මේ උත්සව සමය නිසා වසරේ අනෙක් දිනයන්ට
වඩා කෑම බීම පරිභෝජනය වැඩි වන බව අමුතුවෙන් පැවසිය යුත්තක් නොවේ. සාමාන්‍යයෙන්
වෙනත් දිනකට වඩා වැඩි කෑම බීම වර්ග වැඩි
ප්‍රමාණයන්ගෙන් නිවසේ රැස්කොට තබා ගැනීම මේ දිනවල බහලුව සිදුවන්නකි. ඉක්මණින් නරක්
නොවන කෑම බීම මේ අතින් ප්‍රමුඛය. ඉක්මණින් නරක් නොවන ආහාර වර්ග අතුරින් ඉදිරියෙන්ම
පසුවන්නේ ටින් කළ මාළුය. සාමාන්‍යයෙන් අප ‛සැමන්’ යනුවෙන් හඳුන්වන්නේ මේවාය. සැමන් හොදි,
සම්බෝල ආදිය ඉතා මෙයින් පිළියෙල කරගන්නා කෑම
වර්ග අතරින් ඉතා ජනප්‍රියය. ඊට අමතරව උත්සව සමයේදී කට්ලට් ආදිය සාදාගැනීම
සඳහා ගෘහනියන් වැඩි දෙනෙක් යොදාගන්නේ ද
ටින් කළ මාළුය.
ටින් කළ මාළු වශයෙන් සාමාන්‍යයෙන්
හඳුන්වන්නේ රත්කිරීමේ ක්‍රියාවලියකින් අනතුරුව වායුරෝධක හෙවත් වාතය පිට නොවන
ආකාරයෙන් ටින්වල දමා මුද්‍රා තබන ලද ආහාරයකි. මේ ක්‍රමය අනුගමනය කිරීමෙන් වසර පහක පමණ කාලයක් දක්වා මාළු කල් තබා ගත හැකි
වේ. මාළු යනු අඩු ආම්ලිකතාවයකින් යුක්ත සත්ව විශේෂයක් වන බැවින් ක්ෂුද්‍රජීවීන්
ඇතිවීම ඉතා ශීඝ්‍රයෙන් සිදුවේ. මාළු වඩාත් ඉක්මණින් නරක් වන්නේ මේ නිසාය. මේ නිසා
අඩු ආම්ලික තාවයකින් යුක්ත ආහාර ( පීඑච් අගය 4.6 ට වඩා වැඩි) පාරිභෝගකයන්ගේ ආරක්ෂාව සඳහා සෙන්ටිග්‍රේඩ් අංශක 116
- 130 දක්වා රත්කොට බීජානුහරණකිරීම අත්‍යවශ්‍ය
වේ. මාළුවල ඇති ගුණය හා රසය යම් තාක් ප්‍රමාණයකින් අඩුවුව ද ඒවා නරක් නොවී සැළකිය
යුතු කාලයක් තබාගැනීමට හැකි නිසා ටින් කළ මාළු අදටත් ආහාර සංරක්ෂණය කිරීමේ ජනප්‍රියතම
ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක වෙයි.
මාළු ටින්කොට කල් තබාගැනීමේ ක්‍රමයේ
ආරම්භය ප්‍රංශ අධිරාජයකු වූ නැපෝලයන්ගේ
සමය දක්වා අතීතයකට විහිදෙයි. නැපෝලියන්ගේ යුද්ධය ආරම්භ කිරීමෙන් පසු ප්‍රංශ
රජය ෆ්‍රූන්ක් 12,000 ප්‍රදානය කරමින් නිවේදනය කොට සිටියේ
ආහාර වැඩි ප්‍රමාණයක් වැඩි කාලයක් සංරක්ෂණය කොට තබා ගැනීමේ ක්‍රමයක් සොයා ගන්නා
අයෙකුට මෙම මුදල තිළිණයක් ලෙස ලබා දෙන බවයි. එයට හේතුව වූයේ විශාල හමුදාවක් සඳහා
ගුණයෙන් අඩු නොවූ ආහාර අධික ප්‍රමාණයක් රැස්කොට, කල් තබාගත යුතු වූ බැවිනි. මෙම අභියෝගය භාරගත්තේ ප්‍රංශ ජාතිකයෙකු වූ
‛නිකොලා ඇපේ’ (Nicolas Appert) ය. ඔහු 1795 වසරේදී මෙම මාළු ටින් කිරීමෙන් කල් තබාගැනීමේ ක්‍රමය පිළිබඳ පර්යේෂණ
ආරම්භ කළ අතර 1810 දී එය සාර්ථකව ක්‍රියාත්මකකොට අදාළ ත්‍යාගය
ද දිනා ගත්තේය. ඔහු සොයා ගත් ක්‍රමයට අනුව ආහාර අසුරන ලද්දේ වීදුරු බඳුන්වලය. නමුත් වීදුරු බඳුන් ප්‍රවාහනයේදී ගැටලු මතු වු
බැවින් බ්‍රිතාන්‍ය ජාතික නව නිපැයුම්කරුවකු වූ ‛පීටර් ඩුරාන්ඩ්’ ටින්වල මාළු ඇසිරීමේ ක්‍රමය ලෝකයට
හඳුන්වා දුන්නේය. අද දක්වා ක්‍රියාත්මක වන්නේ ඔහු විසින් මෙසේ හඳුන්වා දුන් ක්‍රමයයි.
