පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, May 23, 2015

මහා තොරණ් රාජයා - Great Virtual Thorana





මෙතන 'තොරණ්' කිව්වට ඇත්තටම තොරණ තමයි හරි වචනේ. මමත් යාලුවෝ දෙන්නෙකුත් එකතු වෙලා දැනට අවුරුදු ගණනකට කලින් ෆ්ලෑෂ්වලින් තොරණක් හැදුවා. තොරණ සැළසුම් කළේ මිලාන්. ෆ්ලෑෂ්වලින් තොරණ අලංකාර කළේ ක්‍රිෂාන්. මම කළේ පොඩි පසුබිම් කථනයක් දුන්න එක. ඒත් අර දෙන්නගේ වැඩේ තරම් මගේ වැඩේ නම් ගතියක් නෑ කියලා දැන් පේනවා. මොනව වුණත් පරණ සීඩී වගයක් අදිනකොට මේක හම්බ වුණා. ඉතිං මම හිතුවා මගේ කටහඬ මටම ඇහෙන‍කොට ටිකක් අවුල් වගේ වුණත් මේක බ්ලොග් එකට දාන්න. එහෙනම් පහන් සිතින් තොරණ බලන්න.

2 comments:

  1. ලයිට් දැල්වෙන රටා නම් අතාත්විකයි. කථනය සහ සැලසුම ලොකු අවුලක් නැහැ

    ReplyDelete
    Replies
    1. ෆ්ලෑෂ්වලින් වැඩකරන්න ඉගෙන ගන්න කාලේ තමයි ක්‍රිෂාන් මේක හැදුවේ. ඒ නිසා වෙන්න ඕන එවැනි අතාත්වික අලෝක රටාවක් ඇත්තේ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න