පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, November 2, 2014

ගැලක්සි එනිකෝල් (M110S) එකට සයිනජන්මොඩ් 11 රොම් එකක් දාමු - CyanogenMod 11 (CM11) Custom ROM for Samsung Galaxy M110S (Anycall)


කොරියානු එනිකෝල්, ඒ කියන්නේ M110S ෆෝන් එකට සයිනජන්මොඩ් 11 සංස්කරණයක් ස්ථාපනය කරන හැටි සිංහලෙන් කොහේවත් දකින්න නොලැබුණු නිසා, ඒ වගේ වැඩක් කරන්න කැමති අය වෙනුවෙන් මට හම්බවුණු රොම් එකක් ගැන විස්තර ටිකක් බෙදාහදාගන්න හිතුවා. නිල කිට්කැට් යවත්කාලීනයන් නැති ඇන්ඩ්‍රොයිඩ් දුරකතනවලට කිට්කැට් පහසුකම ලබාදෙන්නේ මේ සයිනජනමොඩ් 11 හරහා තමයි. වැඩි කතා නැතුව වැඩේට බහිමු.

මේකට ඕන කරන ගොනු මෙන්න මේවා තමයි. මෙතැන ක්ලික් කරලා මේ ගොනුවලින් Odin3 v1.7.exe සහ GApps_Standard_4.4.2_signed.zip හැර අනෙක් සියලු දේ තනි ගොනුවක් විදිහට බාගත කරගන්න පුලුවන්. ඒවා බාගත කරගෙන extract කරගන්න. මෙහි සදහන් කළ ගොනු දෙක ඒවා මත ක්ලික් කිරීමෙන් බාගත කරගන්න පුලුවන්.උඩ ක්ලික් කරලා ඒවා ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. 

2) m110s-format-system.zip

3) m110s-format-data.zip
4) M110S_PatchTool.zip
5) M110S_EFSBackupTool.zip
6) cm-11-20140127-NIGHTLY-galaxysmtd.zip
7). m110s-EFS_Backup-recovery.tar
8) m110s-installation-recovery.tar

ඉහත ගොනුවලින් 

1) m110s-format-system.zip
2) m110s-format-data.zip
3) M110S_PatchTool.zip
4) M110S_EFSBackupTool.zip
5) cm-11-20140127-NIGHTLY-galaxysmtd.zip
6) GApps_Standard_4.4.2_signed.zip

කියන ගොනු ටික ඔබේ ජංගම දුරකතනයේ SD කාඩ් එකේ ඔබ කැමති නමකින් ෆෝල්ඩරයක් සාදා එයට කොපි කරගන්න ඕන. 

කස්ටම් රොම් දාන්න දන්න අයට මේ වගේ වැඩකට අවශ්‍ය අතිරේක අවශ්‍යතා ගැන කියන්න නම් ඕන නැහැ. ඒත් මම වැදගත් කරුණු ටිකක් සඳහන් කරන්නම්. 

1. ජංගම දුරකතනය 80%ක්වත් ආරෝපණය වෙලා තියෙන්න ඕන. 

2. සැම්සුන් දුරකතනවලට අවශ්‍ය ධාවක (Drivers) පරිගණකයේ ස්ථාපනය කරලා තියෙන්න ඕන. 

3. Download Mode, Recovery Mode ගැන දැනගන්න ඕන. 

4. Recovery Mode එකෙන් තමන්ගේ දැන් තියෙන රොම් එකේ උපස්ථයක් (Backup) අරගන්න ඕන. මොකද ගැටලුවක් උනොත් පරණ රොම් එකම දාගන්න පුලුවන් නිසා. 

වැදගත්ම දේ තමයි මේ වැඩේ නිවැරදිව කළේ නැත්නම් ඔබේ ජංගම දුරකතනය ගඩොලක්’ (Brick) වෙන්න පුලුවන් කියන එක. ගඩොල ආයෙමත් දුරකතනයක් කරන්න පුලුවන් වෙන්නත් පුලුවන්. බැරිවෙන්නත් පුලුවන්. ඒ නිසා මේ වැඩේ අවදානමකුත් තියෙනවා. පරිස්සමින්, හරියට කළොත් හොඳ වේගවත්, ලස්සන කිට්කැට් රොම් එකක් මේ වගේ පරණ ජංගම දුරකතනයකට දාගන්න එක ලොකු දෙයක් නෙවෙයි. 

