පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, January 17, 2015

බයිස්කෝප් අඩවිය තහනම් කරනවාට මම විරුද්ධයි - Why I am opposing to ban www.baiscopelk.com



www.baiscopelk.com  එහෙමත් නැත්නම් බයිස්කෝප් වෙබ් අඩවිය කියන්නේ සිංහල නොවන වෙනත් භාෂාවන්ගෙන් ඇති සිනමා නිර්මාණ සිංහල ප්‍රේක්ෂකයන්ට පහසුවෙන් රසවිඳින්න අවස්ථාව සළසන වෙබ් අඩවියක්. ඔවුන් කරන්නේ අපගෙන් කිසිදු මුදලක් අය නොකර විදෙස් සිනමා නිර්මාණ සඳහා උපසිරැසි ලබාදීමයි. ඊට අමතරව මෙම උපසිරැසිවලට ගැළපෙන සිනමා නිර්මාණවලට අදාළ ගොනු බාගත කරගත හැකි ස්ථානවල සබැඳි අප වෙත ලබාදීම ද සිදුකරනවා. ඇත්තටම මේක මිල කළ නොහැකි සේවයක්. මෑත දවසක මේ වෙබ් අඩවියට ගිය අවස්ථාවක මේ ඉහළින් තියෙන පණිවිඩය එහි වරින් වර දිස්වන්නට පටන්ගත්තා. 

එයින් කියැවෙන්නේ ළඟදීම බයිස්කෝප් වෙබ් අඩවිය තහනම් කරන්නට සැරසෙන බවයි. ඇත්තටම මේ කතාව දැකපු වෙලාවේ නම් හරිම දුකක් දැනුණා. මේ වෙබ් අඩවියේ සේවය ලබාගන්නා දහස් ගණනක් මේ රටේ ඉන්න බව නම් විශ්වාසයි. මම මෙහෙම සටහනක් ලිව්වත් මේ වෙබ් අඩවිය කරන කිසිම කෙනෙක් මගේ හිතවතුන් නොවේ. මම ඒ කිසිකෙනෙක් මම පෞද්ගලිකව දන්නේ නැහැ. ඒත් මේ ගැන සටහනක් නොලියා ඉන්න එක හරි නෑ කියලා මට හිතුණා. 


ඇත්තටම කාටද මේ වෙබ් අඩවිය තහනම් කරන්න ඕන කියන එක ගැන මට අදහසක් නැහැ. මට තේරෙන තරමට නම් ජාතික සමගියට හානි කරන කිසිම දෙයක් මෙහි අඩංගු වෙන්නේ නෑ. මට හිතෙන හැටියට අපේ රටේ රූපවාහිනි නාලිකා හැරෙන්න මේ වෙබ් අඩවියත් එකක තරහක් ඇති කරගන්න වෙන කාටවත් ඕන කමක් නැහැ. රූපවාහිනි නාලිකා මේ වෙබ් අඩවියක් එක්ක අමනාපයක් ඇතිකරගන්න හේතුව මොකක්ද කියලා ඇහුවොත් මට ඒක පෙනෙන්නේ මෙන්න මේ විදිහට. 


අපේ රටේ රූපවාහිනි නාලිකාවලත් හින්දි, දෙමළ හා ඉංග්‍රීසි සිනමා නිර්මාණ පෙන්වනවා. හැබැයි හුඟක් වෙලාවට පෙන්නන්නේ හද්ද පරණ ඒවා. හිරු නාලිකාවේ නම් බොහෝ වෙලාවට අලුත් ඒවා පෙන්වනවා. නමුත් මොකක් හරි අලුත් චිත්‍රපටයක් ආවොත් බයිස්කෝප් අඩවියේ කට්ටිය ඒකට උපසිරැසි දෙනවා. ඉතිං ඒ සිනමා නිර්මාණ පිළුණු වෙන්න කලින් අපට නරඹන්න පුලුවන් කම ලැබෙනවා. 

