පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, October 10, 2013

අංක විද්‍යාව පවසන ඔබගේ විවාහ ජීවිතය - Numerology and Your Marriage


අංක විද්‍යාව යනු පෙරදිග මෙන්ම අපරදිග රටවලත් එකසේ අනුගමනය කරන්නා වූ සුවිශේෂී විද්‍යාවකි. යම්කිසි පුද්ගලයකුගේ නම, යම් ස්ථානයක නමක් වැනි දෙයක් අංකමය අගයක් බවට පරිවර්තනය කොට, ඒ ඇසුරින් යම් යම් පලාපල ප්‍රකාශකිරීම මෙහිදී සිදුවේ. මෙහි ඇති වැදගත්ම දෙය වන්නේ ඕනෑම අයෙකුට මෙම විද්‍යාව පහසුවෙන් අනුගමනය කරන්නට හැකිවීමයි. අප කතාබහ කරන්නට යන්නේ ද එවැන්නක් පිළිබඳවය. එනම් විවාහය පිළිබඳ අංක විද්‍යාවෙන් දැනගතහැක්කේ කුමන්ද යන්න පිළිබදවය. විවාහකයින් මෙන්ම විවාහවන්නට බලාපොරොත්තුවෙන් පසුවන්නන් සිය විවාහ දිවිය පිළිබඳ අනාවැකි දැනගැනීමට දක්වන්නේ ඉමහත් කැමැත්තකි. මේ කැමැත්ත සපුරාගැනීම සඳහා අංක විද්‍යාව යොදාගන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුණයි. 

අංක විද්‍යාවට අනුව කාන්තාවකගේ හා පුරුෂයකුගේ අංක අතර ගැළපීමක් සිදුවන්නේ නම් එතැන විවාහයක් සිදු වේ. අංක අතර ගැළපීමක් සිදුනොවන්නේ නම් එය විවාහයක් සඳහා සුදුසු නැති බැව් පැවසේ. අපි මුළින්ම නමක් අංක බවට හරවාගන්නේ කෙසේදැයි සොයා බලමු. ඒ සඳහා අපට පහත දැක්වෙන වගුව අවශ්‍ය වේ. 

1
2
3
4
5
6
7
8
9
A
B
C
D
E
F
G
H
I
J
K
L
M
N
O
P
Q
R
S
T
U
V
W
X
Y
Z

 
 මෙහි 1 - 9 දක්වා අංකත්, එම අංකවලට අදාළව ඇති ඉංග්‍රීසි අක්ෂරත් දක්නට ලැබේ. අපි දැන් නමක් අංකයක් බවට හරවාගන්නා ආකාරය උදාහරණයකින් විමසා බලමු. උදාහරණයක් ලෙස අපි ‛කාන්ති’ යන නම සළකාබලමු. මුළින්ම ‛කාන්ති’ යන්න ඉංග්‍රීසි බසින ලියාගනිමු. 

K   A   N  T   H    I

2    1    5   2    8   9

දැන් අපි මේ අංක සියල්ල එකතු කරමු 

2 + 1 + 5 + 2 + 8 + 9  =  27

අංක 27 අපට යළි කුඩා කළ හැකිය. 

2 + 7 = 9


එවිට ‛කාන්ති’ යන නම සඳහා ලැබෙන්නේ අංක 9 යි. අංක විද්‍යාවට අනුව නමක් සඳහා අවසානයට ලැබිය යුත්තේ තනි අංකයකි. 


නමක් අංකයක් බවට හරවාගන්නා ආකාරය දැන් අපි දැනගතිමු. 

ඔබ විවාහක අයකු නම් හෝ විවාහවන්නට බලාපොරොත්තුවෙන් සිටින්නේ නම් ඔබ දෙදෙනාගේම නම් සඳහා වෙන් වශයෙන් වූ අංක සොයා ගන්න. ඉන්පසුව මෙහි දැක්වෙන ආකාරයට අනුව විවාහ දිවිය පිළබඳ යම් අදහසක් ඔබට ලබාගන්නට පුළුවන. 

