අප රටේ ඩෙංගු රෝගය සඳහා ප්‍රතිකාර කරන සුවිශේෂී අයුරින් ප්‍රතිකාර සිදුකරන ස්ථාන දෙකක් පවතී. ගොතටුව, අයි.ඩී.එච්. හි පිහිටි උණ රෝහල එකක් වන අතර, අනෙක වන්නේ මීගමුව මූලික රෝහලයි. මේ ස්ථාන දෙක ‛ඩෙංගු කලමනාකරණ මධ්‍යස්ථාන’ වශයෙන් ද හඳුන්වනු ලබයි. මීගමුව මූලික රෝහලේ මෙම අංශය භාරව සිටින වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතා සහ ගොතටුව උණ රෝහලේ මෙම අංශය භාර වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා විවිධ අවස්ථාවලදී මාධ්‍ය ඔස්සේ ඩෙංගු රෝගය පිළිබඳ දැක්වූ අදහස් ඇසුරින් මෙම ලිපිය සකස්කොට තිබේ.
ඩෙංගු යනු මදුරුවාගෙන් ශරීර ගතවන වෛරසයක් හේතුවෙන් ඇතිවන ආසාදන තත්වයකි. නමුත් මේ අයුරින් වෛරසය ශරීර ගතවන වැඩි දෙනෙකුට සාමාන්‍ය උණ රෝගයක් හෝ වැළදෙන්නේ නැත. නිදසුනක් ලෙස ගතහොත් පුද්ගලයන් දස දහසකට ඩෙංගු වෛරසය ශරීර ගතවුහොත් ඉන් නව දහසකටම කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිවම රෝගය සුව වී යයි. ඉතිරි දහසෙන් ද පන්සිය දෙනෙකුට පමණ පෙන්නුම් කරන්නේ සාමාන්‍ය උණ රෝගී තත්වයක් පමණි. ඇතැම් විට එසේ පෙන්නුම් කරන්නේ ද වෛරස් උණ රෝගයකට අදාළ රෝග ලක්ෂණ වන්නට පුලුවන. එය ඩෙංගු වශයෙන් හඳුනාගැනීමේ හැකියාවක් ද නැත. මෙවැනි රෝගීන් ද දින 2 - 3 කින් පමණ ස්වභාවිකවම සුවපත් වේ. ඇඟ පත වේදනාව, හිස කැක්කුම වැනි ඩෙංගු රෝගයේ මූලික ලක්ෂණ පෙන්නුම් කරන්නේ ඉතිරි පන්සිය දෙනාගෙනි. එම පිරිසෙන්ද 75%ක් පමණ දින හතක් පමණ ගතවෙන විට සම්පූර්ණයෙන්ම සුවපත් වේ.
ඩෙංගු යනු මදුරුවාගෙන් ශරීර ගතවන වෛරසයක් හේතුවෙන් ඇතිවන ආසාදන තත්වයකි. නමුත් මේ අයුරින් වෛරසය ශරීර ගතවන වැඩි දෙනෙකුට සාමාන්‍ය උණ රෝගයක් හෝ වැළදෙන්නේ නැත. නිදසුනක් ලෙස ගතහොත් පුද්ගලයන් දස දහසකට ඩෙංගු වෛරසය ශරීර ගතවුහොත් ඉන් නව දහසකටම කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිවම රෝගය සුව වී යයි. ඉතිරි දහසෙන් ද පන්සිය දෙනෙකුට පමණ පෙන්නුම් කරන්නේ සාමාන්‍ය උණ රෝගී තත්වයක් පමණි. ඇතැම් විට එසේ පෙන්නුම් කරන්නේ ද වෛරස් උණ රෝගයකට අදාළ රෝග ලක්ෂණ වන්නට පුලුවන. එය ඩෙංගු වශයෙන් හඳුනාගැනීමේ හැකියාවක් ද නැත. මෙවැනි රෝගීන් ද දින 2 - 3 කින් පමණ ස්වභාවිකවම සුවපත් වේ. ඇඟ පත වේදනාව, හිස කැක්කුම වැනි ඩෙංගු රෝගයේ මූලික ලක්ෂණ පෙන්නුම් කරන්නේ ඉතිරි පන්සිය දෙනාගෙනි. එම පිරිසෙන්ද 75%ක් පමණ දින හතක් පමණ ගතවෙන විට සම්පූර්ණයෙන්ම සුවපත් වේ.
