ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගේ වැටුප
ගතවු මාසයක පමණ කාලයක සිට ශීඝ්‍රයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවයක් දක්නට තිබේ. මෙයට පෙර
රුපියල් 15,000ක් පමණ මට්ටමක පැවති ශ්‍රී ලාංකික ගෘහ
සේවිකාවකගේ වැටුප මේ වන විට ආහාර, වෛද්‍ය
පහසුකම් සහ නවාතැන් ද ඇතුළුව රුපියල් 20,000ක පමණ අවමයක් දක්වා ඉහළ ගොස් ඇති බව පෙනී යයි. දේශීය වශයෙන් ගෘහ
සේවිකාවන්ගේ සේවය සළසනු ලබන ආයතන (Man
Power) මගින් ද මේ බව තහවුරු කොට තිබේ. මෙම
හදිසි ඉහළ යාමට හේතු විමසීමේදී පැහැදිලිවම පෙනෙන්නට ඇති එක් කාරණයක් තිබේ. ඒ
කොටදෙනියාවේ මෑතකදී සිදුවූ සඳසේයා දැරියගේ ඝාතන සිදුවීමයි. මෙම සිදුවීම පිළිබඳ
සියළු පුවත් ජනමාධ්‍ය ඔස්සේ රට හමුවේ තැබීමේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ දෙමාපියන් සිය
දරු දැරියන්ගේ ආරක්ෂාව පිළිබඳ පෙරටත් වඩා උනන්දුවක් ඇති කරගැනීම නිසා දේශීය ගෘහ සේවිකාවන්ගේ සේවය ලබාගැනීමට බොහෝ
දෙනෙක් පියවර ගෙන ඇත. මේ හදිසි ඉල්ලුම නිසා අලුත් ගෘහ සේවිකාවන් රුපියල් 20,000ක අවම වැටුපක් ඉල්ලා සිටින අතර පැරණි සේවිකාවන්
ද සිය හාම්පුතුන්ගේන් වැඩි වැටුප් ඉල්ලා සිටින බැව් දැනගන්නට ලැබී තිබේ. වැඩි
වැටුප් ලබාදෙන්නට අකැමැත්තක් දක්වන ඇතැම් හාම්පුතුන්ගේ නිවෙස්වල දැනට සේවය කරමින්
සිටින ගෘහ සේවිකාවන් වැඩි වැටුප් හිමි වන වෙනත් ස්ථාන කරා සංක්‍රමණය වෙමින් සිටින
බව ද පෙනෙන්නට තිබේ.
සඳසේයා දැරියගේ ඝාතන සිදුවීම පිළිබඳ
අවධානය යොමුකිරීමේදී පෙනී යන කාරණය වන්නේ ඇය සිය වැඩිහිටියන් සමඟ නිවසේ සිටිය ද ඇය
පිළිබඳ වෙන් වශයෙන් (Individual) කිසිවකුගේ අවධානය යොමු කිරීමක් සිදුව නැති
බවය. මෙය කුඩා දරුවන් සිටින බොහෝ දෙමාපියන්ගේ අවධානයට යොමු වී ඇති කාරණයක් බවට
පත්ව ඇත. එමෙන්ම මෙම ඝාතන සිදුවීමෙන් අනතුරුව මෙතෙක් රැකියාවන්හි නිරතව සිටි
ඇතැමුන්, විශේෂයෙන් වෙනත් ආදායම් මාර්ග සහිත
ඇතැම් කාන්තාවෝ එයින් ඉවත්ව, නිවසේ රැඳෙමින් සිය දරු දැරියන්ගේ
ආරක්ෂාව ඉහළ නැංවීමට තීරණය කොට ඇත. විශේෂයෙන් කුඩා පෞද්ගලික සමාගම්වල සේවය කරන
කාන්තාවන් දෙවරක් නොසිතාම සිය රැකියව අතහැර නිවසේ සිටිමින් සිය දරුදැරියන් පිළිබඳ
අවධානයෙන් සිටීමට තීරණව කොට ඇති බව පෙනේ.
දරුවන් පාසල් යැවීමේදී සහ උපකාරක
පංතිවලට යැවීමේදී බාහිර පුද්ගලයන්ට වගකීම් පවරනවා වෙනුවට ඒ වගකීම තමා වෙතම
තබාගැනීමට බොහෝ මව්වරු සහ පියවරු තීරණය කොට ඇත. එමෙන්ම තම නිවස සහ එය ආශ්‍රිත
පරිසරයේ ආරක්ෂාව ඉහළ නැංවීමට ද බොහෝ දෙමාපියන් අවධානය යොමුකොට ඇත. මෙයින් අදහස්
වන්නේ ගේට්ටු නොමැති නම් ඒවා සවිකිරීම, නිවසේ
දොර සහ ජනෙල් අගුල්වල තත්වය සොයා බලා අවශ්‍ය වෙනස්කම් කිරීම ආදියය.
