මේ දිනවල මාධ්‍ය ඔස්සේ නිතර කතා බහට
ලක්වන එක් සුවිශේෂී මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ‛සිකා’ (Zika) වෛරසයයි. මෙය දිවා කාලයේ සක්‍රිය ‛ඊඩිස්’ (Aedes) නම් මදුරු විශේෂයන් ඔස්සේ බෝවන්නේ යැයි
සොයාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ද ඊඩිස් වර්ගයේ මදුරුවන් බහුලව සිටින බැවින් අප රටට ද
මෙම වෛරසයේ තර්ජනයක් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි. එසේ හෙයින් මෙම සිකා
වෛරසය පිළිබඳව දැන සිටීම සෑම අතින්ම ප්‍රයෝජනවත්ය.
කවුරුත් දන්නා පරිදි සිකා වෛරසය
බෝවන්නේ මදුරු දෂ්ටනය ඔස්සේය. උණ, සිරුරේ
දද මතුවීම, හන්දි අමාරුව සහ ඇස් රතු පැහැ ගැන්වීම
මෙහි පොදු රෝග ලක්ෂණ වේ. රෝග තත්වය එතරම් දරුණු තත්වයක් නොපෙන්වන අතර දින කිහිපයක
සිට සතියක පමණ කාලයක් දක්වා පවතී. මෙය බරපතල තත්වයට පත්ව රෝහල් ගත කරන්නට සිදුවූ
අවස්ථා වාර්තා නොවන තරම්ය.
මෙය මුල්වරට හඳුනාගනු ලැබූයේ 1947 වසරේදීය. ඒ කහ උණ පිළිබඳ පර්යේෂණ ආයතනයක විද්‍යාඥයින්
පිරිසක් විසින් උගන්ඩාවේ වික්ටෝරියා විළ අසල වූ සිකා වනාන්තරයේ කූඩුවල දමා සිටි
රීසස් වර්ගයේ වඳුරෙකුගෙනි. එය දෙවැනි වරට සොයා ගත්තේ 1948 වසරේදී එම ස්ථානයේදීම ‛ඊඩිස්
ඇෆ්‍රිකානුස්’ (Aedes africanus) නම් මදුරුවෙකුගෙනි. මෙය මදුරුවන්
මගින් බෝවන වෛරසයක් ලෙස හඳුනාගනිමින් පර්යේෂකයන් විසින් 1952 වසරේදී එය ‛සිකා’ ලෙස නම් කරනු ලැබිණි. මෙය මුල්වරට
මිනිසකුගේ සිරුරේ තිබී හඳුනා ගනු ලැබූයේ 1968 වසරේදී නයිජීරියාවෙනි. 1951 සිට 1981 අතර තුර කාලයේ මෙය මිනිසුන්ට බෝවී ඇති
බව බවට පසු කාලයේදී බොහෝ අප්‍රිකානු රටවල්වලින් වාර්තා විය. එමෙන්ම ඉන්දියාව,
ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, තායිලන්තය සහ වියට්නාමය යන ආසියානු රටවලින් ද මෙම වෛරසය වාර්තා වී
තිබේ.
බෝ විය හැකි ආකාර
1. මදුරු දෂ්ටන
මෙය මූලික වශයෙන්ම බෝවන්නේ මදුරු
දෂ්ටනයෙන් බව අපි කතා කළෙමු. විශේෂයෙන් ‛ඊඩිස්’ වර්ගයේ මදුරුවන්ගෙන් බෝවන අතර ඩෙංගු සහ
චිකුන්ගුන්යා වෛරසය පතුරුවන්නේ ද මෙම වර්ගයේ මදුරුවන්මය. අප රටේ මෙම මදුරුවන් බහුල
බැවින් මෙය පිළිබඳ වඩාත් සැළකිලිමත් වීම සිහිකටයුතුය.
වතුර භාජන, බාල්දි, සතුනට ජලය ලබාදෙන භාජන, මල් බඳුන් ආදියෙහි ඇති නිශ්චලව පවතින දියෙහි
මෙම මදුරුවන් බිත්තර දමයි. ඔවුන් මිනිසුන් සිටින අවට ගැවසෙමින් දෂ්ට කරන්නට
කැමැත්තක් දක්වන බව සොයාගෙන තිබේ. එමෙන්ම මොවුහු
දිවා කාලයේදී නිවෙස් තුළදී මෙන්ම නිවෙස්වලින් පිටතදී ද ඉතා සක්‍රියව
මිනිසුන්ට දෂ්ට කරති. එමෙන්ම රාත්‍රී කාලයේදී ද මොවුන්ට දෂ්ට කිරීමට හැකියාව පවතින
නිසා දිවා රාත්‍රී දෙකෙහිදීම මොවුන්ගෙන් ප්‍රවේශම්වීමට වග බලා ගත යුතුය.
