පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, February 4, 2015

ගැහැනුන්ට වද දුන් සුළං - Women and Wind Troubles



සුළඟ යනු පුදුමාකාර දෙයකි. සුළඟ එනු පිණිස අපට කළ හැකි කිසිවක් නැති අතර සුළඟ නේනු පිණිස ද කළ හැකි කිසිවක් නැත. එය ඉබේම පැමිණෙන්නේය. වෙලාවකට මද වශයෙන් ද වෙලාවකට සැඩ වශයෙන් ද පැමිණෙන්නේය. සැඩ වශයෙන් පැමිණෙන විට චිත්‍රපට හදන්නට සිතෙන අතර පණහ දශකයේදී සැඩ සුළංචිත්‍රපයට අපට දකින්නට හැකි වූයේ ඒ නිසා විය යුතුය. දහඩිය දමන වෙලාවට අපි සුළංවලට කැමතිය. සීතල වෙලාවට කැමති නැතිය. අපේ රටට නම් සුළඟ ඕනෑම කරන දෙයක්ය. සුළඟ නැත්නම් අපේ රටත් අප්‍රිකාව තරම් රස්නයක් ඇති රටක් වන්නේ යැයි ඉස්කෝලේදී කියා දුන්නා මතකය. රට වටේ මුහුදක් ඇති නිසා අපට ඇති තරම් සුළං ලැබෙන්නේය. ඒ නිසා අපේ රට රත්වන්නේ නැතිය. හිටිගමන් එන යෝධ සුළං ලෝකයට හොඳ නැත. හොඳ නැත්තේ ඒවා ලෝකය විනාශ කරනා නිසාය. ඒ වාගේ සුළං නිසා අපට සුළඟත් එක්ක තරහා එන්නේය. සරුංගල් කාලයට සුළං ආවේ නැත්නම් ඒත් අපට තරහා එන්නේය. වෙළෙඳාමේ යන අය ඉස්සර ආසාවෙන් බලා සිටියේ වෙළෙඳ සුළං එනතුරුය. සුළඟට ගසාගෙන ආ ලොරෙන්සෝ ද අල්මේදා නිසා පරංගි අපේ රටට ආවේය. එයින් පසුව අප හැමෝටම හුළංය කියා හිතෙන තරමට දේවල් සිද්ද වුණේය. සුළං මෝල් තිබෙන නිසා විදුලිය නිපදවන අයට සුළං ඕනෑම දෙයක්ය. විදුලිය තිබුණත් නැතත් සිංදු ලියන අයට ද සුළං තියෙන්නම ඕනෑ දෙයක්ය. සුළඟේ පාවී ඈ වෙත යාවී, සුළං රැල්ළ ලෙස හමා එමී, සුළං කපොල්ලේ, සුළඟ ලෙසින් ඉගිල්ලිලා, සුළි සුළං හමාලා, සුළඟ නුඹ වගෙයි, සිහිල් සුළං රැල්ලේ වාගේ සිංදු අපට ඇහෙන්නේ ඒ නිසාය. සුළඟ ගැන තව කියන්නට එක එක දේවල් ඇතත් දැන් කියන්න යන්නේ වෙන දෙයක් ගැනය. මේ කතාව සුළඟ සහ ගැහැණු අතර ඇති සම්බන්ධයක් වාගේ දෙයක් ගැනය. සුළඟ සමග ගැහැණු සම්බන්ධද කියා දන්නේ නැති වුණත් මේ පිංතූරවලින් කියන්නේ ඒ වාගේ සම්බන්ධයක් තියෙනවා වාගේ කියාය. ඒත් මේ ගැහැණුන්ගෙන් සුළඟ ගැන මේ වෙලාවේ ඇහුවේ නම් සුළඟට වාගේම අපට ද ලුණු ඇඹුල් ඇතිව යමක් අසාගන්නට ලැබෙන බව විශ්වාසය.



බ්‍රිතාන්‍ය රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන කැරොලයින් ෆ්ලැක්ට සුළඟට විතරක් නොව බලා සිටිය අයගේ කැමරාවට ද අසුවුණාය.




අගේ ඇති කුමරියක් සිටි චාල්ස් කැමිලා පාකර්ට අසු වූ අතර මේ අවස්ථාවේදී කැමිලා පාකර් සුළඟට අසුවුණාය

කොයිතරම් මෝස්තර ඉදිරිපත් කළත් මේ වගේ ඒවා ඉදිරිපත් කරන්නට බ්‍රිතාන්‍ය මෝස්තර නිරූපණ ශිල්පිනී කෙලින් බෘෘක්ට පුලුවන් වන්නේ සුළඟට අසුවූ විටය.