මුල් සමයේ ටින්වල අසුරන්නට යොදා ගත්
මත්ස්‍ය වර්ගය වූයේ ‛සැමන්’ (salmon ) ය. සැමන් යනු මිරිදිය මත්ස්‍ය විශේෂයකි.
සැමන් මත්ස්‍යයින් යොදා මාළු ටින් කිරීමේ කර්මාන්තයක් උතුරු ඇමරිකාවේ ආරම්භ කෙරුණු
අතර එය හඳුන්වන ලද්දේ ද ‛සැමන් කැනරි’ (salmon cannery) යනුවෙනි.
සැමන් මත්ස්‍යයා |
ඔවුන් මෙය මහා පරිමාණයෙන් සිදුකරගෙන
ගිය අතර දහනව වැනි සියවස තුළ ලෝකයේ බොහෝ රටවල ඔවුන්ගේ කර්මාන්ත ශාලා බිහිකොට සැමන්
මත්ස්‍යයන් ඇල්ලීම වඩාත් පුළුල් කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ බොහෝ රටවලට
ටින් කරන ලද මාළු පැතිර ගිය අතර මේවා වඩාත් ප්‍රචලිත වූයේ ‛ටින් කළ මාළු ’ නමින් නොව ‛සැමන්’ නමිනි. අප රටේ ද අදටත් ‛සැමන්’
යනු ටින් කළ මාළු හඳුන්වන වඩාත් ප්‍රචලිත නමක්
බවට පත්ව ඇත්තේ මේ නිසාය.
සාඩින් හෙවත් පිල්චාර්ඩ් |
ටින් කළ මාළු හඳුන්වන්නා වූ තවත් නමක්
වන්නේ ‛සාඩින්’ ය. ‛සාඩින්’ නමින් හඳුන්වනු ලබන්නේ ද මත්ස්‍ය වර්ගයකි. සැබවින්ම එක් මත්ස්‍ය
වර්ගයක් නොව තෙල් සහිත සියලු කුඩා මත්සය්‍යන් හැඳින්වීම සඳහා පොදුවේ භාවිත කරන නම
වන්නේ ‛සාඩින්ය’. මොවුන්ට මෙම නම පටබැඳෙන්නට හේතුව වශයෙන් සැළකෙන්නේ ටින් කොට මත්ස්‍යයන්
කල් තබාගැනීමේ කර්මාන්තය ආරම්භ කළ මුල් සමයේ මෙම මත්ස්‍යයන් බහුල වශයෙන් දක්නට ලැබුණු
මධ්‍යධරණී දූපතක් වූ ‛සාඩිනියාව’ ආශ්රිත මුහුදේ නිසාය. මෙම දුපතේ නම මෙම වර්යේ සියලු මත්සය්‍යන්ට
පටබැඳුණූ අතර ඔවුන් යොදා නිපදවන ලද ටින් කළ මාළු ද ‛සාඩින්’ නමින් ප්‍රකට විය. වර්තමානයේ ටින් කළ මාළු නිපදවීමට යොදා ගන්නා වඩාත් ප්‍රචලිත
මත්ස්‍ය වර්ගයක් වන ‛පිල්චාර්ඩ්’ අයත් වන්නේ මෙම ‛සාඩින්’ නමැති පොදු මත්ස්‍ය වර්ගයටය.
ටූනා මත්ස්‍යයා |
ටින් කළ මාළු නිපදවීම සඳහා යොදාගන්නා
තවත් මත්ස්‍ය වර්ගයක් වන්නේ ‛ටූනා’ ය. ටූනා යොදා ටින් කළ මාළු නිපදවීම 1903 වර්ෂයේදී ආර්ම්භ කෙරුණු අතර ලොව පුරා බොහෝ දෙනෙක් සැන්ඩිච්, සලාද සහ කැසරොල් ආදී කෑම වර්ග සෑදීමේදී යොදා
ගන්නේ ටූනා මත්ස්‍යයන් සහිත ටින්කළ මාළුය.
