පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, April 21, 2015

අපේ සත්ව අවිහිංසාවාදීන්


අපේ රටේ ඇත්තේ අමුතුම ආකාරයේ සත්ව අවිහිංසාවකි. මස් පිණිස කාලයක් තිස්සේ සතුන් මරා දැමුණ ද වැඩි දෙනෙකුගේ අවිහිංසාව ඇතිවන්නේ ගවයාට පමණය. කුකුළු මස් කෑම බොහෝ දෙනෙකු සිතන්නේ ශාක ආහාරයක් ගන්නා තරම් සරල ආකාරයටය. ඌරන් ගැන කතා කරන කිසිවකු නැත්තේය. ඉදින් තාරවුන්, කළුකුමන්, තලගොයින්, හාවුන්, මැටි කොරවක්කුන් වැනි අවශේෂ සතුන් ගැන කතා කිරීමෙන් වැඩක් ඇත්තේම නැතිය. 

කෙසේ වෙතත් සත්ව අවිහිංසාවාදීන් මෑතක සිට අලි ඇතුන් කෙරෙහි පුදුමාකාර කරුණාවක් දක්වන්නට පටන් ගෙන තිබේ. ඒ හීලෑ ඇලි ඇතුන් කෙරෙහිය. මේ අවිහිංසාවදීන්ට වැඩිපුරම තරහ යන්නේ අලි ඇතුන් කොට අදිනවාට නොව ඔවුන් පෙරහරේ ධාතු වැඩම කරනවාටය. එබැවින් ආණ්ඩුවේ ලොකු මහතුන් සමඟ එකතුව පසුගිය කාලයේ හීලෑ ඇලි ඇතුන් සොයා මෙහෙයුම් කරනු දැකගන්නට ලැබුණේය. පෙරහරේ ධාතු වැඩම කරවීම අලි ඇතුන්ට කරන හිංසාවක් ලෙස දකින මේ අවිහිංසාවාදීන් ගස් කපන්නට අලි යොදා ගන්නා විට කිසිවක් කියනු ඇසෙන්නේ නැතිය. මස්කඩවල සතුන් මරන විට එය පෙනෙන්නේ ද නැතිය. 

විශේෂයෙන් අවුරුදු උත්සවයට ඇත්ත අලියකුට හිංසා කරමින් ඇස තබන්නටත්, අලි ඇතුන් ලවා කඹ අදින්නටත් තරග සංවිධාන කරන විට එය අවිහිංසාවක් සේ පෙනෙන්නේම නැත. අපේ රටේ අවිහිංසාවදීන්ගේ හැටි එහෙමය. 

13 comments:

  1. ඇත්ත මේක නම් මහා අමන තිරිසන් වැඩක්.පක්ෂේ ලකුණු වූ පමණින් 'අලියා'අවභාවිත කිරීම වරදක්.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් කියන්නේ

      Delete
  2. කාලෝචිතයි...!

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

      Delete
  3. බුදු දහම හා ජෛන ආගම මුසුවී සැදුනු අවිචාරවත් අවිහින්සාවාදයක් ලංකාවෙ තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. තව ටිකක් ඒක පැහැදිලි කරන්න පුළුවන්ද?

      Delete
  4. පිස්සුද උන්නැහේ. අලින් වෙනුවෙන් අවිහිංසාවාදය කතා කරන බහුතරයක් කතෝලිකයන්.

