පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, November 6, 2014

මම දාලා බලපු රොම් තමයි මේ - CUSTOM ROMs I tested by myself

MIUI
ඇන්ඩ්‍රොයිඩ් දුරකතනවලට Custom Rom Flash කරන්න ගියාම ඇබ්බැහි වෙනවා කියලා ඉන්ටර්නෙට් එකේ තිබුණු කතාව නම් ඇත්ත. ඒ කියපු කෙනාගේ කටේ මසුරන් දාන්න වටිනවා. මොකද මටත් එහෙම වෙලා තියෙන්නේ. මගේ මේ දුප්පත් ඇන්ඩ්‍රොයිඩ් එනිකෝල් එකට මම සෑහෙන්න රොම් දාලා තියෙනවා. ඒ දාපු රොම්වල ලිස්ට් එකක් ඉදිරිපත් කරන්න තමයි මම මේ හදන්නේ. මේ ROM ටික තමයි මට දැනට හම්බ වුණේ. දැන් මම දාගෙන ඉන්නේ මියු කියන චීන රොම් එකක්. 


1 PROVISION_SHW-M110S_Official_4-7 - මේක ජෙලි බීන් එකක්. රින්ග්ටෝන් වැඩ කරන්නේ නැහැ. පැච් ෆයිල් එකක් දාලා තමයි රින්ග්ටෝන් හදාගන්න ඕන. වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. 


2. m110s-JACOBS3-ICS-V1.4-WA03 - මේක අයිස්ක්‍රීම් සැන්ඩ්විච් එකක් 


3 S4.Style.by.GaBeo21 - මේක ජින්ජර්බ්‍රෙඩ්  එකක්. හැබැයි ගැලැක්සි එස් 4 පෙනුමයි තියෙන්නේ 


4. Vg26-by-NgocCuong-ver2-modtheme -  මේක ජින්ජර්බ්‍රෙඩ්  එකක්. 


5. GS-miui-v2.3.9 - මේක මියු කියන චීන රොම් එකේ ජින්ජර්බ්‍රෙඩ් සමාන්තර සංස්කරණය. හැබැයි එස්එම්එස් යන්නේ නැහැ. 


6. M110S_WF07_VUHOANGPRO1_GSMVN_SP2 - මේක අයිස්ක්‍රීම් සැන්ඩ්විච් එකක්. හැබැයි Shutdown කරන්න තැනක් නැහැ. Off කරන Key එක තදකරගනෙ හිටියත් Shutdown වෙන්නේ නැහැ. ඒ ඇරෙන්න වෙන අවුලක් නැහැ. 


7. GFAN_M110S_WC13_FTE9K_ODEX_SP4 - ජින්ජර්බ්‍රෙඩ් ROMවලින් හොඳම එකක් විදිහට මේ ගැන කියන්න පුලුවන්. කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ටිකක මන්දගාමී ගතියක් තියෙනවා. 


8. M110s Fix Korea By EngChung - මේක ජින්ජර්බ්‍රෙඩ්  එකක්. 


9. M110S -  මේක ජින්ජර්බ්‍රෙඩ්  එකක්. 


10. m110s-gingerbread-home-image-rev03-te17-1023-user(theme1) - මේක අයිස්ක්‍රීම් සැන්ඩ්විච් එකක් 


11. Resurrection_Remix_Patch File ෆයිල් දෙකක් දාලා ඒක හදන්න පුලුවන්. හැබැයි වේගය අතින් නම් උපරිමයි. සිංහල භාෂාවට හරියටම සපෝට් කරනවා. Kitkat කිට්කැට් දාන්නෙත් මේ සංස්කරණය පදනම් කරගෙන තමයි. කිට්කැට්වල තියෙන දෝෂ හැම එකක්ම මේකේ තියෙනවා. සිංහල භාෂාවට හරියටම Support  කරනවා. 




12. cm-11-20140127-NIGHTLY-galaxysmtd - මේක සයිනජන්මොඩ් 11 රොම් එකක්. ඒ කියන්නේ කිට්කැට් දාන්නෙත් මේ සංස්කරණය පදනම් කරගෙන තමයි. කිට්කැට්වල තියෙන දෝෂ හැම එකක්ම මේකේ තියෙනවා. සිංහල භාෂාවට හරියටම Support කරනවා. 



13. SHW110S - මේක කිට්කැට් එකක්. හැබැයි Install වුණාට කිසිම වැඩක් ගන්න බැහැ. සිග්නල්වත් එන්නේ නැහැ. සයිනෆොක්ස් කියන කිට්කැට් සංස්කරණයට පෙනුමෙන් සමානයි. 


14. cm-7.2.0-SMSfixed - මේක සයිනජන්මොඩ් 7 රොම් එකක්. සීඑම් 7 රොම් කිහිපයක්ම ඩවුන්ලෝඩ් කරගන්න තිබුණත් ඒ බොහොමයක් SMS වැඩකරන්නේ නැහැ. මේක තමයි මට හමුවුණු කිසිම ලෙඩක් නැති CM7රොම් එක. 


15. miui-v5-new for m110s miao - මේක මියු කියන චීන රොම් එක. ඔක්කෝම හොදයි. SMS යන්නේ නැහැ. 




16. clockworkmod - මේ නමින් තියෙන්නේ මියු කියන චීන රොම් එකේ ජින්ජර්බ්‍රෙඩ් සමාන්තර සංස්කරණයේ SMS දෝෂය නැති රොම් එක. මම දැන් දාගෙන ඉන්නේ ඒක. මේ හැබැයි වියට්නාම්වල කෙනෙකුගේ ජංගම දුරකතනයක තිබුණු රොම් එකක් Backup එකක්. Backup එකක්  Restore  කරන විදිහයට තමයි මේක කරන්න තියෙන්නේ. මේක කරන විදිහ ගැන වෙන කෙනෙක් දාපු පෝස්ට් එකක් තියෙනවා. ඒකට මෙතැනින් යන්න පුලුවන්. මම මේ පෝස්ට් එකේ තිබුණු ක්‍රමයට වඩා ටිකක් වෙනස් විදිහක් තමයි අනුගමනය කළේ. ඒත් මේ පෝස්ට් එකේ තියෙන විදිහටත් දාන්න පුලුවන්.

මම මේ රොම් එක දාපු විදිහ මේ පහළ වීඩියෝ එකෙන් බලාගන්න පුලුවන්.




17. Cyanfox_FLYUI_KK_4.4.2_M110S_cyhmay - මේක කිට්කැට් එකක්. සයිනෆොක්ස් නමින් තමයි හඳුන්වන්නේ. මේක ස්ථාපනය කරන හැටි මම පෝස්ට් එකක් දාලා තියෙනවා. Ringtone සහ Audio Recording නැහැ. Patch File දෙකක් දාලා ඒක හදන්න පුලුවන්. හැබැයි වේගය අතින් නම් උපරිමයි. සිංහල භාෂාවට හරියටම සපෝට් කරනවා. 

18. CM10_ALLFIX_NEW - මේක සයිනජන්මොඩ් 10 රොම් එකක්. රින්ග්ටෝන් වැඩ කරන්නේ නැහැ. Patch File එකක් දාලා තමයි Ringtone හදාගන්න ඕන. කැමරාව හරියට Focus වෙන්නේ නැහැ.

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න