ජැක් මැකරල් |
ජැක් මැකරල් යනු මෙසේ ටින් කළ මාළු
නිපදවීමට යොදා ගන්නා තවත් ජනප්‍රිය මත්ස්‍ය වර්ගයක් වේ.
බොහෝ ටින් කළ මාළු නිෂ්පාදකයන් තමන් මේ
සඳහා යොදා ගත්තේ කුමන මත්ස්‍ය වර්ගය ද යන්න ටින් එකෙහි ඇසුරුමෙහි සඳහන් කර තිබේ.
ඔබ මෙයට පෙර මේ පිළිබඳව අසා නොතිබුණේ නම් මින් පසු ටින් කළ මාළු මිලදී ගැනීමේදී මේ
පිළිබඳව මඳක් සොයා බලන්න.
මෙතෙක් කළ ටින් කළ මාළු කර්මාන්තය
පිළිබඳ විස්තර නොදැන ඒවා ආහාරයට ගත් ඔබට දැන් ඒ පිළිබඳ දැනුමකින් යුක්තව ආාහාරයට
ගැනීමට හැකිය.
ඕනමැන්ටල්?
ReplyDeletehttp://ornaya.blogspot.com/
Deleteමාළු හා ටින් මාලු පිලිබඳ විශේෂඥයෙකි.
එහෙනම් ටින් මාළු ගැන සෑහෙන විස්තර දන්නවා ඇති.
Deleteමෙහෙත් ලොකු සද්දයක් දාලා රාජිත ඇමති කාලේද කොහෙද ඔය "ටින් මාළු"කරන කර්මාන්ත ආයතනයක් පටන් ගත්තා නේද ?එකට මොනවා වුනාද මන්දා.එතකොට ටින්මාළු වලට පොදුවේ "සැමන්"කියන නම භාවිතා කරන එක වැරදියි.
ReplyDeleteඅපේ රට වටේට මාළු වැස්සත් කවදාවත් අපට කියලා ටින් මාළු කර්මාන්ත ශාලාවක් නම් ඇතිකරයිද කියන එක දැන් සැකයි. මොකද පිටරටින් එන ඒවගෙන් කොමිස් තියෙනවානේ.
Deleteඅනෙක සැමන් කියන එක වැරදියි තමයි. ඒකත් හරියට දත්බෙහෙත්වලට එස් ආර්, සෙරෙප්පුවලට බාටා, මොබයිල් ෆෝන්වලට සෙල්ටෙල්, රෙදි සෝදන සබන්වලට සන්ලයිට් කියනව වගේ වැඩක්. කොහොම වුණත් මේකට නිවම නමක් නැති නිසා අපිත් සැමන් එකක් දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. සමහර විට ඒකේ ඉන්නේ වෙන මාළුවෙක් වෙන්න පුළුවන්.
Deleteඕනමැන්ටල් ලංකාවේ මාලු ටින් කරපු ෆැක්ටරියක තනතුරක් දැරුවා.
Deleteටින්මාළු කම්හලක් මුලින්ම පටන්ගත්තේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලේ පුත්තලම ප්‍රදේශයේ. ඊට පස්සෙත් වෙනත් රජයයන් විසින් ඒ උත්සාහය දරුවත්, එකක්වත් සාර්ථක වුනේ නැහැ. අපේ රටවටේ තියන මත්ස්‍ය සම්පතෙන් බොහොම ටිකයි අපි අල්ලාගන්නේ. ඒ ඔක්කොම අල්ලාගෙන මේ පුංචි රට ඇතුලේ ඉක්මනින් ප්‍රවාහනය කරන්න පුලුවන්නම් ටින් මාළු අවශ්‍ය වෙන්නේ නැහැ.
Deleteඅන්න එ්ක තමයි ප්‍රශ්නේ. අපේ රටේ ධීවර කර්මින්තය දියුණු කරන්න නිවැරදි වැඩපිළිවෙලක් නොකිබුණු බවත්, ඉදිරියේදී ඇති වෙන බවක්වත් පෙනෙන්නේ නැහැ. අපට වැඩි මිලක් දීලා මාළු කන්න වෙලා තියෙන්නේ මේ නිසයි.
Deletetess mackerel hadanne lankave
Deleteසැමන් හා සාඩින් යනු මාළු වර්ග බව දැනන් සිටියත් මෙතරම් පැහැදිලිව දැන ගත්තේ අද. ස්තුතියි මේ ගැන දැනුවත් කලාට.
