අප රටේ 68 වැනි නිදහස් සමරුව
නිමිත්තෙන් ගාලු මුවදොර පිටියේ රාත්‍රියේ පවත්වන ලද සංගීත ප්‍රසංගයේදී ක්‍රිෂානි
විජේසිංහ නම් ගායිකාව විසින් ගායනා කරල ලද ‛දන්නෝ බුදුන්ගේ ගීතය පිළිබඳ මේ වන දැැවැන්ත
මට්ටමේ සමාජ කතිකතාවක් නිර්මාණය වී තිබේ. ඇය මේ සමඟම දරු නැළවිලි ගීයක් ද ගායනා කළ
මුත් වැඩි වශයෙන් කතා බහට ලක්වන්නේ මුළින් සඳහන් කළ ගීතය පිළිබඳවය. මේ පිළිබඳ මේ
සා අදහස් පළවන්නට හේතුව වී ඇත්තේ මෙකී ගායිකාව විසින් එය බටහිර ඔපෙරා ශෛලියකින්
ගායනා කළ බැවිනි.
දන්නෝ
බුදුන්ගේ ගීතයේ ඉතිහාසය
1903 වර්ෂයේදී
ජෝන් ද සිල්වා සූරීන් විසින් නිර්මාණය කරන ලද ‛සිරිසඟබෝ’ නාට්‍යය සඳහා මුල්වරට ගැයුණු මෙම ගීතය
පිළිබඳව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිය ‛ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය’ පොතෙහි මෙසේ දක්වා
තිබේ.
“1903 දී ජෝන් ද
සිල්වා රචනා කළ , සිරිසඟබෝ
නාටකයෙහි ‛දන්නෝ
බුදුන්ගේ ගීය සඳහා විශ්වනාත් ලවුජී නමැති ඉන්දියානු සංගීතඥයා සම්පාදිත තනුව ,
බටහිර තනුවක් බවටද
මතයක් පවතී . . . . . කෙසේ වෙතත් විශ්වනාත් ලවුජී සම්පාදනය කර ඇති සිය ගණනකට අධික
ගී තනුවලට වඩා “දන්නෝ බුදුන්
ගේ” තනුව වෙනස්
බවත්, එහි බටහිර
නැඹුරුවක් ඇති බවත් විචාරකයෝ පවසති. ශ්‍රී ලංකාවේ බැප්ටිස්ට් දේවස්ථානවල ද දන්නෝ
බුදුන්ගේ තනුව අනුව ගැයෙන ගීතිකාවක් ඇත”
දන්නෝ බුදුන්ගේ තනුව අනුව ගැයෙන ගීතිකාව
මෙහි මුල්
ගායනය ඩබ්ලිව්. ඒ. පෙරේරා, එබ්ලිව්.ඒ.
අප්පුසිඤ්ඤෝ සහ ඩබ්ලිව්.ඩී.එස්. ජේමිස් යන අයගේ නම් සොයා ගත හැකිය.
‛සිරි සඟබෝ’
නාට්‍යයට අනුව
සංඝතිස්ස, සංඝබෝධි හා
ගෝටාභය යන කුමාරවරු සිට අනුරාධපුරය නගරයට එන අවස්ථාවකදී ඔහු දකින දෑ මෙම ගීතයෙන්
කියැවෙයි. බුදු දහමින් පෝෂිත වූ අනුරාධපුර නගරය (පුර වර්ණාව) ගැන එයින් කියැවේ.
දැවැන්ත සමාජ කතිකාවක් ඇති වී තිබෙන්නේ මෙම් ගීත 68 වැනි නිදහස් සමරුව වෙනුවෙන් පැවැත්වූ සංගීත
ප්‍රසංගයේදී ගායනා කිරීම පිළිබඳ නොව එය බටහිර ඔපෙරා ශෛලියකින් ගායනා කිරීමය. ඔපෙරා
යනු දහසය වැනි සියවසේදී ඉතාලියේ බිහිවූ බටහිර සම්භාව්‍ය සංගීත ශෛලියකි.
