පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, October 19, 2014

ගැලැක්සි එනිකෝල් එකට සයන්ෆොක්ස් කිට්කැට් රොම් එකක් - Kitkat ROM (Cyanfox) for Samsung Galaxy Anycall - M110S



මේ වෙන කොට සැම්සුන් ගැලැක්සි S 8 එකත් ළඟදිම එන්න නියමිත බවට ආරංචි ලැබෙනවා. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ 7 වැනි, ඒ කියන්නේ අලුත්ම සංස්කරණය වන නුගා එකත් ඇවිත්. ඉතිං පරණ ගැලැක්සි ඒවට දැන් තැනක් නැහැ. ඒත් මා ළග තියෙන්නෙත් පරණ එකක්. වැඩිදෙනෙක් දන්නෙත් නැති, සමහරු ගණන් ගන්නෙත් නැති කොරියන් එනිකෝල් S  එකක්. මේ වර්ගයේ දුරකතන තියෙන අය අපේ රටේ වගේම ලෝකෙ වටෙත් සෑහෙන්න ඉන්න බව ඇන්ඩ්‍රොයිඩ් ෆෝරම්වලට ගියාම පේනවා. බොහෝ දෙනෙක් මේ වගේ ෆෝරම්වලට යන්නේ කස්ටම් රොම් වගේ දේවල් , ඇන්ඩ්‍රොයිඩ් දුරකතන ගැන ගැටලු මතුවුණාම ඒවාට විසඳුම් හොයාගන්න, අලුත් දුරකතන පුවත් වගේ දේවල් හොයාගන්න තමයි. මගේ එනිකෝල් දුරකතනය අරන් දැන් අවුරුදු එකහමාරක් විතර ඇති. මේ අවුරුද්දේ මුල ඉඳන් මම මේකට එක එක කස්ටම් රොම් දාන්න පටන් ගත්තා. කස්ටම් රොම් නිතර හොයන කොට මේ වගේ පරණ දුරකතනවලට  දාන්න පුලුවන් විදියේ කිට්කැට් රොම් දෙකක් ජෙලිබීන් රොම් දෙක තුනක්, මියු කියන චීන රොම් එහෙම හම්බ වුණා. ඒ අතරේ ගින්ජර්බ්‍රෙඩ් රොම් නම් සෑහෙන්න හම්බ වුණා. ඒ හැම එකක්ම මම දාලා බලලා තියෙන්නේ.  



මේ දුරකතනයට තියෙන කිට්කැට් රොම්වලින් ප්‍රසිද්ධම එක තමයි Resurrection_Remix කියන එක. ඒක හැම අතින්ම හොදයි. හැබැයි රින්ග්ටෝන් වැඩ කරන්නේ නැහැ. ශබ්දය පටිගත වෙන්නේ නැහැ. මෙහෙම ඉන්නකොට තමයි මට තව කිට්කැට් රොම් එකක් හම්බ වුණේ. ඒකේ නම Cyanfox  මේකේ රින්ග්ටෝන් වැඩකරනවා, ශබ්දයත් පටිගත වෙනවා. හරිම වේගවත්. හිරවෙන්නේ නැහැ. ඉතිං මේ වගේ පරණ ෆෝන් තියෙන කස්ටම් රොම් දාන්න දන්න අයට මම මේ මම හොයාගත්ත රොම් එක ගැන කියන්න හිතුවා. මම මේක බ්ලොග් සටහනක් විදියට ලියන්නේ මේ රොම් එක ගැන සිංහලෙන් ලියපු කිසිම පෝස්ට් එකක් මම තවම දැකපු නැති නිසා. වැඩි කතා නැතුව වැඩේට බහිමු. 



මේකට ඕන කරන ගොනු මෙන්න මේවා තමයි. Download උඩ ක්ලික් කරලා ඒවා ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. මේ ලින්ක් එකෙන් Cyanfox_FLYUI_KK_4.4.2_M110S_cyhmay.zip, M110S_EFSBackupTool.zip, m110s-EFS_Backup-recovery.tar, m110s-format-system.zip, m110s-installation-recovery.tar කියන ගොනු ටික ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. අනෙක් ඒවා අදාළ ගොනු මත ක්ලික් කිරීමෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.




