පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, June 18, 2015

මේ වෑයම සිංහලයා නපුංශක කිරීමද?



ගැරඬියකුට භූමිතෙල් ඉස්ස විට ඇතිවන කලබලය ගැන දන්නේ එය දුටු පුද්ගලයන් පමණි. ඇතැම් විට නගරබදව ගැරඬින් සොයාගන්නට නොහැකි නිසා එවැන්නක් දැකගන්නට ඉඩක් ද නැත. නමුත් එවැනි හැසිරීමක් මෑතක දිනකදි මිනිසකුගෙන් දක්නට ලැබිණි. ඒ ජාතික රූපවාහිනියේ ‛සුසර ගී දැහැන’ ට පැමිණි ප්‍රවීණ ගීත රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහයන්ගෙනි. චන්ද්‍රිකා සිරිවර්ධනගේ ‛රණ බිම මැරුණේ සිංහලයෙක් නම්’ ගීතය ගැන අදහස් ප්‍රකාශ කරන්නට යාමේදී එහි ‛සිංහල’ යන වචනය තිබීම ගැන උරණ වූ ඔහු හැසිරුණේ භූමිතෙල්වලින් පහර කෑ ගැරඬියකු මෙනි. 

ඔහු පමණක් නොව අද අප රටේ ඇතැමුන් ‛සිංහල’ යන වචනය ඇසෙද්දී හැසිරෙන්නේ මේ ආකාරයෙන්මය. මේ සියලු නපුංශකයන් සිතන්නේ ‛සිංහල’ යනු ජාතිවාදයට ඇති පර්යාය පදයක් ලෙසය. ඇතැම් නපුංශකයන්ට ජාතියක් නැත. ඔවුන් දේශසීමා මායිම් උත්ක්‍රමණය කළ පුරවැසියෝ වෙති. එබැවින් ඔවුහු ජාතිය යන්න ගණනකට ගන්නේ නැත. එය එක් අතකින් යහපත් යැයි ද සිතෙන්නේ සියලු දෙනාම එවැනි මානසිකත්වයක පසුවන්නේ  නම් ජාති භේද, ආගම් භේද හෝ ජනවාර්ගික අර්බුද හෝ යම් රටක ඇති නොවන බැවිනි. නමුත් ගැටලුව වන්නේ සියලු දෙනා එසේ නොසිතීමය. නපුංශක වෙමින් පවතින සිංහලයන් කිහිප දෙනෙකු එසේ සිතමින්, අනෙකුන්ට ද එසේ සිතන්න යැයි ගමින් ගමින් යමින් ප්‍රචාරණ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ ද දෙමළා හෝ මුස්ලිමා එසේ සිතන්නට ‛සිතන්නේ වත්’ නැත. ඔවුන්ට සිය ජාතිය අභිමානයකි. “මම දෙමළ” හෝ “මම මුස්ලිම්” යැයි ඔවුහු අභිමානයෙන් පවසති. නමුත් අපේ ඇතැම් නපුංශක සිංහලයන් තමන් සිංහල යැයි කියන්නට අකැමතිය. බයය. ඔවුන්ගේ නපුංශක සිත්වලට දැනෙන්නේ එසේ පැවසීමෙන් ජාතිවාදය ඇවිස්සෙන බවය. අනෙක් ජාතියේ සිත රිදෙන බවය. ගිහියන් පමණක් නොව චීවරධාරීහුද මේ අතර සිටිති. අප අපගේ ජාතියේ අනන්‍යතාවය අමතක කළ හොත් සිදුවන්නේ අද දවසේ මේ ජාතිය උරුම කොටගෙන ඉපදෙන දරුවන්ට හෙට දවසේ මෙරට නිදහසේ හුස්ම ගැනීමට ඇති වටපිටාව අහිමිව යාමය. 