අපේ රටේ රූපවාහිනි නාලිකාවලත් චිත්‍රපටි පෙන්නුවත් අපට කවදාවත් සිනමා රසවින්දනයක් ලැබෙන විදිහයට නෙවෙයි ඒවා පෙන්වන්නේ. පැය කාලක්වත් බලන්න ලැබෙන්නේ රටේ නැති වෙළෙඳ දැන්වීම් සහ ඔවුන්ගේ මළවිකාර ඒ අස්සේ අපේ මොලේට ඔබන්න හදනවා. අනෙක ඔවුන් ජවනිකා නවත්තන්නේ අපේ රස වින්දනය ගැන තඹදොයිතුවක්වත් මායිම් නොකර. චිත්‍රපටයක ධාවන කාලය පැය එකහමාරක් නම් අපට රූපවාහිනි නාලිකාවක එය නරඹන්න පැය දෙකහමාරක්වත් යනවා. අන්තිමට අපට චිත්‍රපටය බලන්න එපා වෙනවා. අයිටීඑන් හෙවත් ස්වාධීන රූපවාහිනිය කියන්නේ සවුත්තුම විදිහට තමයි චිත්‍රපටි පෙන්වන නාලිකාවක්. සෙනසුරාදා රෑට මොකක් හරි එකක් පෙන්නනවා. චිත්‍රපටය අවසන් වුණත් නැතත් මහ රෑ 12ට ඔවුන්ගේ පරණ ප්‍රවෘත්ති මඟුලක් පෙන්නන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ ප්‍රමුඛත්වය දෙන්න ඕන සිනමා ප්‍රේක්ෂකයාට වුණත් ඔවුන් හවස 7ට පෙන්නපු ප්‍රවෘත්ති මඟුළ ආයේ ඒ වෙලාවට පෙන්නන්න පටන් ගන්නවා. 

මේ ජනාධිපතිවරණය වෙලාවේ ‛ගජිනි’ චිත්‍රපටය පෙන්නුවා. මම හිතන්නේ බලපු අය හිටියා නම් මතක ඇති. අන්තිමේදී චිත්‍රපටය ඉවර කළේ මැදින් කෑලි අඩුකරලා. මේ චිත්‍රපටය කලින් නරඹා තිබුණු නිසා ඒකේ කෑලි කපා දමා ඇති බව තේරුම්ගන්න පුලුවන් වුණා. මේ වගේ බොහෝ නාලිකාවල චිත්‍රපට පෙන්වන්නේ මේ විදිහට මැදින් කෑලි කපලා. ඉතිං අන්තිමේදී අසාධාරණයක් වෙන්නේ ප්‍රේක්ෂකයන්ට. මේ නාලිකාවලට කිසිම අසාධාරණයක් වෙන්නේ නැහැ. චිත්‍රපටය කොහොම පෙන්නුවත් ඔවුන්ගේ වෙළෙඳ දැන්වීම්වලට අදාළ මුදල් ඔවුන්ට ලැබිලා ඉවරයි. 

මෙන්න මේ අසාධාරණවලට ලක්නොවී සිනමා නිර්මාණ නිදහසේ රසවිඳින්න අවශ්‍ය අය වෙනුවෙන් තමයි බයිස්කෝප් වෙබ් අඩවිය නිර්මාණය වුණේ කියලා ඔවුන් ගැන පුවත්පතක ගිය ලිපියක දකින්න ලැබුණා. ඉතිං මේ වගේ හේතු නිසා මට තේරෙන විදිහයට නම් මේ අඩවිය තහනම් කරන්න ඕන වෙලා තියෙන්නේ අපේ රටේ රූපවාහිනි නාලිකාවලටයි. 