නමුත් ඩෙංගු රෝගය වැළඳී තිබේදැයි සොයාබැලීම සඳහා කරනු ලබන පරීක්ෂණයෙන් සක්‍රිය ප්‍රතිඵල ලැබී දෙවැනි දිනය වන විට රුධිර පට්ටිකා සංඛ්‍යාව පහළ බසින ආකාරය රෝගීන්ගෙන් 95% ගෙන්ම දැකිය හැකිය. මේ කාලයේදී කුමන ප්‍රතිකාරය කළ ද රුධිර පට්ටිකා අඩුවී යයි. නමුත් රෝගය වැළඳී දින 4 - 5 ක් ගතවින විට නැවත ස්වභාවිකවම රුධිර පට්ටිකා සංඛ්‍යාව වැඩිවන්නට පටන් ගනී. ඒ සඳහා විශේෂ ප්‍රතිකාර ලබාදීම අවශ්‍ය නොවේ. අවශ්‍යවන්නේ රෝගියා පිළිබඳ අධීක්ෂණය කිරීම පමණයි. ඩෙංගු කලමණාකරණය යනුවෙන් හඳුන්වනු ලබන්නේ මෙයයි.
යම් යම් පුද්ගලයන් තමන් ඩෙංගු රෝගය සඳහා නිශ්චිත ඖෂධ සොයාගෙන ඇති බවට මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් දැනගන්නට ලැබෙයි. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාව තුළ මෙම රෝගය සඳහා නිශ්චිත ඖෂධයක් නියම කෙරෙන්නේ නැත. මෙහිදී සිදුවන්නේ රෝගියාගේ රෝග ලක්ෂණවල සිදුවන වෙනස්කම්වලට අනුව අවශ්‍ය පරිදි පිළියම් යොදමින් රෝග තත්වය අධීක්ෂණය කිරීම පමණි. ඩෙංගු රෝගියකු සම්බන්ධව ගනු ලබන එක් වෛද්‍ය වාර්තාවකින් පමණක් රෝගය පිළිබඳ විනිශ්චයක් ලබා දීමේ හැකියාවක් නොමැත. යම් යම් පුද්ගලයන් තමන් සොයාගත්තේ යැයි පැවසෙන ඖෂධ රෝගීන්ට ලබාදෙන්නේ මෙවැනි එක් වෛද්‍ය වාර්තාවක් පමණක් පිරික්සීමෙන් අනතුරුවය. නමුත් ඩෙංගු රෝග ලක්ෂණ කෙටි කාලයක් ඇතුළත නිතර වෙනස් වන බැවින් මෙවැනි එක් වාර්තාවකින් පමණක් එය පිළිබඳ විනිශ්චයකට එළැඹීමේ හැකියාවක් නැත. මෙසේ චිකිත්සකව තහවුරු නොකරන ලද ප්‍රතිකාර ක්‍රම පසුපස ගොස් අකරතැබ්බයන්ට පත් වූ රෝගීහු සිය ගණනක් සිටිති.
ඩෙංගු රෝගය යනු රුධිර පට්ටිකා අඩුවීම බව බොහෝ දෙනෙකු අතර පවතින තවත් වැරදි මතයකි. රුධිර පට්ටිකා සංඛ්‍යාව පහත වැටීම රෝග ගණනාවක් නිසා ඇතිවිය හැකිය. ඇතැම් අසාධ්‍ය ඩෙංගු රෝගීන්ගේ රුධිර පට්ටිකා ප්‍රමාණය පහත වැටී ඇත්තේ සාමාන්‍ය මට්ටමකින් වන මුත් එතරම් අසාධ්‍ය නොමැති ඩෙංගු රෝගීන්ගේ රුධිර පට්ටිකා සංඛ්‍යාව අධික ලෙස පහළ වැටුණු නිතර දැකිය හැකිය. එබැවින් රුධිර පට්ටිකා අඩුවීම සහ රෝගයේ ඇති උත්සන්න බව අතර කිසිදු සම්බන්ධයක් නැත. රුධිර පට්ටිකා මට්ටම යනු ඩෙංගු රෝගයේ ඇති එක් සාධකයක් පමණි. අනෙක එය තීරණාත්මක සාධකයක් නොවේ. නමුත් බොහෝ දෙනෙකු වරදවා වටහාගෙන සිටින්නේ ද මෙයයි.
