පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, April 28, 2013

Ji Jin Hee as the king Sukjong in Abheetha Diyani - අභීත දියණි හි සුක්ජොන්ග් රජුගේ චරිතයට පණපොවන ජි ජින් හී





කොරියානු ටෙලි නාට්‍ය අප රටේ ජනප්‍රියවීමත් සමග ඒවායේ පෙනී සිටින නළු නිළියන් අප රටෙහි ප්‍රෙක්ෂක ජනතාවගේ ප්‍රියතම තාරකා බවට පත්විය. මෙයට කලකට පෙර විකාශනයේ පැවති ‛සුජාත දියණි’ මෙයට ඇති කදිම උදාහරණයයි. එහි ‛ඩා ජැන්ග් ගියුම්’ හෙවත් ‛චංගුමි’ තවමත් අප රටෙහි ප්‍රෙක්ෂකයන්ගේ ආදරණීය චරිතයක් ලෙසින් පවතී. අදාළ වුවද නැති වුවද ඇතැම් කටවුට් පෝස්ටර්වල පවා ඇගේ රුව දක්නට ලැබේ. බොහෝ ටියුෂන් පංති සඳහා වූ පෝස්ටර් හා වෙළෙඳ දැන්වීම්වල ඇගේ රුව දක්නට ලැබෙන අතර, ඒවායේ නිබන්ධන අතුළතද ඇගේ රුව ඇතුළත් වේ. එක් ටියුෂන් ගුරුවරයෙකු සිය ප්‍රචාරක දැන්වීමක සඳහන් කළේ පළමු දේශනයට පැමිණෙන සිසු සිසුවියනට චංගුමීගේ ඡායාරූප ඇතුළත් සීඩී එකක් නොමිලේ ලබාදෙන බවය.   මෙයින් පසුව දැන විකාශනය වන්නා වූ ‛අභීත දියණි’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය වූ ‛ඩොන්ග් යි’ ද කෙමෙන් මේ තත්වයට පත්වෙමින් පවතින බැව් පෙනේ. මෙ කතා කරන්නට සූදානම් වන්නේ ද කොරියානු ටෙලිනාට්‍ය නිසා ලොව පුරා ජනප්‍රියත්වයට පත්වූ. විශේෂයෙන් කාන්තාවන්ගේ  ආදරණීය චරිතයක් බවට පත්වූ රංගන ශිල්පියකු පිළිබඳවය. ඔහු නමින් ‛ජි ජින්-හී’ ය. 
1971 ජුනි 24 වැනිදා දකුණු කොරියාවේ උපත ලද ජි ජින්-හී වෘත්තියෙන් නළුවෙකි. උසින් සෙ.මී. 178ක් වන අතර බර කිලෝ ග්‍රූම් 71කි. කටක ලග්නය හිමි ඔහුගේ රුධිර ඝනය වන්නේ බී පොසිටිව් ය. 2004 වසරේදී ඔහු ලී සු යොන් හා විවාහ විය. ම්යුන්ග් සරසවියෙන් සැළසුම්කරණය පිළිබඳ හදාරා ඇති ඔහු මුළින්ම සැළසුම් ශිල්පියකු ලෙසද, පසුව, ඡායාරූප ශිල්පියකු ලෙස ද වැඩකටයුතු කළ අතර රංගන ශිල්පියකු බවට පත්වූයේ ඉන් පසුවය. 
 ‛මිස් මිලියන් ඩොලර් ක්වෙස්ට්’, ‛ලව් ලෙටර්’, ‛ස්ප්‍රින්ග් ඩේස්’, ඓතිහාසික ටෙලිනාට්‍ය වූ ‛ඩා ජැන්ග් ගියුම්’, හා ‛ඩොන්ග් යි’ යන රූපවාහිනි මාළා නාටකවල රඟපෑමෙන් අතිශය ජනප්‍රියත්වයට පත්වූයේය. විශේෂයෙන් අවසානයට සඳහන් කළ, අප රටේ ද විකාශනය වූ හා විකාශනය වෙමින් පවතින කොරියානු ටෙලිනාට්‍යවල රඟපෑම ඔහුගේ ජනප්‍රියත්වයට තවත් හිනිපෙත්තට ගෙන යන්නට හේතුවිය. 