මෙවැනි නපුංශකයන්ට නොපෙනුනත් ලොව පුරා මුස්ලිම් ව්‍යාප්තවාදයක් පවතින බැව් රහසක් නොවේ. අප රටේ විල්පත්තුව, මඩු වනාන්තරය ආශ්‍රිතව ක්‍රියාත්මක වන්නේ එයය. ලෝකයේ වෙනත් රටවල ද සිදු වූයේ එයමය. දෙමළා ද කුමක් කරන්නට අරඅඳිනවාදැයි දන්නේ නැත. නමුත් අපේ බොහෝ  දෙනෙක් ‛සහෝදරත්වයක්’ ගැන කතා කරමින් මේවා නොදැක්කා සේ සිටිති. ජාතියක් වශයෙන් තමන් නපුංශක වී සිටිනවාට අමතරව අනෙක් පිරිස ද නපුංශක කිරීමට මොවුනට ඇත්තේ ඉමහත් ‛රුදාවකි’. ඒ එවැනි ‛ලිංග විපර්යාස’ කිරීමෙන් ඔවුනට යම් යම් ප්‍රතිලාභ ලැබෙන බැවින් විය හැකිය. 

අපගේ දේශාභිමාන ගී බොහොමයක ‛සිංහල’ යන වචනය ඇති බැවින් දැන් ඒවා ප්‍රසිද්ධ මාධ්‍යන්ගෙන් ප්‍රචාරය නොවන තරම්ය. ඒවා ප්‍රචාරය වන්නට නම් ‛සුසර ගි දැහැනේ’දී සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් පැවසූ පරිදි ජාතිවාදය ඇවිස්සෙන ‛සිංහල’ යන වචනය වෙනුවට වෙනත් වචන ආදේශ කළ යුතුය. ඇතැම් සිංහලයන් කෙතරම් නපුංශක වී ඇතිදැයි මේවා දකින විට සිතේ. මේ තත්වය නිසා අපට ඉදිරියේදී බොහෝ දේශාභිමාන ගීත අසන්නට නොලැබෙනු නිසැකය. එසේ අසන්නට ඉඩක් නොලැබිය හැකි ගීත අතර, 

මේ සිංහල අපගේ රටයි 

රණ බිම මැරුණේ සිංහලයකු නම් 

සිංහල ජය ගිීත හඬට 

ඇසෙනවාද හඬ ඔබටත් (මෙහි ‛සිංහ පැටව්’ යනුවෙන් තිබේ) 

ඉරක් පායනා දේශය (මෙහි ‛සිංහලේ අපේ’ යනුවෙන් තිබේ) 

රත්නදීප ජන්ම භූමි (මෙහි ‛ආදි සිංහලේ’ යනුවෙන් තිබේ) 

ප්‍රමුඛස්ථානයේ පවතිනු ඇත. තවත් බොහෝ ගීත තිබේ. මෙය තවත් ඉදිරියට වර්ධණය වූ පසු අපට මේ ගීත අසන්නට සිදුවනු ඇත්තේ 88/89 සමයේ නන්දා මාලිනියගේ ‛පවන’ කැසට් පටයේ ගීතවලට සවන් දුන් ආකාරයට මෙන් සොරෙනි. ඒ කාලයේ මේ ගීත අසා අසුවහොත් බොහෝ විට ටයර් සෑයක සැතපෙන්නට අවස්ථාව උදාකරගන්නට තිබිණි. 

එමෙන්ම ‛සිංහල’ යන වචන සහිත ‛බුලත්සිංහල’ වැනි වාසගම් හා ග්‍රාම නාම ද වෙනස් කළ යුතු වනු ඇත. මන්ද අන් ජාතීන්ගේ සිත සනහාලිය යුතු බැවිනි. 

අප අනෙකාගේ ජාතිය හා ආගම කෙරෙහි සමානාත්මතාවයකින් බැලිය යුතුය. නමුත් ‛සිංහල’ යැයි පැවසීම පාපයක් යැයි සිතෙන නපුංශක අදහස් සමාජයේ වැපිරිය නොයුතුය. යමෙකු තමන් සිංහල යැයි සිතන්නට අකමැති නම් එය තමාගේ සිතෙහි පමණක් තබා ගනු විනා නපුංශකයෙකු සේ එම අදහස් අන්‍යයන්ට පෙවීම නොකළ යුතුය. 