මෙය වැළඳුනු පුද්ගලයකුට මදුරුවකු දෂ්ට
කළ විට මදුරුවා ද එම වෛරසයෙන් ආසාදනය වන අතර එම මදුරුවාගෙන් තවත් පුද්ගලයකුට ද
වෛරසය පැතිරී යයි.
2. මවගෙන් දරුවාට
කලාතුරකින් මවගෙන් දරුවාට මෙම වෛරසය
බෝවූ අවස්ථාවන් ද අසන්නට ලැබේ. දරුවා බිහි කරන්නට ආසන්න අවස්ථාවකදී මවකට මෙම වෛරස්
ආසාදනය ඇති වුවහොත්, අලුත ඉපදෙන දරුවාට ද මෙම වෛරසය බෝවීමට
ඉඩ ඇති මුත් එය ඉතාමත් කලාතුරකින් සිදුවන්නකි. එමෙන්ම ගර්භනී අවධියේදී ආසාදිත
මවගෙන් කළලයට මෙම වෛරසය පැතිරී යන්නට ද ඉඩ තිබේ. නමුත් මේ පිළිබඳව මෙතෙක් නිශ්චිත
අදහසක් ඉදිරිපත් කොට නැත. කෙසේ නමුත්
වෛරස් ආසාදිත මවගේ කිරි ඔස්සේ දරුවාට මෙම වෛරසය පැතිරී යන බවට මෙතෙක් කරුණු හෙළිවී
නැත. එබැවින් කිරි දෙන මවකට මෙම වෛරසය බෝවී ඇත් නම් දරුවාට කිරි දීම අඛණ්ඩව
සිදුකරන ලෙස වෛද්‍යවරු උපදෙස් දෙති.
3. ලිංගික සම්බන්ධතා මගින්
රුධිර පාරවිලයනය සහ ලිංගික සම්බන්ධතා ඔස්සේ ද මෙම වෛරසය
පැතිරුණු අවස්ථා වාර්තා වී තිබේ.
බරපතල තත්වයන්
ලඝු ශීර්ෂතාවය |
සිකා වෛරසය සාමාන්‍යයෙන් බරපතල නොවූව ද
ඇතැම් අවස්ථාවලදී සංකීර්ණ තත්වයන්ට පත් වේ. ‛ලඝු ශීර්ෂතාවය’ (microcephaly) සහ මොලයට යම් යම් හානි සිදුවීම මෙහි සංකීර්ණ අවස්ථාවන් වේ. මෙහිදී ‛ලඝු ශීර්ෂතාව’ යනුවෙන් සඳහන් කෙරෙන්නේ හිසෙහි වර්ධණය අඩපණ වීමය. වයසට සරිලන පරිදි
හිසෙහි වර්ධණය සිදු නොවන අතර ඒ නිසා මොලයේ වර්ධනය ද අඩපණ වෙයි. එහි ප්‍රතිඵලයක්
ලෙස දරුවගේ බුද්ධි වර්ධනය අඩපණ වන්නට ඉඩ තිබේ. මෙම තත්වය සොයා ගනු ලැබූයේ 2015
(පසුගිය වසරේ) දෙසැම්බර් මාසයේදී වූ අතර සිකා
වෛරස් ආසාදනය සහ ලඝු ශීර්ෂතාවය අතර සම්බන්ධතාවයක් පවතින බව තහවුරු විය. නමුත් ලඝු
ශීර්ෂතා සිදුවීම් අතරින් කොපමණ සංඛ්‍යාවක් සිකා වෛරසය සමඟ සම්බන්ධ දැයි මෙතෙක්
අනාවරණය වී නැත.
