පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, February 4, 2015

සමුදුර පුවත්පත එක්ක අතීත ආවර්ජනයක් - Retrospecting with Samudura Newspaper


පාසල් යන කාලේ පත්තරවලට ලියන එක විනෝදාංශයක් වෙලා තිබුණු මට රස්සාවක් විදිහට පත්තරවලට ලියන්න අවස්ථාවක් ලැබුණේ සුමති ප්‍රකාශන ආයතනයෙන් ‛සමුදුර’ පුවත්පතේ කර්තෘ මණ්ඩලය සඳහා පිරිස බදවාගැනීමත් එක්කයි. පුවත්පත් කලාව ගැන මෙලෝ හසරක් දැනගෙන නොහිටියත් (ඇත්තම කිව්වොත් මම ඒ ගැන තවම දන්නේ නැහැ) කුමක් හෝ හේතුවකට ඒ කාලයේ සුමති ප්‍රකාශන ආයතනයේ ප්‍රධාන කර්තෘත්වය දරපු බන්දුල පද්මතුමාර මහත්තයා මා ත්, තව දෙන්නෙකු ත් මේ වැඩේට තෝරාගත්තා. මාත් එක්ක තෝරාගත්තා අනෙක් දෙන්නා තමයි දැන් ස්වර්ණවාහිනියේ ‛ලෝක සිතියම’ සම්බන්ධව (මම හිතන්නේ තවම ඒක තමයි කරන්නේ) සියලු කටයුතු කරන භාරතී වීරසිංහ සහ ලේක්හවුස් ආයතනයේ මාධ්‍යව්දියෙකු වන (මම දන්න තරමින් එතැන තමයි ඉන්නේ) මනෝජ් ප්‍රසාන් රත්නායක. 

මුළින්ම පිටු 20ක් සහිත පුවත්පතක් නිර්මාණය කරලා මුද්‍රණය කළා. එය බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කුමක් හෝ ප්‍රදර්ශනයක නොමිලේ බෙදුවා. හැමෝම ඇහුවේ “මේ පත්තරේ කවදද එන්නේ?” කියලයි. මේ බෙදපු පත්තරේ පිටු 20ක් තිබුණා. නමුත් වෙළෙඳපොළට නිකුත් කරන්න සැළසුම් කළ පත්තරේ පිටු සංඛ්‍යාව 16 දක්වා අඩු කළා. අර මුල් පත්තරේ ඇතැම් පිටු අද දක්වාත් ප්‍රකාශයට පත්කරලා නැහැ. 

මේ කියන කාලේ, ඒ කියන්නේ 1992 දී අන්තර්ජාලය කියන්නේ අපේ රටේ කොහොමත් ජනප්‍රිය දෙයක් නෙවෙයි. හැමෝම අතේ පරිගණක තිබුණෙත් නැහැ. අන්තර්ජාලය වැඩි හරියක් විද්‍යා සඟරා හා පුවත්පත්වල ලිපිවලට පමණක් සීමාවෙලා තමයි තිබුණේ. අනෙක අද වගේ බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා තිබුණෙත් නැහැ නේ. ඉතිං ලෝකය වටා සිදුවන සිදුවීම්, ඉංග්‍රීසි බසින් පළවන වැදලත් ලිපි ලේඛන ගැන තොරතුරු දැනගන්න තිබුණු ඉඩකඩ සීමාවෙලා තිබුණේ. ‛ඩයිජස්ට්’වර්ගයේ සඟරා වෙළෙඳපලේ තිබුණත් සතියකට වරක් එවැනි දැනුම නැවුම්ව රැගෙන එන මුද්‍රිත මාධ්‍යයක් තිබුණේ නැහැ. 

සමුදුර පුවත්පත ප්‍රකාශයට පත්කරන්න සතියකට කලින් මේ ගැන කොහෙන් හෝ ආරංචියක් ගිහින් ‛ලෝකය’ කියලා පත්තරයක් වෙළෙඳපොළට ආවා. අපි ප්‍රකාශයට පත්කරන්න සූදානම්වෙලා හිටි ලිපිත් ඒ අතරේ තිබුණා. නමුත් අපි එයට වඩා හොඳින් පුවත්පත සැළසුම් කරලා තිබුණු නිසා ඒ ගැන නොසළකා 1992 දෙසැම්බර් 2 වැනි බදාදා මුල්ම සමුදුර වෙළෙඳපොළට නිකුත් කළා. හිතුවෙවත් නැති විදිහට මෙය මිනිස්සු අතර පුදුම විදිහට ජනප්‍රිය වෙලා ගියා. 