ජි ජින්-හී ‛සුජාත දියණි’ හි පෙනී සිටියේ ‛මින් ජුන්ග්-හෝ’ ගේ චරිතය සඳහාය. මින් යනු කඩවසම් පෙනුමක් ඇති බුද්ධිමත් පුද්ගලයෙකි. විද්වතකු මෙන්ම සටන් ශිල්පය හොඳින් හැදෑරූ අයෙකි. ඔහු රජු යටතේ විනිශ්චයකරුවකු ලෙස සේවය කළේය. ඔහුගේ ජීවිතයට අනතුරක් සිදුවන්නට ගිය අවස්ථාවක ඔහු නොදැනීම ජීවිතය ගළවාගන්නේ ජැන්ග් ගියුම් හෙවත් චංගුමී විසිනි. ඔවුන් අතර ආදරයක් ගොඩනැගෙන්නේ ඉන් පසුවය. 
මේ දිනවල විකාශනය වෙමින් පවතින ‛අභීත දියණි’ ටෙලි නාට්‍යයේ ජි ජින්-හී පෙනී සිටින්නේ තවත් ඓතිහාසික චරිතයක් වූ සුක්ජොන්ග් රජු ලෙසය. මෙහි රජවාසලේ සේවිකාවක වූ ඩොන්ග් යි සමග ඔහුගේ ආදර සබඳතාවයක් ගොඩ නැගෙයි. 
මෙම ටෙලිනාට්‍යවල චරිතවලට පෙනී සිටීමෙන් අනතුරුව ඔහුට කොරියාව තුළ මෙන්ම අන් රටවල ද ලැබී ඇති ප්‍රෙක්ෂක ප්‍රතිචාර ඉමහත්ය. විශේෂයෙන් කාන්තාවන අතර ඔහු අතිශය ජනප්‍රිය මෙන්ම ආදරණීය චරිතයක් බවට ද පත් ඇති බැව් පෙනේ. ඔහු වෙනුවෙන් වූ අන්තර්ජාල ෆේස්බුක් රසික පිටුවට ගොඩවැදීමෙන් පමණක්ම ඔහුගේ ජනප්‍රියත්වය පිළිබඳ තක්සේරුවක් ලබාගත හැකිය. 
කොරියානු ටෙලිනාට්‍ය එතරම් ජනප්‍රියත්වය නොමැති ඕස්ට්‍රේලියාවේ රූපගතකිරීමකට ජි ජින්-හී සහභාගී වූ අවස්ථාවේ දී එහි තරුණියන්ගේ දැවැන්ත ප්‍රතිචාරයක් ඔහුට ලැබුණු බැව් එක් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කොට තිබිණි. ඔහු පවසන්නේ ඓතිහාසික ටෙලිනාට්‍යවල ඔහු පෙනී සිටිනු දකින්නට බොහෝ රසික රසිකාවියන් බෙහෙවින් කැමැත්තක් දක්වන බැව් තමාට දැනී ඇති බවය. ‛ඩා ජැන්ග් ගියුම්’ හි රඟපෑම වෙනුවෙන් ඔහු චීනයේ ද අතිශය ජනප්‍රියත්වයට පත්වූවා පමණක් නොව සී.ඊ.ටී.වී. යන වින්දනාත්මක් නාළිකාව මගින් ඔහුට 2010 වසරේ ‛ආසියානු තාරකාව’ යන සම්මානය ද පුදකරනු ලැබිණි. මීට අමතරව ආසියානු රටවල මෙන්ම යුරෝපීට රටවලද ඔහු බොහෝ දෙනෙකුගේ, විශේෂයෙන් යුවතියන්ගේ ආදරනීය චරිතයක් බවට පත්ව හමාරය. 
ටෙලිනාට්‍යවලට අමතරව ඔහු මේ වන විට දිත්‍රපට 12ක පමණ චරිත නිරූපණය කොට ඇත. ඔහු මෙතෙක් රංගනයෙන් දායක වූ ටෙලනාට්‍ය සංඛ්‍යාව 17ක් පමණ වේ. විවිධ රූපවාහිනි වැඩසටහන් මෙහෙයවන්නකු ලෙස ද ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර දිනා ඇති ඔහු ඩොන්ග් යි හි රඟපෑම වෙනුවෙන් විශිෂ්ටතා සම්මානයක් දිනාගත්තේය. ඊට අමතරව තවත් සම්මාන කිහිපයක්ම මේ වනවිට දිනාගෙන තිබේ. 