1) Odin3 v1.7.exe


3) M110S_EFSBackupTool.zip
4) m110s-installation-recovery.tar

5) m110s-format-system.zip

6) Cyanfox_FLYUI_KK_4.4.2_M110S_cyhmay.zip

7. pa_gapps-modular-pico-4.4.4-20141011-signed.zip

gapps ඩවුන්ලෝඩ් කිරීමේදී ඔබ පිවිසෙන පිටුව ඉංග්‍රීසි බසින් දිස් නොවන නිසා එහි 37.38MB යන්න මත ක්ලික් කොට එය ඩවුන්ලෝඩ් කරගන්න.


ඉහත ගොනුවලින් 


M110S_EFSBackupTool.zip

m110s-format-system.zip

Cyanfox_FLYUI_KK_4.4.2_M110S_cyhmay.zip

pa_gapps-modular-pico-4.4.4-20141011-signed.zip


කියන ගොනු ටික ඔබේ ජංගම දුරකතනයේ SD කාඩ් එකේ ඔබ කැමති නමකින් ෆෝල්ඩරයක් සාදා එයට කොපි කරගන්න ඕන. 


කස්ටම් රොම් දාන්න දන්න අයට මේ වගේ වැඩකට අවශ්‍ය අතිරේක අවශ්‍යතා ගැන කියන්න නම් ඕන නැහැ. ඒත් මම වැදගත් කරුණු ටිකක් සඳහන් කරන්නම්. 




1. ජංගම දුරකතනය 80%ක්වත් ආරෝපණය වෙලා තියෙන්න ඕන.

2. සැම්සුන් දුරකතනවලට අවශ්‍ය ධාවක (Drivers) පරිගණකයේ ස්ථාපනය කරලා තියෙන්න ඕන.

3. Download Mode, Recovery Mode ගැන දැනගන්න ඕන.

4. Recovery Mode එකෙන් තමන්ගේ දැන් තියෙන රොම් එකේ උපස්ථයක් (Backup) අරගන්න ඕන. මොකද ගැටලුවක් උනොත් පරණ රොම් එකම දාගන්න පුලුවන් නිසා. 


වැදගත්ම දේ තමයි මේ වැඩේ නිවැරදිව කළේ නැත්නම් ඔබේ ජංගම දුරකතනය ගඩොලක්’ (Brick) වෙන්න පුලුවන් කියන එක. ගඩොල ආයෙමත් දුරකතනයක් කරන්න පුලුවන් වෙන්නත් පුලුවන්. බැරිවෙන්නත් පුලුවන්. ඒ නිසා මේ වැඩේ අවදානමකුත් තියෙනවා. පරිස්සමින්, හරියට කළොත් හොඳ වේගවත්, ලස්සන කිට්කැට් රොම් එකක් මේ වගේ පරණ ජංගම දුරකතනයකට දාගන්න එක ලොකු දෙයක් නෙවෙයි. 


දැන් මේ පියවර අනුගමනය කරන්න. 


1. දුරකතනය ක්‍රියාවිරහිත කරලා Home Key එක ඔබාගෙන දුරකතනය ක්‍රියාත්මක කරන්න. එතකොට Download Mode එකට එනවා. දැන් Odin එකෙන් 412newkrn.tar  එක ෆ්ලෑෂ් කරගන්න. තත්පර කිහිපයකින් ෆ්ලෑෂ් වෙනවා. ඊට පස්සේ රිස්ටාර්ට් වෙලා ආයෙම පුරුදු විදිහට දුරකතනය ක්‍රියාත්මක වෙන්නත් පුලුවන්. නැත්නම් ක්‍රියාත්මක වෙන්නේ නැතිව හිරවෙලා වගේ තියෙන්නත් පුලුවන්. මොකක් වුණත් බැටරිය ගළවලා හරි දුරකතනය ඕෆ් කරලා Volume Down, Home Key තද කරගෙන දුරකතනය ඕන කරන්න. 


2. දැන් එන්නේ Recovery Mode එකට. මෙතැනින් ඔබට ඔබේ දැන් පවතින රොම් එකේ උපස්ථයක් ගන්න පුලුවන්. ඉන් පසුව wipe data/factory reset සහ wipe cache partition කරගන්න. ඊට පස්සේ  Install Zip ගිහින් M110S_EFSBackupTool.zip  ඉන්ස්ටෝල්  කරගන්න. දැන් go back ගිහින් reboot කරගන්න.