දැන් මේ පියවර අනුගමනය කරන්න. 

1. දුරකතනය ක්‍රියාවිරහිත කරලා Home Key එක ඔබාගෙන දුරකතනය ක්‍රියාත්මක කරන්න. එතකොට Download Mode එකට එනවා. දැන් Odin එකෙන් m110s-EFS_Backup-recovery.tar  එක ෆ්ලෑෂ් කරගන්න. තත්පර කිහිපයකින් ෆ්ලෑෂ් වෙනවා. ඊට පස්සේ රිස්ටාර්ට් වෙලා ආයෙම පුරුදු විදිහට දුරකතනය ක්‍රියාත්මක වෙන්නත් පුලුවන්. නැත්නම් ක්‍රියාත්මක වෙන්නේ නැතිව හිරවෙලා වගේ තියෙන්නත් පුලුවන්. මොකක් වුණත් බැටරිය ගළවලා හරි දුරකතනය ඕෆ් කරලා Volume Down, Home Key තද කරගෙන දුරකතනය ඕන කරන්න. 

2. දැන් එන්නේ Recovery Mode එකට. මෙතැනින් ඔබට ඔබේ දැන් පවතින රොම් එකේ උපස්ථයක් ගන්න පුලුවන්. ඉන් පසුව wipe data/factory reset සහ wipe cache partition කරගන්න. ඊට පස්සේ  Install Zip ගිහින් M110S_EFSBackupTool.zip  ඉන්ස්ටෝල්  කරගන්න. දැන් go back ගිහින් reboot කරගන්න.

3. ඊළඟට ජංගම දුරකතනය ඕෆ් කරලා Download Mode එකට යන්න. ඊට පස්සේ ඔඩින් එකෙන්  m110s-installation-recovery.tar ෆ්ලෑෂ් කරගන්න. දැන් ඉබේම  Recovery Mode එකට යයි. එහෙම ගියේ නැත්නම් Recovery Mode යන්න.

4. දැන් Recovery Mode එකේ තමයි ඔබ ඉන්නේ. ඊට පස්සේ Install Zip ගිහින් m110s-format-system.zip    සහ m110s-format-data.zip ඉන්ස්ටෝල් කරගන්න. 

5.දැන් මෙතනම cm-11-20140127-NIGHTLY-galaxysmtd.zip ඉන්ස්ටෝල් කරගන්න. මේක තමයි රොම් එක. ඊට පස්සේ reboot දෙන්න එපා.

6.  ඊට පස්සේ Install Zip ගිහින් M110S_PatchTool.zip ඉන්ස්ටෝල් කරගන්න

7. ඊට පස්සේ GApps_Standard_4.4.2_signed.zip  ඉන්ස්ටෝල් කරගෙන Reboot කරගන්න.

දැන් හරි. දැන් රිබූට් කරන්න.  බූට් වෙන්න ටිකක් වෙලා යයි. ඔන්න දැන් පරණ එනිකෝල් එකේ සයිනජන්මොඩ් 11 තියෙනවා. මේ පෝස්ට් එකේ තැනින් තැන දාලා තියෙන්නේ මගේ දුරකතනයේ කිට්කැට් තියෙන විදිහ. මම මේකට සිංහලත් දැම්මා. ඒකයි සිංහලෙන් තියෙන්නේ. සිංහල දාගන්න හැටි මම හිතන්නේ හැමෝම දන්නවා. ඒ ගැන ලියැවුණු බ්ලොග් පෝස්ට් ඕන තරම් හොයාගන්නත් පුලුවන්.

මගේ ෆෝන් එකේ මේ පෙනුම තියෙන්නේ මම Go Launcher සහ Go Themes Install කළ නිසයි.

මේ රොම් වේගය අතින් ඉහළ වුණත් ගැටලු කිහිපයක් තියෙනවා. 

1. Ringtone වැඩ කරන්නේ නැහැ.
2. ශබ්දය පටිගතවෙන්නේ නැහැ.
3. ඇතැම් වෙලාවට සිග්නල් පෙන්නන්නේ නැහැ. එවිට රිබූට් කරන්න වෙනවා. සමහර වෙලාවට කිහිප වතාවක් බූට් කළාට පසුව සිග්නල් එන අවස්ථි තිබෙනවා.