Indian Anti Rape Underwear - ස්ත්‍රී දූෂකයන්ට එවෙලේම දඩුවම් ලැබෙන ඇදුමක්



ඉන්දියාවේ පසුගිය දෙසැම්බර් මාසයේ සිදුවුණු ස්ත්‍රී දූෂණ සිදුවීම තවමත් කිසිවකුට හෝ අමතකව ගොස් නැතිවාට සැක නැත. මෙම සිදුවීමෙන් පසුව ඉන්දියාව පුරා ස්ත්‍රී දූෂණවලට එරෙහිව දැඩි විරෝධයක් එල්ළවන්නට විය. යටකී සිදුවීම කෙතරම් ප්‍රබල ලෙස ලෝක ජනමතයට ද බලපෑම් කළ බැව් පැහැදිලිවන්නේ මේ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැංකි මූන් ද ප්‍රකාශයක් නිකුත් කළ නිසාය. මෙවැනි සිදුවීමවලින් ඉන්දියාවේ කාන්තාවන් දැඩිලෙස පීඩා විඳින නිසා එයට එරෙහිව කාන්තාවන් හඬ නගන අතරේ ඔවුන් විසින්ම මෙවැනි සිදුවීම්වලට එරෙහිව නව තාක්ෂණය යොදාගැනීමක් පිළිබඳව පුවතක් ද මෑතකදී අසන්නට ලැබිණි. ඒ ස්ත්‍රීන්ට සිදුවන අතවරවලින් ඔවුන් ආරක්ෂා කරන අන්දමේ යට ඇඳුමකි. 
ඉන්දියාවේ චෙන්නායි ප්‍රාන්තයේ ඉංජිනේරු විද්‍යාව හදාරන්නාවූ සිසුවියන් තිදෙනකු විසින් මෙම අපූරු නිර්මාණය ඉදිරිපත්කොට තිබේ. ජී.පී.එස්. තාක්ෂණය ද මෙයට එක් කොට ඇති බැවින් අදාළ සිදුවීම සිදුවන ස්ථානය පිළිබඳව අදාළ බලධාරීන්ට තොරතුරු ලබාගැනීමට ද පුළුවන. 
මෙම යට ඇඳම සහිත කාන්තාවකට අතවර කිරීමට උත්සාහ දරණ පුද්ගලයාගේ සිරුරට වොට් 3,800ක් විදුලි සැරයක් ආරෝපණයකොට ඔහු අඩපණ කිරීමට මෙය සමත්කම් දක්වයි. 
මෙම යට ඇඳුම රාත්‍රියට අඳින්නාවූ ගවුමකට සමානය. අතවරය කිරීමට සැරසෙන පුද්ගලයා අදාළ කාන්තාවගේ සිරුර දැඩිලෙස ස්පර්ශ කරනා විට විදුලි සැර ඔහුගේ සිරුරට කාන්දුවන අන්දමින් සකසා තිබේ. අදාළ පරිපථය ඇත්තේ යට ඇඳුමට යටිනි. එය ඇඳ සිටින්නාට මෙයින් හානියක් සිදු නොවන පරිදි සකසා ඇත. 
මෙය නිර්මාණය කොට ඇති ඉංජිනේරු සිසුවියන් තිදෙනා චෙන්නායි ප්‍රාන්තයේ සරසවියක ඉගෙනුම ලබති. ඔවුනට මෙම නිර්මාණය කිරීමට අදහස පහළවී ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයේ බස් රථයක සිදුවූ ඛේදජනක ස්ත්‍රී දූෂණ සිදුවීමෙන් පසුවය. 
මෙම නිර්මාණයේ එක් හවුල්කාරියක වන රිම්පි ත්‍රිපති පවසන්නේ මෙම ඇඳුම මගින් කාන්තාවට ආරක්ෂාව සැළසෙනවා පමණක් නොව අදාළ දූෂකයාට ඒ මොහොතෙහිම දඬුවම් ද ලැබෙන බවය. 
