශ ජාතිකයාගේ පුත්‍රයා යි. 

වර්ෂ 1707 දී කුමාරයා සාර්ථක ලෙස කැරැල්ල මැඩ පවත්වා වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නමින් රජවුණා. විපතේදී පිහිට වූ තම ළඟම මිතුරා අමතක නොකළ රජු සිංහල ප්‍රධානීන්ගේ විරෝධය ද නොතකා පේදුරු ගස්කොන් තමාගේ මහ අධිකාරම ලෙස පත් කළා. අද වුණත් රාජ්‍ය නායකයා තමන්ගේ ඇමතිවරු කැමති වුණත් අකැමති වුණත් තමන් කැමති අයට උසස් තනතුරු දෙනවා. ඒ කාලෙත් එහි වෙනසක් නැහැ. උච්චාරණයේ පහසුව තකා පසුකාලයේදී ‛ගස්කොන්’ ගේ නම ‛දස්කොන්’ බවට පත් වුණා. රජුට කළගුණ සළකනු සඳහා දස්කොන් රජු වර්ණනා කොට ‛ශ්‍රී නාමය’ නම් සිංහල රාජ ප්‍රශස්ති කාව්‍යය රචනා කළා. 

කාලය මෙසේ ගෙවී ගියා. විවිධ අයගේ පෞර්ෂයේ විවිධ දුර්වල කම් පවතිනවා. දස්කොන්ටත් එහි වෙනසක් වුණේ නැහැ. රජු තමාට මෙතරම් ඉහළ තනතුරක් ලබාදුන්නත්, රජුගේ බිසව වූ ප්‍රමිලා දේවියට ඔහු ආදරය කරන්න පටන්ගත්තා. දේවිය ද පෙරළා ඔහුට ආදරය කළා. මෙය මිත්‍රද්‍රෝහී කටයුත්තක් වුවත් ආලයෙන් අන්ධ වුණු ඔහු ඒ ගැන සිතන්නට මොහොතක්වත් කල්ගත්තේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස දස්කොන් කෙරෙහි රජුගේ තිබූ විශ්වාස බිඳී ගියා. තමාගේ කුඩා කල සිට සිටි මිතුරා වුවත්, විපතේදී තමා ළඟින්ම සිටි විශ්වාසවන්තයා වුවත්, මෙම වරදට මරණ දඬුවම දෙනවා හැර වෙනත් දෙයක් ගැන සිතන්නට රජුට පුළුවන් වුණේ නැහැ. 

වර්ෂ 1710 දී වධකයන් අතින් දස්කොන් අවසන් ගමන ගියා.
ඔහු දංගෙඩියට හිස තබන්නට ගමන් කරද්දී සඳළුතලයේ සිටි ප්‍රමිලා දේවිය දස්කොන් අමතා මෙසේ පැවසූ බව සඳහන් වෙනවා.  

සක්මන් කරන මළුවේදී බැඳි                                     හාද
සිත් සන්තොසින් දුන් මුව මී බීවා                                  ද
ඉක්මන් ගමන් හිමියනි ඔබ යනවා                                ද
දස්කොන් මගේ නමට ජීවිතෙ දෙනවා                           ද  


මේ අවස්ථාවේදී දස්කොන් මෙයට දුන් පිළිතුර ද කවියක් ලෙස ජන සාහිත්‍යයේ තිබෙනවා. ඒ මෙයයි.


විසැස් කමලාවි රස පහස නොවිඳ                               මා

දසිස් දුණි පොරණ ඇසු දුටු පමණට                           මා

වෙසෙස් නුඹේ අමයුරු පහස ලද                            මෙමා

මසිස් එකක් ගියෙ නම් නුඹෙ නමට                         කිමා


මෙහි අදහස සරලව මෙසේයි.

සීතාවගේ කිසිදු පහසක් නොලැබම රාවණාට හිස් දහයම අහිමි වූ සිදුවීම එක්ක බලද්දී ප්‍රමිලාගේ රස පහස අඩුවක් නොමැතිව ලබා එක් හිසක් අහිමි වීම සැළකිය යුතු දෙයක් නො වේ.