කෙසේ වුවත් අනෙකුත් ජාතීන්ට සිය ජාතිය සම්බන්ධව ඇති අභිමානය සිංහලයාගෙන් තුරන් කොට යම් දිනෙක අපේ අනාගත පරපුර අපට සාප කරත් නම් ඒ සාප වැදිය යුත්තේ සමස්ත සිංහලයන්ට නොව සිංහල ජාතිකත්වය අපගෙන් උදුරා දමන්නට කැසකවන මේ ජාතීද්‍රෝහී නපුංශක රැළටමය. 

38 comments:

  1. මේ වැඩේට කත් අදින බැල්ලිගෙ පුතාලා සම හරක් ඉන්නේ පිටරට. උන් ඒ රටවලට ගියේ අපේ රටෙන් අවශ්‍ය අධ්‍යාපනය ලබාගෙන සුදුසුකම් හදාගෙන. මුන් දැන් ඒ රටවලට වෙලා සිංහල කියලා ජාතියක් නැත බුද්ධාගමෙන් වැඩක් නැත ආගම් අදහන උන් මෝඩයෝය කියමින් උන්ගේ ගොන් මතවාද පතුරවනවා. මුන් ඒ රටවල ප්‍රශ්නයක් වුනාම සද්ද නැතුව ලංකාවට ඇවිත් සිංහල බෞද්ධ මූණ පෙන්නගෙන ඉන්නවා. මෙන්න මේ බල්ලන්ව තමයි ගහලා එලවන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. සුළු ඡන්දවලට ැති කෑදරකම නිසා දේශපාලුවන්ද මේවා දිහා නෑසුණා සේ බලා සිටිනවා.

      Delete
    2. කොළඹ නගර සභාව අත්හැර දමන ලද බල්ලන් පිළිබඳවත් සංගණනයක්‌ සිදුකර ඇති අතර එහිදී යන බල්ලන් දෙදහසකගේ තොරතුරු හෙළි වී ඇත.

      Delete
    3. සිංහල වීම අපරාධයක්ද බෞද්ධ වීම අපරාධයක්ද තමන්ගේ සිංහල බෞද්ධ කම පාවලා දෙමින් ලියන එක බල්ලෙක් තමා අර රසික සූරියආරච්චි කියන එකා

      Delete
    4. සමහරෙක් නම් තමන් සිංහල කියන්න බයයි. බෞද්ධ කියන්න ඊටත් වඩා බයයි.

      Delete
  2. උඹලා වගෙ මෝඩ ජාතිවාදීන්ට තේරුනේ නැතත් මේ ප්‍රවීන ගීත රචකයා කියන දේ ඇත්ත. ඔහු එසේ මෙසේ උතුමෙක් නොවෙයි.මාළිගාවත්තෙන් ගෙවල් පවා ලැබූවෙක්.

    හෙළ ජාතික අභිමානේ ගීතය නිසාත් ජාතිවාදය ඇවිස්සෙනවා. ඇයි අනෙක් ජාතීන්ට අභිමානයක් නැද්ද

    මෙවැනි ගීත පරීක්ෂා කිරීමට යහපාලන නියාමන අධිකාරියක් පිහිටවිය යුතුයි.

    සිංහල යන වචනය පමණක් නොවෙයි ඔබට සහ මට සිංහල නම් ගම් තිබීම නිසාත් ජාතිවාදය ඇවිස්සෙනවා. අප සිංහල නම් ගම් පාවිච්චිකරන විට සෙසු ජාතීන් අප දෙස සැකෙන් බැලීම පුදුමයක්ද. තිස් අවුරුද්දක් යුද්ධ කරන්න වුනේ අපේ මේ ජාතිවාදී කම් නිසයි.
    අපේ නම් දෙමළනම් වලට හරවාගත යුතුයි.
    අපේ ගම්වල නම් වෙනස් කරන්න ඕන.

    සිංහල බස පාසල් වල ඉගැන්වීම හා නිවෙස් වල සිංහලෙන් කතා කිරීම නිසාත් ජාතිවාදය ඇවිස්සෙනවා.