‛සත් සමුදුරෙන් එහා විසල් ලොවකට ඔබ කැඳවාගෙන යන සාර සංග්‍රහය’ කියන තේමාව යටතේ තමයි සමුදුර සකස් කෙරුණේ. බන්දුල පද්මකුමාර මහත්තයා මෙය නිර්මාණය කරලා තිබුණේ ‛එක් පින්තූරයක් වචන දහසකටත් වඩා වටී’ කියන සංකල්පය ඔස්සේ. ඒ කියන්නේ සමුදුර පත්තරේ පින්තූර වැඩිපුර තියෙන ලිපිවලට වැඩි තැනක් දුන්නා. ඇතැම් පින්තූර සාමාන්‍යයෙන් ඒ කාලේ හොයාගන්න අමාරු ඒවා. පැරණි LIFE සඟරා, National Geographic, Eye Witness, Time, Newsweek, Frontline, India Today, Hello වැනි පුවත්පත් ඡායාරූප එකතු සහිත පොත් ආදියෙන් මේ සඳහා තොරතුරු අරගත්තා. 

ඉතිං මේ විදිහට පටන්ගත්තු සමුදුර එයින් වසර 22කට පස්සේ අදත් තියෙනවා. සංකල්පවල, පිටු සංඛ්‍යාවේ ආදියේ වෙනස්කම් තිබුණත් අදටත් බොහෝ දෙනෙක් අතර මෙය ජනප්‍රිය බව පේනවා. අද කාලේ අන්තර්ජාල පහසුකම් ඕනෑ තරම් තිබුණත් මේ පත්තරේ කියවලා දැනුම ලබාගන්න අය සෑහෙන්න ඉන්නවා. ඉතිං මමත් අදටත් ඉඳළා හිටලා හරි සමුදුරට ලියනවා. ඉදිරියටත් සමුදුර පවතීවා කියා මම ප්‍රාර්ථනා කරනවා.
මේ දාලා තියෙනනේ වෙළෙඳපොළට නිකුත් කළ මුල්ම සමුදුර පුවත්පතේ පිටු. කියවන්න පහසුවන ආකාරයට විශාල ප්‍රමාණයෙන් දාලා තියෙනවා. 


පසුව ලියමි

මා මේ ලියූ සටහන 2019 ජූනි මාසයේ නැවත කියවන සමය වන විට සමුදුර පුවත්පත මුද්‍රණය කිරීම නවතා දමා තිබුණා. මේ ප්‍රකාශන ආයතනයේ ඉරිදා ලක්බිම සහ රැජින යන පුවත්පත් ද ප්‍රකාශයට පත්කිරීම නවතා දමන්නට එහි පාලනාධිකාරය තීරණය කොට ඇති බවත් දැනන්නට ලැබී තිබුණා.
















29 comments:

  1. කවදාකවත් කියවලා නැති වුණත් හොඳ වැඩක් බව මුල් පිටපතෙන්ම පේනවා.
    එහෙම හිටිය බන්දුල පද්මකුමාර නේද පස්සේ කුජීත වෙලා ගියේ?

    ReplyDelete
    Replies
    1. කොයි තරම් දක්ෂ අය වුණත් ඇතැම් වෙලාවට ගන්නා තීරණ සහ තෝරාගන්නා ගමන් මග නිසා ජීවිත කාලයටම පසුතැවෙන දේ සිදුවෙන්න පුලුවන්. නමුත් බන්දුල පද්මකුමාර මහතාට පුවත්පත් ලෝකයේ තමන්ට හිමි තැන යළි ගොඩනගා ගන්නට හැකියාව තිබෙන බව නම් අතීත සිදුවීම් ඔස්සේ පවසන්නට පුලුවන්. ඔහුට එ් ශක්තිය තිබෙනවා.

      Delete
  2. අර මනහර මුතුහර සඟරා වගේ කාලයක් මමත් ඉතාම ආසාවෙන් කියවපු පුවත් පතක්.....

    ReplyDelete
    Replies
    1. ඔව් මේ පත්තරේ ඒ කාලේ අදටත් වඩා ජනප්‍රියව පැවතුණා. අද මේක ලක්බිම පුවත්පත එක්ක නොමිලේ දුන්නත් ඒ කාලේ තනි වෙනම පුවත්පතක් ලෙසටයි පැවතුණේ.