ඉතිං, මම නම් මේ වැඩේට ඇත්තටම විරුද්ධයි. මේ පෝස්ට් එකෙන් මම මගේ විරෝධය මේ සයිබර් අවකාශයට මුදාහරිනවා. මේ වැඩේට විරුද්ධ අය ඉන්නවා නම් මේ අසාධරණ වැඩේට විරුද්ධව තමන්ගේ විරෝධය පළකරන්න කියලයි මම ඉල්ලන්නේ. එහෙම වුණොත් මම හිතන්නේ අපට මේ වැඩේ නතර කරගන්න පුළුවන් වෙයි. අනෙක් මේක යහපාලනය ගැන කතා කරන යුගයක්. එවැනි පාලනයක් යටතේ මේ වගේ ‛ගොන්පාට්’ ක්‍රියා සිදුවන්නට විදිහක් නැහැ. මොකද භාෂණයේ නිදහස තහවුරු කරන බව නව පාලකයන් පොරොන්දු වී තිබෙනවා. ජාතික ආරක්ෂාවට, ජාතීන් අතර සමගියට වගේ සමාජ විරෝධී දේ මේ වෙබ් අඩවියේ නැත්නම් රූපවාහිනි මුදලාලිලාගේ නොව බයිස්කෝප් අඩවියේ  භාෂණයේ නිදහස තහවුරු විය යුතුයි.

23 comments:

  1. මමනම් කියන්නේ උපසිරසි දැම්මට films Download කරන link දාන්න එපා කියලා. මොකද ඒක නීති විරෝධී වැඩක්.
    baiscopelk site එක block කලා කියලා නීතිමය පියවර ගන්න බෑ. මොකද මේකේ දාන films Download කරන link ඔක්කොම හොරකම් කරපුවා. ඒ නිසා දැනටමත් මේ site එකේ අයිතිකරුවන් හොරුන් වෙලා ඉවරයි.

    baiscopelk site එකේ අයිතිකරුවන් හෝ භාවිකා කරන්නෙක් මිලියන ගණනත් වියදම් කරලා හදපු films එකක් නොම්ලේ අන්තර්ඡාලය තුලින් Download කරන්න දුන්නොත් කැමති වෙයිද ?

    baiscopelk site එකේ අයිතිකරුවන්ට films වල හිමිකරුවන් විසින් නඩු දැමීමේ හැකියාවකුත් තියනවා. වෙන අය දාපු films Download කරන්න දුන්නයි කියලා හරියන්නේ නෑ. පහුගිය දවස්වල File hosting , Torrent site වලට වුන දේ බලන්න.

    Search Engine වලින් block කරන්නත් ඉඩ තියනවා

    Domain Name එක ඉවත් කරනන් පුළුවන්. Hosting, Server පහසුකම් නවත්වන්න පුළුවන්.( DCMA Take Down )

    ඒ නිසා හොදම දේ තමයි සිංහල උපසිරසි දැම්මට films Download කරන link දාන්නේ නැතුව ඉන්න එක.

    දැන් කට්ටිය මේ කමෙන්ට් එකට බනින්න එපා. මොකද මේ සයිට් එකේ හිම්කරුවන් උසාවියට පොලීසියට අරගෙන ගියොත් මෙතන කෑ ගහපු කවුරුත් ඔවුන්ව බේර ගන්න ඉදිරිපත් වෙන්නේ නෑ

    අනෙක රූපවාහිනි නාලිකා චිත්‍රපටි පෙන්නන්නේ කතෘභාග ලෙස විශාල මුදලක් ගෙවලා. ඉතින් රූපවාහිනි නාලිකා තමන්ට ගිය වියදම් පියවන්න චිත්‍රපටිය පෙන්නන අතරතුර වෙළෙද දැන්වීම් ප්‍රදර්ශණය කරනවා.

    ඔයාටත් එකදිගටම චිත්‍රපටියක් බලන්න ඔනේ නම් මුදල් ගෙවලා ( රු 100 ,200 විකිණෙන ව්‍යාඡ පිටපත් නාෙවේ) මිලදී අරගෙන බලන්න පුළුවන්.

    ReplyDelete
  2. මේක කොහොමහරි නැවැත්විය යුතු කාරණයක්. මේ වෙබ් අඩවිය තහනම් කිරීමට කිසිම හේතුවක් නෑ.