    ශ්‍රී ලංකාවෙ නමත් වෙනස් කරන්න ඕන.ශ්‍රී අකුරට යාපනේ කොලහල වුනා අමතකද

    ජනවාරි 8 න් පස්සෙත් සිංහල බාෂාව භාවිතාවීම ගැන ලැජ්ජා වෙන්න ඕන. මේකද යහපාලනය.

    කඩවල බස්වල සිංහල අකුරු තියනව .මේකද යහපාලනය. සිංහල අකුරු දැක්කම සුළුජාතීන්ගෙ සිත් රිදෙන්නෙ නැද්ද. මේකද යහපාලනය.

    සමන් මහත්තය කියන එක හරි. අපේ නම් වාසගම් දෙමළ කරගනිමු. නැත්නම් ආයෙ යුද්දයක්. අනෙ අම්මෝ බයේ බෑ.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහසට මම එක හෙළා එකගත්වය පළකරමි.

      Delete
    2. එතකොට ඒක හින්දම වෙන්නැති, දුර දිග බලලා,ඒ කාලෙම හූරිය අච්චි දේව කියන වාසගම සූරියාරච්චි කරගෙන තියෙන්නෙ.
      අර හොරෙක්, මංකොල්ල කරුවෙක් කියල තමාම පිළි ගන්න කෙනත් ඔය ජාතියෙ කෙනෙක්.එයාට හේවගෙ කෑල්ල වෙනස් කරගන්න බැරුව ඉන්නෙ

      Delete
    3. සමහරෙක් තමන් සිංහල හෝ බෞද්ධ සංස්කෘතිය තුළ ඉන්න බව කියන්න කැමති නැහැ. එක්කෝ පිළිගන්න කැමති නැහැ. කැමති වුණත් තමන් ඉදිරිපත් කරන අදහස් මාකට් කරගැනීමේ අදහස නිසා මේ සංස්කෘතියට පහර දෙනවා.

      Delete
  3. රටට හෙන ගහල තියෙන්නෙ සිංහල බෞද්ධකම නිසයි. මේ ගෝත්‍රික කාලකන්නි ලේ මාපිල්ලුන්ට හෙන හතම ගහන්න ඕන. සිංහල බෞද්ධයො දුටු තැන මර්ධනය කරන්න ඕන. ඒකට මේ වගෙ හෙලවෙන ආන්ඩුවකින් බෑ. තුනෙන් දෙකක් සහිත එජාප රජයක් පත් කර ගනිමු. මම නම් අලියට ගහනව කතිරෙ සිංහලයන්ට කෙළවෙලා යන්න කියල. අපට ඕන දියුණු ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහසට මම එක හෙළා එකගත්වය පළකරමි.

      Delete
    2. පරීක්ෂන් නිරීක්ෂන මහත්තයාගේ තුනෙන් දෙකක් තියා තුනම නැහැ නේද

      Delete
  4. මෙහෙමයි.දැන් ඔය ගීතය ගැන කතා කරනවා නම් ඒකේ තියෙන්නේ මැරුණේ සිංහලයකු නම් කියලනෙ.එතකොට ප්‍රශ්නය තමයි සිංහල නොවෙන කෙනෙක් රට වෙනුවෙන් සටනට ගිහිල්ලා මැරුණොත් මේ ගීතයේ කියවෙන ආකාරයට වීරත්වයක් නොවේ කියන අදහස. අපි හිතමු මුස්ලිම් කෙනෙක් ගීතයක් ගායනා කරා කියලා රණබිම මැරුණේ මුසල්මානුවෙකු නම් කියලා...එතකොට ඇතිවෙන තත්ත්වය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. දිමුත් දිමුත්June 18, 2015 at 4:31 PM

      දැන් මුස්ලිම් එවුන් හලාල් ගෙනාවා... උන් ෂාරියා බැංකු ගෙනාවා... ඒ දෙකම මදිද උන්ගේ ජාතිවාදි කම පෙන්නන... උබේ ජාතිවාදී කම පෙන්නන මේටික ඇති. තොට දැකගන්න.. ආ වල් මූසලයෝ... තොට ඔය වචනෙ විතරද පෙනුනේ ආ අවජාතිකයෝ...