      Delete
  3. මාත් ඒ කාලෙ ඉදහිට ගන්නවා. ගොඩක් සල්ලි අතේ ගැවසුනේ නැහැනේ. තාත්තා‍ ගෙනත් දුන්නම එකම පත්තරේ සති කිහිපයක් කියවනව. ගොඩක් හරවත් ලිපි තිබුනා. ගොඩක් අපූරු මතකයක් නිරංජන්. මහා සිංහලේ වංශ කතාව පොතටත් හවුල් වුනා නේද...

    ReplyDelete
    Replies
    1. ඔව් මහා සිංහලේ වංශ කතාවේ වැඩවලටත් සම්බන්ධ වුණා. ඒත් හිතපු තරම් ඒක සාර්ථක පොතක් වුණේ නැහැ. සංස්කරණය දුර්වලයි.

      Delete
  4. අන්තර්ජාලයේ තිබුනට අපි හොයා හොයා කියවන්නේ නැහැ නේ.නමුත් පුවත්පතක හෝ බ්ලොග් එකක අපි කැමති දෙයක් තියෙනවා දැක්කොත් අනිවාර්යෙන්ම කියාවනවා. මෙවැනි ලිපි සහිත පුවතත් අදටත් ගැලපෙනවා

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. බොහෝ දෙනෙක් අන්තර්ජාලය භාවිත කළත් දැනුම ලබාගන්නට, දැනුම හොයාගෙන යන්නට ඒය භාවිත කරන පිරිස අඩුයි. බොහෝ දෙනෙක් ඊමේල්, ෆේස්බුක් වැනි සීමිත කටයුතු සදහා පමණයි මෙය භාවිත කරන්නේ. ඒනිසා දැනුම සොයාගෙන ගොස් අනෙක් අය හා ඒ දැනුම බෙදාගන්නා මෙවැනි පුවත්පත්, බ්ලොග් ආදිය අනාගතයේදීත් මහගු මෙහෙවරක් ඉටු කරාවි.

      Delete
  5. අපිටත් මේක නම් මතකයි............ ඒත් බන්දුල පද්ම කුමාර කියලා මිනිහෙක් මේක කරා කියලා දැනන් හිටියේ නැහැ... දන්නවානම් ඒ කාලේ බලපුවාත් අමතක කරලා දානවා.................. තුහ්............

    ReplyDelete
    Replies
    1. ඔහුගේ පසුකාලීන දේශපාලන වැඩකටයුතු කොහොම වුණත්, පුවත්පත් කලාවේ ඔහු තුළ තිබූ දක්ෂතාවයන්ගෙන් අපට බොහෝ දේවල් ලබාගන්න පුලුවන් වුණා. අද ලංකාවේ බොහෝ තැන්වල ඔහු නිසා බිහිවුණු මාධ්‍යෙව්දීන් ඉන්නවා. ලක්බිම පුවත්පත ලංකාවේ ජනප්‍රිය ජාතික පුවත්පතක් වුණෙත් ඔහු නිසා.

      Delete
  6. සෑහෙන්න වටින පත්තරයක්. ඉස්සර අපි මේක බැලුව තනි පුවත්පතක්ව තිබුන කාලෙ ඉඳල. ලක්බිම එක්ක නොමිලේ දෙන්න ගත්තම අවධානය අඩුවුනා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දැනුත් මේක තනි පත්තරයක් විදිහට වෙළෙද පලට දමන්නට හැකි නම් මෙයට ඇති ඉල්ලුම තවත් වැඩිවෙන්න පුලුවන්.

      Delete
  7. ඔය පළවෙනි කලාපෙ මා ගාවත් තියෙනව. බොහොම ආසාවෙන් බලපු පත්තරයක් තමයි එ කාලෙත්.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ කාලේ සමුදුර පත්තර බලපු බොහෝ දෙනෙක් ඒක බලලා විසි කළේ නැහැ. මොකද ඒවායේ තිබුණු විස්තර සර්වකාලීන වටිනාකමකින් යුක්ත වුණා. ඒ නිසා ඒවා එකතු කළා. ඔබ ළග පළමු කලාපය තිබෙන බව ඇසීමත් සතුටක් ඇත්තටම.

      Delete
  8. අපි පොඩි කාලේ ආසාවෙන් කියවපු පත්තරයක්.....අපිව කියවන්න පුරුදු කලේ මේ පත්තර තමයි.....

