අද සන්නිවේදන
තාක්ෂණය කෙතරම් දියුණු වී තිබුණත්, බොහෝ අවස්ථාවලදී අප අතර කතා බහට අපි විවිධ ඉරියව්,
අංගචලන වැනි වාචික
නොවන ක්‍රම යොදාගන්නවා. විශේෂයෙන් අපගේ සිතට සතුටක් දැනෙන දෙයක් ලැබුණොත්, ඇසුනොත්, “මම දැන් ඉන්නේ හරි
සතුටින්” වැනි දෙයක්
පවසන්නේ නැති තරම්. ඒ වෙනුවට අපි එය පෙන්වන්නේ සිනහවකින්. ”එහෙනම් මම හෙට
නොවරදවාම සල්ලි ගෙනැත් දෙන්නම්” වැනි දෙයක්
පැවසුවහොත් බොහෝ දෙනෙක් එයට වාචිකව වගේම අංග චලනයෙන් ද පිළිතුරු දෙනවා. අතේ ඇඟිළි
හතරක් නවා, මහපටඟිල්ල
පමණක් ඉහළට එසවීමෙන් එසේ කියපු දෙය තවත් තහවුරු කිරීම අප බොහෝ දෙනෙක් අතර පවතින
පුරුද්දක්. තමන්ගේ හිතවතෙකුගෙන් වෙන්වන අවස්ථාවකදී ඇතැම් අය අතේ මැද ඇඟිලි තුන නවා
සුළැඟිල්ල සහ මහපටඟිල්ල දිගු කර කණට තබා පෙන්වනවා. එය බැලූ බැල්මට දුරකතනයක
රීසීවරයට සමාන පෙනුමක්. එයින් පවසන්නේ දුරකතන ඇමතුමක් හෝ ඇමතුම් දෙන ලෙසයි. පිරිසක් අතර සතුටුදායක දෙයක් සිදුවූ විට අතේ
ඇඟිළි සියල්ල විහිදා අත්ලට අත්ල තදින් හැප්පීම සිදු කරනවා. ‛පහක් දානවා’ යනුවෙන් බොහෝ දෙනෙක්
මෙය හඳුන්වනවා. මෙවැනි වාචික නොවන සන්නිවේදන ක්‍රම තව රාශියක්ම අප අතර පවතිනවා.
නමුත් මේවා කථන සහ ශ්‍රවණ ආබාධ ඇති අය වෙනුවෙන් යොදාගන්නා සංඥා භාෂාව නොවෙයි. මේවා
අතර ඇතැම් ඒවා යම් යම් වෘත්තීන් සඳහා නිශ්චිත වශයෙන් යොදාගන්නා ඒවා තිබෙනවා.
හෙලිකොප්ටරයක් හෝ කුඩා ගුවන් යානයක් ඉහළට
ඔසවන විට හා ගොඩබාන විට යොදාගන්නා වාචික නොවන සන්නිවේදන ක්‍රම මෙයට එක උදාහරණයක්.
ඊට අමතරව අනෙක් බොහෝ ඒවා සාමාන්‍ය මිනිසුන් අතර සන්නිවේදන කටයුතු සඳහා
යොදාගැනෙනවා. මේවා සියලුම වාචික නොවන සන්නිවේදන අංගචලනවල විශේෂත්වයක් වන්නේ බොහෝ
විට ලෝකයේ සියලු තැන මේවා පොදුවේ එකම අර්ථයකින් යොදාගැනීමයි. එනම් මෙය විශ්ව
භාෂාවක් හා සමාන වීමයි.
‛පහක් දානවා’ (high five) යන්න හඟවන සංඥාව |
මේ වාචික නොවන
සන්නිවේදනය තව තාක්ෂණික උපාංග සඳහා ද එකතු කොට තිබෙනවා. එය මිනිසුන් අතර
සන්නිවේදනයට කොයි තරම් වැදගත් ද කියන එකයි එයින් ඔප්පු වන්නේ. ඔබේ ජංගම දුරකතනයේ
කෙටි පණිවිඩ සඳහා ඇති යෙදුමේ emoticons smilies වැනි නම්වලින්
ඇත්තේ මේවායි. smilies වල ඇත්තේ
බොහෝ විට විවිධ හැඟීම් පෙන්වන මුහුණු. emoticons වල බොහෝ විට මුහණුවලට අමතරව වෙනත් අංග
චලනයන් සහ පින්තූර ඇතුළත්. ඒවා ජංගම දුරකතනයෙන් යවන ලබන පණිවිඩයේ ඇති අර්ථය තීව්‍ර
කරන්නට යොදාගත හැකියි. ලියන ලද වචනයකින් බොහෝ විට ඒ පවසන දෙයට ගැළපෙන හැඟීම
ඇතිකිරීම දුෂ්කරයි. ”ඔය වැඩේ නතර
කරන්න” කියා ජංගම
දුරකතනයකින් පණිවිඩයක් යැව්වොත් එය හොඳින් පැවසූ දෙයක් ද, තරහින් පැවසූ දෙයක් ද,
එසේත් නැත්නම්
විධානයක් ද කියා තේරුම්ගන්නට අපහසුයි. emoticons හෝ
smilies ඇත්තේ මෙවැනි
අවස්ථාවකදී උදව්වට ගැනීමටයි. මේවා ජංගම දුරකතනවලට අමතරව සමාජ ජාල වෙබ් අඩවිවල,
ඊමේල් යෙදුම් ආදියේත්
දක්නට ලැබෙනවා. මේ නිසා වාචික නොවන සන්නිවේදනයට ලෝකයේ ඇති තැන ගැන අමුතුවෙන්
විස්තර කළ යුතු නැහැ.