රෝගය වළකා ගැනීම
සිකා වෛරසය සඳහා තවමත් කිසිදු එන්නතක්
සොයාගෙන නැත. කළ යුතු හොඳම දෙය නම් මදුරු දෂ්ටනයෙන් වැළකී සිටීම සඳහා හැකි සියලු
පියවර ගැනීමය. ඔබ ප්‍රදේශයේ දිවා සහ රාත්‍රී කාලයේ මදුරුවන් බහුලව සිටින්නේ නම්
මදුරුවන් පළවා හරින උපක්‍රම, ආලේපන ආදිය භාවිත කිරීම වඩාත් සුදුසු
වේ. කෙසේ නමුත් අවුරුදු 2කට වඩා වයසින් අඩු දරුවන් සඳහා
මදුරුවන් පළවා හරින ආලේපන භාවිත කිරීමෙන් වළකින්න. ඔවුන්ගේ සම්පූර්ණ සිරුර ආවරණය
වන පරිදි ඇඳුම් අන්දවන්න. නිදාගැනීමේදී මදුරු දැල් භාවිත කරන්න.
රෝගය වැළඳුනු විට
ඩෙංගු රෝගයට මෙන් මෙයට ද විවේකය අවශ්‍ය
වන අතර වෙනත් විශේෂ ප්‍රතිකාර ක්‍රමයක් නැත. විජලනයෙන් වැළකීම සඳහා හැකිතාක් ජලය
පාලය කළ යුතුය. උණ සහ වේදනාව සමනය කිරීම සඳහා වෛද්‍ය උපදෙස්වලට අනුව ඖෂධ ලබාගත
යුතුය. ඇස්පිරින් වර්ග කිසිවක් භාවිතයට ගැනීමෙන් වළකින්න. ආසාදිත පුද්ගලයකු ඔස්සේ
මදුරුවන්ගේ මාර්ගයෙන් වෛරසය පැතිරී යා හැකි බැවින් එය වැළැක්වීමට ද කටයුතු යෙදිය
යුතුය.
වැදගත් ලිපියක් නිරංජන්
ReplyDeleteමදුරුවන්ව තොලොංජි කරලම දාන්න විදියක් හොයාගන නෑ නෙහ් තාම.
මදුරුවා කන එක ඉවසතෑකි
කණ ගාව වාද බයිල කරන එකනෙ ඉවසන්නම බැරි
ලංකාවෙන් සිකා ආසාදිතයින් වාර්තා වෙලා නෑ නේද තාම
මදුරුවෝ කියන්නේ විනාශ කරන්න බැරි සතෙක් මට හිතෙන හැටියට. යම් යම් මදුරු නාශකවලින් තාවකාලිකව යටපත් වුණත් නැවත එයට ඔරොත්තු දෙන්න හැකි ආකාරයට මදුරුවන් මතු වෙනවා. ලංකාවෙන් නම් තවම මේ සිකා වෛරස් තත්වය වාර්තා වෙලා නැහැ. කොහොම වුණත් දැනුවත් වෙලා ඉන්න එක වටිනවා. මොකද මේක බෝ කරන්න පුළුවන් මදුරුවෝ අපේ රටේ ඉන්න නිසා.
Deleteතවමත් පොදු ජනතාව භාවිත කරන ජාතික මාධ්‍යයන් විසින් මේවැනි දැනුවත් කිරීම් කර නැහැ. මේ වටිනා විස්තරය පළක ළාට ගොඩක් ස්තුතියි හිතවත
ReplyDeleteතවමත් පොදු ජනතාව භාවිත කරන ජාතික මාධ්‍යයන් විසින් මේවැනි දැනුවත් කිරීම් කර නැහැ. මේ වටිනා විස්තරය පළක ළාට ගොඩක් ස්තුතියි හිතවත
ReplyDeleteඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.
Deleteහොඳ දැනුවත් කිරීමක් ස්තුතියි නෙරන්ජන්.මේ වෛරසය විතරක් නොවේ මදුරුවන්ගෙන් බෝවෙන හැම ලෙඩකින්ම බේරෙන්න අපේ පරිසරය පිරිසිදුව තියා ගන්නත් අපි වග බලා ගනිමු.
ReplyDeleteඇත්තටම පරිසරයේ පිරිසිදුබවත්, අප අවට වටපිටාව ගැන අවධානයත් ඇත්නම් මදුරුවන් බෝවීම සැළකිය යුතු මට්ටමකින් පාලනය කරන්න පුලුවන්. ඒත් බොහෝ දෙනෙක් අතින් සිදු නොවෙන්නෙත් ඒකම තමයි.
Deletearticle eka namniyamai
ReplyDeleteThank u
Delete