      Delete
    2. ඔබ කියන කතාවේ ඇත්තක් නැතිවාම නෙවෙයි. නමුත් මේ තියෙන්නේ ආදි කාලයේ පටන් සටනට ගිය සිංහලයන් අභීතව සතුරන්ට මුහුණ දුන් බව කියමින් වර්තමාන රණවිරුවන්ගේ ධෛර්යය වැඩවීම පිණිස ලියන ලද ගීතයක්. මෙහෙම හිතන්න. කතෝලික දරුවන් සියයට 99ක් සිටින පාසලක කතෝලික මුණිවරයෙක් ගැන ගුණ ගයන කොට බෞද්ධ දරුවන් එයට විරුද්ධව කෑ කෝ ගැසීමෙන් පලක් නැහැ නේද? සිංහලයන් නොවන අය යුද්ධයට ගිය බව ඇත්ත නමුත් බහුතරය සිංහලයන්. එවිට ගී ලියැවෙන්නේ ඒ බහුතරය ගැන සිතමින්.

      Delete
    3. මම හිතන ආකාරයට නම් සිංහලයා ජාතිවාදී නැහැ. ඔවුන් ජාතී වාදීන් නම් අප රටේ වෙනත් ජාතීන්ට සහ ආගමිකයන්ට මෙතරම් නිදහසේ ජීවත්වෙන්නට බැහැ. විශේෂයෙන් සිංහල බහුතරය සිටින පළාත්වල අනෙක් ජාතීන් සහ ආගමිකයන් නිදහසේ ජීවත් වෙනවා. නමුත් මුස්ලිම් හෝ දෙමළ බහුතරය ජීවත්වන පළාත්වල සිංහලයන්ට නිදහසේ ජීවත්වන්නට පුළුවන්ද කියන එක තමන්ම සිතා තේරුම් ගත යුතු දෙයක්. එවැනි අවස්ථාවක තමන්ගේ නිදහස වෙනුවෙන් එක් වචනයක් හෝ සිංහලයෙක් කියූ පමණින් ලෝකයා බලා සිටින්නේ සිංහලයා ජාතිවාදී යැයි හංවඩු ගැසීමටයි. ඇත්ත ඒකයි. නමුත් දෙමළා හෝ මුස්ලිමා අයිතිවාසිකම් ඉල්ලා සිටින විට එය ඔවුන්ගේ අයිතියක් බව ප්‍රකාශ කරන්නට සියලු දෙනා ඉදිරිපත් වෙනවා. අද සිංහලයා අසරණ වී හමාරයි.

      Delete
    4. 99% ක්ම යුද්ධ කළේ සිංහලයන්. 2001 -2004 කාලෙත් වුනේ සිංහලයන්ට පහර ගහන්න ගිහින් ප්‍රබල ජාතික ව්‍යාපාරයක් වර්ධනය වීම.දැනුත් ඒ සෙල්ලමම ආයෙ වෙනව වගෙ.

      Delete
    5. ඔව් යුද්ධයට සහභාගී වුණු 99%ක්ම සිංහලයන් තමයි. ඉතිං හමුදාවේ ඉතා සුළු ප්‍රතිශතයක් අන්‍ය ජාතිකයන් සිටිනවා කියාත්, ඔවුන්ගේ සිත් රිදේවි යැයි කියාත් බහුතර සිංහලයන්ගේ අභිමානය වඩවන දෑ නොකර සිටිය යුතුද?

