පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, April 5, 2013

Indian Rape Case - හද සසල කළ ඉන්දියානු දූෂණ නඩුව



අප රටට එතරම් නොදැනුනත් මුළු මහත් ඉන්දියාවම සසල් කරමින් පසුගිය ජනවාරි 16 වැනිදා සිදුවූ ස්ත්‍රී දූෂණ සිදුවීම බොහෝවිට ඔබට තවමත් මතකයේ තිබෙනවා වන්නට පුළුවන. තරමක් රෑ බෝවී සිය පෙම්වතා සමග බස් රථයක් ගමන් කරමින් සිටි 23 හැවිරිදි භෞත චිකිත්සක සිසුවියකට අතවූ ඛේදනීය ඉරණම සංවේදී සිත ඇත්තවුන්ගේ සිත සසල කරන්නට සමත් සිදුවීමක් විය. ඉන්දීය දේශපාලන කරළියේ පමණක් නොව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයා ද මේ පිළිබඳ අවධානයෙන් පසුවිය. එය එතරමටම ආන්දෝලනාත්මක විය. දැන් නැවතත් එම සිදුවීම පිළිබඳ මිනිසුන් මෙන්ම මාධ්‍ය ද කතා කරන්නට පටන්ගෙන තිබේ. එයට හේතු වන්නේ මෙම ස්ත්‍රී දූෂණය සිදු කළ සය දෙනෙකෙුගෙන් යුක්ත පිරිසෙහි ප්‍රධන සැකකරු වූ රාම් සිංග් නමැත්තා සිරභාරයේ සිටියදීම සිය අඳ ඇතිරිල්ලෙන් සදාගත් රැහැනකින් ගෙළ වැළ ලා සිය දිවි නසාගෙන තිබීමය. මෙම දූෂණ අපරාධය කළ බස් රථයේ රියැදුරා වූයේ රාම් සිංග්ය.


මෙම සයදනෙකෙුගේන් යුක්ත පිරිසෙහි එක් අයකු තමවත් බාලා වියෙහි පසුවන බැවින් ඔහු බා අපරාධ අංශයෙහි රඳව ඇති අතර ඉතිරි පස්දෙනා රඳවා තිබුණේ රාම් සිංග් ගෙන් වෙන්වය. රාම් සිංග් සිට ඇත්තේ ඔවුන්ගේ වෙන්වූ වෙනත් සිර මැදිරියක වෙනත් සිරකරුවන් කිහිප දෙනෙක් සමගිනි. ඉතිරි සිව් දෙනා මෙම අපරාධයට වරදකරුවන් වුවහොත් ඔවුනට නිසැක ලෙසම මරණීය දණ්ඩනය හිමිවනු ඇත.
මෙම දූෂණ අපරාධයේ සැකකරුවන් මොනයම් හෝ අවස්ථාවක සියදිවි නසාගන්නට උත්සාහයක් ගනු ඇතිබවට සැකයක් ද බන්ධනාගාර බලධාරීන් අතර ත්බූ බව ද පැවසේ. එබැවින් මොවුන් පිළිබඳ දැඩි විමසිල්ලේන් සිටින ලෙස ද උපදෙස් ලබා දී තිබිණි.


බන්ධනාගාර බලධාරීන් මෙය සියදිවි නසාගැනීමක් ලෙස පැවසුව ද රාම් සිංග් ගේ පවුගේ සාමාජිකයන් පවසන්නේ මෙය ඝාතනයක් බවයි.
සියදිවි නසාගැනීමේ උත්සාහයක් පිළිබඳ අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබියදී  මෙවැනි දෙයක් සිදුවීම යනු ආරක්ෂිව පිළිබඳ බරපතල ප්‍රශ්නයක් බව ඉන්දීය ස්වදේශ කටයුතු පිළිබඳ ඇමති සුෂිල් කුමාර් ෂින්දේ පවසයි.