    ReplyDelete
    Replies
    1. මගේ ඊමේල් එකට ආපු පණිවිඩයකට අනුව මෙය තහනම් කරන්නට හේතුව නම් ඔවුන් චිත්‍රපට බාගතකිරීමට සබැදි ද එහි පළ කිරීමයි. එවැනි දේ තහනම් වීමේ පුවණතාවයක් ලෝකය පුරා ව්‍යාප්තව යන බවයි එහි කියැවුණේ. නමුත් කලු කඩේක බඩු විකුණන විට යම් පුද්ගලයෙක් කලුකඩය ඇති තැන අපට පැවසුවොත් පොලීසිය මගින් අත්අඩංගුවට ගත යුත්තේ කලුකඩ මුදලාලි ද, කඩේ තියෙන තැන කිව්ව කෙනාද කියල මට ගැටලුවකුත් එනවා.

      Delete
  3. The offence is to be abetment of software piracy

    ReplyDelete
    Replies
    1. Then, the only thing to do is just publishing the Sinhala subtitles, not the torrent link of the movie. Because, the most important thing is subtitles. They can put the subtitle with name of the original movie file. Then we can download it by searching the net.

      Delete
    2. Totally agreed. That's the only solution available.

      Delete
  4. සබ් හදන්නේ යම්කිසි ටොරන්ට් එකක් පාවිච්චි කරලා. ඒ සබ් එකට භාවිතා කරපු චිත්‍රපටි ටොරන්ට් එකම බලන්න භාවිතා කරේ නැත්නම් ටයිමින් අප්සට් යනවා. කොහොම උනත් චිත්‍රපටි ටොරන්ට් කියන්නේ ලෝකය පුරාම නීතිවිරෝධී ලෙස සලකන දෙයක්. ඒ නීති ලංකාවේ ක්‍රියාත්මක නොවීම හොරකම සාදරනිකරණය කිරීමට හේතුවක් නෙමෙයි.

    චිත්‍රපටි ටොරන්ට් කියනේ කාර් එකක් නං , ඒවාට සබ් හදනවා කියන්නේ හොරකං කරපු කාර් වලට බොඩි කිට් ගහනවා වගේ වැඩක්. ලිංක් දානවා කියන්නේ ආන් අතන හොරකං කරපු කාර් එක තියෙනවා , ගිහිල්ල අරගෙන ආවොත් , බොඩි කිට් එක ගහල දෙන්නං වගේ වැඩක්.

    දුෂණය , හොරකම සහ යහපාලනය ගැන ලොකු සමාජ කතිකාවතක් යන මේ වේලාවේ හොරකම නැතිකිරීම ලොකු ඇමතින්ගෙන් විතරක් නෙවෙයි තමන්ගෙන්ම පටං ගන්න එක හොඳයි කියල හිතෙන්නේ නැද්ද ??

    යහපාලනයට කඩේ ගිය උදවියත් මෙතන ඇවිල්ල හොරකම සාධාරණීකරණය කරනකොට මට පොඩි පඩේකුත් ගියා. :P

    ReplyDelete
    Replies
    1. කියන්න ගිය එක මිස් උනා. කුහකත්වයෙන් තොර යහපාලනය සහ නීතිගරුක , සදාචාරාත්මක සමාජයක අවශ්‍යතාවය තියෙනවානම් තම ලාබය උදෙසා කබරයා තලගොයා නොකර අනිවාර්යයෙන්ම මේ සයිට් එක ඉවත් කල යුතුයි. එය මගේ අදහසයි.

      Delete
    2. ඇත්තටම යහපාලනය උදෙසා ඒ වගේ පියවර ගන්න ඕන. නමුත් මේක තහනම් කළා කියා ඇතිවෙයි කියලා හිතන්න පුලුවන් අමුතු යහපාලනයක් නැහැ. ඊට වඩා තහනම් කළ යුතු දේවල් අපේ රටේ තියෙනවා සැබෑ යහපාලනයක් උදාකරගන්න නම්.

      Delete
  5. මං ළඟදි කියවපු සඟරාවකත් මේ අඩවිය ගැන ඇගයීමක් කරල තිබ්බා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔවුන් කරන සේවය ගැන හිතලා තමයි මම මේ වගේ සටහනක් ලිව්වේ. නමුත් දැනගන්නට තිබෙන විදිහට ඔවුන් මෙය කොයි තරම් සද්භාවයකින් කළත් එතැන යම්කිසි නීතිමය ගැටලුවක් තියෙන බව තමයි දැනගන්නට ලැබුණේ. බලමු මොකද වෙන්නේ කියලා.