රින්ග්ටෝන් වැඩ කරන්නේ නැති එකටයි ශබ්දය පටිගත නොවෙන එකටයි විසදුමක් තියෙනවා. මෙන්න මේ ෆයිල් දෙක ඩවුන්ලෝඩ් කරගන්න.


මේ ෆයිල් දෙක ඩවුන්ලෝඩ් කරගෙන ඔබේ දුරකතනයේ SD කාඩ් එකට දාගන්න. ඊළගට කරන්න යන දේ කරන්න පුලුවන් වෙන්නේ ඔබේ දුරතනය රූට් කොට තිබුණොත් විතරයි. ඒ වගේම Rootexplorer තියෙන්නත් ඕන. දැන් මේ ෆයිල් දෙක Rootexplorer හරහා ඔබේ ජංගම දුරකතනයේ System Folder එකේ App කියන Folder එකට කොපි කරන්න. කොපි කරන්න කලින් මේ පද්ධති Folder වල R/W එක R/O කරගන්න ඕන. ඉන් පසුව මේ ෆයිල් දෙකේ පර්මිෂන් මේ පිනතූරවල තිනෙ විදිහට වෙනස් කරන්න මතක තියා ගන්න ඕන. දැන් රිස්ටාර්ට් කරන්න. මෙතැනින් එහාට ඔබට රින්ග්ටෝන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ශබ්දය ද පටිගත වෙනවා.



තවත් දෙයක් කියන්න ඕන. මේ රොම් එකේදි ශබ්දය පටිගත නොවෙන නිසා තමයි Microphone_4-21_Beta3.apk දැම්මේ. නමුත් මෙය ක්‍රියාත්මක වෙනකොට ඔබට ගීත රසවිදීම සදහා හෑන්ඩ්ස්ෆ්‍රී  වැඩ කරන්නේ නැතිව යනවා. ඒ කියන්නේ හැන්ඩ්ස්‍ෆ්‍රී එකදුරකතනයට සම්බන්ධ කළත් ශබ්දය ඇසෙන්නේ ස්පීකර්වලින්. ඔබට ගීත අසන්නට නම්  Microphone_4-21_Beta3.apk එකේ පර්මිෂන් සියල්ල අන්ටික් කරගන්න ඕන. ඉතිං ශබ්දය පටිගත කරන එක ද සිංදු අහන එකද වැදගත් කියලා ඔබ තීරණය කරගෙන මේ රොම් එකෙන් වැඩ ගන්න.


පහළ තියෙන්නේ මම මේ රොම් එක දැම්මට පස්සේ මොන වගේද කියල පෙන්වන පින්තූර ටිකක්.










  
සම්බන්ධිත ලිපි




79 comments:

  1. mchn mta kynwda sinhala ohoma font ekta daganne khmda kyla mn 4n ekata sinhla dala tynne eeth ohoma daganna bane bn plzz help me

    ReplyDelete
    Replies
    1. මම මේ ගැන පෝස්ට් එකක් දැම්මා. මේ ලින්ක් එකෙන් ඒකට යන්න
      http://worldbeyondworld.blogspot.com/2014/12/this-is-how-installing-sinhla-fonts.html

      Delete
  2. meka kara ta k ne phn 1 on wenawa but no apps google keypad not working

    ReplyDelete
    Replies
    1. GApps_Standard_4.4.2_signed.zip ස්ථාපනය කළාද කියා බලන්න.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නේ මොකක්ද කියා තේරුනේ නැහැ.

      Delete
    2. ayye meka download karanne kohomada korean bashawane

      Delete
  4. අයියේ SHW-M110S මේකට ඔයා දැම්ම හොදම රොම් එක මොකද්ද? SMS අව්ල් නැති ring tone වැඩකරන , Sound Record wana එකක් ???

