පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, February 16, 2015

අහසේ ඇඳුණු කතිරය - A Cross Drawn in the Sky



ඊයේ, ඒ කියන්නේ පෙබරවාරි 15 වැනිදා අපේ ගම් පළාතට උඩින්, ඒ කියන්නේ බොරලැස්සට උඩින් ජෙට් දෙකක් කිට්ටු කාල පරතරයක් ඇතුළත දෙපැත්තකට ගියා. ඒ ගිහින් ටික වෙලාවකින් මෙන්න මේ වගේ කතිරයක් අහසේ ඇඳුණා. මේ ගැන මීට වඩා දෙයක් කියන්න නම් නැහැ තමයි. මම කීප දෙනෙකුට මේ ෆොටෝ එක පෙන්නුවාම වැඩි දෙනෙක් කිව්වේ මේ වගේ දෙයක් නිතර දකින්න ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා මම හිතුවා ඒක මේ විදිහට හැමෝටම පෙන්වන්න.

8 comments:

  1. නිට්ටඹුවෙදිත් ඕක දැක්කා

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ කිලෝමීටර් ගණනාවක් පුරා මේ කතිරය විහිදිලා ගිහින් තියන එක.

      Delete
  2. මේ ගැණ මීට වඩා කියන්න තියෙන දේ තමයි, හැමදාම අහසේ ප්ලේන් ගියාට මේ වගේ දුම් පෙන්නේ නැත්තේ ඇයි කියන කාරණය!

    ReplyDelete
    Replies
    1. මේ වගේ එකක් ඇත්තටම දැක්ක පළවෙනි වතාව මේක වුණත් අහසේ කතිර ඇදුණු අවස්ථා ඕන තරම් තියෙනවා නේ

      Delete
    2. මම හිතන්නේ ජෙට් ගමන් කරන්නේ ප්ලේන්වලට වඩා උඩින්. ඒ වගේ උස් මට්ටමකදි වේගවත් සුළඟක් නැහැ. ඒ නිසා ජෙට් එකක් ගිහින් සෑහෙන වෙලාවක් ගතවන තුරු දුම් පාර පේනවා වෙන්න පුළුවන්. මේක මම හිතන දෙයක් විතරයි. ඇත්තටම වෙන දේ වෙන දෙයක් වෙන්නත් පුළුවන්.

      Delete
  3. ෆයිලට්ල අලුත් විදිහකට ඡන්දෙ දාන්න පුරුදු වෙනවලු :P

    ReplyDelete
    Replies
    1. එහෙනම් එ්ක කමයි මේ කතිරේ හැංගුණු රහස.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න