 
දස්කොන් - ප්‍රමිලා පෙම් පුවතින් තැනූ ගීත













76 comments:

  1. ඔයා අනික් අයගේ බ්ලොග්වල කමෙන්ට් දාන්නේ නැත්තේ ඇයි

    ReplyDelete
    Replies
    1. මම යන හැම එකකම වගේ සාමාන්‍යයෙන් කොමෙන්ට් දානවා

      Delete
  2. දස්කොන් කතාව මෝහන් රාජ් ගේ ලොවිනා පොතෙත් පුංචියට විස්තර කරලා තියෙනවා නේ.

    ආලය අන්ධ නිසා වෙන්න ඇති දස්කොන්ගේ බෙල්ල ගහලා ගියේ.

    ReplyDelete
    Replies
    1. ඒ පොත නම් මට බලන්න වුනේ නැහැ. බලන්න ඕන.

      ආලය විතරක් නෙවෙයි මොන දේ වුණත් අන්ධ විදිහට කළොත් බෙල්ල ගහලා යනවා. දැන් දැක්කනේ ජ්‍යොතිෂය අන්ධ විදිහට අනුගමනය කරන්න ගිහින් හිටපු ජනාධිපතිවරයාට බලය නැති වුණේ.

      Delete
    2. ඒ පොතේ තියෙන කතාව මේ ජනප්‍රිය දස්කොන් කතාවට ටිකක් වෙනස් නේද?

      Delete
    3. ඇත්තටම මම ඒකේ කතාව බල නැහැ. මට මේක හමු වුණේ පරණ පත්තරයක් තිබිලා. කොහොමත් ඉතිහාස කතා එක එක තැන්වල එක එක විදිහට ලියැවිලා තියෙනවා. මේ සියල්ල කියවා අපි පොදු කතාවක් ගොඩනගාගත යුතු වෙනවා.

      Delete
    4. Thank you for the story.. I am watching the teledrama directed by Mr.Anthony. but dont know the real story..

      Delete
    5. ලොවිනා කතාවේ මේ ගැන විස්තරයක් තියනවා පොඩියට, එකේ තියන විදියට නම් දස්කොන් ප්‍රමිලා විතරක් නෙමේ ආලයෙන් අන්ද කරගත්තේ..

      Delete
    6. මොහාන් රාජ්ගේ " ලොවිනා " තුල තියෙන්නේ දස්කොන් ප්‍රමිලාගේ මනංකල්පිත ලෙස ආදේශ කරපු කතාවක් විතරයි. එක දස්කොන් ප්‍රමිලා පුරාවෘතය නෙවෙයි.

      Delete
  3. ආදරේ ඉතින් ඔහොම තමයි කියලා තමයි කියන්න වෙන්නේ.. මේ දවස් වල ලොවීනා කියවගෙන යනවා.. ඒකෙත් යන්තමට මේ ගැන තියෙනවනේ..

    ReplyDelete
    Replies
    1. මාත් මේ පොත කියවන්න ඕනෑ

      Delete
    2. ඔව් මාත් ඒ පොත කියෙව්වා...වෙනස් කතාවක් තියන පොතක්..ඒකේ මට මතක හැටියට ලොවීනා හෝ ඇගේ කවුරුහරි ප්‍රමිලගේ සේවිකාවක් වෙනවා.. එයා තමයි ප්‍රමිලා ට දස්කොන්ට ලියන්න ඕන කවි ලියලා දෙන්නේ..ප්‍රමිලා කියන්නෙ ඉන්දියානු තරුනියක් නිසා ඒ කතාවෙත් පොඩි ඇත්තක් තියනවා..කොහොම හරි මේ කවි ලියන්නෙ ප්‍රමිල නෙවේ වෙන කෙනෙක් කියලා දස්කොන් දැනගෙන දස්කොන් අර සේවිකාව මුන ගැහුනම ඇයත් එක්කත් සබඳකමක් තියන් ගිහින් ඒක දැන ගත්තමලු ප්‍රමිලට අර හොඳ කරන්න බැරි ලෙඩේ හැදුනේ..ඒක නම් ඇත්ත ඉතිහාසය නොවෙන්න පුලුවන්..

      Delete
    3. Unknown - එහෙම කතාවක් මම අහලා නැහැ. සමහර විට කතාවට එහෙම ලිව්වද දන්නනේ නැහැ.කොහොම වුනත් හොයලා බලන්න වටින කාරණයක් ඒක.