    ReplyDelete
    Replies
    1. SHW - M110S ෆෝන් එකට කස්ටම් නොයෙක් කස්ටම් රොම් තිබුණත් මේ ෆෝන් එකේ නියම ප්‍රයෝජනය ගන්න නම් ජින්ජර්බ්‍රෙඩ්ම තමයි දාන්න ඕන. ජින්ජර්බ්‍රෙඩ් රොම් ගොඩක් තිබුණත් ඒ බොහෝ ඒවායේ අඩුපාඩු තියෙනවා. මෙන්න මේ රොම් එක ඩවුන්ලෝඩ් කරගන්න. මම මේක ෆෝන් එකකට දැම්මා. හොදටම වැඩ.
      shw-m110s S5 modded Rom

      https://www.dropbox.com/s/ll1b6wkrb7lcgo6/M110S%20S5%20Styled%20%5BiMobile.Mn%5D.rar?dl=0

      Delete
    2. ayye me comment eke thiyena s5 modded rom eka flash karanne cmw walinda odin walinda?

      Delete
  5. ayye mekata lollipop theme danna ehekida

    ReplyDelete
    Replies
    1. මම බැලුවේ නම් නැහැ ලොල්පොප් තීම් .ියෙනවද කියලා? තියෙනවා නම් පුළුවන්. එහෙම න්තනම් ගෝ ලෝන්චර් එක ඉන්ස්ටෝල් කරගත්තොත් ඒකට නම් ලොලිපොප් තීම් එකක් තියෙනවා.

      Delete
    2. මෙන්න මේ ලින්ක් එකෙන් යෙිල් එක බාගන්න
      http://www.mediafire.com/download/gudpmr3s4202mcm/clockworkmod.rar

      මේක ඉන්ස්ටොල් කරන විදිහ මේ වීඩියෝවලින් බලාගන්න

      https://www.youtube.com/watch?v=c6i16hKR-Jg

      Delete
  6. lollipop rom ekak thiyanawa download karanna therenne ne

    http://www.lollipopromd.com/2015/07/samsung-m110s-galaxy-s-3418.html

    ReplyDelete
    Replies
    1. මේක මටත් හම්බ වුණා. මමත් ට්‍රයි කළා. මේක ඩවුන්ලෝඩ් කරගන්න හැටි වීඩියෝ එකකුත් තියෙනවා. ඒත් එක්කෝ මේක බොරුවට දාපු එකක්. එමෙත් නැත්නම් මේකෙන් අහනවා කියනවා සර්වේ වැඩ කරන්නේ නැති නිසා අපේ රටේ ඉදන් ඩවුන්ලෝඩ් කරන්න බැරිව ඇති. මේ විදිහටම දාපු මියු 6 රොම් එකකුත් තියෙනවා. ඒකත් ඩවුන්ලෝඩ් කරන්න බැහැ. මේ ලොලිපොප් රොම් එක බොරුවක් කියලා හිතෙන්නේ මේකේ කොමෙන්ට් දාපු හැමෝම මේක හොදට වැඩකරන බව විතරක් කියන නිසා. අනෙක ඒ කියපු අයගේ ප්‍රොෆයිල්වලට යන්නත් බෑ.

      Delete
  7. aka boruwak comment daala thiyana ayage profile aka balanna, ahama profile naha.
    and aeya dan use karana rom aka mokadda? mata thawama hoda rom akak labuna naha

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ ලින්ක් එකෙන් ගත්තු රොම් එක. ඒක හොදයි
      https://www.dropbox.com/s/ll1b6wkrb7lcgo6/M110S%20S5%20Styled%20%5BiMobile.Mn%5D.rar?dl=0

      Delete
  8. Man me rom aka danata use karannae. so meka godak hodae. anith awath akka baladdi battariya godak save wanawa and godak smooth. games hodatama wada. awlakata thiyanna ring tone wada nathi aka vithare. fix ring tone daala baluwa bt first time wada aya reboot kalama wada naha.

    http://kounkhm.blogspot.com/2014/08/galaxy-s-m110s-update-to-jellybean-412.html

    ReplyDelete
    Replies
    1. මමත් මේ රොම් එක දාගෙන හිටියා. ඒක හොදයි. ඒත් මට අවශ්‍ය කරන දේවල් කීපයක් මේ රොම් එකේ නැහැ. එකක් කෝල් රෙකොඩින්. අනෙක ජින්ජර්බ්‍රෙඩ් එකේ තරම් මෙකේ වීඩියෝ රෙකෝඩින්ග් කොලිටි නැහැ වගේ තමයි දැනෙන්නේ. ඒ නිසා මම ආයෙත් ජින්ජර්බ්‍රෙඩ්ම දාගත්තා.