නිදහස් උළෙලේ මෙම ගායනයට පෙර ඔපෙරා ශෛලියේ ගීත අසා තිබුණත් එය තවමත් අප රටේ සංගීත රසිකයාට
ආගන්තුකය. අනෙක නිදහස් සමරුවක් පැවැත්වෙන අවස්ථාවකදී යම් කිසි රටක් ලෝකයට දිය
යුත්තේ සිය සංස්කෘතියේ යම් වටිනාකමක් ඇති දේ තිබේ ද ඒවාය. අනෙක ‛දන්නෝ බුදුන්ගේ’
ගීතය ආචාර්ය පණ්ඩිත්
අමරදේවයන් විසින් ගායනා කිරීමෙන් පසු, එය වඩාත් සම්භාවනාවට පත් ව ගෞරවනීය ගීතයක් බවට පත් විය.
අර්ථයෙන් ගත් කල බුදු බැති ගීතයක් නොවූව ද භාවිතයේදී එය එම තත්වයේ ලා සැළකීමට අප
රටේ බොහෝ දෙනෙක් පුරුදුව සිටිති. එවන් ගීතයක් ක්‍රිෂානි විජේසිංහ විසින් ඔපෙරා
ශෛලියකින් ගායනා කිරීම පිළිබඳ බොහෝ දෙනෙකු බරතල විවේචන එල්ල කරන්නට පටන් ගෙන තිබේ.
ඇතැම් මාධ්‍ය, සමාජ ජාල වෙබ්
අඩවි ආදිය ඇයට එරෙහිව මෙන්ම ඇයට පක්ෂපාත අදහස් දක්වන්නන්න ද දකින්නට හැකිය.
ක්‍රිෂානි
විජේසිංහ යනු කවුද?
ක්‍රිෂානි
විජේසිංහ යනු අප රටෙන් බිහිවූ විශිෂ්ටතම ඔපෙරා ගායිකාව ලෙස සැළකේ. කොළඹ විශාඛා
විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ඇය ඔපෙරා සංගීතයේ විශිෂ්ටතම ස්ථානය වූ ‛රෝයල් ඔපෙරා හවුස්’
හිදී මෙන්ම බ්‍රිතාන්‍ය
මහ රැජින ඉදිරියේ තනිව ගායනයක් ඉදිරිපත් කරන්නට වරම් ලද ප්‍රථම ආසියානු කාන්තාව
ලෙස ද සැළකේ. අප රටේ ජාතික ඔරු පැදීමේ ශූරතාවය ඇය තෙවරක් දිනාගෙන ඇත. එමෙන්ම ඇය
එංගලන්තයේදී නීති උපාධියක් ද හදාරා තිබේ. මේ කෙටි විස්තරය කියැවීමෙන් පවා පෙනෙන්නේ
ඇය අප රටට කීර්තියක් ලබාදුන් කාන්තාවක බවය. ඇයගේ සංගීත ඥානය හෝ ගායන හැකියාව
පිළිබඳ ද කිසිවකුට ප්‍රශ්න කළ නොහැකිය. කෙසේ වෙතත් මැදිහත් විචාරකයන් මේ පිළිබඳ අදහස් දක්වමින් පවසන්නේ
ඇගේ ගායන හැකියාව පිළිබඳ කිසිදු ගැටලුවක් නැතත් නිදහස් සමරු සංගීත ප්‍රසංගයේදී
එවැනි ශෛලියකින් එම ගීතය ඉදිරිපත්කිරීම උචිත නොවන බවය.