      Delete
    6. දිමුත් දිමුත් හෙවත් අන්තිමට තමන්ගේ අම්මා තමන්ව ජාතක කරපු විදිහ දාලා තියෙන කෙනාට
      ඔයා ඇවිල්ලා අංක එකේ ගදබුවෙක්. ශරියා බැංකු ගැන ඔයා කතාකරනවනේ.ඕකේ ලාංකීය ඉතිහාසය හොයලා බැලුවොත් සහ ඕක ගැන අධ්‍යනය කරොත් ඇත්ත මොකක්ද කියලා වැටහේවි.මේකට මුසල්මානුවෙක් කියන දේ ගත්තේ හුදෙක් නිදසුනක් විදිහට පමණයි.amuthusithiwili

      නිරන්ජන්
      ක‍තෝලික පාසලේ උදාහරණය හොඳයි.ප්‍රායෝගික ගැටළු තියෙනවා.නමුත් පොදුවේ සියලුම ළමයින්ට විවෘත වෙන දෙයක් අර 99% ට හරි යන විදිහට කරන්න ගියොත් 1% වුනත් යම් විරෝධයක් එන්න පුළුවන්.සමහර විට අර 99%ත් 1% හිත රිදවන්න අකමැති අය ඉන්න පුළුවන්.ඒ එයාලගේ මතය. මෙතනදි මම ඉන්නේ මේ මතය ගීත විචාරයක් කියන තැන.

      Delete
    7. සාමාන්‍යයෙන් විවාහ උත්සවයකට අපගේ නිර්මාංශික හිතවතකු පැමිණෙනවා කියා සියලු ආහාර නිර්මාංශ ලෙස සකස් කළ හොත් එතැන සිටින බහුතරයට එයින් සිදුවන්නේ අසාධාරණයක්. නිර්මාංශික තැනැත්තැට එතැන කෑම මේසයෙන් නිර්මාංශික ආහාර සොයාගන්නට හැකියාව තිබෙනවා. ගීත ගැන කිව යුත්තේ ද එයයි. සුළුතර දෙමළ හෝ මුස්ලිම් ජාතිකයන් සිටිනවා යැයි සිතමින් බහුතරය සිංහලයාගේ අභිමානය නැංවීම සදහා ගීත රචනා නොකර සිටීම බහුතරයට කරන අසාධාරණයක්. පොදුවේ ලියැවුණු දේශාභිමාන ගීත ද ඕනෑ තරම් තිබෙනවා. යම් ගීතයක ඇති ‘සිංහල‘ යන වචනය අල්ලාගෙන ඉන්නවා වෙනුවට ඔවුන්ට ඒවායෙන් සතුටු විය හැකියි.

      Delete
  5. Please find below two articles which are much relevant to the current discussion

    ඡන්ද ඩැහැගැනීමට සුළු ජාතීන් පිනවීම

    http://www.lankaweb.com/news/items/2015/06/17/%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B6%A9%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94-%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD/

    සිංහල රට කොහෙද කියා ඔන්න බලාගන් ඇමතියෝ ඔන්න බලාගන්

    http://www.lankaweb.com/news/items/2015/06/18/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-%E0%B6%BB%E0%B6%A7-%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%99%E0%B6%AF-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B6%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B6/






    ReplyDelete
    Replies
    1. අප සියලු දෙනා තේරුම් ගතයුත්තේ මෙය වුවත්, තේරුම් ගත යුත්තන් තේරුම් නොගන්නේ ද මෙයමයි.

      Delete
    2. ඔය අඩවියේ පළවන්නේ සිංහල බෞද්ධ විරෝධී ලිපිය.

      Delete
  6. http://sinhala.lankanewsweb.net/art-news/16773-2015-04-29-17-35-45

    මේ බලන්න සිංහල බෞද්ධයන් ගැන වෛරයෙන් පළ කළ ලිපියක්.මොහු අදටත් ජීවමාන රජරට වාරි ශිෂ්ටාචාරය ගැන නොදන්න හැඩයි.
    එසේම අදටත් වැදුම් පිදුම් කරන චෛත්‍ය සිංහලයාගේ සජීවී ශිෂ්ටාචාරයට සාක්ෂි නොවේද
    නේපාල වැසියන් ගවයන් නොමරන බව කියන මොහු කියන්නේ නේපාල බිලිපූජාව වාර්ෂිකව පවත්වන්නේ සිංහල බෞද්ධයන් කියාද
    සිංහල බෞද්ධයන් ගවමස් කන්නේ නැත.
    මොහු එක්කෝ කොටි පරාජය කිරීම නිසා හිතේ අමාරුවෙන් සිටින්නෙකි. නැත්නම් මුස්ලිම් අන්තවාදියෙකි.