      Delete
    2. oya dan daagana inna oya dunna link akathiyana rom akada? and me rom aka ring tone hadaganna vidiyak nadda?

      Delete
    3. ජෙලිබීන් මේ රොම් එකේ සමහර වෙලාවට රින්ග්ටෝන් වැඩ කරනවා. ඒත් සමහර වෙලාවට නැහැ. මේ තියෙන්නේ මම දාලා බලපු රොම් ගැන විස්තර. මේ පෝස්ට් එක දැම්මට පස්සෙ දාලා බලපු රොම් ගැන විස්තර මෙතන නැහැ. ජෙලිබීන්වල ප්‍රශ්නේ මේක තමයි. ඒත් සවුන්ඩ් රෙකෝඩ් වෙනවා.

      Delete
    4. ok thanks. hoda rom akak labunoth kiyannam

      Delete
    5. http://imthefortune7.blogspot.com/2012/11/hi-guys-this-blogpost-is-about-flashing.html
      මෙන්න මේ සයිට් එකේ තිබිලා මම CM9 ROM එකක් දැම්මා. ජෙලිබීන් වගේම තමයි. ඒත් කැමරාව එහෙම වැඩ නෑ.

      Delete
  9. mama MIUI rom aka damma. aka hama athinma hodae. awlakata thiyanna front camera aka wada nathi aka vitharae....

    ReplyDelete
    Replies
    1. මමත් ටික දවසක් මියු රොම් එක දාගෙන හිටියා. ඒත් ඒකේ ෆොටෝ සහ වීඩියෝ ඒ තරම් කොලිටි මදි. කෝල් රෙකෝඩින්ග් තිබුණට කෝල් රෙකෝඩ් වෙන්නේ නෑ. අනෙක්වා නම් අවුලක් නැහැ. User Interface එක නම් ලස්සනයි. ස්පීඩ් එකත් හොදයි. ඉන්ටර්නෙට් එහෙම හොදට වැඩ. 3G On කරන්නේ නැතිව පික්චර් මැසෙජ් යවන්නත් පුළුවන්

      Delete
  10. Aka thamae aeya, mewata hamadeyama wada karana rom hoya ganna naha. danata miui aka shape.
    wana hoda akak labunoth kiyanna

    ReplyDelete
    Replies
    1. අලුත් එකක් හම්බ වුණොත් බලමු.

      Delete
  11. me rom eka wada..... eth okkoma blue colour ne... help ekak oniii

    ReplyDelete
    Replies
    1. Blue Colour නැහැ කිව්වේ මොකක්ද? මට තේරුනේ නැහැ.

      Delete
    2. ne newei... okkoma blue colour thama.... okkoma nil pataii...

      Delete
    3. clock work mod ekath nil patai...

      Delete
    4. මට නම් එහෙම දෙයක් වුණේ නැහ. ඒත් මම බලන්නම් මොකස හේතුව කියලා. ස්ක්‍රීන් ෂොට් කීපයක් දාන්න පුළුවන්ද?

      Delete
  12. Oya me rom aka try kalada? Rajith kiyana vidiyata nam me rom aka awlak nahalu.
    http://helplankablog.blogspot.com/2014/04/shw-m110s-gt-i9000.html?m=1

    ReplyDelete
    Replies
    1. මේ රොම් එක මම දාලා තියෙනවා.මේ තියෙන සයිනජොන්මොඩ් 11 ම තමයි කිට්කැට් රොම් එක. රින්ග්ටෝන් වැඩ කරන්නේ නැහැ. හෙඩ්ෆෝන් එකෙන් සිංදු අහන්න බෑ. සවුන්ඩ් රෙකෝඩ් වෙන්නේ නෑ. හැබැයි ස්පීඩ්.

      Delete
    2. ඔව් ‍තේරුමක් නැහැ.