    ReplyDelete
  5. ලංකාවේ පවතින යම් යම් සංස්කෘතික වටිනාකම් විනාශ කර සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට සියුම් කුමන්ත්‍රණ පවතී. මෙන්න මේ සම්බන්දව මම යකාගේ අඩවියේ දැමු කමෙන්ටුවක්
    //රටක දියුණුවට එම රට ගැන හන්ගීමක් තිබීම වැදගත්. රට ගැන හන්ගීමක් ඇතිවීම සඳහා සංස්කෘතික අංග වැදගත්. පෙරහැර සඳහා අලි ගෙනයාම සංස්කෘතික අංගයක්. ඒවා ඉවත් දැමීම නොකළ යුතුයි. වර්තමානයේ ලංකාවේ යම් පිරිසක් සංවිධානාත්මකව කරගෙන යන දෙයක් තමයි ලංකාවේ බව්ද්ද සංස්කෘතික ක්‍රියාකාරකම් විනාශ කිරීම. ඔය අලින්ගේ අයිතිවාසිකම් ගැන කෑගහන එකේ අරමුණ එකයි. අලින්ට පෙරහැර සහ පන්සල්වල ඇතිකිරීම නිසා යම් හිංසනයක් තමයි ගෙදරක බල්ලෙක් ඇතිකරන විටත් ඒ හිංසනය සිදුවනවා නේද. හරක් , කුකුලන්, එළුවෝ මස් සඳහා ඇතිකිරීම පන්සල්වල අලි ඇතිකිරීමට වඩා හිංසනයක් නේද? ලෝකයේ බොහෝ රටවල අශ්වයෝ ඇතිකරනවා රේස් සඳහා. එංගලන්ත රැජිණිය පවා එය කරනවා එය ස්සත්ව හිංසනයක් නොවේද? මෙසේ ලෝකයේ සතුන් හිංසනයට ලක්වෙන තැන ඕන තරම් තිබියදී පන්සලේ ඉන්න මෙන්ම පෙරහරේ යන අලියා ගැන රැඩිකල් කැක්කුමකින් කතා කරන්නේ ඇයි. එතන අරමුණ සත්ව හිංසනය වෙනුවෙන් කතා කිරීම නොව ලංකාවේ කැපී පෙනන බවුද්ද සංකෘතික අංගයක් ගැන ඇති ඉරිසියාව වේ. පිරිසක් හදන මතය යටි අරමුණ විමසීමකින් තොරව පොෂ් වෙන්න ජනප්‍රිය කරන පිරිසට ඔබත් එකතු වෙන්න එපා. පන්සලෙන් පෙරහරෙන් අලි ඉවත් කරන්න කලින් ගෙවල්වල බල්ලෝ, සත්තුවත්තේ සතුන්, මසට ඇතිකරන සතුන් හැදීම නවත්වලා සියලු සතුන්ට කැලේට වෙලා ඉන්න නිදහස දෙන්න.//

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස සමග මමත් එකහෙලාම එකග වෙනවා. ඇත්තටම මේ අලි සහ ඇතුන් ගැන ඇතිවී තිබෙන අමුතු අවිහිංසාව පැහැදිලිවම බෞද්ධ සංස්කෘතිය සමග ඇති බද්ධ වෛරයක් පමණයි.

      Delete
  6. ඒකත් අර සිංදුව වගේ...
    පිං මාළු වලේ කුසල් හාමි මාළු බානවා...

    හැම දේම රුයිතෙට

    ReplyDelete
  7. අලි ඇතුන් මොන වැඩේට හීලෑ කරත් ඒක වැරදියි. කොට අදින්න අලි ඇතුන් යොදා ගත්තේ මිනිස්සු තාක්ෂණික වශයෙන් නොදියුණු කාලේ. දැන් අපිට ඒ වෙනුවට ඕන තරම් යන්ත්‍ර තියෙනවා. ඉතින් මේ අලි හීලෑ කරලා වැඩට යෙදිම නිකම්ම නොදියුණු ගතියක් වෙනවා. ඒ වගේම තමයි මොන සංස්කෘතික වැඩකට වුනත් අලින් අරන් හීලෑ කරන්න කරන හිංසාව වැරදියි. සමහරු කියනවා අලින්ට ගහන්නේ දඩුවම් කරන්නේ නැල්ලු, ආදරෙන් කියලා හීලෑ කරනවලු. මේක අමූලික බොරුවක්. අලියෙක් ඇතෙක් පෙරහරේ යන්න පුරුදු කරන කොට මොන තරම් වද දෙනවද කියලා ඇස් දෙකෙන්ම මම දැකලා තියෙනවා. බොහෝ වෙලාවට පැටවු නම් ඉවසාගෙන ඉන්න බැරි වුනාම අවස්තාවක් බලලා ඇත් ගොව්වට ගහනවා. මම දන්න කෙනෙක් ඉන්නවා පොඩි ඇත් පැටියෙක් පුරුදු කලා, මේ පැටියා ඇත් ගොව්වගේ කකුල දෙපාරක් කඩලා තියෙනවා පාගලා. එක පාරක් නිදාගෙන ඉද්දි අත පාගලා තාම ඒ අත හරියට වැඩ කරන්නේ නැහැ.
    ඒ නිසා කොට අදින අලි වගේම ගොත්‍රික සහ වැඩවසම් සංස්කෘතික ලක්ෂණයක් වන පෙරහැර වුනත් සත්ව හිංසාවෙන් තොර විය යුතුයි