    ReplyDelete
    Replies
    1. ඔබත් එහි රසිකයෙක් වීම ගැන සතුටුයි.

      Delete
  9. මමත් ගොඩක් කැමති පත්තරයක් මා ගාව විශාල එකතවක් තිබුනා තාමත් කැමතියි තනි පත්තරයක් විදියට තියෙනවා නමි ගොඩක් කැමතියි

    ReplyDelete
    Replies
    1. ඔබ මෙය කියවූ අයෙක් බව දැනගැනීමත් සතුටක්. මෙය නැවත තනි පුවත්පතක් ලෙස ප්‍රකාශයට පත්වන බව දැනගන්නට ලැබුණත් එය ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැහැ.

      Delete
  10. samudura puvath pathak men ma dijest vargaye vatina sangaravaki

    ReplyDelete
  11. samudura puvath pathak men ma dijest vargaye vatina sangaravaki

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. කොහොම වුණත් දැන් මේ පත්තරේ නවත්තලා.

      Delete
  12. සමුදුර පත්‍රය නිකුත් නොවන්න හේතුව කුමක්ද?මෙම පත්‍රය අද සිංහළ සමාජයට කාලෝචිත යි,මිනිසාට අද්‍යාත්මික වශයෙන් වටිනා පුවත් පතක්.නැවත මුද්‍රණයට දිරිගන්වමු.

    ReplyDelete
    Replies
    1. එය නව මුහුණුවරකින් නැවත මුද්‍රණය කරන්නට යන බව කලකට පෙර දැනගන්නට ලැබුණා. නමුත් තවමත් එවැන්නක් සිදුවූයේ නැහැ.

      Delete
  13. නිරා ....මට මේක දැක්කම ඇත්තටම ඇස වලට කදුළු අවා.මවත් පත්තර කාරයෙක් කලේ බන්දු අය්යා ...., පලවෙනි සමුදුරට මට ලියන්න බැරි උනාට ..මමත්..සමුදුරට මුල ඉදන් ම ලිව්වා ...මට හොදට මතකයි...මුලින්ම මම ලිපිය දුන්නම බඳු අය්යා කිව්වා දේ..
    මේක හොදියි..හැබැයි පල කරන්න පුළුවන් විදියට ලියන්න කියල...මම දන්නා විදියට භාරති අය්යටත් බන්දු අය්යා එහෙම කියලා තියනවා..මතකද ඒ දවස් වල බන්දු අය්යා .කියන්න news එක විතරයි ..අපි හොයා ගන්න ඕනේ... අද වගේ ඉන්ටෙර්නෙට් පහසුකම් නැ ...අපි කොහොම කටු කාලද ඒ කලේ ලිපි ලිව්වේ..
    නිරා ...මටත් තාම සමුදුර අමතක කරන්න බැ ...මමත් තාම ඉදල හිටලා හරි සමුදුරට තම ලියනවා........

    ReplyDelete
    Replies
    1. බොහෝ කලකට පසු සුමුදුර සගයෙකුගෙන්ම ප්‍රතිචාරයක් ලැබීම ගැන බොහෝ සතුටක් දැනෙනවා. මට බව හොඳින්ම මතකයි. ඇත්තට ඔබ සඳහන් කළා වාගේ අද කාලේ නම් සමුදුර වැනි පුවත්පත්කට අවශ්‍යකරන විස්තර සොයාගැනීම ඉතා පහසුයි. නමුත් ඒ කාලයේ එවැනි පුවත් සෙවීම කෙතරම් කියා මේ අන්තර්ජාලයත් එක්ක සැරිසරන බොහෝ දෙනෙකුට අවබෝධ කරගන්නටත් අපහසු වෙයි. ඔබෙන් ප්‍රතිචාර ලැබීම ගැන නැවතත් ස්තූතියි.

      Delete
  14. Excellent. I appreciate your effort as well as I'm also Samudura lover on that time.

    ReplyDelete
  15. නිරන්ජන් මම සමුදුරෙත් ඔබෙත් දිගු කාලීන පාඨකයෙක් . සමුදුර පටන් ගන්නකොට මම හිටියෙ 11 පන්තියේ . ඔබ ලියා තිබූ සියල්ල ඇත්ත . සමුදුර හරියට වටින දෙයක් වුනේ ඒ හින්ද ......

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න