මංගල ප්‍රේමදාස
පිළිබඳ අප දැන සිටියේ ඉතා කුඩා සමයේ සිට වුවද අන්තර්ජාලයේ ඔහු පිළිබඳ සොයා බලද්දී
සොයාගත හැක්කේ එකම එක විස්තරයක් පමණි. ඒ ඇම්.ඩී. ගුණසේන සමාගම විසින් ප්‍රකාශයට
පත් කරන ලද, ඔහු විසින් රචිත අකුරුවලින් සත්තු අඳිමු නම් ළමා කෘතිය පිළිබඳව
පමණි.
නමුත් ඔහු සැබවින්ම දක්ෂතාවය පෙන්වා ඇත්තේ ලේඛකයෙකු ලෙස නොව හඬ අනුකරණ ශිල්පියකු වශයෙනි. අපි කුඩා කාලයේ සිටම ඔහුගේ හඬ අනුකරණය කිරීම් දක්ෂතාවයන් දැක ඇත්තෙමු. දැනට වසර 40ක පමණ කාලයක් තිස්සේ හඬ අනුකරණයෙහි නියැළෙන ඔහුට විවිධ හඬ 600 කට අධික ප්‍රමාණයක් අනුකරණය කිරීමෙහි හැකියාව ඇති බව පැවසේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘හඳ මාමා‘ ළමා වැඩසටහනෙහි පෙත්තප්පුගේ හඬ ඉදිරිපත් කළේ ඔහු බව බොහෝ දෙනෙක් නොදන්නවා විය හැකිය.
නමුත් ඔහු සැබවින්ම දක්ෂතාවය පෙන්වා ඇත්තේ ලේඛකයෙකු ලෙස නොව හඬ අනුකරණ ශිල්පියකු වශයෙනි. අපි කුඩා කාලයේ සිටම ඔහුගේ හඬ අනුකරණය කිරීම් දක්ෂතාවයන් දැක ඇත්තෙමු. දැනට වසර 40ක පමණ කාලයක් තිස්සේ හඬ අනුකරණයෙහි නියැළෙන ඔහුට විවිධ හඬ 600 කට අධික ප්‍රමාණයක් අනුකරණය කිරීමෙහි හැකියාව ඇති බව පැවසේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘හඳ මාමා‘ ළමා වැඩසටහනෙහි පෙත්තප්පුගේ හඬ ඉදිරිපත් කළේ ඔහු බව බොහෝ දෙනෙක් නොදන්නවා විය හැකිය.
හඬ අනුකරණය
පිළිබඳව අන්තර්ජාලය පිරික්සා බැලීමේදී බොහෝ ශිල්පීන් හමුවේ. ඔවුන් සහ මංගල ප්‍රේමදාස
නම් ශිල්පියා අතර පැහැදිලි වෙනසක් දැකිය හැකිය. ලෝකයේ මෙබඳු බොහෝ ශිල්පීන් දක්ෂතාව
පෙන්වන්නේ එකම කාණ්ඩයකට අයත් හඩ අනුකරණය කරන්නට පමණි. එනම්, එක්කෝ ඔවුන් අනුකරණය කරන්නේ වාහනවල හඬ පමණි. එක්කෝ යතුරු පැදි වර්ගවල හඬ පමණි. එක්කෝ පක්ෂීන්ගේ හඩ පමණි. නමුත් මංගල ප්‍රේමදාස නම් අපූරු ශිල්පියා අප අවට ඇසෙන ඕනෑම හඩක් අනුකරණය කොට පෙන්වීමෙහි අති දක්ෂයෙකි. කෙසේ වුවත් ඔහු
පිළිබඳ එතරම් කතා කොට ඇති බවක් පෙනෙන්නේ නැත. අනුන්ගේ ගීත ගයා එක රැයින් ජනප්‍රිය වන
පුද්ගලයන් පිළිබඳ වෙබ් පිටු බොහෝ ගණනක් තිබුණ ද, ඔහු පිළිබඳ ලියැවුණු එකදු වෙබ්
පිටුවක් හෝ අන්තර්ජාලයේ දකින්නට ලැබෙන්නේ නැත. ඔහු සිය දක්ෂතා පෙන්වන යූටියුබ් වීඩියෝ කිහිපයක් නම් දැක ගත හැකිය.
මා මේ සටහන මුලින්ම ලිව්වේ 2016 වසරේ දීය. නැවත මා මෙය කියවන්නේ 2024 වසරේ ඔහු මිය ගිය බව දැනගත් මොහොතේය. 1952 දී උපත ලද ඔහු 2024 ජූලි 28 වැනිදා මෙලොවට සමු දුන්නේ ඔහුගේ හඬ පමණක් නොව ඔහු විසින් අනුකරණට කළ සියලු හඬ, නිහඬ කරමිනි.
මංගල ප්‍රේමදාස කලා ශිල්පියා සිය දක්ෂතා ඉදිරිපත් කළ අවස්ථාවක්
මා ඉතා කුඩා කාලයේ දිනක් කෑගල්ලේ පැවති සංගීත සංදර්ශනයකට මේ ශිල්පියා පැමිණ ඔහු ගේ දස්කම් සහිත අංගයක් ඉදිරිපත් කළා.
ReplyDeleteපසු දින මා කෑගල්ල නගරයේ මා නතර වී සිටි ඥාතී නිවස අසල පාරක ගමන් කරමින් සිටින විට ඔහු ද ඒ පාරේ පැමිණ මා සමග කතා කළා. ඔහු උත්සාහ කලේ මා ඔහු ගැන දන්නවාද කියා සොයා බලන්නයි. මා ඔහු අඳුණා ගත්තත් නොදන්නවා මෙන් සිටියා මතකයි.
ඇත්තටම මා දන්නා පරිදි ඔහු ඉතා නිහතමානී පුද්ගලයෙක්. ඇතැම් විට ඔහු පිළිබඳ මාධ්‍ය ආදියෙන් වැඩියමක් කතා නොකරන්නේ ද මේ නිසා වන්නටත් පුළුවන්.
Deleteඑතුමන් පිළිබඳව මෙවන් ලිපියක් ලිවීම පිළිබඳව මගේ ස්තූතිය.
ReplyDeleteජයවේවා!!!
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.
Deleteවීඩියෝව පසුව බලන්නම්.ඔහුගේ නම අසා පුරුදු නමුත් දැනසිටියේ නැහැ මෙවැනි ශිල්පියෙක් බව.
ReplyDeleteඇත්තටම ඔහු ගැන අපේ රටේ බොහෝ දෙනෙක් දන්නේ නෑ. නමුත් ඔහු පාසල්වල පවා විවිධ ප්‍රසංග පවත්වනවා.
DeleteMamada ohu gena debagaththe 1
ReplyDelete2018/10/26 dina obata ithuthi
ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි
Delete