එය එසේ වුවත් රාස් සිංග් ගේ පවුගේ පිරිස පවසන්නේ බස් රථ අනතුරකින් ඔහුගේ දකුණු ඇතේ ඇතිවී තිබූ ආබාධිත තත්වයක් නිසා ඔහුට සිය ඇඳ ඇතිරල්ලෙන් තනිව තොණ්ඩුවක් සකසා ගැනීමට හැකියාවක් නොමැති බවයි.  අනෙක ඔහු සමග තවත සිරකරුවන් කිහිපදෙනෙකුද මෙම මැදිරියේ සිටි බැවින් ඔවුනට නොදැනී මෙවැනි සියදිවි නසාගැනීමක් කරන්නට හැකියාවක් නොමැති බවයි. ඇතැම් වාර්තා පවස්නනේ ඔහු ගෙළ වැළලා ගන්නට තොණ්ඩුව සකස්කරගෙන ඇත්තේ සිය කලිසම ඉරා පිළියල් කරගත් රෙදි පටිවලින් බවය. නමුත් සිරමැදිරිවල තිබූ ආරක්ෂිත තත්වය යටතේ සියදිවි නසාගැනීමක් කරගන්නට ඉඩන් නොමැති බව ඇතැම් මාධ්‍ය වාර්තා කරයි.


රාම් සිංග් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා වන වී.කේ. ආනන්ද් පවසන්නේ රාස් සිංග් ගේ මානසික තත්වය යහපත් ලෙස පැවති බවත් මෙවැනි සියදිවි නසාගැනීමක් සිදුකරගන්නට කිසිසේතම අවශ්‍යතාවයක් නොත්බූ බවය. ඔහු පවසන්නේ මෙය සැකකටයුතු සිදුවීමක් බවත් බන්ධනාගාර නිලධාරීන් මෙය පසුපස සිටිනා බවත්ය.
රාම් සිංග් ගේ පියා වන මන්ගිලාල් මේ පිළිබඳව පවසන්නේ මෙවැන්නකි.


“මේක සියදිවි නසාගැනීමක් වෙන්න බැහැ. මම පුතා බලන්න ගිය අනත්ම දවසේ කිව්වා පොලීසියෙන් හොඳටම ගැහුවා කියලා. අනෙක් පොලීසියෙන් කිව්වලු දැන් ඉන්න නීතිඥ මහත්තයා අයින් කරලා වෙන කෙනෙක්ව ගන්න කියලත්. අනෙක් සිරගෙදරදී රාම් සිංග්ට ලිංගික අතවර සිද්ධවෙලාත් තියෙනවා”


මෙම බස් රථය පැදවූ ප්‍රධාන සැකකරුවන රාම් සිංග් වෘත්තියෙන් පාසල් බස්රථ රියැදුරෙකි. පොලීසිය පවසන්නේ තරුණ යුවල මෙම බස් රථයට ගොඩවන සේ පොළඹවා ඇත්තේ බීමතින් සිටි අනෙක් සැකකරුවන් පිරිස බවය. ඔවුන් සියල්ලන්ට එරෙහිව චෝදනා 13ක් පෙළ ගැසී තිබේ. ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත්තේ ද රාම් සිංග් සේ සාක්ෂි මතය. මෙම ස්ත්‍රී දූෂණයට හු සම්බන්ධ බව තහවුරු කෙරෙන  අධිකරණ වෛද්‍ය සාක්ෂි ද තමන් සතුව ඇතැයි ඉන්දීය පොලීය පවසයි.


රාම් සිංග් ගේ පවුගේ පිරිස හා නීතිඥයවරයා  සිය ඥාතියාගේ හා සේවාදායකයාගේ අයිතිවාසිකම් හා ඔහුට සිදුවූ අසාධරණකම් පිළිබඳ දැන් කතා කළ ද ඔහු ඇතුළු සය දෙනෙකුගේ අතවරයට ලක්වූ තරුණිය කෙතරම් වේදනාවතට ලක්වී මරණයට ලක්වන්නට ඇති ද යන්න පිළිබඳ මෙහොතකට හෝ මෙනෙහි නොකරන බවයි බොහෝ දෙනෙක් පවසන්නේ. මෙම ස්ත්‍රී දුෂණ සිදුවීමෙන් පසුව ඉන්දීය පුරා විවිධ සංවිධන උදක්ම ඉල්ලා සිටියේ මෙවැනි අපරාධ වැඩලීම සඳහා සාමූහික ප්‍රයත්න මෙන්ම නව නීති පද්ධතියක් ද ඇති කළ යුතු බවයි.

2013 මාර්තු 22 - රැජින පුවත්පත

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න