අප රටෙහි බොහෝ
කාලයක පටන්ම ඔපෙරා සංගීතය ආශ්‍රිතව යම් යම් නිර්මාණ බිහිව තිබුණ ද ඒවා එතරම්
ඉස්මතුවී පැමිණියේ නැත මේ පිළිබඳ සිංහල ජන සමාජයේ කතා බහක් ඇතිවූයේ ආචාර්ය ප්‍රේමසිරි
කේමදාසයන් විසින් සිංහල බසින් ඔපෙරා නිර්මාණය කරන්නට පටන් ගැනීමත් සමඟය. ඔපෙරා ගී ගැයෙන්නේ සංගීත භාණ්ඩ සමූහයකින්
සමන්විත (Orchestra) සංගීත සංධ්වනියක් (Symphony) සමගිනි. මෙම සංධ්වනි සංකල්පය සිංහල ජන
සමාජයේ කතා බහට වැඩි වශයෙන් ලක්වූයේ කේමදාසයන් නිසාය. ඔපෙරා, සංධ්වනි ආදිය සමඟ ඔහු
සිය ගෝල බාලයන්ට ස්වර හැසිරවීමේදී අනුගමනය කළ යුතු, අපේ රටේ සාම්ප්‍රදායික උත්තර භාරතීය සංගීත
ශිල්පීන් අනුගමනය නොකරන ක්‍රමවේදයක් පවා හඳුන්වා දෙන්නට පියවර ගත්තේය. මේවා තුළ
බහුලව ඇත්තේ ඔපෙරා ගායන ශෛලිය සඳහා උපයෝගී කොට ගැනෙන ක්‍රමවේදයන් ය. එදා ඔපෙරා
ශෛලිය මුල්වරට සිංහල සංගීත රසිකයාට හඳුන්වා දුන් සමයේ ද කේමදාසයන්ට ද බොහෝ ගල්මුල්
එල්ල වූ බව අතීතය දෙස විපරම් කොට බලන්නකුට දැකිය හැකිය.
ක්‍රිෂානි
විජේසිංහ ද ප්‍රේමසිරි කේමදාසයනගේ ශිෂ්‍යාවකව සිට එංගලන්තය කරා ගොස් ඔපෙරා ශෛලිය
හැදැරූ බව දැනගන්නට ද ලැබී තිබේ. කෙසේ
වෙතත් ගැටලුව වී ඇත්තේ ඇයගේ ගායන ශෛලිය අපගේ ජන විඥානය හා පෑහීමක් කරගැනීමට ඇති
නොහැකියාවය.
සංගීතවේදයට
අනුව සංගීතය යනු විශ්ව භාෂාවක් බව සාමාන්‍ය මතයයි. පණ්ඩිත් අමරදේවයන් වරෙක පවසා
සිටියේ සංගීතයේ ඇත්තේ භාෂාවකට වඩා විශ්ව වින්දනයක් බවයි. කෙසේ නමුත් මේ විශ්ව
වින්දනය පවා විවිධ ජන සංස්කෘතීන් අනුව වෙනස් වෙයි. මුළින්ම ජන සංගීතයක් ලෙස උපදින
ශෛලීන් විවිධ ගුණාංග එක්කරගනිමින් පසුකාලීනව සම්භාව්‍ය සංගීතයක් බවට පත් වෙයි. මේ
පසුපස යම් රටක ආර්ථික, සමාජමය,
ආගමික මෙන්ම දේශගුණික
සාධක ද දක්නට තිබේ. විශේෂයෙන් බටහිර සීත රටවල ගායන ශෛලීන්වල උච්ච ස්වර වැඩි වශයෙන්
දක්නට ලැබේ. නමුත් නිවර්ත දේශගුණයක් ඇති අප වැනි රටවල එවැනි ශෛලීන් එතරම් දක්නට
නැත.
