පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, March 17, 2018

මිනිසුන් උස්සන්නට සුදු වෑන්ම ගන්නේ ඇයි? - White Vans and Abductions


Image Source - https://bjerg.deviantart.com/art/Candy-In-The-Van-114711398

සුදු වෑන් යනු අප නිතර අසා ඇති වෑන් ජාතියකි. ඒවා හදන්නේ මොන සමාගමේ වුනත් අවසානයේ සුදු වෑන්වලට ලැබෙන්නේ එකම ආකාරයේ ගෞරවයකි. ඒ සුදු වෑන් ‘මිනිස්සු උස්සන්න‘ හෙවත් පැහැර ගැනීමට ගන්නා වෑන් ජාතියක් ය කියන එකය. අපේ රටේ සුදු වෑන්වලින් මිනිසුන් උස්සපු කතා කාලාන්තරයක් තිස්සේ ඇසෙන්නේය.


මේ නිසා හදිසියේ කල්පනා කරමින් ඉන්නා අතරේ මිනිසුන් උස්සන්නට සුදු වෑන් ම යොදා ගන්නේ ඇයිදැයි කියා මට සිතුණි. මේ නිසා ගූගල් මලයාගෙන් ගැන විමසන්නට තීරණය කළෙමි. 


මා මුලින්ම කළේ white Van කියා ගූගල්ගෙන් ඇසීමය. මේ තියෙන්නේ කවුරු ඇසුවත් ගූගල් මලයා දෙන උත්තරයි.


සුදු වෑන් උඩ ක්ලික් කරන්න.


ඒ උත්තරයේ තැනින් තැන මෙවැනි නම් ගැසූ වෑන් දකින්නට පුළුවන්ය.


Free Candy

Discount Speakers

Suspicious White Van

Free Candy and Puppies

Image Source - http://sacramento.cbslocal.com/2015/08/27/white-van-with-free-candy-painted-in-red-makes-natomas-parents-nervous/

Image Source - https://i.ytimg.com/vi/X6rU5QKWH6E/maxresdefault.jpg



මේ වෑන් එකක්වත් ලංකාවේ ඒවා නොවන අතර සියල්ල පිටරට ඒවාය. එයින් කියවෙන්නේ මිනිසුන් ඉස්සීම සඳහා සුදු වෑන් යොදා ගන්නේ අපේ රටේ විතරක් නෙවෙයි කියාය. පිටරටවල ද මිනිසුන් ඉස්සීම සඳහා සුදු වෑන් යොදාගන්නේ ය. White Van Abductions කියන්නේ මොනවාදැයි ගූගල් මලයාගේ ඇසූ විට සුදු වෑන්වලින් පැමිණ මිනිසුන් පැහැර ගන්නා පිටරට පින්තූර අපට ලබා දෙන්නේ පිටරටවලත් මේ සෙල්ලම ගජාරාමෙට යන නිසා විය යුතුය.


Kidnapping Van Pictures කියන්නේ කුමක්දැයි ගූගල්ගෙන් ඇසූ විට දෙන පින්තූරවලින් වැඩි හරියක් සුදු වෑන්මය.

Image Source - https://www.youtube.com/watch?v=cOZSAq0A3tE
 
Image Source - http://i.dailymail.co.uk/i/pix/2010/11/18/article-1330578-0C1ED65F000005DC-99_634x286.jpg


එසේ නම් මිනිසුන් ඉස්සීමට සුදු වෑන්ම යොදා ගන්නේ ඇයි?


ඇත්තටම එයට ඇත්තේ සරල උත්තරයකි.


ලෝකයේ  ඇති වෑන්වල වැඩිපුරම ඇත්තේ සුදු පැහැයයි. මේ නිසා සුදු වෑන් එකකින් පැමිණ මිනිසුන් ඉස්සූ විට ඒ කුමන වෑන් එක ද යන්න එකවර පහසුවෙන් සොයා ගන්නට අපහසුය. ඇසට දැක පසුපස හඹා නොගියොත් මිනිසුන් ඉස්සීම සඳහා යොදා ගත් වාහනය සෙවීමට පොලිසියට පවා සෑහෙන වෙහෙසක් දරන්නට සිදු වේ. බොහෝ විට සොයා ගන්නට ලැබෙන්නේම නැත.


ඊළඟ ප්‍රශ්නය - ලෝකයේ සුදු වෑන් වැඩි ඇයි?


ලෝකයේ වාහන සමාගම් වෑන් නිෂ්පාදනය කරන්නේ වැඩිපුරම සුදු පැහැයෙනි. එයට හේතුව මෙයයි. වෑන් බොහෝ විට පාවිච්චියට ගන්නේ ගෙදර දොරේ වැඩවලට වඩා ව්‍යාපාරික වැඩවලටය. ව්‍යාපාරික වැඩවලට ගන්නා වෑන්වල තම ව්‍යාපාරය ගැන පහසුවෙන් සඳහන් කරන්නට පුළුවන් විය යුතුය. බොහෝ විට තම ව්‍යාපාරයේ නම, තමා ලබා දෙන සේවයේ නම එහි සඳහන් කරන්නට පුළුවන් විය යුතුය. මේ සඳහා හොඳින් ගැළපෙන්නේ සුදු වෑන් ය. එවිට වෑන් එක මිලට ගත් තැනැත්තාට පහසුවෙන් තම ව්‍යාපාරයේ නම මෙහි සඳහන් කරන්න ඉඩකඩක් ලැබේ. වෑන් එක වෙනත් පැහැයකින් තිබුණා නම් මෙය ටිකක් දුෂ්කර වැඩකි.


මේ නිසා ව්‍යාපාර ගැන වැඩි වශයෙන් සිතන වෑන් නිෂ්පාදකයෝ ඒවා වැඩි වශයෙන් සුදු පැහැයෙන්ම තනති.


මිනිසුන් ඉස්සීම සඳහා සුදු වෑන්ම යොදා ගන්නේ මේ නිසයි.


මෙයට වඩා තවත් හේතු තිබේ නම් ඒවා ගැන දැනුම්වත් කරන මෙන්න ඉල්ලා සිටිමින් මගේ පෝස්ටුවට තිත තබමි.

4 comments:

  1. පැහැරගැනීම් සදහා සුදු වෑන් භාවිතා කරන්න හේතුව ඉක්මනට පාට වෙනස් කිරීමට ඇති හැකියාව නිසා.
    අපරාධයක් වුනාම මුලින්ම අපරාධය කල වාහනයේ පාට ට සමාන පාට ගැන අවදානය යොමු වෙනවා. සුදු පාට වාහන අඩුම පහසුකම් යටතේ ඉක්මනට වෙන පාටකට හරවන්න ලේසියි.

    ReplyDelete
    Replies
    1. ඔව්, එකත් හොඳ සාධාරණ හේතුවක් තමයි. තැන්ක් යූ.

      Delete
    2. ඒකත් ඇත්ත නේන්නම්. කවුද හීනෙකින්වත් හිතන්නේ සුදට සුදේ තියෙන කොට උස්සගෙන යන්න එනවා කියලා.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න