අනුමත කිරීම හඟවන සංඥාව |
මිනිසා අතර
සිය පරිණාමයේ මුල් සමයේ සිටම වාචික නොවන සන්නිවේදන ක්‍රම තිබුණත්, අද අපි අතර පවතින ක්‍රමවල
අතීතය පවතින්නේ එතරම් දුරක නොවෙයි. විද්‍යාඥයන් පවසන්නේ වර්තමානයේ අප අතර පවතින මෙම
ක්‍රම ආරම්භ වී ඇත්තේ 1872 වසරේදී
චාල්ස් ඩාවින් ලියූ The Expression of the Emotions in Man and Animals පොත ඇසුරින් බවයි.
වාචික නොවන සන්නිවේදනයට අංග චලනයෙන් පෙන්වන ක්‍රියාවන් පමණක් ඇතුළත් වන්නේ නැහැ.
යම් පුද්ගලයකුගේ බැල්ම, ඇඳුම් පැලඳුම්,
මුහුණේ ඉරියව්,
ශාරීරික වශයෙන් ඇතිවන
සමීපබව, ස්පර්ශය වගේ
දේවල් ද එයට ඇතුළත් වෙනවා. මෙවැනි සන්නිවේදනයක් මගින් ඉටුවන ප්‍රධාන කරුණු
කිහිපයක් ගැනත් සඳහන් කළ යුතුයි.
1. ඔබ වචනයෙන්
පැවසූ දෙයම නැවත වතාවක් වචනයෙන් නොකියා වෙනත් ආකාරයකින් පවසන්නට හැකිවීම.
2. වචනයෙන්
පවසන්නට නොහැකි අවස්ථාවක දී තම අදහස පවසන්නට ආදේශකයක් විදිහට යොදාගන්නට හැකිවීම.
3. ඔබ පවසන දෙය
තවත් අර්ථවත් කිරීමට හැකිවීම.
4. ඔබ පවසන දෙයක්
තවදුරටත් තහවුරු කිරීමට හැකිවීම.
ජයග්‍රහණය හඟවන සංඥාව |
වාචික නොවන
සන්නිවේදනය බොහෝ විට කිසිදු භේදයක් නොමැතිව අයුරින් ලෝකය පුරාම පැතිර පවතිනවා
වුණත් මෙය ගැහැනු හා පිරිමි අතර යම් යම් වෙනසක් සහිතව සිදුවන බව සොයාගෙන තිබෙනවා.
ගැහැනු තම හැඟීම් නොවලහා පෙන්නුවත් පිරිමින් එසේ කරන්නේ නැහැ. පිරිමින් බොහෝ විට
සිනහ වෙන්නේ සතුටක් හෝ හාස්‍යජනක අවස්ථාවකදී පමණක් වුණත්, ගැහැනුන් දුක්බර
අවස්ථාවකදී පවා සිනහ වෙනවා.
. ‛කැමතියි’ යන්න හඟවන සංඥාව |
ඒ වගේම පිරිමින්
සමග කතා බහේදී කාන්තාවන්ගේ වාචික සන්නිවේදය යොදාගැනීමේ ප්‍රබලත්වය අඩු යැයි
සොයාගෙන තිබෙනවා. ඒ වගේම පිරිමින්ට වඩා
ගැහැනුන්ගේ ප්‍රතිචාර වැඩි නමුත්, එහි පාලනයක් නොමැති බව ද අධ්‍යයනවලින් හෙළිවී තිබෙනවා. ඒ
විතරක් නොවෙයි වාචික නොවන සන්නිවේදනයේදී ගැහැනුන් පිරිමින්ට වඩා දක්ෂයි. ඔවුන්
පිරිමින්ට වඩා ඉතා කුඩා වියේදීම මෙයට සමත්කම් දක්වන බවයි පැවසෙන්නේ. ගැහැනුන්
වාචික සන්නිවේදනයේදී දක්ෂ වුණත් පිරිමි බොරු සඳහා භාවිත කරන මෙවැනි සන්නිවේදන ක්‍රම
හඳුනාගන්නට බොහෝ ගැහැනුන් අසමත් වන බවයි පැවසෙන්නේ. සංවේදීබවින් වැඩි වාචික නොවන
සන්නිවේදන ක්‍රම සඳහා ගැහැනුන්ගේ ඇති දක්ෂතාවය ඉතා ඉහළ තත්වයක පවතිනවා. මෙහිදී
විශේෂයෙන් මුහුණෙන් පෙන්වන ඉරියව් ඉතා වැදගත්.
වාචික නොවන
සන්නිවේදනයේ වැඩි දක්ෂතාවය දක්වන්නේ ගැහැනුන් ද පිරිමින් ද යන බව සොයාගන්නට කරන ලද
බොහෝ අධ්‍යයනවලදී හෙළිවී ඇත්තේ ගැහැනුන් ඉදිරියෙන් සිටින බවයි.
හැට හතර මායම් කියල දෙයක් අපේ සංස්කෘතියට ඇවිත් තියෙන්නේ අපේ මුතුන් මිත්තන් පවා, අවාචික සන්නිවේදනයේ දී ගැහැනුන් ඉදිරියෙන් ඉන්න බව තේරුම්ගෙන තිබුණ නිසාද...? කියලත් මට හිතෙනවා....
ReplyDeleteඅවාචික සන්නිවේදනයේ ප්‍රධාන කරුණු හතරක් ගැන කියලා තියෙනවා.. අප පවසන දෙය වඩා ඉක්මනින් තව කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් වීමත් ප්‍රධාන කරුණක් විදියට ගන්න පුලුවන් ද?
ඔබ කියන කතාව ඇත්ත. අදහස් දැක්වීම ගැන ඔබට සිතූතියි යාලුවා.
DeleteThnx
ReplyDelete+++++++++++++
Delete