පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, April 10, 2013

Dreams can forecast the future? - සිහින මඟින් අනාගතය ගැන ඉඟි ලබාගත හැකිද?




සිහින යනු අප නිතරම පාහේ අත්දකින සිදුවීමකි. අප යටි සිතෙහි තැන්පත්ව ඇති සිදුවීම් අප නින්දට ගිය පසු සිහින ලෙස දිස්වන බව මනෝ විද්යා ඥයෝ පවසති. එබැවින් සිහින පිළිබඳ ‍පොදු අදහස නම් සිහිනවලින් අප දකින්නේ අතීත සිදුවීම් බවය. අප දුටු බොහෝ සිහින යළි සිහියට නඟාගත හැකි නම් එය සැබෑවක් බව ඔබට ද පසක් වනු ඇත. එය එසේ වුවත් ඇතැම් සිහිනවලින් අප දකින දර්ශන හෝ දකින පුද්ගලයන් ජීවිතයේ කිසිදු දිනෙක අත්දුටු ඒවා නොවන බව ඇතැම් විටෙක ඔබට සිතෙනු ඇත. මෙයට ද මනෝ විද්යාවව පිළිතුරු දෙයි. අප දෑසට හසුවන නමුත් අප ඕනෑකමින් නොබලන දෑ අප මතකයේ රැඳෙන්නේ නැත. නමුත් ඒවා යටි සිතෙහි තැන්පත් වී පසුව සිහින ලෙස ඉස්මතු වෙයි. මනෝ විද්යාරව මෙසේ සිහින පිළිබඳ විස්තර කරද්දී ඉතිහාසයේ අපට සිහින පිළිබඳ මෙයට වඩා වෙනස් අත්දැකීම් හමුවේ. ඒ අනාගතය පිළිබඳ යම් යම් දේ අපට දැනුම් දෙන සිහින පිළිබඳවය. අනාගතය පිළිබඳ පූර්ව දැනුම්දීමක් සහිත මෙම සිහින බොහොමයකින් පැවැසෙන්නේ සිදුවිය හැකි ව්යෙසන පිළිබඳවය. නමුත් අවාසනාවට ඒ බොහොමයක් පූර්ව දැනුම්දීම්වලින් ප්රුයෝජනයක් ගන්නට හැකි වූ අවස්ථාවන් හමුවන්නේ කලාතුරකිනි. අනාගත සිදුවීම් පිළිබඳ පූර්ව දැනුම්දීම් සහිත මෙවැනි සිහින හඳුන්වනු ලබන්නේ ‘පූර්ව ඥානනීය සිහින’ (Interpretation at dreams) වශයෙනි. අප මේ පිළිබඳව තවත් තේරුම් ගන්නට නම් අතීතයේ සිදු වූ මෙවැනි ප්රිකට සිදුවීම් කිහිපයක් පිළිබඳ සොයාබැලිය යුතුය.
මෙවැනි සිහිනයක් දුටු එක් ප්ර කට පුද්ගලයකු වන්නේ හිටපු ඇමරිකානු ජනපතිවරයකු වූ ඒබ්රබහම් ලින්කන්ය. තමන්ව ඝාතනය කරන්නට සති දෙකක පෙර ඔහු අපූරු සිහිනයක් දුටුවේය. ඔහු දුටුවේ ධවල මන්දිරයේ පැවැති අවමංගල්යතයකි. මිය ගොස් ඇත්තේ කවුරුන්දැයි මිනී පෙට්ටිය පෙන්වමින් ඔහු එහි සේවකයෙකුගේ ප්රමශ්නයක් ඇසුවේය. “ඇමෙරිකාවේ ජනාධිපති තමයි මැරිලා ඉන්නෙ” සේවකයා පැවැසීය.
තත්ත්වය මෙසේ නම් ඔහුට සිය මරණය වළක්වා ගන්නට නොහැකි වූයේද ? සිහිනයෙන් පැවැසුයේ ඔහුගේ මරණය පිළිබඳවද? එසේ නම් ඔහුට සිය ආරක්ෂාව තර කරගැනීමට හැකියාවක් නොතිබුණේද ?
මාර්ක් ට්වෙන් යනු සුප්රංකට ඇමෙරිකානු ‍ලේඛකයෙකි. දිනක් ඔහු සිය සොහොයුරා මිනීපෙට්ටියක සිටිනු සිහිනෙන් දුටුවේය. ඔහු මේ පිළිබඳ සැලකිල්ලට ගත්තේ නැත. සතියක් හෝ ගතවන්නට පෙර ඔහුගේ සොයුරා බෝට්ටුවක වූ පිපිරීමකින් මරණයට පත්විය. මාර්ක් එම ස්ථානයට යන විට සිය සොයුරා තමා සිහිනෙන් දුටු ස්වභාවයේම මිනී පෙට්ටියක හොවා තිබෙනු දුටුවේය. අනතුර කලින් දුටුවත් එය වළක්වාගන්නට ඔහු ද කිසිවක් කළේ නැත.