      Delete
  4. ඔය දස්කොන් ප්‍රමිල කතාව අස්සේ ඉතිහාසයේන හංගපු ගොඩක් කරැණු එලියට අවා මම එ කතාව මොකක් හරි පොතක කියවල තියනව එත් මතක් වෙන්නේ නැ නරේන්දසිංහ රජුට දරැවෝ හිටියේ නැ එ වගේම කාමුක මිනිහෙක් අවසාන කාලයේදි දරැනු සමංජ රෝගයක් හැදිලයි මලේ කියල මම එ පොතේ කියෙවුව‍ෙ

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම කතාවක් තියෙනවා. ඒ කියන්නේ නරේන්ද්‍රසිංහ රජතුමා සමලිංගිකයෙක් බවත්, ඔහුගේ සමලිංගික සහකාරයා දස්කොන් බවත් ඇතැම් තැන්වල සදහන් වෙනවා. සමලිංගික ඇසුර නිසා සමාජ රෝගයක් සෑදුණු බව තමයි කියැවෙන්නේ. දස්කොන් රජුගේ සමලිංගිත සහකාරයා වුණත්, ඔහු එවැනි ඇසුරකට වඩා කාන්තා ඇසුර ප්‍රිය කළ බවත් පැවසෙනවා. මේ හේතුව නිසා තමයි ප්‍රමිලා දේවිය දස්කොන්ට ආදරේ කරන්නේ. සමහර විට මේ කියපු දේවල් වෙනස් වෙන්නත් පුලුවන්.

      Delete
    2. එ කියන්නේ නරේන්දරසිංහ Bi පොරක් නේ :)

      Delete
    3. දැනගන්න තියෙන විස්තරවල හැටියට නම් එහෙම තමයි.

      Delete
    4. ලොවින පොත මට නම් විකාරයක්. කිසිම තාර්කිකබවක් නැ. කොහොම වුනත් නරේන්ද්‍රසිංහ රජතුමා මැරිලා තියෙන්නේ උපදංශය (Syphilis) කියන ලෙඩෙන්. ඒ කාලේ ප්‍රතිජීවක ඖෂධ නොතිබ්බ නිසා කියන tertiary syphilis උපදංශ රෝගයේ දරුණු අවස්ථාවකින් ලු මැරිලා තියෙන්නේ.

      Delete
    5. මම ලොවීනා නම් කියවලා නැහැ. සමාජ රෝිගයකින් රාජසිංහ රජු මිය බව දැන සිටියත් එහි නම දැනගෙන සිටියෙත් නැහැ. ඔබේ දැනුවත් කිරීමට ස්තූතියි.

      Delete
  5. හ්ම්........ඇත්තටම මම නම් අහලා තිබුනේ නෑ.කියන්නත් ලැජ්ජයි.
    ඉතාම වටිනා පෝස්ටුවක්...

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි යාළුවා.

      Delete
  6. දස්කොන් (පියා ) එක්ක තමයිලු නේද ලැනරෝල් කියන තානාපති ( ඇන්ජලීන්ගෙ මීකිරි මුත්ත ) ආවෙත්.

    ReplyDelete
    Replies
    1. ඒක නම් අලුත් ආරංචියක්. එහෙම කතාවක් මම දැනගෙන හිටියේ නැහැ. හොයා බලන්න වටින කතාවක්. ස්තූතියි ඒ ගැන දැනුවත් කළාට.

      Delete
  7. Sooo what happened to Premila? Did she commit suicide?

    ReplyDelete
    Replies
    1. Actually I could not find the fate of her. I will find and let you know.

      Delete
    2. after Daskon's death she ate a root of "Gloriosa Superba" plant which is known in generally as " Niyagala".

      Delete
    3. Hiran Sampth, Thanx for the information.

      Delete
  8. TV එකෙ පෙන්නපු Jackson Anthony ගෙ "දස්කොන් ' tele drama එකෙ ප්‍රමිලා, දස්කොන්ට ප්‍රේමකරල නැහැ ..මොකද්ද හරි කතාව..? යකඩ දෝලිගෙ පුතා රජ උනාද ? නරේන්ද්‍රසිoහ ගෙන් පස්සෙ කව්ද රජ උනේ ?