සුළඟ කියන්නේ කොයිතරම් නිර්භීත දෙයක් ද කියා සිතෙන්නේ රැජින අස්සේ මේ විදිහට සුළඟ යනවා දකින විටය.


මිචෙල්ට වදදෙන සුළඟ ගැන ඔබාමාට ගාණක්වත් නැති හැටි



මේ හෙලන් මිරන්ය. ජාතිය බ්‍රිතාන්‍යය. හොඳම නිළිය සඳහා ඇකඩමි සම්මානය ද දිනාගත්තාය.  ඉන්නේ එංගලන්තයේය. ‘ඉතිං මට මොකද?‘ සුළඟ ඇසුවේය.  සුළඇවිත් ඇගේ තොප්පිය ගැළවූ විට ඇගේ කට මෙසේ ඇරුනේය.


චීන අගමැති නම් ඉන්නේ අහක බලාගෙන වාගේය. ඒත් ජර්මන් චාන්සලර් ඇන්ජෙලාේ  මර්කෙල්ට ලැජ්ජා සිතුනාය. ඒ අගමැති  ඉන්නකොටම මෙහෙම සුළඟ ආ හින්දාය. 

මේ ඉන්නේ මිස්කා බර්ටන්ය. රූපවාහිනි හා ටෙලිනාට්‍ය නිළියක්ය. ඇමරිකාවේ හා මහා බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය ද තිබෙන්නේය. ඒත් නිගමනය කළ හැක්කේ සුළඟට ඒවා වැඩක් නැති බවය.

16 comments:

  1. යටිහුළගක්වත් හමාපියෝ..............

    ReplyDelete
    Replies
    1. සුළං ඒ තරමටම ගෑනුත් එක්ක තරහ නෑ වගේ මගේ හිතේ . . .

      Delete
  2. වරෙන් වරෙන් සුලං පොදක් කෙලින් බෘක්ගේ ඇගේ ගෑවිලා

    ReplyDelete
    Replies
    1. මේ ආපු සුළග මදෑ ඉතිං ඈ . . .

      Delete
  3. සැඩසුළං චිත්තරපටිය සුළං යනුවෙන් අදහස් කලේ කෙනෙකුගේ ජීවිතයට එන අනපේක්‍ෂිත සිදුවීම් මිසක් මේ වගේ සුළං සම්බන්ධ දේවල් නොවේය.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මා මෙහිදී අදහස් කළේ සැඩ සුළං යන්නෙහි වචනාර්ථය මිස චිත්තරපටියට සම්බන්ධ එහි යටි අරුත නොවේය. සැඩ සුළං චිත්තරපටිය ගැන විග්‍රයක් කළේ නම් මා එවැන්නක් ලිවීම වැරදිය. චිත්තරපටියට වුවත් සැඩ සුළං කියා නමක් දැමුවේ එහි යටි අරුතින් ජීවිතයට එන කරදරත් සැඩ සුළං වගේම විනාශයක් ඇති කරන නිසාය. සැඩ සුළං කියා දෙයක් ලෝකයේ තිබුණේ නැතිනම් ඒ චිත්තරපටියට දාන්න වෙන්නේ වෙන නමක්ය. එසේ වෙන නමක් දැම්මා නම් ඔබට මෙසේ කොමෙන්ටුවක් දමන්නට අවස්ථාවක් එන්නේ ද නැතිය.

      Delete
    2. gona saha thanakola uththarayak dee thibenawaaya

      Delete
    3. අදහස් දැක්වීම ගැන ස්තූතියි

      Delete
  4. අපි ගැන හිතන හුලං!
    හොඳ ඡායාරූප ටික

    ReplyDelete
    Replies
    1. ඒ වගේ හුළං ආපු පින්තූර නම් අනත්ර්ජාලයේ තව තියෙනවා. මේ ටිකයි දැම්මේ.

      Delete
  5. මේ හුළං හරිම සුවදායකයි නෙහේ...:)

    ReplyDelete
    Replies
    1. හ්ම් . . . හ්ම් . . . මටත් හිතෙනවා

      Delete
  6. මේ දෑස මගේ පින්වන්තයි!

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි මමත් කියන්නේ

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න