පොතකට පිටින් තව පොතක් තබා බැඳීමේ ක්‍රමයක් අනුරාධපුර රාජධානි සමයේ අගභාගයේ පමණ පැවතුණා. එසේ එක් දෙවැනි පොත හඳුන්වනු ලැබූයේ ‛පිටපොත’ නමින්.
මෙහිදී සිදුකෙරුනේ ප්‍රධාන පොතේ නොතේරනෙ තැන් පැහැදිලි කොට වෙනම පොතක් පිළියෙල කොට එය මෙසේ පිටින් සම්බන්ධකිරීමයි. මෙය පැරණි පුස්කොලපොත් ක්‍රමයක් විදිහට හඳුන්වනු ලබනවා. මේ විදහට සකස් කළ පොත් කිහිපයක්ම පවතිනවා. ‛පාලි කංඛාවිතරණියට’ ලියූ ‛කංඛාවිතරණි පිටපොත’, ‛නාමරූප සමාසය’ පිළිබඳ ලියූ ‛සිලි පිටපොත’, ‛රූප සිද්ධි පිටපොත’, ‛කසයින් පිටපොත’ මෙවැනි ඒවාට උදාහරණ ලෙස දක්වන්නට පුළුවන්. ‛කසයින් පිටපොත’ යනුවෙන් හඳුන්වනු ලබන්නේ පාලි කච්චායන ව්‍යාකරණ ලියැවුණාට පසු එහි අර්ථය පැහැදිලිකිරීම සඳහා ලියන ලද පිටපොත ලෙස සැළකෙනවා.
ගැටපද, සන්න ආදිය සහ පිටපොතෙහි බොහෝ සමානත්වයක් දක්නට ලැබෙනවා. ඇතැම් අවස්ථාවලදී මේ සියලල විවිධ නම්වලින් හඳුන්වනු ලැබූ එකම පොත් වර්ගයක් ලෙස ද තේරුම් යා හැකියි. ගැටපද, සන්න පොත්වලින් කෙරෙන්නේ ද මුල් ග්‍රන්ථයම නැවත සරල අයුරින් තේරුම්කොට දීමයි. පිටපොතෙන් කෙරෙන්නේ ද එම කාර්යයම වුණත් මෙහි ඇති විශේෂත්වය මෙය ප්‍රධාන පොතටම බැඳ එය සමගම පැවතීමයි.
මේ පොත් බිහිවූයේ ත්‍රිපිටක බුද්ධ ධර්මය හා අර්ථ කතා පාලිය (අට්ඨ කතා පාලි) සාමාන්‍ය ජනතාවට තේරුම්කොට දීම සඳහායි. කංඛාවිතරණී පිටපොතෙන් ඒ බව සනාථ වෙනවා. කංඛාවිතරණිය යනු විනය පිටකයේ ප්‍රාතිමෝක්ෂ කොටසට බුද්ධඝෝෂ හිමියන් සැපයූ අර්ථ කතාවයි.එය සෝම නම් භික්ෂූන් වහන්සේ නමක් කළ ඇරයුමෙන් ලියන ලද්දක් බව පැවසෙනවා. එම කතාව සාමාන්‍ය ජනතාවට තේරුම් ගැනීම පහසු කරනු සඳහා කංඛාවිතරණී පිටපොත පිළියෙල කොට තිබෙනවා.
අතිරේක කියැවීම්
No comments:
Post a Comment
මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න