    ReplyDelete
    Replies
    1. පසන් ජයතිලකට සිංහල බෞද්ධයාගේ දර්ශනයේ දිග පළල ගැන අවබෝධයක් නැති බව ඒ ලිපියෙන් පෙනෙනවා. ඒ ගැන අප ඔහුට අනුකම්පා කළ යුතුයි.

      Delete
  7. කෝමත් තමන්නෙ කමට නැති එකාට කියන්න වචනයක් වෙනම හදන්න ඕන කාලෙ ඇවිත්
    මොන දේ නැතත් මම කියන්නෙ මොන ප්‍රශ්නෙ තිබ්බත් තමන්නෙ කමට තියෙන්න ඕන කියල

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඉදිරියේදී එහෙම නමක් හැදෙයි. අද වෙලා තියෙන්නේ සිංහලයන් ලෙසින් ඉන්න බොහෝ දෙනෙක්, විශේෂයෙන් බ්ලොග් ලියන්නන් පවා තමන්ගේ ජාතිය ගැන යමක් ලියන්න බයවෙලා ඉන්න එක. මොකද එසේ ලිවීමෙන් ඔවුන්ට ගෞරවයක් ලැබෙන්නේ නැහැ. දෙමළා හෝ මුස්ලිමාගේ ගැටලු ගැන ලිවීමෙන් පමණයි ඔවුන්ට ගෞරවයක් ලැබෙන්නේ.

      Delete
  8. නන්දා මාලනී කියන ප්‍රවීණ ගායිකාව දවසක් කියනවා ‘මේ සිංහල අපගේ රටයි‘ කියන ගීතය ගායනා කළ එක ගැන කණගාටුවෙනවා කියලා. ඉතිං තවත් මොනවද?

    ReplyDelete
    Replies
    1. සුනිල් ආරියරත්න එක්ක හොරෙන් ඉන්දියාවට පැනලා ගිහින් අඹු සැමියන් හැටියට හිටපු කාලේ ඔහොම කිව්වේ නැහැ.

      Delete
    2. දැන් නන්දා මාලනීත් එන්.ජී.ඕ. වල අතකොලුවක් වෙලා. සිංහල ජාතිකත්වය ගැන කතා කරන්නේ නැහැ. අපේ කලාකාරයෝ බොහොමයක් ඉන්නවා එහෙම අය.

      Delete
  9. මම හිතන්නේ සමන් චන්ද්‍රනාත්ගේ ඒ ප්‍රකාශය එතරම් වැඩකට නැති ප්‍රකාශයක් කියලායි.ඒ වගේ මෝඩ ප්‍රකාශ වලින් වෙන්නේ නැති ජාතිවාදයක් ඉස්මතු කිරීමයි.
    කොයිම ආකාරයකින්වත් වන ජතිවාදයකට,අන්තවාදයකට මා විරුද්ධයි.හැබැයි සමන් චන්ද්‍රනාත්ගේ ඒ කතාවේ තියෙන්නේ ජාතිවාදයට එරෙහි ප්‍රකාශයකට වඩා නැති ප්‍රශ්න ඇති කිරීමක්.මේ ගීතය දශක කිහිපයක් කිසිම ගැටලුවකින් තොරව රස වින්ද ගීතයක්.උතුර දකුණ ගිනි ගත්තු කාලේදීවත් ප්‍රශ්නයක් නොවූ ගීතය ඉදිරියටත් ප්‍රශ්නයක් නොවන බව මගේ හැඟීමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔහු ජාතිවාදයට එරෙහිවනවා කියා කියන්නේ මෝඩ කතාවක්. ඇත්තටම මෙහි ඇත්තේ මෑත කාලයේ වර්ධණය වෙමින් පවතින ‘සිංහල‘ කියන වචනය කෙරෙහි ඇති වෛරය විනා වෙන දෙයක් නොවෙයි. මෙවැනි පුද්ගලයන් සිතන්නේ ‘සිංහල‘ කියා කියූ පමණින් එතැන ඇත්තේ ජාතිවාදයක් බවයි. සිහල උරුමය කියන දේශපාලන පක්ෂය පටන් ගත් කාලයේත් මෙවැනි තත්වයක් ඇති වුණා. සියලු දෙනා කීවේ ‘ඔන්න ජාතිවාදී පක්ෂයක් පටන් ගත්තා ‘ කියායි. නමුත් ඔවුන් කිසිවකු ජාතියක නම කියැවෙන ‘ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ‘ හෝ ‘මුස්ලිම් කොන්ග්‍රසය‘ ගැන හෝ වචනයක් කතා කළේ නැහැ. සිංහලයා තමන් ගැන යමක් කතා කරන විටම සියලු දෙනා එය පෙන්වන්නට හදන්නේ ජාතිවාදයක් ලෙසින්.