3. ඊළඟට ජංගම දුරකතනය ඕෆ් කරලා Download Mode එකට යන්න. ඊට පස්සේ ඔඩින් එකෙන්  m110s-installation-recovery.tar ෆ්ලෑෂ් කරගන්න. දැන් ඉබේම  Recovery Mode එකට යයි. එහෙම ගියේ නැත්නම් Recovery Mode යන්න.


4. දැන් Recovery Mode එකේ තමයි ඔබ ඉන්නේ. ඊට පස්සේ Install Zip ගිහින් m110s-format-system.zip    ඉන්ස්ටෝල් කරගන්න. 


5.දැන් මෙතනම ඉඳන් Cyanfox_FLYUI_KK_4.4.2_M110S_cyhmay.zip ඉන්ස්ටෝල් කරගන්න. මේක තමයි රොම් එක. ඊට පස්සේ reboot දෙන්න එපා. Go Back ගිහින් එතැනින් advance යන්න. එතන තියෙන power off කියන එක දෙන්න.


6. දැන් බැටරිය ගළවලා දාගෙන  එහෙම  ආයෙම Download Mode ගිහින් 412newkrn.tar  ෆ්ලෑෂ් කරගන්න. 


7. දැන් බැටරිය ගලවලා දාගෙන Recovery Mode යන්න.  ගිහින් ආයම වතාවක් මේ රොම් එක, ඒ කියන්නේ Cyanfox_FLYUI_KK_4.4.2_M110S_cyhmay.zip එක ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ ෆෝන් එක On වෙනවා.On වෙන්න දෙන්න. පළවෙනි වතාව නිසා ටිකක් වෙලා යයි. බය වෙන්න එපා. දැන් මොනවත් කරන්න එපා. ආයෙත් Recovery Mode යන්න.


8. ඊට පස්සේ pa_gapps-modular-pico-4.4.4-20141011-signed.zip ඉන්ස්ටොල් කරගෙන Reboot කරගන්න. 





දැන් හරි. දැන් රිබූට් කරන්න. ඔන්න දැන් පරණ එනිකෝල් එකේ කිට්කැට් තියෙනවා. මේ පෝස්ට් එකේ තැනින් තැන දාලා තියෙන්නේ මගේ දුරකතනයේ කිට්කැට් තියෙන විදිහ. මම මේට සිංහල දැම්මා. ඒකයි සිංහලෙන් තියෙන්නේ. සිංහල දාගන්න හැටි මම හිතන්නේ හැමෝම දන්නවා. ඒ ගැන ලියැවුණු බ්ලොග් පෝස්ට් ඕන තරම් හොයාගන්නත් පුලුවන්. 
  
මගේ ෆෝන් එකේ මේ පෙනුම තියෙන්නේ මම Go Launcher සහ Go Themes Install කළ නිසයි.


ඔන්න මම හොයාගත්ත දේ හැමෝටම කිව්වා. ප්‍රශ්නයක් ඇත්නම් කතා කරමු.

සම්බන්ධිත ලිපි
ගැලක්සි එනිකෝල් (M110S) එකට සයිනජන්මොඩ් 11 රොම් එකක් දාමු

22 comments:

  1. මගෙ නං තාම තියෙන්නෙ ජෙලියක්... දාන්න පුලුවං වෙයි මටත් ලොලි පොපක්ම..
    කස්ටම් රෝම් ගහන එකට වඩා අවුල වැඩ කරන්න ගියාම රටේ නැති එරර්ස් එන්න ගත්තම යකු නගිනව...
    හෙක් හෙක්

    ReplyDelete
    Replies
    1. හැබැයි මේක නම් අවුලක් නැහැ.

