පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, November 6, 2014

ගැලක්සි එනිකෝල් (M110S) එකට සයිනජන්මොඩ් 7 රොම් එකක් දාමු - CyanogenMod 7 (CM7) Custom ROM for Samsung Galaxy M110S (Anycall)



කොරියානු එන්කෝල්, ඒ කියන්නේ M110S ෆෝන් එකට සයිනජන්මොඩ් 7 සංස්කරණයක් ස්ථාපනය කරන හැටි සිංහලෙන් කොහේවත් දකින්න නොලැබුණු නිසා, ඒ වගේ වැඩක් කරන්න කැමති අය වෙනුවෙන් මට හම්බවුණු රොම් එකක් ගැන විස්තර ටිකක් බෙදාහදාගන්න හිතුවා. වැඩි කතා නැතුව වැඩේට බහිමු.


මේකට ඕන කරන ගොනු මෙන්න මේවා තමයි. මේ ගොනු උඩ ක්ලික් කරලා ඒවා ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. සයිනජන්මොඩ් 7 (CM7) රොම් කිහිපයක්ම අන්තර්ජාලයේ හොයාගන්න පුලුවන් වුණත්, ඒ බොහෝ ඒවායේ SMS ප්‍රශනයක් තියෙනවා. මේ රොම් එකේ SMS ප්‍රශ්නයක් නැහැ.






ඉහත ගොනුවලින් 


1) cm-7.2.0-SMSfixed.zip

2) gapps-gb-20110828-signed.zip


කියන ගොනු ටික ඔබේ ජංගම දුරකතනයේ SD කාඩ් එකේ ඔබ කැමති නමකින් ෆෝල්ඩරයක් සාදා එයට කොපි කරගන්න ඕන. 


කස්ටම් රොම් දාන්න දන්න අයට මේ වගේ වැඩකට අවශ්‍ය අතිරේක අවශ්‍යතා ගැන කියන්න නම් ඕන නැහැ. ඒත් මම වැදගත් කරුණු ටිකක් සඳහන් කරන්නම්. 


1. ජංගම දුරකතනය 80%ක්වත් ආරෝපණය වෙලා තියෙන්න ඕන.

2. සැම්සුන් දුරකතනවලට අවශ්‍ය ධාවක (Drivers) පරිගණකයේ ස්ථාපනය කරලා තියෙන්න ඕන. 


3. Download Mode, Recovery Mode ගැන දැනගන්න ඕන.

4. Recovery Mode එකෙන් තමන්ගේ දැන් තියෙන රොම් එකේ උපස්ථයක් (Backup) අරගන්න ඕන. මොකද ගැටලුවක් උනොත් පරණ රොම් එකම දාගන්න පුලුවන් නිසා. 


වැදගත්ම දේ තමයි මේ වැඩේ නිවැරදිව කළේ නැත්නම් ඔබේ ජංගම දුරකතනය ගඩොලක්’ (Brick) වෙන්න පුලුවන් කියන එක. ගඩොල ආයෙමත් දුරකතනයක් කරන්න පුලුවන් වෙන්නත් පුලුවන්. බැරිවෙන්නත් පුලුවන්. ඒ නිසා මේ වැඩේ අවදානමකුත් තියෙනවා. පරිස්සමින්, හරියට කළොත් හොඳ වේගවත්, ලස්සන කිට්කැට් රොම් එකක් මේ වගේ පරණ ජංගම දුරකතනයකට දාගන්න එක ලොකු දෙයක් නෙවෙයි. 


දැන් මේ පියවර අනුගමනය කරන්න. 


1. දුරකතනය ක්‍රියාවිරහිත කරලා Home Key එක ඔබාගෙන දුරකතනය ක්‍රියාත්මක කරන්න. එතකොට Download Mode එකට එනවා. දැන් Odin GS_CM7_Final_Kernel.tar  එක ෆ්ලෑෂ් කරගන්න. තත්පර කිහිපයකින් ෆ්ලෑෂ් වෙනවා. ඊට පස්සේ රිස්ටාර්ට් වෙලා ආයෙම පුරුදු විදිහට දුරකතනය ක්‍රියාත්මක වෙන්නත් පුලුවන්. නැත්නම් ක්‍රියාත්මක වෙන්නේ නැතිව හිරවෙලා වගේ තියෙන්නත් පුලුවන්. මොකක් වුණත් බැටරිය ගළවලා හරි දුරකතනය ඕෆ් කරලා Volume Down, Home Key තද කරගෙන දුරකතනය ඕන කරන්න. 


2. දැන් එන්නේ Recovery Mode එකට. මෙතැනින් ඔබට ඔබේ දැන් පවතින රොම් එකේ උපස්ථයක් ගන්න පුලුවන්. ඉන් පසුව wipe data/factory reset සහ wipe cache partition කරගන්න. ඊට පස්සේ  Install Zip ගිහින් cm-7.2.0-SMSfixed.zip ඉන්ස්ටෝල්  කරගන්න.



3. ඊට පස්සේ gapps-gb-20110828-signed.zip ඉන්ස්ටෝල් කරන්න. ඉන් පසුව wipe data කරලා  Reboot කරගන්න.


දැන් හරි. බූට් වෙන්න ටිකක් වෙලා යයි. ඔන්න දැන් පරණ එනිකෝල් එකේ සයිනජන්මොඩ් 7 (CM 7) තියෙනවා. මේ පෝස්ට් එකේ පහළින් තියෙන්නේ මගේ ෆෝන් එකේ සයිනජන්මොඩ් 7 (CM 7) තියෙන විදිහ.

ඒ වගේම මම මේ රොම් එක දාන විදිහේ වීඩියෝ එකකුත් හැදුවා. ඒකත් පහළින් බලා ගන්න පුලුවන්.


මේ රොම් එකේ නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. වේගය හොදයි. හිරවෙන්නෙත් නැහැ.


ඔන්න මම හොයාගත්ත දේ හැමෝටම කිව්වා. ප්‍රශ්නයක් ඇත්නම් කතා කරමු.













No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න