‛දන්නෝ
බුදුන්ගේ’ ගීතය ඔපෙරා
ශෛලියකින් ගායනාකිරීම පිළිබඳ ධනාත්මක අදහස් දක්වන්නන් බොහෝ දෙනෙකු පවසන්නේ මෙහි
සංගීතය විශ්වනාත් ලව්ජි විසින් සිදුකොට තිබුණත් එය බටහිර තනුවක් බවය. එනම් මෙය 1880 වසරේදී වැග්නර් නම්
ජර්මානු සම්භාව්‍ය සංගීතඥයා විසින් නිර්මාණය කරන ලද තනුවක් බව කියැවේ. එය සත්‍ය බව පෙනෙන්නේ ලව්ජිගේ සෙසු සංගීත
නිරමාණවලට වඩා මෙහි වෙනස් බවක් දක්නට ලැබීමත් 1903 වසරේ ජෝන් ද සිල්වා සූරීන් මෙම නාට්‍යය
රචනාකිරීමට පෙර සිටම දේවස්ථානවල මෙම තනුව අනුව ගැයුණු ගීතිකාවන් භාවිතයේ තිබුණු
බවට සාධක තිබීමත් නිසාය.
අනෙක 1920 හෝ ඊට මඳක් පෙර සමයක හියුබට් රාජපක්ෂ නමැති ගායකයා විසින් දන්නෝ බුදුන්ගේ ගීතය බටහිර ශෛලියකින් ගායනා කොට තිබේ. මේ සියලු දේ සත්‍ය වුව ද වර්තමානය වන විට මෙම තනුව හොඳින්ම ශ්‍රී ලාංකීකරණය වී තිබේ. කතෝලික දේවස්ථානවල භාවිතයට ගැනෙන ගීතිකා (Hymns) මුල් සමයේ බටහිර ශෛලීන්වලින් පැවතිය ද ඔවුන් ද කෙමෙන් සිය ගීතිකා දේශීයකරණයට ලක්කරමින් පවතී. මේ වන විට දේශීය ශෛලීන්ගෙන් ගැයෙන ගීතිකා බටහිර ශෛලියට ගැයුණු ඇතැම් ගීතිකාවලට වඩා ජනප්‍රියත්වයට පත්ව තිබේ. ඇතැම් ගීතිකාවල බටහිර සුවඳ දකින්නට ලැබුණ ද ඒවා මේවන විට සහමුළින්ම දේශීයකරණට ලක්ව හමාරය. උදාහරණයක් ලෙස ‛සයිලන්ට් නයිට්’ නමැති ගීතිකාව ලතා වල්පොල මහත්මිය විසින් ’ශාන්ත වූ රාත්‍රියේ’ ලෙසින් ගායනා කරන සිංහල ගීතිකාව සඳහන් කළ හැකිය. කෙසේ නමුත් මේවා නැවත බටහිර ශෛලියකින් ගායනා කළහොත්, එහි මුල බටහිර තනුවක් වුව ද අප රටේ රසිකයා එය පිළිගැනීමට යම් මැළි බවක් දක්වනු නිසැකය.
අනෙක 1920 හෝ ඊට මඳක් පෙර සමයක හියුබට් රාජපක්ෂ නමැති ගායකයා විසින් දන්නෝ බුදුන්ගේ ගීතය බටහිර ශෛලියකින් ගායනා කොට තිබේ. මේ සියලු දේ සත්‍ය වුව ද වර්තමානය වන විට මෙම තනුව හොඳින්ම ශ්‍රී ලාංකීකරණය වී තිබේ. කතෝලික දේවස්ථානවල භාවිතයට ගැනෙන ගීතිකා (Hymns) මුල් සමයේ බටහිර ශෛලීන්වලින් පැවතිය ද ඔවුන් ද කෙමෙන් සිය ගීතිකා දේශීයකරණයට ලක්කරමින් පවතී. මේ වන විට දේශීය ශෛලීන්ගෙන් ගැයෙන ගීතිකා බටහිර ශෛලියට ගැයුණු ඇතැම් ගීතිකාවලට වඩා ජනප්‍රියත්වයට පත්ව තිබේ. ඇතැම් ගීතිකාවල බටහිර සුවඳ දකින්නට ලැබුණ ද ඒවා මේවන විට සහමුළින්ම දේශීයකරණට ලක්ව හමාරය. උදාහරණයක් ලෙස ‛සයිලන්ට් නයිට්’ නමැති ගීතිකාව ලතා වල්පොල මහත්මිය විසින් ’ශාන්ත වූ රාත්‍රියේ’ ලෙසින් ගායනා කරන සිංහල ගීතිකාව සඳහන් කළ හැකිය. කෙසේ නමුත් මේවා නැවත බටහිර ශෛලියකින් ගායනා කළහොත්, එහි මුල බටහිර තනුවක් වුව ද අප රටේ රසිකයා එය පිළිගැනීමට යම් මැළි බවක් දක්වනු නිසැකය.