තම නිවස හෝ දරු දැරියන් කෙරෙහි අනවශ්‍ය
පරිදි සැළකිල්ලක් දක්වන පුද්ගලයන් පිළිබඳ පෙර නොකළ අන්දමේ අවධානයක් යොමුකිරීමට ද
දෙමාපියන් පියවර ගෙන ඇත.
සඳසේයා ඝාතනයත් සමග ළමා හිංසනය සහ
අපචාර පිළිබඳ සිදුවීම පොලිස් පැමිණිලි අංශයේ සටහන් වීම පෙරට වඩා ඉහළ ගොස් ඇති බව
පැහැදිලිවම පෙනෙන්නට ඇති තවත් කාරණයකි. මේ නිසා මෙවැනි පිරිස් බොහෝ දෙනෙක්
අත්අඩංගුවට ගැනිමට පොලිස් ළමා හා කාන්තා අංශයට හැකියාව ලැබී තිබේ.
එමෙන්ම දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ඇති
අවධානය තවත් වැඩිකරන ලෙසත්, මෙවැනි අපචාර හා දූෂකයන්ට දැඩි දඬුවම්
ලබාදෙන්නැයි රජයේ වගකිවයුතු අංශවලින්
ඉල්ලමින් පසුගිය කාලයේ විවිධ මහජන උද්ඝෝෂණයන් ද සිදුව ඇත. තවමත් එවැනි වීදි බැසීම්
දක්නට ඇත. මෙම ඇතැම් උද්ඝෝෂණ ජනතා සංවිධාන මගින් සංවිධානය කරන ලද ඒවා වන අතර ඇතැම්
ඒවා විවිධ පෞද්ගලික ආයතන සිය ප්‍රචාරණ වඩසටහන්වල කොටසක් ලෙස පෞද්ගලික ප්‍රතිලාබ
අපේක්ෂාවෙන් කරන ලද ඒවා වේ.
මේ සියල්ලෙන් පෙනී යන්නේ සඳසේයා
දැරියගේ ඝාතන සිදුවීම සමාජ පෙරළියකට හා සමාජ ප්‍රපංචයකට හේතු වී ඇති බවය. මෙයට පෙර
ද ළමා අපචාර හා දූෂණ බොහෝ ප්‍රමාණයක් සිදුවුව ද මෙම සිදුවීම තරම් සමාජයේ වෙනසක්
ඇතිකරන්නට ඒවා හේතු නොවූ බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. එමෙන්ම සඳසේයා දැරියගේ ඝාතන
සිදුවීම පිළිබඳ තොරතුරු සමාජගත වු ආකාරය හා මාධ්‍ය මගින් එය ආවරණය කළ ආකාරය ද මෙයට
තවත් පිටුවහළක් වන්නට ඇති බව සමාජ විද්‍යායෝ පවසති.
ඕනෑම අවාසානාවන්ත සිදුවීමකින් රටකට
යහපතක් සිදුවන අවස්ථාවන් අප රටේ ඉතිහාසය මුළුල්ලේම දක්නට ලැබෙන්නකි. වළගම්බා රජුගේ
සමයේ ඇති වූ ‛බැමිනිටියාසාය’ යනු ලක් ඉතිහාසයේ සිදුවූ බිහිසුණතම සාගතය බැව්
ඉතිහාසය සාක්ෂි දරයි. මෙහිදී සංඝයා වහන්සේලා ද බොහෝ දෙනෙක් අපවත් වූහ. මේ නිසාම ත්‍රිපිටකට
කඩපාඩමින් පමණක් ඉදිරියට රැගෙන යාමේ අවදැනමක් පැවති බැවින් එය ග්‍රන්ථාරූඪකිරිමට
තීරණය කෙරණි. ඇතැම් විට මෙම නියං සාය නොආවා නම් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪවීමක් සිදු
නොවන්නට ද ඉඩ තිබිණි. මේ නිසා සඳසේයා ඝාතන සිදුවීමත් සමඟ දරු දැරියන්ගේ ආරක්ෂාව
පිලිබඳ ඇතිවූ සමාජ පෙරළිය වඩාත් ක්‍රමවත් හා සංවිධිත තත්වයට පත්කර ගැනීම සියලුම
අංශයන්ගේ වගකීම හා යුතුකම බවට පත්ව තිබේ. නොඑසේනම් මෙම සමාජ පෙරළිය ද කිසිදු ප්‍රයෝජනයක්
නොගෙනම සමාජයෙන් වියැකී යා හැකිය.
No comments:
Post a Comment
මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න