මේ සිහින දෙකෙන්ම ඉදිරියේ දී සිදුවන්නට නියමිත අනතුරක් පිළිබඳ දැනුම්දීමක් කළ ද ඒ එක් සිහිනයක් හෝ මෙම අනතුරු පිළිබඳ සෑහෙන තරම් තොරතුරු දැනුම් දුන්නේ නැත. එම සිහින නොසලකා හැරීමකට ලක්වූයේ එබැවිනි. එසේ වන්නට හේතුව ලෙස සිහින විශ්ලේීෂකයන් පවසන්නේ මෙම සිදුවීම දෙකම කිසිදු ආකාරයකින් හෝ වළක්වා ගන්නට හැකි ඒවා නොවීමය. ලෝක ධර්මතාවය අනුව ඒවා අනිවාර්යයෙන්ම සිදුවිය යුතුම ඒවාය. එබැවින් සිහිනවලින් ඒවා පිළිබඳ පුළුල් තොරතුරු අනාවරණය කළේ නැත.
එසේ නම් අනාගතයේ සිදුවන්නට නියමිත සිදුවීම වෙනස් කරන්නට හැකි අවස්ථාවන් ද තිබිය යුතුය. සැබැවින්ම එවැනි සිහින අපට ඉතිහාසයෙන් හමුවේ. ටයිටැනික් ඛිෙදවචකය පිළිබඳ බොහෝ දෙනකු දුටු සිහින මේ ගණයට වැටේ. ටයිටැනික් නෞකාව අත්ලාන්තික් සාගරයේ ගිලී ගිය බව සැලවූ විගසම සෑහෙන දෙනකු පැවැසුයේ තමා දුටු නපුරු සිහිනයක් නිසා ටයිටැනික් නෞකාවේ ගමන් කරන්නට යොදාගත් ගමන අවලංගු කළ බවය. ඔවුන් සියලු දෙනා දැක තිබුණේ මෙම නෞකාව මුහුදේ ගිලී යන සිදුවීමකි. ඇතැම්විට මෙම අනතුරින් මියගිය අය අතර ද මෙම සිහිනයම දුටු අය සිටින්නට ඇත. ඔවුන් සිහිනය නොසළකා හැර ගමනට එක්වන්නට ඇත. මෙම නෞකාවේ ව්යා පාරික චාරිකාවක් සඳහා සූදානම්ව සිටි එක් පුද්ගලයකු ද මෙම සිහිනයම තෙවරක්වම දුටු බව වාර්තා වේ.
වෙනස් කළ හැකි අනාගතය
පිළිබඳ හොඳම උදාහරණය ලැබෙන්නේ ටයිටැනික් නෞකාවෙනි. මෙම සිහිනය දුටු සියලු දෙනාටම අනාගතයේ සිදුවන්නට නියමිත අනතුර වළක්වා ගන්නට තරම් සෑහෙන තොරතුරු එම සිහිනවලින් පෙන්නුම් කළ නිසා ඔවුහු සිය ගමන නවතා දමා අනාගතය වෙනස් කරගත්හ. නොසලකා හැරී අය විනාශයට පත් වූහ. නමුත් අප පෙර පැවැසූ ව්යාෙපාරිකයා සැබැවින්ම මේ ගමන නවතා තිබුණේ සිහිනයෙන් ලත් අනතුරු ඇඟවීම නිසාම නොවන බව පසුකලෙක පැවසීය. ඔහුට යම් ව්යාේපාරික ගැටලුවක් ද මේ සමගම පැන නැගිණි. එය හේතුවෙන් ඔහු මෙය නවතා දමා ඇත.
සිහිනවලින් අනාගත අනතුරු පිළිබඳ කෙරෙන දැනුම් දීම් සම්බන්ධ සිදුවීම් අපට ඉතිහාසය පුරා බොහොමයක් හමුවේ. ඒවා බොහෝය. මෙහි ඉදිරිපත් කළේ එවැනි උදාහරණ දෙකක් පමණි. එබැවින් අප දකින සිහින හුදෙක් යටි සිතෙහි ක්රියයාකාරීත්වයක් පමණක්ය යන්න නොපිළිගන්නෝ ද සිටිති. නමුත් සිහින පිළිබඳ විග්රෙහය ජාතියෙන් ජාතියට සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වන බව ද අප අමතක කළ යුතු නැත. ඇතැම් සංස්කෘතීන් තුළ යමකු තම මරණය සිහිනයෙන් දැකීම සුබපල උදාකරවන්නක් ලෙස ද හැඳින්වෙයි. සැබැවින්ම අසුබ වන්නේ තම මංගල්ය්ය වැනි සුබ යමක් සිහිනයෙන් දැකීම යැයි ද තව දුරටත් පැවැසේ. නූතන මනෝ විද්යා වේ පියා වශයෙන් සැලකෙන සිග්මන්ඩ් ෆේරා යිඩ්ගේ සිහින විග්රැහය  මගින් පැවැසෙනුයේ සිහින යනු මනැසේ ක්රිෙයාකාරීත්වයේ යම් යම් සංකේත මිස වෙනයම් අද්භූත හෝ ආගන්තුක දේවල් නොවන බවය. ඒ අනුව සිහින දෙස බලමින් තමන් ගේ ජීවිතයේ ඉදිරි ගමන් මග තීරණය කර ගැනීම කෙතරම් ප්රසඥාවන්ත ද යන තර්කය ද අපගේ සිත
කෙළවරකින් පැන නැගීම වළකනු නොහැක.

1 comment:

  1. me gena karapu research thama success wela nehe kiyala giya sathiye BBC eke thibuna

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න