      Delete
  6. මමත් මේ සයිට් එකේ තියෙන සබ්ස් ගොඩක් වෙලාවට ගත්තා, ඒත් මම දන්න විදිහට ඔවුන් කරන වැරැද්ද තමයි ටොරන්ට් වල ලින්ක් දාන එක. ටොරන්ට් අපිත් පාවිච්චි කරාට බුද්ධිමය දේපල පනත යටතේ ඒක වරදක්. ඉතින් ඒක තහනම් වෙනවානම් නීතිමය පැත්තෙන් හරි. ඒත් ලොකේ මේ වගේ දේවල් තහනම් කරන එක සියයට සියයක්ම සාර්ථක නැහැ. කාට හරි සිංහල සබ් දෙන්න ඕනේ නම් කරන්න තියෙන්නේ ටොරන්ට් එක නොදා සබ් එක විතරක් දාන එක. අපි ගන්න ෆිල්ම් එකේ ටයිමින් අප්සට් ගියා කියලා ඒක හදන එක ඒතරම් අමාරු නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නීතිය පැත්ත ගැන හිතලා නෙවෙයි මම මේ ලිව්වේ. මෙයින් අපට ලැබෙන සේවය ගැන සළකලා. මොකද චැනල්වල චිත්‍රපටියක් බලන්න ගියාම එපා වෙන හැටි ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. අැත්තටම ටොරන්ට් එකට අදාළ අංකයක් වගෙ එකක් දැම්මට සමහරවිට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. එහෙම නැත්නම් ටොරන්ට් එක අපට හොයා ගන්න හෝඩුවාවක් දෙන්න පුලුවන්. ටයිමින් හදගන්න එක ගැටලුවක් නැහැ තමයි. ඒත් ඒක හැමෝටම කරගන්න පුලුවන් වෙයිද කියන එකයි ගැටලුව.

      Delete
  7. එවගේම රූපවාහිනී නාලිකා මෙයාලත් එක්ක තරහ වෙන්න එක හේතුවක් තමයි ඒ නාලිකා පෙන්නන්න යන ෆිල්ම්ස් වලට බයිස්කෝප් එකේ කට්ටියට සල්ලි දීලා සභදාගන්න යනවා.ඒත්බයිස්කෝපෙකේකට්ටිය ඒක හදලා දෙන්නෙ නෑ මොකදඒ අඩවියකිසිම මුදල්පරමාර්තයකින් කරන්නෙ නැති නිසා.

    ReplyDelete
    Replies
    1. ඒක තමා. බයිස්කෝප් තහනම් කරන්න හදන එක පිටිපස්සේ තියෙන්නේ Software Piracy කියන එකටත් වඩා, බයිස්කෝප් කට්ටිය නොමිලේ සලසන සේවය නිසා චැනල්වලට වදින බඩේ පාර කියලා මට හිතෙනවා. එ් නිසා මේ ප්‍රශ්නය ඇදලා ගන්න ඇත්තේ චැනල්වල කට්ටිය කියලා මම හිතනවා.