අංක විද්‍යාවට අනුව දෙදෙනාගේම අංකය 1 නම්, ඔවුන්ගේ සබඳතාවය තුළ යම්කිසි තරගකාරීබවක් දක්නට ඇතැයි පවැසේ. ඔවුනට ඇත්තේ ද එක හා සමාන හැඟීම් ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස පවුලේ යම් යම් අර්බුද ඇතිවන්නට පුළුවන. එක් අයෙකුට පිහිටියේ අධික ලෙස කෝපගැන්වෙන පුරුද්දක් නම් අනෙකාට ද එය නොඅඩුව පිහිටයි. එවිට මතභේදාත්මක අවස්ථාවක් උද්ගතවූ විට තත්වය භයානක වන්නට පුළුවන. 

යම් අයුරකින් කාන්තාවගේ අංකය 2 නම් තත්වය මෙයට වඩා වෙනස් වේ. පුරුෂයාගේ අංකය 1 වී කාන්තාවගේ අංකය 3 වී නම්, එය ඉතා සුභදායක වේ.  ඔවුනගේ විවාහය ආදරය හා සෙනෙහස රජයන්නක් වන්නේය. කාන්තාවගේ අංකය 4 වී නම් එම යුවල අතර අහේතුව අඬදබර ඇතිවන්නට පුළුවන. එවිට නිවසේ සාමකාමී වටපිටාව අඩු වේ. කාන්තාවගේ අංකය 5 වී නම් විවාහ ජීවිතය ප්‍රීතිමත් හා සාමකාමී වේ. 

යම්කිසි තරුණියකගේ අංකය 5 හෝ 7 නම් ඇයට ගැළපෙන්නේ අංක 1 හිමි තරුණයෙකි. එවිට ඔවුනගේ ජීවිතය ප්‍රීතිමත් එකක් වනු ඇත. කෙසේමුත් තරුණියගේ අංකය 6 හෝ 8 වී, ඇය අංක 1 හිමි තරුණයකු හා විවාහ වූයේ නම්, විවාහ ජීවිතය ප්‍රසන්නශීලී නොවනු ඇත. මනාළයාගේ අංකය 2 වී මනාළියගේ අංකය 1 හෝ 7 වූයේ නම්, විවාහ ජීවිතයේ කරදර ඇතිවන්නට පුළුවන. තරුණයාගේ අංකය 2 වී, ඔහු අංක 2 හැර වෙනත් ඕනෑම අංකයක් හිමි තරුණියක හා විවාහ වූයේ නම් විවාහ ජීවිතය සතුට උතුරායන්නක් වනු නොඅනුමානය. 

කෙසේමුත් සතුට හා දුක යනු ඕනෑම අයෙකුගේ ජීවිතයට වරින්වර පැමිණෙන්නකි. යම්කිසි තරුණයකුගේ අංකය 3 වී, ඔහු අංක 3, 4 හෝ 5 හිමි තරුණියක හා විවාහ වූයේ නම්, අංක විද්‍යාවට අනුව ඔවුනගේ විවාහ ජීවිතය ප්‍රසන්නශීලි එකක් වනු නිසැකය. තරුණයාගේ අංකය 3 වී තරුණියගේ අංකය 7 වී නම් ඔවුනගේ ජීවිතයට දුක හා සතුට එක හා සමානව ලැබේ. තරුණියගේ අංකය 3 නොවූයේ නම් ඇයට අංක 3 හිමි තරුණයකු හා විවාහ වන්නට ලැබුණේ නම් ඔවුනගේ ජීවිතය ද කිරියෙන් පැණියෙන් උතුරන්නක් වන්නේ ය. 

