පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, February 4, 2016

අලුත් ලෝකයට අලුත් ගැජට් 7 කොටස - New Gadgets for New World Part 7

කොහේ ගියත් දුරකතනය ආරෝපණය කරගන්න නම්



ගමන් බිමන් යද්දි, විශේෂයෙන් නොදන්නා පළාත්වලට විනෝද චාරිකා ආදිය යද්දි විදුලි බලය ගැන ගැටලු ඇතිවෙන්න පුළුවන්. නවාතැන් පහසුකම් තිබුණත් ඇතැම් විට විදුලි බලය නැති වෙන්න පුළුවන්. මේ ගැටලුවට විසඳුමක් විදිහයට සූර්ය බලයෙන් ජංගම දුරකතන ආරෝපණය කරන්න පුළුවන් උපාංගයක් වෙළෙඳ පළට ඇවිත් තිබෙනවා. මෙවැනි ඒවා බොහෝ තිබුණත් මෙහි විශේෂත්වය වන්නේ ඔබේ නවාතැනේ ජනෙල් වීදුරුවේ රික්තක බලයෙන් සවි කළ හැකි ආකාරයට සකස් කොට තිබීමයි. එවිට කවුළුවට පතිත වන හිරු එළිය වැඩිම ප්‍රමාණයක් මෙයට උරාගන්නට එයට පුළුවන්. මිලි ඇම්පියර් 1000 නැවත ආරෝපණය කළ හැකි ලිතියම් බැටරියක් මෙහි තිබෙනවා. මෙය හිරු එළියෙන් වගේම විදුලි බලයෙන් ද ආරෝපණය කරන්නටත් පුළුවන්. ඒ නිසා පවර්බෑන්ක් එකක් ලෙස භාවිත කරන්නටත් පුළුවන්. මෙහි මිල ඇමරිකානු ඩොලර් 49ක් (රු.7000) පමණ වෙනවා.


වැඩි බලයක් සහිත පවර්බෑන්ක් එකක්



පවර්බෑන්ක්කිව්වම දැන් කවුරුත් දන්නවා මේ මොනව ගැනද කියන්නේ කියලා. හදිසියේ ඔබේ ජංගම දුරකතනය නිවසේදී ආරෝපණය කරගන්නට නොහැකි වුණොත්, රාත්‍රියේ විදුලිබලය ඇණ හිටියොත්, විදුලි බලය නැති පළාතාකට රාත්‍රියක්, දෙකක් ගත කරන්න වුණොත් දුරකතනය ආරෝපණය කරගන්නට ගැටලු ඇතිවෙනවා. නමුත් හොඳ පවර්බෑන්ක් එකක් තිබේ නම් මේ කිසිවක් තවදුරටත් ගැටලු වන්නේ නැහැ. විවිධ වර්ගයේ පවර්බෑන්ක් වෙළෙඳ පළේ දකින්නට තිබුණත් ඒවායේ බලය වැඩිවෙන තරමට මිල ද ඉහළයි. නමුත් ඇන්කර් ඇස්ට්‍රෝ ඊ4’ (Anker Astro E4) කියන පවර්බෑන්ක් එක එයට වඩා වෙනස්. මෙහි මිලි ඇම්පියර් 13000ක බලයක් සහිත බැටරියක් තිබෙන අතර ස්මාර්ට් වර්යේ ජංගම දුරකතන 6ක් ආරෝපණය කරන්නට තරම් හැකියාවක් තිබෙනවා. ඒ වගේම ජංගම දුරකතන දෙකක් එකවර ආරෝපණය කරන්නටත් පුළුවන්. මෙවැනි හැකියාවක් සහ බලයක් ඇති පවර්බෑන්ක් එක්ක වෙළෙඳපළේ සෑහෙන මිලකින් යුක්ත වුණත් ඇන්කර් ඇස්ට්‍රෝ ඊ4’ ඇමසන් කියන අන්තර්ජාල පොලෙන් ඇමරිකානු ඩොලර් 45කටත්  (රු.6500) වඩා අඩුවෙන් මිලට ගන්න පුළුවන්. 