      Delete
  8. මොනා උනත් ඒ වැඩේ මහා මෝඩ වැඩක්. මොකද ඔක්කොටම කලින් එහෙනම් නවත්තන්න ඕන වෙන්නෙ කඩවල් වලයි, කමියුනිකේෂන් ගානෙයි, පේමන්ට් වලයි රුපියල් 30ට 40ට DVD වල ගහලා ෆිල්ම් විකුණන එක. :v
    මොකද ඇත්තටම කිවුවොත් මිනිස්සු නෙට් ඒකෙන් ෆිල්ම් බාලා බලනවාට වඩා බලන්නෙ ඔහොම DVD වලින් අරගෙන තමා.
    මොකද නෙට් එකේ අපි මෙහෙම සබ් දුන්නා කියලා DVD විකිනෙන එකේ අඩුවක් නම් වෙලා නෑ...
    අඩුවෙලා නම් ඔය ඕන තරම් කඩවල් දාගෙන විකුනන්නේ...
    අනික අපි සබ් එකක් දාලත් සාමානයෙන් ඩවුන්ලෝඩ් ගාන උපරිම 43000ක් වගේ තමා තියෙන්නෙ. ( බයිස්කෝප් එකේ දැනට වැඩිම ඒ ගාන. Chennai Express)
    අනිවා ඒත් TV එකේ යන්නත් කලින් ඔයිට වඩා ගානක් ඔය ෆිල්ම් එක බලනවනෙ.
    ඒ හුගදෙනෙක්ම බලන්නෙ ඔය DVD අරගෙන තමා.
    ඉතින් එහෙනම් මේ සයිට් එක නවත්තන්න කලින් DVD විකුණන එක නැවැත්තුවා නම් තමා හොඳ නේ..... :)
    මොකද මේ සයිට් එක එන්නත් කලින් ඉඳන්නෙ ඔය DVD වලට ගහලා ෆිල්ම් විකුණන්නේ... ;)
    එතකොට මේ සයිට් ඒක ආවට පස්සෙද දන්නෙ නෑ ඔය කියන කට්ටියට පයිරසි මතක් උනේ...
    ඔච්චර කල් DVD විකිනෙන කොට ඔය පයිරසිය කොහෙද දන්නෙ නෑනේ තිබ්බේ... :P ...

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කතාවට මමත් එකගයි. පිටකොටුවේ විතරක් චිත්‍රපටි තියෙන ඩීවීඩී පුදුම විදිහට විකිණෙන්නේ. ඇත්තම කිව්වොත් අපේ රටේ තවමත් අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න හැකියාව තියෙන පිරිස ප්‍රතිශතයක් විදිහට ගත්තොත් ඒ තරම් නැහැ. එයිනුත් චිත්‍රපටියක් බාගත කරන්නේ තවත් අඩු පිරිසක්. ඒක ප්‍රායෝගිකව පෙනෙන්න තියෙන දෙයක්. අනෙක දැන් පිටකොටුවේ විකුණන්න තියෙන ඩීවීඩී සමහර එ්වායේ සිංහල උප සිරැසි පවා තියෙනවා. නමුත් ඒවා නිෂ්පාදනයවත්, ලංකාවට ගෙන්වන එක තහනම් කරන්නවත් පියවර ගන්නේ නැහැ. මට තේරෙන විදිහට මේ සිද්ධිය පිටිපස්සේ software piracy එකට වඩා යමක් තියෙන පාටයි.

      Delete
  9. අනිවාර්යෙන් අපි හැමෝම එකා වගේ මේකට විරුද්ද වෙන්න ඕනේ.

    ReplyDelete
  10. මෙික tv වැනල් වල නින්දිත වැඩක්.කාලකාන්නි

    ReplyDelete
    Replies
    1. ස්වාධීන රූපවාහිනියේ පෙන්වන හැම චිත්‍රපටයකම කොටස් අඩුයි. ජනාධිපතිවරණය දවසේ ගජිනි පෙන්නුවා. කෑලි අඩුයි. මේ ළගදි ජැක් රීචර් පෙන්නුවා කෑලි අඩුයි. අපට සම්පූර්ණම චිත්‍රපටයක් වෙළෙද දැන්වීම් නැතිව බලාන්න නම් මේ වගේ වෙබ් අඩවියක උදව්වක් තියෙන්න ඕන. චැනල් කවදාවත් ප්‍රේක්ෂකයා ගැන හිතන්නේ නෑ. අපි චිත්‍රපටය බැලුවත් නොබැලුවත් ඔවුනට ගැටලුවක් නැහැ. ඔවුන්ට අවශ්‍ය මුදල් පමණයි. ඒක තමයි චැනල්වල කාලකන්නි කම.

      Delete
  11. සහෝදරයා මට අහන්න තියෙන්නේ මෙච්චරයි. මේ මීහර්ක් වැඩේ නවත්තන්න අපට මොනවද කරන්න පුලුවන්..?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ දැන් ඒ තර්ජනය අඩුවෙලා වගේ

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න