    ReplyDelete
    Replies
    1. පෙරහැරේ අලි සහ ගුඩු තර්ක

      දැන් ප්‍රධාන ප්‍රස්තුතය දෙසට හැරෙමු. ඊනියා නූතනවාදීන්ට අනුව පන්සල් වල අලි ඇතුන් ඇති කිරීම සහ බෞද්ධ පෙරහැර සඳහා උන් යොදා ගැනීම තදබල සත්ව අයිතිවාසිකම් උල්ලංගණය කිරීමකි. ඔවුන්ට අනුව අලි ඇතුන් පන්සල් වල ගාල් කර තැබීමෙන්,

      1. යදම්, හෙණ්ඩු ආදිය නිසා හිංසනයට ලක් වේ.
      2. අභිජනන නිදහස සීමා වේ.

      ගාල් කර තැබීම නිසා අලි ඇතුන් හිංසනයකට ලක් වෙන බව සලකන්නේ නම් ලංකාවේ නිවෙස්වල බල්ලන්, පූසන් ඇති කිරීම ගැන මේ ඊනියා සත්ව අවිහිංසාවාදීන් කියන්නේ කුමක්ද? කූඩුවක බල්ලෙක් හැදීම උගේ නිදහස සීමා කිරීමක් නොවේද? මේ පිළිබඳව ඔවුන් නගන ගුඩු තර්කය නම් බල්ලන් පූසන් හීලෑ සතුන් බවත් අලි ඇතුන් හීලෑ සතුන් නොවන බවත්ය. මොවුන් හීලෑ සතෙක් සහ හිලෑ නොවන සතෙක් වෙන් කරන නිර්නායක මොනවාදැයි අපි නොදනිමු. අප දන්නා පරිදි නම්, අලි ඇතුන් වසර දහස් ගණන්ක් තිස්සේ මිනිසුන් ඇසුරේ ජීවත්ව ඇත.

      හොඳයි, බල්ලන්, පූසන් හීලෑ සතුන් සේ සලකා පැත්තක තබමු. සත්වෝද්‍යාන වල ගාල් කර ඉන්නා සතුන් ගැන මේ ඊනියා සත්ව අවිහිංසාවාදීන් කියන්නේ කුමක්ද? සත්වෝද්‍යාන කූඩුවල සිටින කොටි, වළසුන් හීලෑ සතුන්ද? ඔවුන්ට නිදහසට හිමිකමක් නැත්ද?

      මේ ආශ්‍රයෙන් තවත් ඉතාම බොළඳ තර්කයක් නැගෙයි. එනම් ලංකාවේ අලි ඇතුන්ගේ ගහණය අඩු වීමට උන් පන්සල් වල ගාල් කර තැබීම නිසා අභිජනනය සීමා වීම හේතුවක් වී ඇති බවයි. ලංකාවේ කැළෑ වල අලි ඇතුන් 5000කට වඩා ඇත. ලංකාවේ පන්සල්වල අලි ඇතුන් කීදෙනක් ඉන්නවාදැයි මම හරියටම නොදනිමි. එහෙත් ඒ ගණන 100කට අඩු මිස වැඩි නොවේ. මේ අලි 100 අභිජනනය නොකිරීම නිසා 5000 ක අලි ගහණය අඩු වෙන බව කීම මොන පදනමක් ඇති කතාවක් දැයි මට නම් නොතේරේ.