‛දන්නෝ
බුදුන්ගේ’ ගීතය ඔපෙරා
ශෛලියකින් ගැයීම පිළිබඳ සඳහන් කළ යුත්තේ ද එයමය. මෙහිදී ක්‍රිෂානි විජේසිංහගේ
ගායනා හැකියාව හෝ ඔපෙරා ගායන ශෛලිය පිළිබඳව හෝ ගැටලුවක් නැත. අපට එය කෙටි
උදාහරණයකින් මෙසේ සඳහන් කළ හැකිය.
අප සීනි මෙන්ම
ලුණු ද ආහාරයට ගනිමු. සීනි තේවලට මිශ්‍ර කරන අතර ලුණු කිරි හොදි (වෙනත් ඕනෑම
වෑංජනයක්) සමඟ මිශ්‍ර කරනෙමු. නමුත් අප කිරි හොද්දට සීනි හැඳි කිහිපයක් මිශ්‍ර
කළහොත් වන්නේ කිරි හොද්ද නීරස වීමය. සීනි දැමිය යුත්තේ තේවලටය. එමෙන්ම ලුණු
හැන්දක් තේ සමඟ මිශ්‍ර කළ හොත් සිදුවන්නේ තේ එක නීරස වීමය. එය දැමිය යුත්තේ කිරි
හොද්දටය. මෙතැන ඇත්තේ අප සීනිත් ලුණුත් ආහාරයට ගත්ත ද එය ආහාරයට ගත යුත්තේ කුමන
අවස්ථාවේ කුමන ඒවා සමඟ ද යන්න පිළිබඳව අවබෝධය තිබිය යුතු බවය. එබැවින් මෙහි ඇත්තේ
සීනිවල හෝ ලුණුවල හොඳ හෝ නරක පිළිබඳ ගැටලුවක් නොව ඒවා තැනට සුදුසු පරිදි භාවිත කළ
යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ ගැටලුවකි. මෙය පිළිබඳ දේශපාලන වශයෙන් අර්ථ දක්වන්නන්
පවසන්නේ මෙය පිටුපස ඇත්තේ අප රට අධිරාජ්‍යවාදීනට නැඹුරු කරවීමේ කුමන්ත්‍රණයක් බවයි.
සැබවින්ම මෙහි එවැන්නක් නැතත් මේ සියලු චෝදනා එල්ලවීමට හේතු වී ඇත්තේ උසස් වුවත්,
සම්භාව්‍ය වුවත්,
යමක් නුසුදුසු
අවස්ථාවක, නොගැළපෙන
පිරිසකට ඉදිරිපත්කිරීමේ පලවිපාකයය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ නිදහස් උළෙලේ
අභිමානවත්බව පිළිබඳ විවිධ පුදගලයන්ට ප්‍රශ්න කරන්නට අවස්ථාව ලැබීමත්, අප රටට කීර්තියක් ගෙන
දුන් දක්ෂ ඔපෙරා ගායිකාවක් සමාජය ඉදිරියේ නින්දාවට හා අපහාසසයට ලක්වීමත්ය.