      Delete
  13. yaluwa mn me korean s ekata cyanogenmod 10 dala thama use kare, dn mata me 11 eka dala balanna hithenawa me file eka ganna iye mn hena parippuwak kawa. QQ eken log wela anthimata download dammath download wenna paya 16 yanawa patta slow meka ganna wena spot ekak nadda. thanks

    ReplyDelete
    Replies
    1. වෙන තැනක් නම් මට හම්බ වුණේ නැහැ. ඒත් පැය 16ක් නම් යන්න විදිහක් නැහැ. මම හිතන්නේ ඔක්කෝම ඩවුන්ලෝඩ් කරන්න පැයක්වත් යන්නේ නැහැ. QQ එකෙන් ලොග් වුණා කියපු එක මට තේරුනේ නැහැ.

      Delete
    2. oya dapu link eken e file eka download karannam register wenna kiyanawane. eka chinese walin thina nisa melo deyak theren nane. ething register wenna widihak nathuwa thama mn parippuwa kawe. oya gawa me file eka thino nam ganna widihak nadda mata. loku udawwak :)

      Delete
    3. anith eka yaluwa headset eka hadanna widihak nadda mokada cyanogenmod 10 eketh headset eka wada nane.

      Delete
    4. http://technoworld0.blogspot.com/2015/02/shw-m110s-kit-kat-442-flasing-method.html

      oya rom eka oya dala nadda ? mata kiyanna me 4n ekata thina hodama rom eka mokakda oya dapuwain ?

      Delete
    5. මේ රොම් එක නම් දාලා නැහැ වගේ. මම ට්‍රයි කරලා කියන්නම්.

      Delete
    6. ane mn oka damma melo rahak na bn. mn dan damme.jarawak

      Delete
  14. cyanogenmod 11 root karanne komada meka ?

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යෙයන් මේ රොම් එක දානකොට රූට් වෙලාම තමයි තියෙන්නේ. රූට් කරපු නැති එකක් රූට් කරගන්න තියෙන ලේසිම විදිහ තමයි http://vrootdownload.info/ මෙන්න මෙතැනින් vroot අරගෙන ඒකෙන් රූට් කරගන්න එක.

      Delete
  15. S5 Modded Rom Eke Call Recording Thiyenawda?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒක නම් මම දන්නේ නැහැ. මට S5 එකකට රොම් එනන් දාන්න අවස්ථාවක් ආවේ නැහැ.

      Delete
    2. නෑ අයියේ මන් ඇහුවේ Shw-m110s එකට තියෙන S5 Style Rom එකේ Call Recording වැඩද කියලා! :)

      Delete
    3. ආහ්, හරි හරි. ඒකේ කෝල් රෙකෝඩින් වැඩ කරනවා. ඒත් රොම් එකේ පොඩ් පොඩ් අවුල් තියෙනවා කියලා තේරෙනවා පාවිච්චි කරගෙන යද්දි. නෙට්වර්ක් නැතිවෙනවා හිටි ගමන්. S4 ස්ටයිල් එකේ රොම් එකක් තියෙනවා. ඒක නම් හොදයි.

      Delete
  16. mcn maka downlad karnada bana ..need help big

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ ලින්ක් එකට යන්න
      http://pan.baidu.com/s/1dDwzWjf
      ගිහින් 文件大小:231.3M කියන තැනට යටින් චීන අකුරු ටික උඩ ක්ලික් කරලා බාගන්න.

      Delete
  17. මේ කොලුවෝ shv e 160k ඕකට ගහන්ඩ බැරිද බං cm 12 13 වගේ නැත්තම් n7000 rom එක වැඩ කරයිද බං lolipop

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මගේ S ෆෝන් එක් දැන් නැහැ. මම දන්න තරමින් දැන් ඒ ෆෝන් එකට අලුත් රොම් එන්නේ නෑ.

      Delete
  18. මම තවම ඒවාට නම් රොම් තියෙනවද කියලා බැලුවේ නැහැ.හම්බ වුණොත් මෙතැනටම ලින්ක් එකක් දෙන්නම්.

    ReplyDelete
  19. Replies
    1. ඔන්න මම Gapps වලට අලුත් ලින්ක් එකක් දැම්මා. එතැනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

      Delete
    2. thanks bro..dan nam ela.....

      Delete
    3. නියමයි නියමයි!

