පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, May 6, 2015

අහෝ විල්පත්තුව - Oh, Dear Forest, Wilpattu


ආශ්චර්යයෙන් ඇරඹිණි 

යහපාලනයේ ද යහතිනි 

අලියා ද 

කොටියා ද 

වලසා ද 

බිය විණි 

අපි පක්ෂයේ පාටින් දබර විණි. 

විල්පත්තුව වැනසිනි 

7 comments:

  1. [මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?]

    මේ ලිපිය හොඳ නැත. ප්‍රයෝජනවත් නැත. වැඩක් නැත. විකාරයක් වගේ පෙනෙන්න තරම්වත් දෙයක් නැත.

    දෙවරක් නොහිතා අවංක අදහස පළකලෙමි

    ReplyDelete
    Replies
    1. ඔබගේ අවංක අදහස්වලට ස්තූතියි.

      Delete
  2. යහපාලනේ කියන්නේ එක එකාට ඕනේ විදියට සමාජය වනසන්න ඉඩ දීම නොවේ.බදුර්දීන්ගේ වැඩේ ජාතිවාදීව නොවේ මතවාදීවව පාරජය කරන්න ඕනේ.එකට ඉක්මනින් මේයට වඩා පුළුල් සමාජ කතිකාවක් හදන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මෙතැන ජාතිවාදයක් නෙවෙයි තියෙන්නේ ජාතික සම්පත් ගැන ප්‍රශ්නයක්. නමුත් ජාතිවාදයක් නැත්තෙමත් නැහැ. මොකද මෙතන පදිංචි කරවන්නේ මුස්ලිමුන් විතරයි. ඒ පදිංචි කරවන්නෙත් අවතැන් වූවන් නෙවෙයි. ඔවුන් බොහොමයක් දැනටත් පුත්තලමේ ස්ථිර පදිංචිකරුවන්. ඒ නිසා රිෂාඩ් බදුර්ඩීන්ට අවශ්‍ය මෙහි මුස්ලිමුන් පදංචි කරවා මුස්ලිම් ජනපද ඇතිකිරීම පමණයි. මුස්ලිමුන්ගේ නිජබිම වූ මැදපෙරදිග කාන්තාර පමණක් ඇති නිසාවෙන්දෝ ඔවුන්ට වනාන්තර, වන සතුන් ගැන කිසිදු හැගීමක් නැතිවා වෙන්නටත් පුළුවන්.

      Delete
  3. අැත්ත ම කතාව ඔ්ක තමයි නිරන්ජන්.... අපි පක්ෂ පාට අල්ලං හරි වැරැද්ද වහනවා.... ඒත් හැම ඒකාම තම තමන්ට හැකි තරමින් පරිසරය ඉවර කරමින් ඉන්නවා.... කවුරු කරත් වැරැද්ද වැරැද්දම තමා.. හැබැයි ඒකම වැරැද්ද මේක විතරකුත් නෙමෙයි.....

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. අපි හැම දෙයකම හරි වැරැද්ද දකින්නේ අපි කැමති පක්ෂයේ පාටට වාසිවෙන විදිහට. එහෙම නැතිව කවුරු කළත් මෙන්න මේක තමයි වරද කියලා කියන්න පුළුවන් කමක් ඇතිවෙන දවසට අපේ රටේ සිංහලයා, දෙමළා, මුස්ලිමා, බෞද්ධයා, හින්දුවා, කිතුනුවා හැමෝම දිනුම්. නමුත් එවැන්නක් සිදුවෙන එක මේ දේශපාලන ප්‍රවාහයට අවාසියි. ඒ නිසා ඔවුන් අපට පෙන්වන්නේ ඊනියා සංහිදියාවක් පමණයි. ඒ සංහිදියාව පසුපස තිබෙන්නේ බෙදා වෙන්කිරීමේ කුමන්ත්‍රණ පමණයි.

      Delete
  4. විල්පත්තු වනෝද්‍යාන රක්ෂිතය විනාශකරමින් කටාර් රාජ්‍යයේ "ෂෙයික් හමාඩ් බින් පදනම" නම් වූ රාජ්‍ය නොවන ආයතනයේ මූල්‍ය ආධාර මත රිෂාඩ් බදියුද්දීන් විසින් ගොඩගන "වයඹදිග සුන්නි මුස්ලිම් කලාපය".