ඩෙංගු රෝගය යනු රුධිර පට්ටිකාවන් සංඛ්‍යාවෙහි පහළ බැසීම යයි විශ්වාසයෙන් පසුවන්නවුන් අසන එක් දෙයක් වන්නේ කෘත්‍රීමව රුධිර පට්ටිකා ලබාදීමෙන් හෝ රුධිර පට්ටිකා වර්ධනය කරනා ඖෂධයක් ලබාදීමෙන් හෝ රෝගය සුව කළ නොහැකි ද යන්නය. යම් යම් පුද්ගලයන් තමන් එසේ රුධිර පට්ටිකා වර්ධණය කරවනා ඖෂධ සොයාගෙන ඇති බවට අදහස් පළ කළ ද මෙහි බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් තිබේ. කුමන හෝ ඖෂධයක් ලබාදීමෙන් යම්කිසි රෝගියෙකුගේ රුධිර පට්ට්කා සංඛ්‍යාව කෘත්‍රිමව වැඩි කළහොත් සිදුවන්නේ රෝගියාගේ අනෙක් රෝග ලක්ෂණ එසේම තිබියදී රුධිර පට්ටිකා සංඛ්‍යාව ඉහළ නැගීම පමණි. යම්කිසි ආකාරයකින් වෛද්‍යවරයා නොදැනුවත්ම, මෙවැනි යම්කිසි ඖෂධයක් රෝගියාට ලබාදීමෙන් රුධිර පට්ටිකා සංඛ්‍යාව වැඩි කළේ යැයි සිතුවහොත් එහිදී සිදුවන්නේ වෛද්‍යවරයා නොමග යාම පමණි. එවැනි අවස්ථාවක වෛද්‍යවරයා විසින් රෝගියා පරීක්ෂා කිරීමේදී රුධිර පට්ටිකා මට්ටම වැඩි වී ඇතැයි නිරීක්ෂණය කළහොත් රෝගී මට්ටම අඩුවෙමින් පවතින බවට නිගමනයක් ලබාදෙන්නට ඇති ඉඩකඩ වැඩිය. මන්ද සාමාන්‍ය තත්වයේදී යම්කිසි රෝගියකු හට ඩෙංගු රෝගය වැළඳී දින 4 -5 ක පමණ ගතවන විට ස්වභාවිකම යළිත් රුධිර පට්ටිකා මට්ටම ඉහළ යන්නට පටන් ගන්නා බැවිනි. නමුත් මේ සඳහා යම්කිසි ඖෂධයක් ලබාදුනහොත් සිදුවන්නේ පෙර කී පරිදි අනෙකුත් රෝග ලක්ෂණ එසේම තිබියදී රුධිර පට්ටිකාවන්ගේ මට්ටම ඉහළ යාම පමණි. බටහිර වෛද්‍ය විද්‍යාවේදී හැකියාව පැවතුන ද රුධිර පට්ටිකා මට්ටම වර්ධණය කරනා ඖෂධ ලබානොදෙන්නේ මේ හේතුව නිසාය.
කෘත්‍රිමව මෙසේ පට්ටිකා මට්ටම ඉහළ දැමුමහොත් එහි අනිසි ප්‍රතිඵලවලට මුහුණ දෙන්නට ද සූදානම් විය යුතුය. එවැනි ඖෂධයක් නිසා ශරීරයේ ඇතිව සංකූලතාවයන්ගේ ප්‍රතිඵලයක් ලෙස අක්මාව, වකුගඩු, පෙනහැල්ල වැනි අවයව අවදානමකට ලක්වීමේ හැකියාවක් පවතී. අනවශ්‍ය ඖෂධ ලබාදීමෙන් වැළකිය යුතුවන්නේ එබැවිනි. අනෙක කෘත්‍රිමව පට්ටිකා මට්ටම ඉහළ දමාගතහොත් සිදුවන්නේ රෝගියා වෛද්‍යවරුන්ගේ නිරන්තර නිරීක්ෂණයෙන් තරමක් දුරස්ථ වීමය. රෝගියා නිරීක්ෂණයකට භාජනය නොවන නිසා මෙවැනි අවස්ථාවක දී වැඩි වූ රුධිර පට්ටිකා පිටතට කාන්දු වී රෝගියා කම්පන තත්වයකට පත්වීමේ හැකියාවක් ද පවතී. ඔහුව නිරීක්ෂණයට බඳුන් නොවන නිසා රෝගියා එවැනි සංකූලතාවයකට පත්ව ඇතිදැයි සොයාගැනීම ද අතපසු විය හැකිය. එවැනි අවස්ථාවක රෝගියා මිය යාමට වුව ද ඉඩ තිබේ.
ගොඩක් වටිනව
ReplyDelete