පුරුෂයාගේ අංකය 4 වී කාන්තාවගේ අංකය 2, 4 හෝ 5 වී නම් ඔවුනගේ ගෘහ ජීවිතය වාසනාවන්ත වන්නේ ය. පුරුෂයාගේ අංකය 4 වී කාන්තාවගේ අංකය 6 හෝ 8 වී නම් ඔවුන් සිය විවාහ ජීවිතය තුළදී දුෂ්කරතාවයන්ට මුහුණ නොදෙනු ඇත. පුරුෂයාගේ අංකය 5 නම්, ඔහු විවාහ විය යුත්තේ අංක 1, 2, 5, 6 හෝ 8 හිමි කාන්තාවක් සමඟිනි.  ඔබ අංක 4 හෝ 7 සහිත තරුණියක් නම් ඔබට සාමාන්‍ය විවාහ ජීවිතයක් හිමිවනු ඇත. ඔබ වෙනත් අංකයකට අයිති වූයේ නම්, විවාහ ජීවිතයේ ගැටළුවලට මුහුණ දෙන්නට සිදුවන නොඅනුමානය. අංක 6 හිමි තරුණයෙක් වෙත්නම් ඔහු විවාහ විය යුත්තේ අංක 1 හෝ 6 හිමි තරුණියක සමගිනි. තරුණියගේ අංකය 2 හෝ 4 නම්, එවිට ඇයට යහපත් විවාහ දිවියක් නොලැබෙන්නට ඉඩකඩ තිබේ. 

පුරුෂයාගේ අංකය 7 වී කාන්තාවගේ අංකය 1, 3 හෝ 6 නම්, දෙදෙනා අතර ආදරයෙන් පිරුණු විවාහයක් හිමිවන්නේය. කාන්තාවගේ අංකය 5, 8 හෝ 9 නම්, ඇයට විවාහ ජීවිතයේ යම් යම් ගැටළු ඇති වුව ද, සමස්ථයක් ලෙස ඇයට සාමාන්‍ය විවාහයක් හිමි වේ. ඇයට වෙනත් අංකයකට අයිති වූයේ නම් ඇගේ විවාහ ජීවිතය සැපවත් එකක් නොවනු ඇත. යම්කිසි පුරුෂයකුගේ අංකය 8 නම්, ඔහුට අංක 5,6 හෝ 7 හිමි කාන්තාවක හා විවාහවීමෙන් ප්‍රීතිමත් විවාහ දිවියක් හිමිවන්නේය. ඔහු අංක 2 හෝ 3 හිමි කාන්තාවක හා විවාහ වූයේ නම්, විවාහ ජීවිතය සාමාන්‍ය තත්වයකින් පවතිනු ඇත. ඔහු මේ අංක හැර වෙනත් අංක හිමි කාන්තාවක හා විවාහ වූයේ නම්, විවාහ ජීවිතය තවත් පහළට වැටෙනු නිසැකය. අංක 9 හිමි පුරුෂයකුට විවාහවන්නට සුදුසු කාන්තාවන් අයත් වන්නේ අංක 1, 2, 3, 6 හෝ 9  යන අංකවලටය. අංක 5 හෝ 7 හිමි කාන්තාවක හා විවාහ වූයේ නම් විවාහය සාමාන්‍ය තත්වයක පවතිනු ඇත අංක 4 හෝ 8 හිමි කාන්තාවන් ඔහුට ගැළපෙන්නේම නැත. 

කෙසේ මුත් මෙය පොරොන්දම් ගැළපීමක් ලෙස වරදවා වටහා නොගතයුතුය. මේවායේ සත්‍ය අසත්‍යබව කෙතරම්ද යන්න පිළිබඳ අපට කිසිවක් පැවසිය නොහැකිය. නමුත්, මෙසේ කෙරෙන අංක විශ්ලේෂණයෙන් හෙළිවන තොරතුරුවල යම් සත්‍යතාවක් අතැයි ඔබට සිතෙන්නේ නම්, එවිට ඔබගේ වැරදි හා අඩුපාඩු නිවැරදිකරගෙන ඔබගේ සහකරු හෝ සහකාරිය සමඟ සතුටින් ජීවක්වන්නට පුළුවන. මෙවැනි විද්‍යාවන්ගේ අරමුණවන්නේ එයයි. 


-රැජින 2013-10-11


2 comments:

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න