    Shenal- Dhaka

    ReplyDelete
    Replies
    1. මට ටෙලි නාට්‍යය නම් බලන්න වෙන්නේ නැහැ. මම මෙතන ලිව්වේ මම පරණ පොත් කිහිපයකින් හොයා ගත් කරුණු. සමහර විට ජැක්සන් ඇන්තනී මහත්මයා වෙනම මේ ගැන පර්යේෂණයක් පවත්වලා සොයා ගත් අලුත් තොරතුරු එක්ක පිටපත ලියන්න ඇති. ඒ විස්තර මම දන්නේ නැහැ. කොහොම නමුත් හොයා ගන්න පුළුවන් වුණොත් මේකටම එකතු කරන්නම්.

      Delete
    2. Last sinhala king narendrasingha...

      Delete
    3. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගෙන් පසු අපේ රටේ සිංහල රාජවංශය අවසන් වෙනවා. ඊට පස්සේ රජවෙන්නේ නායක්කාර් වංශිකයන්. ඔවුන් බුදුදහම වැළඳගෙන සිංහල රජුන් ලෙස පෙනී සිටියත් ඇත්තටම සිංහලයන් නෙවෙයි. කොහොම හරි නරේන්ද්‍රසිං රජුට පසුව රජවෙන පළමු නායක්කාර වංශික රජු තමයි විජය රාජසිංහ රජු. ක්‍රි.ව. 1739 දි වගේ තමයි රජ වෙන්නේ.

      Delete
  9. අන්තිමට ලියල තියෙන කවියේ පලවෙනි වචනය " සක්මන්" වෙන්න ඕනි මම හිතන්නේ
    "සක්මන් කරන මළුවේදී බැඳි හාද"
    අගේයි පොස්ටුව :)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම ඒක දැක්කේ නැහැ. මම හිතන්නේ පෝස්ටුව දාන කොට සිද්ධ වුණු දෙයකින් ඒ වචනය මැකෙන්න ඇති. අඩුපාඩුව පෙන්වා දුන්නාට තුති. ඔන්න එය නිවැරදි කළා.

      Delete
    2. සක්මන් කරන මළුවේදී කර හාද
      සිත්සන් තොසින් දුන් මුව මී බීවද
      ඉක්මන් ගමන් අහෝ අද නුඹ යනවද
      දස්කොන් මගේ නමට ජීවිතේ අද දෙනවද

      විසක් කමලාව රස පහස නොවිඳි මා
      දසිස් දුන් පොරණ අස් දුටු පමණට මා
      වෙසෙස් ඔබගේ අමයුරු පහස ලත් මෙමා
      මහිස් එකක් දුනි නම් ඔබේ නමට කිමා

      Delete
    3. නිරංජන් සහෝදරයා

      ඇත්තටම මන් ඔබව අගය කරනවා. ම සොයා සොයා සිටි කතාවක් ඔබ මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. මා ඔබෙන් තව එක් උදව්වක් ඉල්ලනවා. ඔබට පුලුවනිද සාලිය අශෝකමාලා කතාවත් මේ අයුරින් ම ඉදිරිපත් කරන්න. ඔබ මීට පෙර ඉදිරිපත් කර තියෙනවද දන්නේ නැහැ. මට එහෙම එකක් හොයා ගන්න බැරි උනා.
      ඔබට ජය වේවා
      යොහාන් මෙන්ඩිස්

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. සක්මන් කරන මළුවේදී කර හාද
      සිත්සන් තොසින් දුන් මුව මී බීවද
      ඉක්මන් ගමන් අහෝ අද නුඹ යනවද
      දස්කොන් මගේ නමට ජීවිතේ අද දෙනවද

      විසක් කමලාව රස පහස නොවිඳි මා
      දසිස් දුන් පොරණ අස් දුටු පමණට මා
      වෙසෙස් ඔබගේ අමයුරු පහස ලත් මෙමා
      මහිස් එකක් දුනි නම් ඔබේ නමට කිමා

      Delete
    6. අනෙක් කවිය ද සමග අදහස් දැක්වීම ගැන ඔබට බොහෝ ස්තූතියි.

      Delete
    7. සාලිය - අශෝකමාලා කතාව මම මෙයට ලියා නැහැ. නමුත් සම්පූර්ණ ව්ස්තරයක් සොයා ඉදිරිපත් කරන්නම්.