ලයිට් පත්තු වෙන ටීෂර්ට්


අද විවිධ වර්ගයේ ඇඳුම් ආයිත්තම් වෙළෙඳපළේ දකින්නට පුළුවන්. ඒවා අතරේ මේ පවසන්නට යන ටීෂර්ට එක විශේෂයි. විශේෂයි කියා සඳහන් කළේ මෙයින් ආලෝකය විහිදුවන්නට පුළුවන් නිසයි. එහි පපු කොටස් ඇති එල්ඊඩී පැනලයට  සංගීත උපාංගයක මෙන් හඬට අනුව උස්පහත් වෙමින් ආලෝකය නිකුත් කරන්නට පුළුවන්. එහි ඇති කුඩා මයික්‍රෆෝනයකින් හඬ උකහාගෙන ඒ අනුව මෙහි ආලෝකය නිකුත් කරනවා. සංගීත සංදර්ශන, සාද, විනෝදගමන්වලට ඉතා කදිම වර්ගයේ ටී ෂර්ට් එකක් විදිහට මෙය හඳුන්වා දෙන්නට පුළුවන්. ඇමරිකානු ඩොලර් 13ක් (රු. 1900ක් පමණ) ලෙස මිල සඳහන් කර තිබෙනවා. කෙසේ නමුත් මේ ගැන විස්තර සඳහන් කර තිබූ වෙබ් අඩවියේ මෙය සෝදන ක්‍රමයක් ගැන නම් සඳහන් කර තිබුණේ නැහැ.


හෝදමින් නවමින් පාවිච්චි කළ හැකි යතුරු පුවරුවක්


පරිගණක යතුරු පුවරු භාවිත කිරීමේදී සමහර වෙලාවට ප්‍රායෝගික ගැටලු ඇතිවිය හැකියි. කොතැනකට හෝ එය රැගෙන යන්නට අවශ්‍ය වූ විට ඒ සඳහා සම්පුර්ණම ඉඩක් වෙන් වෙනවා. ඒ වගේම හදිසියේ යම් දියරයක් එය මතට හැලුනොත් ඔක්කෝම ඉවරයි. මේ වගේ ගැටලු ගැන හිතපු කවුරු හරි මෙන්න මේ යතුරු පුවරු නිර්මාණය කරලා තියෙනවා. එහි විශේෂත්වය තමයි රබර්වලින් සාදා තිබීම. ඒ නිසා කොහේ හරි අරන් යනවා නම් රෝල්කරගෙන පුංචි ඉඩක් අස්සේ අරගෙන යන්න පුළුවන්. ඒ වගේම සෝදන්නත් පුළුවන්. ඒ කියන්නේ ජලයට හොඳින් ඔරොත්තු දෙනවා. මිල ගැන සඳහන් කළොත් සාමාන්‍ය හොඳ වර්ගයේ යතුරු පුවරුවක් සහ මෙය අතර මිලෙහි වැඩි වෙනසක් නැහැ. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් 20ක් (රු. 2,900)කට මිලට ගන්න පුළුවන්.

පෙර ලිපිය






10 comments:

  1. Got a samsung power bank for rs. 1900 and I can charge my s3 mini almost 3 times...... and also it has 4 usb ports which mean I can charge 4 at once. It's just 12000mah..... ?????


    ThankZ for new news ...... Following you

    ReplyDelete
    Replies
    1. I think S3 mini is a small phone and so the battery also. As I think this power bank can charger standard size 6 smart phones. Some how thanx for the comment.

      Delete
  2. ගොඩක් වැදගත් ලිපියක්, මේවා ගෙන්න ගන්ඩ කැමති අයට සපෝර්ට් එකක් හැටියට පොඩි බිස්නොස් එකක් පටන්ගත්තොත් හොද නැද්ද?

    ReplyDelete
    Replies
    1. හැබෑට ඒකත් නරකම් නැති අදහසක් නම් තමයි. බලමු ඒ ගැන කල්පනා කරලා.

      Delete
  3. ෆ්ලෙක්සිබල් කි බෝඩ් කලිං ඉදලම තිබ්බ නේ
    රුපියල් 1000 විතර ඉදල ගත්තෑකි

    සුද්දො නාන්න කැමැති නෑනෙ ඇදුං හෝදන්නෙත් නැතිව ඇති හිහි
    (ජෝක් එකක් හොදේ)

    ReplyDelete
    Replies
    1. මමත් දැකලා නම් තියෙනවා. හැබැයි මිල ගණන් දැනගෙන හිටියේ නැහැ. අලුත් ගැජට් හොයන කොට තමයි මේකත් හම්බ වුණේ. මේකේ දාලා නැති තව විශේෂ දේවල් තියෙනවාද දන්නෙත් නැහැ.

      Delete
  4. අලුත් ගැජට් පෙන්නුවට ස්තුතියි...

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න