ReplyDeleteඅදහස් දැක්වුවාට ස්තූතියි යාළුවා.
Deleteඑක කාලයක් එනවා ලංකාව වටේම මූද තිබුනත් ටින් මාලු ලාබයි කෑලි මාලු වලට වඩා..
ReplyDeleteඒක නම් සහතිකෙන්ම ඇත්ත. අපේ රට වටේට මුහුද තිබුණත් අපට මේ කපේදී නම් අඩු මිලට මාළු ගන්නවත්, ටින් මාළු ෆැක්ටේරියක්වත් දාන්න නම් ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ කාර් හදන කර්මාන්ත ශාලා දාන්න උත්සාහ කරනවාට වඩා ටින් මාළු වගේ එකක් දාන්න පුළුවන් නම් හොදයි. ඒත් කිරි ගහට මෝල් ගහෙන් ඇන්න වගේ කියන්න පුළුවන් අපට මේ දෙකෙන් එකක්වවත් ලැබෙන්නේ නම් නැහැ.
Deleteඅනික් මාලු වර්ග ගැන දැනගෙන හිටියත් දැන් බහුලවම භාවිතා වෙන ජැක් මැකරල් කියන්නෙ මාළුවෙක් කියල දැනගත්තෙ අද.
ReplyDeleteමේ ලිපියට විස්තර හොයද්දී තමයි එහෙම මාළුවෙක් ඉන්නවද කියලා මාත් හොයලා බැලුවේ.
Deleteටූනා කියන මාළු වර්ගයටද සිංහලෙන් කෙන්දා කියන්නේ? කෙන්දා මාළු විදේෂීය වෙළඳපොලටයි යන්නේ 99% ක් ම.
ReplyDeleteටූනා මාළුවාට සිංහල තේරුම හොයද්දි කෙලවල්ලා, බලයා කියන ඒවත් එනවා. කෙන්දා කියලා මාළුවෙකුත් ඉන්නවා. කෙලවල්ලාගේත් විවිධ වයස් මට්ටම්වලදි එක එක නම් කියනවා. ඉතිං හරියටම විස්තරයක් දන්නේ නැති නිසා ටූනා කියලාම ලිව්වා.
Deleteඅපේ සීයා සැමන් වලට කියන්නේ සැවානා කියලා... ඕවා කන්න එපා කියලමයි කියන්නේ... ගිරීස්මේ කියලා....
ReplyDeleteසැමන් ‘ගිනිහම්‘ කෑමක් කියලා නම් මමත් අහලා තියෙනවා. ගැස්ට්‍රයිටිස් තියෙන අය මේවා කන්න වැඩිය කැමති නෑ.
Deleteඕක සයිකෝ සොමැටික් තත්වයක්.
Deleteදැන් තියෙන්නේම චීන මාළු. ඒවා මොන වර්ගෙද මන්දා. සැමන් වල අපේ පුංචි අම්මා බැඳපු මිනිහා විශ්වාස කරන්නේ සැමන්වල දියරය "බෙහෙත් වතුරක්"ය එය ඉවත්කල යුතුය කියලා. අපේ අම්මත් ඒ කාලේ එයාගෙන් ඔය මතය ඉගෙනගෙන දියර ඉවත්කර සැමන් මාළු උයන්න පටන් ගත්තා. මම මුලින් කිහිප වරක් ඕක නවත්වන්න යැයි හොඳින් කීවා. අහන්නේ නැති තැන හට්ටිය පිටින් මාළු විසිකරන්න පටන් ගන්නා. කීපවතාවක් එහෙම කලාම අම්මා යථා තත්වයට පත්වුනා.
ReplyDeleteටින් එකේ කියලා තියෙන විදිහට නම් ඇතුළේ ඉන්න ඕන පිට පැත්තේ නම සදහන් මාළුවාම තමයි. ඒ ඒත් නංගි පෙන්නලා අක්ක දෙන එකේ ටින් එකේ තියෙන මාළුවා ඇතුළේ ඉන්නවද කියන එකත් සැකයි. අනෙක් කතාව කමයි ටින් මාළු ගැන විතරක් නෙවෙයි බොහෝ කෑම වර්ග ගැන අපේ මිනිස්සු හදාගත්තු විශ්වාස තියෙනවා. ඒ සමහර ඒවා හොදයි. සමහර ඒවා විකාරයි. අපේ හිතවතෙක් එක් වතාවක කිව්වා මාසයකට වතාවක්වත් සැමන් කන්න ඕන කියලා වෛද්‍යවරයෙක් කිව්වා කියලා. මේ වගේ අමුතු කතා කෑම වර්ග ගැන ඇහෙනවා.
Delete