“අපට අවශ්‍ය වුණේ ආරක්ෂාව සැළසීම පමණක් නොවෙයි, ක්ෂණිකව දඬුවමකුත් ලබා දෙන්නයි. ස්ත්‍රී දූෂණය කරන්නට උත්සාහ දරන පුද්ගලයාට මෙතරම් අධික විදුලි සැරයක් වැදුනාට පසුව ඔහු ක්ෂණිකව අඩපණ වනවා විතරක් නෙවෙයි, යළි එවැනි ක්‍රියාවක් කරන්නට හීනෙන්වත් හිතන එකක් නැහැ.” ඇය පවසන්නීය. 
මාස ගණනක් තිස්සේ ඉතා සීරුවෙන් සැළසුම් කළ මෙම උපකරණය සංවේදී ඉලෙක්ට්‍රොනික පරිපථවලින් යුක්ත වේ. අදාළ කාන්තවගේ සිරුරට කිසිදු ආකාරයක බලපෑමක් මෙයින් අත්නොවේ. මෑත යුගයේ කාන්තාවන් වෙනුවෙන්ම නිර්මාණය වූ අත්‍යවශ්‍ය හා වැදගත් උපකරණයක් ලෙස ඔවුහු මෙය හඳුන්වති. 
මෙහි තවත් හවුල්කාරියක වන නිලදාරී බාසුබල් පවසන්නේ මුල්ම විදුලි සැරය මගින් දූෂකයා අඩපණ කර දමන බවත්, ඉන් අනතුරුව විවිධ වර්ගයේ විදුලි සැර 82ක් මෙයින් ජනිතවන බවත්ය. එනම් දූෂකයා පළමු විදුලි සැරයෙන් නොනැවතුනේ නම් හෝ, එතැන එක් අයෙකුට වඩා සිටියේ නම් හෝ ඒ සියලුදෙනා අඩපණ කරන්නට තරම් වාර ගණනක් විදුලි සැර ජනිත කරන්නට මෙම ඇඳුමේ සවිකොට ඇති උපකරණය සමත්වන බවයි. 
මෙය ජලයට ඔරොත්තු දෙන අන්දමට සකස් කරන්නටත්, සිය ජංගම දුරකතනය හා මෙම උපකරණය අතර සම්බන්ධයක් ඇති කරන්නටත් මොවුන් තිදෙනා මේ දිනවල පර්යේෂණ පවත්වමින් සිටිති. මෙය පැළැඳ සිටින තැනැත්තියට විදුලි සැර කාන්දු නොවන සේ මෙය සැකසීමට මොවැන් තිදෙනා දීර්ඝ කාලයක් ගත කළ බව ත්‍රිපති පවසන්නීය. 
මෙය සාමාන්‍ය ඇඳුමක් මෙන් සෝදන්නට ද හැකි සේ සකස් කරන්නට සුදුසු රෙදි වර්ගයක් පිළිබඳව ද මොවුන් තිදෙනා සිය අවධානය යොමුකොට තිබේ. ඔවුන් මෙය වෙළෙඳපලට නිකුත් කරන්නට බලාපොරොත්තුවන්නේ එයින් පසුවය. 
මෙයට පේටන්ට් බලපත්‍රය ලැබෙන තුරු මෙහි සැබෑ ආදර්ශය ප්‍රසිද්ධියට පත් කිරීමට තමා අදහස් නොකරන බැව් මෙහි හවුල්කාරියක වන මනීෂා මෝහන් පවසන්නීය. මෙයට පේටන්ට් බලපත්‍රය ලැබුණු පසු මෙය මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම සඳහා දැනටමත් නිෂ්පාදකයන් කිහිප දෙනෙකු සමඟ කතාබහ කරමින් පවතින බව ද ඇය පවසයි. 