තේ වලට ලුණු දැමීම................ ඔය දන්නෝ බුදුන්ගේ විතරක් නෙමෙයි අර ළමයි බය කරවන නැලවිලි ගීය කොහොමෙයි........................?????
ReplyDeleteඔව්. ඒක හරි. කොහොම වුණත් මිනිස්නු අතර වැඩි වශයෙන් ජනගත වුණු දන්නෝ බුදුන්ගේ ගීතය ගැන තමයි කවුරුත් කතා කරන්නේ
Deleteනිදහස කියන්නේ මොකක්ද...?
ReplyDeleteමේක මල්ටි කල්චරල් සොසයටි එකක්. එතකොට නිදහස් උත්සවය කියන්නේ තේ එකක්වත් හොද්දක් වත් නෙමෙයි. අච්චාරුවක්. එහෙම නැත්නම් සැල්ඩ් එකක්.
ඒ කාලේ ඉඳන් අපේ උන් මගුල් ගෙවල් වල සැලඩ් කෑවට, සැලඩ් සෝස් ගැන දැනගෙන උන්නේ නෑ. ඒත් සැලඩ් සෝස් දාලා කන කොට සැලඩ් එකක් මාර රසයි.
යම් යම් දේවල් එක් එක් පුද්ගලයාගේ රුචිය අනුව වෙනස් වෙන්න පුළුවන්. අයිස් ක්‍රීම්වලට පැණි දාලා කනකොට අමුතු රසක් තිබුණත් ඒක සමහරුන්ට හරියන්නේ නැහැ. මේ බහු සංස්කෘතික රටක් වුණත් එය සංස්කෘතිය තවම පදනම් වෙලා තියෙන්නේ අද කාලේ බොහෝ දෙනෙක් කියන්න අකමැති, කිව්වොත් අලුත් ලෝකයට නොගැළපෙන කෙනෙක් විදිහට හංවඩු ගැසෙන සිංහල බෞද්ධ සංස්කෘතිය (එහෙම එකක් නැහැ කියලත් දැන් කියනවා) මත කියලයි මට හිතෙන්නේ. කතෝලිකයන් සහ මුස්ලිම් මිනිස්සු දන්සැල් දේනනේ ඒ නිසයි. මුල් කාලේ නොතිබුණත් කතෝලික දේවස්ථානවල ලේ දන් දීමේ ව්‍යාපාර දැන් පවත්වන්නේ ඒ නිසයි. ආගම් භේදයක් නැතිව කරුමය ගැන කතා කරන්නේ ඒ නිසයි. මේ ප්‍රධාන සංස්කෘතික වේදිකාව මත විවිධ සංස්කෘතීන් තිබුණත් ඒ සියල්ල රැදිලා තියෙන්නේ එකක් මත. කොහොම වුණත් අපේ රටේ බහුතරයකට තවම ඔපෙරා වගේ දෙයක් රස විදින්න බැහැ. ගමේ මිනිස්සු ටිකක් ගෙනැත් හැදි ගෑරුප්පුවලින් කන්න කියනවා වගේ වැඩක්. කෑම කොයි තරම් රස වුණත් මිනිස්සු ඒ දිහා වපර ඇහින් බලනවා. නිදහස් උත්සවයේ ඔපෙරා ශෛලියට මේ ගීය ගායනා කිරීම මිනිස්සු දකින්නෙත් ඒ විදිහට. නමුත් තම තමන්ගේ දේශපාලන, ආගමික, සංස්කෘතික අදහස් එක්ක එය විවිධ ආකාරයෙන් එළියට එනවා.