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. ithin oka mata aluth kathawak nemeyi..ane,,mama me kathawa kiyawaddi mata wayasa 15 yi,,,dan 40 honde....any way thanks..mathakaya aluth kalata..

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි

      Delete
  12. man daskon kiyana charithe mkakda kiyla hoyanawa. man kamati a charithe kawda kiyla dana ganna. a gana wisthara hoyanna puluwan pothhak gana kiyanna puluwannm godak pin.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එවැනි පොත් පත් නම් මට හමු වී නැහැ. ඒත් අන්තර්ජාලයේ සිංහලෙන් දස්කොන් කියා යතුරු ලියනය කිරීමෙන් මෙහි සදහන් නොවූ තොරතුරු ආදියත් සොයා ගන්නට හැකි වේවි. මට හිතෙන විදිහට මේ ගැන පත පොත සොයනවා නම් මහනුවර අවට පැරණි පොත් පත් ඇති ස්ථානවලින් ඇතැම් විට විස්තර සොයා ගන්නට පුළුවන් වේවි.

      Delete
  13. mata denaganna puluwanda pramila genai yakada doli bisawa genai visthara

    ReplyDelete
    Replies
    1. එ ගැන විස්තර හොයා ගන්න පුළුවන් වුණු ගමන් දාන්නම්. මගේ අලුත් පෝස්ටවවලට ඊමේල්වලින් subscribe වෙන්න. ඕන කරන ලින්ක් උඩ වම් පැත්තේ තියෙනවා. එතකොට අලුත් පෝස්ට් එකක් දාපු ගමන් ඒක ඊමේලවලින් ලැබෙනවා.

      Delete
  14. http://upekshad.blogspot.com/2014/10/blog-post_4.html

    ReplyDelete
    Replies
    1. මේ කතාව දෙස අලුත් ඇසකින් බැලීමක්. ස්තූතයි සබැදියට.

      Delete
  15. Mama daíta Daskon gana pothak liyanawa. Oba nodanna paththak gana mama obsever paththerata lipiyak liwwa. E wagema rajina paththre lipi pelak pala kala.Mama danata pita rataka inne. Labana mase lankawata enawa.ASOKA MALIMAGE

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔබේ පොතෙන් අප නොදන්නා බොහෝ දැනගන්න ලැබෙයි කියා හිතනවා.

      Delete
  16. Mama daíta Daskon gana pothak liyanawa. Oba nodanna paththak gana mama obsever paththerata lipiyak liwwa. E wagema rajina paththre lipi pelak pala kala.Mama danata pita rataka inne. Labana mase lankawata enawa.ASOKA MALIMAGE

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි. දස්කොන් - ප්‍රමිලා කතාව අලුත් දැක්මකින් ලියන්න උත්සාහ කරන ඔබට සුබ පතනවා.

      Delete
  17. This is a very interesting piece... Where did you get these information from? Can you please provide more info on the references? I'd love to dig in more...Really interesting article. Thank you for sharing..

    ReplyDelete
    Replies
    1. All the information is form various books and old newspapers, as well as from internet. If I could find more, i will definitely share them.

      Delete
  18. Pramila bisawa kiyapu kawiye theruma danna puluwanda

    ReplyDelete
    Replies
    1. සක්මන් කරන මළුවේදී බැඳි හාද - සිත් සන්තොසින් දුන් මුව මී බී වාද - ඉක්මන් ගමන් හිමියනි අද යන වාද
      දස්කොන් මගෙ නමට ජීවය දෙන වාද

      මේක තමයි කවිය. සරල අදහස මෙන්න මේ විදිහට ලියන්නු පුළුවන්.

      ඔවුන් ආදරය කළේ, ආදර හමුවීම් පැවැත්තුවේ සක්මන් මළුව. සක්මන් මළුව කියන්නේ නිදහසේ ඇවිද යන්න හදපු බිම් කොටසක්. එතැනදි හමු වෙලා ඔවුන් ආදර පහස විඳි බව තමයි සිත් සන්තොසිනි දුන් මුව මී බීවාද කියලා කියන්නේ. ඔවුන් සිප, වැළඳ ගත් හැටි ගැනයි එයින් ඇය මතක් කරන්නේ. ඉක්මන් ගමන් යනවා කියන්නේ දස්කොන් තව මොහොතකින් මිය යන්න සූදානමින් ඉන්න බව. තමා වෙනුවෙන් දස්කොන් ජීවිතේ පූජා කරනවාද කියා තමයි ප්‍රමිලා අන්තිමට අසන්නේ.