      පෙරහැරේ යන අලින් ගැන උනන්දුවන සත්ව අවිහිංසාවාදීන් මුලින්ම කළ යුත්තේ ලංකාවේ සිදුවන සත්ව ඝාතණ නතර කිරීමට උත්සාහ කිරීමයි. නමුත් ඔවුන් ඒ ගැන කතා කරන්නේ නැත. ඔවුන්ට ඇති එකම ප්‍රශ්නය බෞද්ධයන්ට වැදගත් සංස්කෘතික කටයුත්තක අලි යොදා ගැනීම නතර කිරීම පමණි. මේ ඊනියා සත්ව අවිහිංසාවාදීන්ගේ තර්ක විධි ක්‍රමය ශ්‍රී ලංකාවට විරුද්ධව යුද අපරාධ/මානව හිමිකම් චෝදනා නඟන්නගේ තර්ක විධි ක්‍රමයමය. කොටි ත්‍රස්තවාදීන් අතින් හෝ ලංකාවේ සිදු වූ වෙනත් අපරාධ/මානව හිමිකම් කඩ වීම් ගැන ඔවුන් කතා කරන්නේ නැත. ඔවුන් ඇඟිල්ල දිගු කරන්නේ තෝරාගත් ඊනියා සිද්ධි කීපයක් වෙත පමණය. එලෙසම මොවුන් ඇඟිල්ල දිගු කරන්නේ පෙරහැරේ ඉන්න අලියා වෙත පමණි. අනෙක් කතා ඔවුන්ට අදාළ නැත.

      මේ ඊනියා නූතනවාදීන්ගේ සත්ව අවිහිංසාවාදය ප්‍රෝඪාවක් පමණි. ඔවුන්ට අලි ගැන කැක්කුමක් නැත. ඇත්තේ මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය දරාගැනීමට බැරි කමක් පමණි.

      ----උපුටා ගැන්මකි-------
      https://indhrakiilaya.wordpress.com/2013/03/02/%E0%B6%B1%E0%B7%96%E0%B6%AD%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B7%80/

      Delete
    2. KAS April 24 2015

      පෙරදිග සංස්කෘතීන් යනු ගෝත්‍රික සංස්කෘතීන් යැයි පවසන්නේ බටහිර ජාතීන්ගේ නිර්ණායක මත පිහිටා සිතන අනුවණයන්. මන්ද බොහෝ බටහිර ජාතීන් ගොත්‍රිකයන් ලෙස සිටිද්දී සිරිලක ඇතුළු බොහෝ ආසියානු රටවල ඉහළ සංස්කෘතියක් පැවතුණා. මෙවැනි අදහස් අප රටවල අනුවණයන්ගේ ඔලුවට දමන ඇතැම් බටහිර ජාතීන්ට අප රටේ වැනි දියුණු සංස්කතෘති අංග, කලා ශිල්ප නැහැ. මෙවැනි නිර්ණායක හිස් මුදුණින් පිළිගන්නා අනුවණයන්ට එසේ නම් අප රටේ සියලු සංස්කෘතික උරුමයන් ගෝත්‍රික ලක්ෂණ යැයි පෙනෙනවා නම් එය ද පුදුමයකට කරුණක් නොවෙයි. එවැනි අනුවණයන්ට අනුව උඩරට, පහතරට, සබරගමු වැනි නැටුම් සම්ප්‍රදායයන්, කැටයම් නිර්මාණ ආදී සියල්ලක්ම ගෝත්‍රික සිරිත් විය හැකියි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න