Thursday, April 25, 2013

Books written by me - මම ලියපු පොත්

Books Written by Me - මම ලියපු පොත්

Author Books
You have found 8 results  [ Books By : Niranjan Chaminda Karunathilake - නිරංජන් චාමින්ද ]

Add to Cart
Urai Kotiyai
No Of Pages: 
Publisher: 
Date Published: 
Price of Printed copy: 
Add to Cart
Add to Cart
Add to Cart
Waduru Paule Kathandare
No Of Pages: 
Publisher: 
Date Published: 
Price of Printed copy: 
Add to Cart
Add to Cart
Add to Cart
Gira Podiththo
No Of Pages: 
Publisher: 
Date Published: 
Price of Printed copy: 
Add to Cart
« Previous | Page      | Next »

Friday, April 19, 2013

Solar Calendar - සූර්ය දින දර්ශනය


අප්‍රේල්  යනු ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු බොහෝ ආසියානු රටවල ජනතාවට නව වසරක් කැඳවාගෙන එන මාසයයි. මෙය සූර්ය මංගල්‍යය ලෙස ද හඳුන්වනු ලබයි. හිරු දෙවියන් මුල්කොට ගනිමින් පවත්වන ලබන බැවින් මෙය ‛සූර්ය මංගල්‍යය’ ලෙසට නම්කරන්නට ඇත. මෑත ඉතිහාසයේ සුර්ය වන්දනාව බටහිරින් ගිළිහී ගියත් පෙරදිග සාම්ප්‍රදායික කෘෂි ආර්ථික රටාවකට හුරුවූ සිටින ජනතාව වර්තමානයේදී ද යම්කිසි මට්ටමකින් සූර්ය වන්දනාව සිදුකරයි. අලුත් අවුරුදු උත්සවය ඊට ඇති කදිම නිදසුනයි. නමුත් අතීතයේ බටහිර ලෝකයේද සූර්ය මංගල්‍යය මහ ඉහළින් පැවැත්විණි. ලොවපුරා කිතු බැතිමතුන් කිතු සමිඳුන්ගේ උපත සමරන්නා වූ ‛නත්තල’ ද මුල්සමයේ පවත්වනු ලැබූයේ සූර්ය මංගල්‍යයක් ලෙසින් බැව් ඉතිහාසය මදක් විමසා බලන්නකුට අවබෝධ වේ. මුල් සමයේදී ලොව කිසිවකු හෝ කිතු සමිඳුන්ගේ උපත සමරා නැත. දෙසැම්බර් 25 වැනිදා කිතු සමිඳුන්ගේ උපත සැමරීමක් මුළින්ම සඳහන්වන්නේ ක්‍රි.ව. 324 දීය. එයට පෙර බටහිර බොහෝ රටවල් දෙසැම්බර් 25වැනිදා පවත්වනු ලැබුයේ සූර්ය මංගලයයකි. එය ‛අපරාජිත සූර්ය මංගල්‍යය’ නම් විය. පසුකාලයේ රෝමානු අධිරාජ්‍යය කිතු දහම වැළැඳගැනීමත් සමග, ඔවුන් එතෙක් සැමරූ ‛අපරාජිත සූර්යයා’ ගේ ස්ථානයට කිතු සමිඳුන් රැගෙන ආ අතර එතැන් පටන් දෙසැම්බර් 25 වැනිදා කිතු සමිඳුන්ගේ උපත සැමරීම සිදුවිය. මේ අනුව බලන කල සුර්ය මංගල්‍යය යනු ලොව පුරා එකසේ සමරනු ලැබූ උත්සවයක් වූ බැව් පෙනේ.

වර්තමානයේ මෙම සූර්ය මංගල්‍යය පිළිබඳ සඳහන් කරන්නාවූ ඇතැම් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය එයට සම්බන්ධ වර්ෂය සඳහන් කිරීමේදී වරදක් කරනා බැව් පෙනේ. නිදසුනක් ලෙස ගතහොත් මේ වසරේ උදාවුණු සූර්ය මංගල්‍යය හැඳින්වීමට යොදාගත්තේ ‛සූර්ය මංගල්‍යය 2013’ යනුවෙනි. නමුත් සූර්ය මංගල්‍යය ගණනය කරනු ශක වර්ෂවලිනි. ඔබගේ නිවසේ ඇති ලිත පරීක්ෂාකොට බැලුවහොත් එය මැනවින් අවබෝධවනු ඇත. ‛ශක වර්ෂ’ යනු කුමක්දැයි ඔබට දැන් ගැටළුවක් ඇතිවන්නට පුළුවන. මෙය ’ශක රාජ වර්ෂ’ යනුවෙන් ද හඳුන්වනු ලබයි. මෙම වර්ෂ ක්‍රමය ඇරඹෙන්නේ කිතු උපතින් වසර 78ක් ගිය තැනය. එනම් වර්තමාන ශක වර්ෂය කුමක්දැයි ගණනය කරගන්නට අවශ්‍ය නම් අප කළ යුත්තේ වර්තමාන ව්‍යවහාරික වසරින් වසර 78ක් අඩු කිරීමය. එවිට මෙම වසරේ උදාවන්නේ 1935 වැනි ශක වර්ෂයයි. අප මෙවර සැමරුවේ මේ අනුව 1935 වැනි සූර්ය මංගල්‍යයි. නමුත් මෙම වර්ෂ ක්‍රමය සාමාන්‍ය ජනයා අතර භාවිතවන්නේ නැත. එය යොදාගනු ලබන්නේ නක්ෂත්‍රකරණයේ යෙදී සිටින්නන් පමණි. ඉන්දියාවේ විසූ ශක නම් රජු ඉතා දක්ෂ නක්ෂත්‍රකරුවකු විය. එම රජු මිය ගිය දිනයේ සිට ඔහු සිහිකරනු වස් මෙම වර්ෂක්‍රමය නක්ෂත්‍රකරණයේ යෙදෙන්නවුන් විසින් භාවිතයට ගනු ලැබිණි.