      Delete
  20. Uda tyna s5 rom ek ghna vdya kynwda pit ekkwth daann nhada mge thawma korian version ek tynne

    ReplyDelete
    Replies
    1. උඩ තියෙන S5 රොම් එක කිව්වේ මොකක්ද?

      Delete
  21. අයියා cm 13 මාස්මිලෝ රොම් එක ඕනම phone එකකට දාන්න පුලුවන්ද
    රොම් දැාන්න රූට්කරන්නම ඕනද




    පෝඅං

    ReplyDelete
    Replies
    1. හැම ෆෝන් එකකටම දාන්න බැහැ. දාන්න පුළුවන් ෆෝන් ලිස්ට් එකක් සයිනජන්මොඩ් සයිට් එකේ දාලා තියෙනවා. රොම් එකක් දාන්න නම් ෆෝන් එක රූට් කරන්න වෙනවා. බොහෝ වෙලාවට වෙන්නේ අලුත් රොම් එකක් දාන කොට කෙහොමත් ෆෝන් එක රූට් වෙන එකයි.

      Delete
  22. bro man CyanogenMod rom ekak gahuwa galaxy s anycall ekata.... jelly bean os eka.. okkma hari but nrml calls ring weddi sounds en nane... viber imo calls edinm ringing sound ahenwa... but normal calls waladi ahen na.... meka hadagana widiyak nadda??

    ReplyDelete
    Replies
    1. මමත් ජෙලි බීන් එකක් දැම්මා. ඒකේ සමහර වෙලාවට රිංග්ස් යනවා. සමහර වෙලාවට යන්නේ නෑ. වයිබර්, ඉමෝ වල රිංග්ස් වැඩ කරන්නේ ෆෝන් එකෙන් නෙවෙයි, ඒ අැප් එකෙන් නිසා ඒවායේ රිංග්ස් යන එකේ අවුලක් වෙන්නේ නෑ. මේකද දැම්ම රොම් එක?
      http://kounkhm.blogspot.com/2014/08/galaxy-s-m110s-update-to-jellybean-412.html

      Delete
    2. ow bro meka gahuwe..... kitkat ekata me awla en naneda?

      Delete
    3. අපොයි එනවා. Ringtone.apk එක දාගත්තාම ටිකක් විතර ෂේප්. ඒත් එක් දැම්මාම හෑන්ඩ්ස්ෆ්‍රී දාලා සිංදු අහන්න බැරි වෙනවා. Audio Player එකේ සද්දේ එන්නේ ස්පීකර්වලින් විතරයි. මොකද මේ ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එකක්වත් ගැලැක්සි එස් එකට 100% ක්ම සපෝර්ට් කරන්නේ නෑ.

      Delete
  23. Replies
    1. Home key එක තදකරලා, ඒක අතහරින්නේ නැතිව on/off switch එක තදකරගෙන ඉන්න. එතටකටෙ ඩවුන්ලෝඩ් මෝඩ් එකනා.

      Delete
  24. recovery mode ekedi install zip option eka pennane nene pls help

    ReplyDelete
    Replies
    1. M110S EFS Backup Recovery.tar කියන file එක flash කරලා Recovery mode ගියා නම් අනිවාර්යයෙන්ම install zip කියන option එක එන්න ඕන. ආයෙම වතාවක් ඒ file එක flash කරලා බලන්න.

      http://forum.xda-developers.com/attachment.php?attachmentid=2614032&d=1393999120

      Delete
  25. meke Link walata yanna bene gapps link ekai odin link ekai withrak ewda karanawa

    ReplyDelete
    Replies
    1. ඔන්න මම අලුත් ලින්ක් එකක් දැම්මා. එතැනින් ෆයිල් සියල්ල බාගන්න පුළුවන්.

      Delete
  26. Shw m110s mekata custome rom ekak hoyala dennako hirawemme nathi ekak..cyanogemod eka hira wenawane

    ReplyDelete
  27. wena custome rom ekak hoyala dennako

    ReplyDelete
    Replies
    1. http://www.symbianize.com/showthread.php?t=970263

      http://www.mediafire.com/file/hkkzaqkqke9gqqt/GFAN_M110S_FTE9K_WF07_ODEX_SP8_FOR_XDA.rar

      Delete
  28. This comment has been removed by the author.

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න