      Delete
  10. මාලිනී බුලත්සිංහල මැරුණු දිනට ආසන්න දිනක චන්ද්‍රිකාගේ කතාවකදී මාලිනී බුලත්සිංහල ගැන කියැවුනා.
    එතනදී චන්ද්‍රිකාට එකපාරට බුලත්සිංහල කියන වචනය කියාගන්න බැරිවුනා
    එයා කිව්වේ මාලිනී "බුලත්ත්.. සිංහල" කියලා සිංහල කෑල්ල කියවුනේ රහසින් වගේ. මට හිතුනේ මෙයාට "මාලිනී බුලත් සිංහල දෙමළ මුස්ලිම්" කියලා කියවෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. මේ මිනිස්සු අනෙක් ජාතීන්ට බයේ තමන්ගේ ජාතියේ නම කියන්න පැකිලෙනවා. මේ වගේ අය තමයි අපේ නායකයෝ වෙන්නේ. මේ ගොල්ලෝ සුළු ජාතීන්ව (එහෙම කියන්නත් බයයි) සනසනවා. සිංහලයාගේ අයිතිවාසිකම් නැතිවෙනවා. (දැන් කවුරු හරි අහයි සිංහලයාට විතරක් තියෙන විශේෂ අයිතිවාසිකම් මොනවාද කියලා)

      Delete
  11. බ්ලොග් ලෝකයේ ජනප්‍රිය රැල්ලට නොගොස් තමාගේ අවංක අදහස් නොබියව කීමට හැකියාවක් ඇති නිරංජන්ට මගේ ආචාරය පුද කරමි.
    සිංහල බ්ලොග් ලෝකයේ ඔස්තාද් නම් ඔයාට බනීවි. එයාගෙ මානසික වහලුන් ටිකත් ඊට වඩා ඒවා කියාවි.ගුරා හිටගෙන කරනවිට ගෝලයෝ දුව දුව කරනවා යැයි කියමනක් තියෙනවා නොවැ.
    අද කාලෙ අපේ රටේ සිංහලයෙකු තමන්ගෙ ජාතිය ගැන කතා කිරීම මහා විශාල අපරාධයක් වෙලා.

    ජාතියක්,ජම්මයක් හරියට නැති අයට ඉතින් කියන්න දෙයක් නැහැනෙ.
    ඒ වුනාට ජාතිය රන් විමනක් වේ, ආගම මිණි පහනක් වේ කියලයි අපිට නම් හිතෙන්නෙ.

    නැවතිලා බලන් ඉම්මු. කට්ටියගෙ මුඛයන් පූට්ටු වෙන දවස ගොඩක් ඈත නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස්වලට ස්තුතියි. මම නම් සිංහල බෞද්ධ කියලා කියන්නේ හරිම ආඩම්බරයකින්. දෙමළා තමන් දෙමළකු බවත්, මුස්ලිමා තමන් මුස්ලිමකු බවත් කියනවාට වඩා අභිමානයක් මට තියෙනවා. ජාතියක් ජම්මයක් නැතිව මිය යනවාට වඩා ඒක සැපතක්.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න