      Delete
  19. රාජ සිංහ රජු කියන්නේ සම ලින්ගිකයෙක්,(බොහෝවිට බහු ලින්ගිකයේකද වියහැකියි). ඔහු දස්කොන්ව තියාගත්තේ ඔහුගේ සමලිංගික අවශ්යක තාවය සදහා...නුමුත් සිදුවුනේ වෙනත් දෙයක්...කිසිම කෙනෙක් සදහන් නොකළ දෙයක් මෙහි කියන්නම් ..මෙම සිද්ධියම උනා S.W.R. D බණ්ඩාරනායකට. ඔහු සමලිංගිකයෙක් (බහුලින්ගික්ද වියහැක? ) ඔහුගේ සුරතලා වූයේ ඩන්කන් අල්විස් ..ඔහු අනුර බණ්ඩාරනායකගේ පියා බව සම්ලින්ගිකයෙක්වූ ( ඔහුට මරණය ගෙනා බාබු ගැන හිතන්න ) ප්රේඩමදාස ප්රුසිද්ධියේ පාර්ලිමේන්තුවේදීත් ප්රසකාශ කලේ.ඉතින් තවත් මොනවාද?

    ReplyDelete
    Replies
    1. අලුක් තොරතුරක්. ඔබට බොහෝ ස්තූතියි.

      Delete
  20. daskon pramila adara kathawa gana milinma ahuwe karuna rathsna diwlgana mshaththaya kiyana pemasiri kemadasa surin daskon gana wedi barak dila liyawuna hoda sinduwakin.kalin me sinduwa ahala thibbata therumak danagrna hitiye ne.namuth sihinayaki re wedasatahanata awith pemasiri kemadasaysn daskon permila gana kathawa pahadili karala me geethaya gayana karawanawa.hadawayhata godsk danenawa .aniyam asurata thDin wirudda kenek mams.eth mata me sinduwa ahuwata passe daskon gana anukampawak danuna.oyata godak sthuthiy sahodaraya me gana wedi fura dsnuwath karala lipiysk dala thiysnawa.bohoma sthuthiy athethaya gana danagaththata

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීම ගැන බොහෝ ස්තුතියි.

      Delete
  21. දස්කොන් ප්‍රමිලා ආදර කතාව ගැන ලියවුනු පොතක් තියෙනවද..??

    ReplyDelete
    Replies
    1. එහෙම විශේෂ පොතක් ගැන නම් මගේ මතකයක් නැහැ.

      Delete
  22. කතාව ගොඩක් වටිනවා...!!
    එ වගෙම ලස්සනයි කතාව....!!

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට බොහෝ ස්තූතියි.

      Delete
  23. Daskonge maranin pasu pramilata mokada uney

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ ගැන ව්ස්තරයක් නම් මට හොයාගන්න වුණේ නැහැ.

      Delete
  24. Me kata puwata ekka liyauna geetha harima lassanai.a wagema eyage videos... me katawa gena danaganna onama kenekta asa hitennet a geeta nisa...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඒ ගීත බොහෝ සුන්දරයි.

      Delete
  25. Niyamayi...aththatama watina wadak...

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි

      Delete
  26. Have you seen nokkadu malay kavi potha?

    ReplyDelete
    Replies
    1. I have heard the name. But I could not still find it.

      Delete
  27. පොස්ට් එක නම් හොඳයි. මේ කතාවට එක එක අය එක එක විවරණ දීල තියේ. හරි එක කෝකද මන්ද 🤷

    ReplyDelete
    Replies
    1. නොයෙක් අය තමන් දන්නා අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. කොහොම වුනත් මූලිකවම මම පෝස්ට් එකට දාලා තියෙන කතාව නිවැරදයි කියලා කියන්න පුළුවන්.

      Delete
  28. Daskon pramila kathawe athi thawath boho dewal gana danaganna jakson anthony රචනා karapu Kanda uda gindara potha kiyawanna.

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න