ඈත අතීතයේ සිටම හින්දු ජාතිකයින් අලුත් අවුරුද්ද, එසේත් නැත්නම් සූර්ය මංගල්‍යය සැමරීම සඳහා යොදා ගන්නේ ‛චන්ද්‍ර - සූර්ය දිනදර්ශනයයි. මෙය පොදුවේ හඳුන්වන්නේ් ‛හින්දු දිනදර්ශනය’ වශයෙනි. අතීතයේ සිට විවිධ වෙනස්කම්වලට බඳුන්වෙමින් පැමිණි මෙය අදවන විට යම් යම් වෙනස්කම් සහිතව විවිධ නම්වලින් ඉන්දියාවේ ප්‍රාන්තවල අනුගමනය කෙරේ. මෙය ඉන්දීය ජාතික දිනදර්ශනය තරමටම ඉන්දීය රාජ්‍ය මට්ටමින්ම පිළිගැනීමට ලක්ව තිබෙන බැව් විශේෂයෙන් සඳහන් කළ යුතුය. මෙය නේපාල, බෙංගාලි, මලයාලම්, දෙමළ, තෙළිගු, කන්නදා වැනි විවිධ ප්‍රාන්තවල යම් යම් වෙනස්කම් සහිතව භාවිත කෙරෙන බැව් පෙනේ. මේවා නාමික වශයෙන් විවිධ වුවද සියල්ලම මාස හඳුන්වන්නට භාවිත කරන්නේ පොදු නම්ය. මන්ද ඔවුන් සියලු දෙනා ඒ සඳහා සංස්කෘත භාෂාව යොදාගෙන ඇති නිසාය. වෙනස ඇත්තේ වසර දහස් ගණනක් තිස්සේ ජනතාව එම මාස උච්ඡාරණය කළ ආකාරයේ ඇති වෙනස්කම් පමණි.

හින්දු ජාතිකයන්ගේ අලුත් අවුරුදු උත්සවය ‛චිත්තරයි තිරු-නාල්’ නම් වේ. ඔවුන්ගේ දිනදර්ශනයට අනුව පළමු මාසය වන්නේ ද අප්‍රේල් මාසයයි. ඔවුන් සිය දිනදර්ශනයේ එම මාසය හඳුන්වනු ලබන්නේ ‛චෛත්‍රා’ නමිනි. මෙයට අධිපති රාශිය මේෂය. අප සිංහල අවුරුදු උදාව ලෙස සමරන්නේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයවීම වන අතර හින්දූන්ගේ චාරිත්‍රවල ද දිනදර්ශනයේ ද එය වෙනසක් නැත. නමුත් පසුගිය ලිපියක අප සඳහන් කළා සේ ඔවුන්ගේ අලුත් අවුරුද්ද හෙවත් සූර්ය මංගල්‍යය උදාවන්නේ අප්‍රේල් 14 වැනිදාය.

හින්දු සූර්ය දින දර්ශනයට අනුව දෙවැනි මාසය වන්නේ ‛වෛශාඛ’ වේ. වෛශාඛ යන්නෙහ් සිංහල අරුත නම් වෙසක් යන්නය. හින්දුන් බුදු තෙමඟුළ සමරන්නේ නැති වුවද ඔවුන්ගේ දින දර්ශනයේ දෙවැනි මාසයට ඔවුන් එම නම ලබාදී ඇත.  ඉතිරි මාසයන් වන්නේ ජයිෂ්ත, ආසාධ, ශ්‍රවණ, භද්‍රෝපාද, අස්වින්, කාර්ටික, අග්‍රහායන, පවුස, මාඝ හා ඵාලුන්ග නම් වේ.