Deleteමෙන්න මේ ලිපියත් වැදගත්
Deletehttp://www.yuthukama.com/2016/02/Opera.html
ඔබ කියපු සියල්ලම බුද්ධාගමේ දේ නෙමෙයි. බටහිර දේවල්. වෙසක් බක්ති ගී කියන්නේ තනිකර ක්‍රිස්මස් කැරෝල්. වෙසක් කාඩ් කියන්නේ ක්‍රිස්මස් කාඩ්. අපේ උන් දන් දීපූ ජාතියක් නෙමෙයි. එහෙම දෙන්න දේකුත් තිබුනේ නෑ. පන්සල් වලටයි රජ්ජුරුවන්ටයි කඹුරපු එක කලේ. දන් දෙන්න ඉගෙන ගන්නෙට් සුද්දගෙන්. උන් තමයි අපේ උන්ට අඳින්න කන්න පුරුදු කලෙත්. පල්ලිවල තමයි ඉස්සෙල්ලම දන්සල් දීලා තියෙන්නේ පල්ලියේ මංගල්ලෙට.
Deleteභක්ති ගී, වෙසක් කාඩ් කතාව නම් මමත් අහලා තියෙනවා. අනෙක් විස්තර ගැන නම් දැනගෙන හිටියේ නෑ.හොයා බලන්න වටින හෙළිදරව්වක්.
Deleteඈත පලාත් වල පල්ලිවල මේක තාමත් තියෙනවා...
Deleteඅනික වැඩි දුරක් ඕන නෑ... ඉන්දියාවේ දිනපතා දන්සැල් දෙනවා.. බොම්බෙවල හෝටල් වෙනම තියෙනවා මේ සඳහා...
තොරතුරට ස්තූතියි.
Deleteමේ ගැන මා දැක්ක හොඳම ලිපිය මෙයයි.ගායිකාවට බැන අපහාස කරන තැනටත් නොගිහින් බටහිර සියල්ලටම අන්ධ භක්තියෙන් අදහන්නෙ නැති හැමෝටම ගල්වැද්දො කියා බැන අපහාස කරන තැනටද නොගිහින් මැදහත්ව බලල තියනව.
ReplyDeleteඇත්ත අපට තේ වලට ලුනු දාන්නත් කිරිහොදිවලට සීනි දාන්නත් බෑ. උපමාවත් අපූරුයි.
ඇත්තටම කාටවත් පහර ගසන්න, මඩ ගසන්න මට ඕන වුණේ නැහැ. සිද්ධ වුණේ මොකක්ද කියලා මට හිතෙන විදිහට කියන්නයි ඕන වුණේ.
Deleteඅද තමයි මුලින්ම මේ පැත්තේ ආවේ. ඇත්තටම මේ ගැන ලියවුනු මම දැකපු හොඳම ලිපිය මෙයයි.
ReplyDeleteමේ බ්ලොගයට සාදරයෙන් පිළිගනිමි. ඔබේ අදහස් දැක්වීමට බොහෝ ස්තූතියි.
Deleteඅපි දුපත් වෙසියන් වන අතර රුපියල් 20 රේලෝඩ් කරගෙන fb ඇවිත් සිංහ ලේ (තම තිරිසන් ගතිය ) පෙන්වන්නෙමු.
ReplyDeleteලුනුවැඩි වූ හොද්දට සිනි දැමීමෙන් ලුණු රස අඩුකර ගත හැක.(චෙෆ් ලගේ රහසක්.)
ඒත් හරියට ලුණු දාන්න ඉගෙන ගත්තොත් ආයේ සීනි දාන්න ඕන වෙන්නේ නැහැ.
Deleteමේ ගැන ලියවුන දෙවෙනි හොඳම ලිපිය. එක ඉකොනොමට්ටගේ . ලුණු සීනි උපමාවත් ඉකොන්ගේ වයලින් වාදකයාගේ උපමවත් කදිමයි. හැබැයි පුතෝ අර අහවල් එක තියෙන කෙනාට තේ කෝප්පෙත් කිඹුල්ලු පේනවලු.
ReplyDeleteඔබේ අදහස් දැක්වීම ගැන ස්තූතියි.ඇත්තටම මම තේ - සීනි උපමාව දැම්මේ වැඩේ ටිකක් සරල කරලා කට්ටියට පැහැදිලි කරන්න.
Delete