    යුද්ධයෙන් අවතැන් වූවන් යළි පදිංචි කිරීමට ආධාරදෙන මුවාවෙන් පුණ්‍ය ආයතනයක් ලෙස පෙනී සිටින කටාරයේ ෂෙයික් හමාඩ් බින් රාජ්‍ය නොවන සංවිධානයේ අරමුණ කුමක්ද? ඔවුන්ගේ වෙබ් අඩවි වල සහ ගිවිසුම් ප්‍රතවල සදහන් කරන පරිදි පළමු අදියරේදී "සුන්නි මුස්ලිමුන්" සදහා නිවාස ඒකක 514 සහ දෙවන අදියරේ නිවාස ඒකක 1000 ක් සෑදීමට නියමිතය. මුස්ලිමුන් විසිදහසක් අත්පත් කරගත් නව ඉඩම්වල පදිංචි කිරීම ව්‍යාපෘතියේ අරමුණ බවද සදහන් කරයි. නිවාසලාබීන් පොදුවේ මුස්ලිම් ලෙස හදුන්වනවා වෙනුවට "සුන්නි මුස්ලිම්" ලෙස විශේෂණය කර සදහන් කිරීමට කටාර් රාජ්‍ය නොවන සංවිධානය වගබලා ගනී. ඒ ඇයි.

    වහාබ්වාදය නම් වූ අතිශය ප්‍රචන්ඩ ඉස්ලාමීය මුලධර්මවාදය ගොඩනැගෙන්නේද වර්ථමානයෙත් ක්‍රියාත්මක වන්නේද සුන්නි මුස්ලිම් ගෝත්‍රය පදනම් කරගෙනය. කටාරය යනු ඉස්ලාමීය සුන්නි වහාබ්වාදය පෝෂණය කරන ප්‍රධානතම ඉස්ලාම් රාජ්‍යයයි. අයිසීස් ත්‍රස්ත සංවිධානයට ආධ්‍යාත්මික සහ මූල්‍යමය අනුබලය සපයන ප්‍රධානම රට ලෙසද කටාරය සැලකෙයි. කටාරයේ ඉස්ලාමීය ආධ්‍යාත්මික නායකයෙකු ලෙස සැලකෙන යුසෆ් අල් කර්දාවී නම් වූ බිහිසුණු ත්‍රස්තවාදියාගේ උපදෙස් මත ලංකාවේ වහාබ්වාදය ප්‍රචලිත කිරීම සදහා රාවූෆ් හකීම්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණය සහ හිටපු අමාත්‍ය බදිඋද්දීන් මහමුද්ගේ පුත්‍රයාගේ ප්‍රධානීත්වයෙන් කටාරයේ ආගමික උපදෙස් මත අටවාගෙන ඇති "ජාතික ශූරාහ් සභාව" නම් වූ වහාබ්වාදී කල්ලිය ගැනද පසුගිය සමයේ කතා බහට ලක්විය.

    එසේනම් වහාබ් අන්තවාදයේ ප්‍රධාන වාහකයා වූ කටාරයේ ස්ථාපිත වූ වහාබ්වාදී රාජ්‍ය නොවන සංවිධානයක් පුන්‍යආයතන නමින් බැටළු හම් පොරවාගෙන සුන්නි මුස්ලිම් ජනපද කලාප බිහි කරමින් විල්පත්තුවට අතපෙවීමේ අරමුණ පැහැදිළිය. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය යටකරමින් සුන්නි වහාබ්වාදී රැල්ලක් ගොඩනැගෙමින් පවතින බව රහසක් නොවේ. ඒ පිටුපස ක්‍රියාත්මක වන්නේ කටාර්,සෞදිය ඇතුළු මැදපෙරදිග රටවලින් රාජ්‍ය නොවන පුණ්‍ය ආයතන මුවාවෙන් රටට ඇතුළු වී සිටින ඉස්ලාමීය මූලධර්මවාදී කල්ලි කණ්ඩායම්ය. ඒ සදහා පහසුකම් සපයන්නේ හකීම්, බදිඋද්දීන්, සාලි, අතාවුල්ලා ඇතුළු මුස්ලිම් දේශපාලකයන්ය. කාත්තන්කුඩිය, කල්මුණේ කෙන්ද්‍රකරගෙන ලංකාවේ නැගෙනහිර වෙරළබඩ කළාපය මේ වන විටත් සුන්නි වහාබ්වාදය විසින් ගිලගෙන අවසානය. විල්පත්තුව සමතලා කරමින් සුන්නි වහාබ්වාදී අංකුර පැළ කරමින් මේ ක්‍රියාත්මක වන්නේ වයඹදිග වෙරළබඩ කළාපයද සුන්නි වහාබ්වාදයට යට කිරීමේ ජාත්‍යන්තර ඉස්ලාම් අන්තවාදී සැලසුමය. මෙම ප්‍රශ්නයට අවස්ථාවාදීව දේශපාලන අර්ථකතන දෙමින් සහ පාරිසරික වැදගත්කම පමණක් සලකමින් අප වාද විවාද කරගනිද්දී වයඹදිග සෆිස්ථානය බිහි කිරීමේ පදනම දැනටමත් ඔවුන් දමාගෙන අවසානය.

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න