      Delete
  2. හප්පා කියනකොටත් ඇඟ හිරිවැටෙනවා. මේං වෙච්ච වැඩේ..

    http://masandumal.blogspot.com/2014/09/blog-post_18.html

    ReplyDelete
    Replies
    1. අකරතැබ්බය ගැන දැනගත්තා. පුදුම අකරතැබ්බයක් නේ වෙලා තියෙන්නේ. මාත් මේ වෙන කොට මගේ ෆෝන් එකට රොම් 15ක් විතර දාලා ඇති. හැම එකක්ම දාන්න පටන් ගන්න කොටම බ්‍රික් වෙයිද කියන සැකය එනවා. ඒත් දැන් රොම් දාන්න ඇබ්බැහි වෙලා. ලොලිපොප් කස්ටම් රොම් එකක් එන්නේ කොයි වෙලාවෙද කියලා බලාගෙන ඉන්නේ. කොහොම වුණත් ඔබට පිහිට වුණ කෙනොගේ විස්තර මමත් ලියාගත්තා. ඒ ඇයි කියලා විශේෂයෙන් කියන්න ඕන නැහැ මම හිතන්නේ.

      Delete
  3. meke hariyta download file wada nane

    ReplyDelete
    Replies
    1. 412newkrn.tar ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන ලින්ක් එක වැඩ කරන්නේ නැහැ තමයි. මෙන්න මෙතනට ගිහින් ඩවුන්ලෝඩ් කරන්න.

      https://www.dropbox.com/s/4euf6x8uu7m6utb/412newkrn.tar?dl=0

      Delete
  4. recovery mode enawa pa_gapps-modulaser-pico-4.4.4-20141011-signed.zip install kalata pas

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ කොතන හරි පියවරක් වැරදිලා තියෙනවා. මොකද මට නම් මේක එක වතාවෙන්ම කිසිම ගැටලුවක් නැතිව හරි ගියා. මේ පියවර වෙනස් නොකර ආයේ දාලා බලන්න.

      Delete
  5. Meka cwm recovery file ekak widiyata denna barida?

    ReplyDelete
    Replies
    1. එ් කියන්නේ රිකවරි මෝඩ් යන එක ගැනද අහන්නේ. ඔඩින්වලින් ෆ්ලෑෂ් කළාම සී.එම්.එබ්ලිව්. රිකවරි මෝඩ් එකට ඕන කරන ෆයිල් ෆෝන් එකේ හැදෙනවා. ඉන් පස්සේ වොලුයම් ඩවන්, හෝම් කී එකවර තදකරගෙන ෆෝන් එක ඔන් කළාම රිකවරි මෝඩ් යනවා.

      Delete
  6. Naa.odin nathuwa phone ekenma cmw backup file ekak widiyata recover karanna puluwn widiyata rom eke backup ekakdenna puluwanda kiyala ahuwe

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම දාන්න පුළුවන්. ඒ කියන්නේ මේ රොම් එක දාගත්ත කෙනෙක් මුළින්ම මේක බැකප් එකක් ගන්න ඕන. අන්න බැකප් ෆයිල් එක සී. එම්. ඩබ්ලිව්. එකෙන් රිස්ටෝර් කරන්න පුළුවන්. එවිට ඔඩින් අවශ්‍ය වෙන්නේ නැහැ. මම දැන් දාගෙන ඉන්නේ වෙන රොම් එකක් නිසා මට ඒක කරන්න ක්‍රමයක් නැහැ. කොතැනක හරි තිබුණොත් මේ බ්ලොග් පෝස්ට් එකටම ලින්ක් එකක දෙන්නම්.

      Delete
  7. gapps link eka wada ne.lolipop romak nadda

    ReplyDelete
    Replies
    1. මම gapps ලින්ක් එක update කළා. ලොලිපොප් රොම් එකක් තියෙනවා. ඒත් ඉන්ස්ටොල් කරන විදියේ අවුලක් තියෙනවා. හරි ගියොත් පෝස්ටුවක් දාන්නම්.

      Delete
  8. samsung galaxy s any call phone ekata lolipop rom ekak hoyala dannako

    ReplyDelete
    Replies
    1. ලොලිපොප් රොම් එකක් නම් මේ ෆෝන් එකට හදලා නෑ මම දන්න තරමින්. දැන් අලුත් ෆෝන් ආපු නිසා කිට්කැට්වලින් පස්සේ මේකට කස්ටම් රොම් ඇවිත් නෑ.

      Delete
  9. ko meke rom eka dowunload karanna ba ne

    ReplyDelete
  10. හාර්ඩ් කීස් වැඩ නැහැනේ බන්

    ReplyDelete
    Replies
    1. හාර්ඩ් කීස් ද සොෆ්ට් කීස් ද? හැබැයි ඒ වගේ අවුලක් නම් වුනේ නෑ

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න