පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, May 23, 2015

කෙල්ලෙක් කොයි තරම් උස වෙන්න ඕනද? - How Tall Enough for a Girl


සාමාන්‍ය කතාවටත් කියන දෙයක් තමයි පිරිමියෙක් නම් උසට පෙනුමට ඉන්න ඕන කියන එක. සාමාන්‍යයෙන් අඩි පහමාරක්වත් උස නැත්තනම් පිරිමියෙක් වුණත් මිටි විදිහට තමයි සළකන්නේ. එහෙම වුණත් සිනමාව ගැන සළකා බැලුවහම නම් අඩි පහමාරත් මිටියි වගේ තමයි පෙනෙන්නේ. මොකද හින්දි සිනමාවේ ජනප්‍රිය නළුවකු වන ආමීර් ඛානුත් අඩි පහමාරක් නිසා. ඔහු හින්දි සිනමාවේ මිටි නළුවෙක් විදිහට තමයි සැළකනේනේ. ඔහුට සාපේක්ෂව ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන්, අක්ෂේ කුමාර් එහෙම අඩි හයකට කිට්ටු උසක් තියෙනවා. අපි හින්දි නිළියන් ගත්තොත් නම් ඔවුන් සාපේකෂව නළුවන්ට වඩා මිටියි. කරීනා කපූර් අඩි පහයි අඟල් හතරයි. නමුත් කත්‍රිනා කායිෆ්, දීපිකා පදුකොන් අඩි පහයි අඟල් නවයක් උසයි. මේ වගේ නිළියක් එක්ක ආමීර් ඛාන් රඟපාන්න ගියොත් සෑහෙන කරදර ඇති වෙන්නත් පුළුවන්. ඉතින් සාමාන්‍ය ජීවිතෙත් මේ වගේ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. අපි අතර ඉන්න ගැහැනු පිරිමි ගත්තත් මේ ප්‍රශ්නයම තියෙනවා. 

ආමීර් සමඟ කත්‍රිනා 

ඇත්තටම ගත්තොත් තරුණියක් කොයි තරම් නම් උස වෙන්න ඕනද? අපේ රටේ පිරිමියකුගේ සාමාන්‍ය උස අඩි පහයි අඟල් හතර හමාරක් බවත් ගැහැනියකගේ උස අඩි හතරයි අඟල් එකොළහමාරක් බවත් විකිපීඩියාවේ තියෙනවා. ඒ කියන්නේ අපේ රටේ සාමාන්‍යයෙන් ඉතා උස ගැහැනු පිරිමි නැති බව තමයි එයින් කියැවෙන්නේ. මෙහෙම තියෙද්දී අඩි හයක විතර තරුණියත් හිටියොත් ඇයට දැනෙන්න පුළුවන් තමන් උස වැඩිවත්ද කියලා. අනෙක එවැනි උස කෙනෙක්ව දකින කොට අනෙක් අය කියන්නේ, 

“අම්මෝ අර කෙල්ලගේ උස! කොල්ලෙක් හොයන්න ගියාම එපා වෙයි” 

වගේ කතාවක් තමයි. නමුත් අඩි හයක් උස පිරිමි අපේ රටේ නැතැයි කියා මෙයින් කියැවෙන්නේ නැහැ. හැබැයි හොඳින් ගැළපෙන ඇඳුමින් පැළදුමින් සැරසුණු උස තරුණියක් දකින ඇතැම් තරුණයන් නම් මෙහෙමත් කියනවා. 

“ෂා! නියම හයිට් එක” 

ඒ කියන්නේ උස කියන එක තරුණියකට ආභරණයක් වෙන අවස්ථාවන් ද තියෙනවා කියන එක. මේක විශේෂයෙන් ආභරණයක් වෙන්නේ රූ රැජින තරග වැනි අවස්ථාවලදී. ඇතැම් අවස්ථාවන් හැරුණු විට උස කියන්නේ රූ රැජින තරගයක් සඳහා අත්‍යවශ්‍ය කාරණයක් නොවුනත් වැඩි දෙනෙකුගේ අවධානය යොමුවන්නේ උස තරුණියන්ට. නමුත් පිරිමියකුට වගේ ගැහැනියකට උසේ හැටියට මහත තිබුණොත් නම් ඒකත් සෑහෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එවිට අපට පෙනෙන්නේ යෝධ කාන්තාවක්. එහෙම කෙනෙක් දැක්කහම ටිකක් බය හිතෙන පෙනුමකුත් තියෙනවා. තරුණියකට ඒ වගේ පෙනුමක් තිබුණොත් සහකාරයකු සොයාගැනීමේදී යම් ගැටලුවලට මුහුණ දෙන්නට සිද්ධ වෙන්න පුළුවන්. එවැනි ඥාති යුවලක් ගැන අපේ වැඩිහිටියන් එක් අවස්ථාවක කිව්වේ මෙන්න මෙහෙම කතාවක්. 

“උඹලගේ පුංචා, බාප්පව වඩාගෙන තමයි ගමන් බිමන් යන්නේ” 

මේ වගේ කතාවක් ඇහුණොත් තරුණයෙක් නම් වහ කනවා සිකුරුයි. 

කොහොම වුණත් අධික උස කාන්තාවකට පොඩි අවුලක් වගේ පෙනුණත් ක්‍රීඩාවලට සම්බන්ධ නම් එවිට ඇත්තේ ආශීර්වාදයක්. විශේෂයෙන් පැසිපන්දු, දැල් පන්දු වැනි ක්‍රීඩාවලදී උස විශේෂයෙන් වැදගත් වෙනවා. අපේ රටේ කාන්තා දැල් පන්දු කණ්ඩායම සඳහා තෝරා ගත් කිහිප දෙනෙක් හැරුනාම ඉතිරි සියලු දෙනා අඩි හයට වඩා උසින් යුක්ත වුණා. විශේෂයෙන් අපේ රටේ දැල් පන්දු කණ්ඩායමේ සම නායිකාවක ලෙස ද කටයුතු කළ තර්ජනී සිවලිංගම්ගේ උස අඩි හයයි අඟල් දහයක් වුණා. තව අඟල් දෙකක් උස ගියා නම් අඩි හතයි. තර්ජනීව දැක්ක ගමන් සාමාන්‍ය අයට වගේ විරුද්ධ කණ්ඩයමේ අයටත් “අම්මෝ” කියලා කියැවුණේ නැත්නම් තමයි පුදුමේ. 

තර්ජනී සිවලිංගම් 


ලෝකයේ උසම කාන්තාවෝ ඉන්න රට හැටියට සැළකෙන්නේ නෙදර්ලන්තයයි. එහි කාන්තාවකගේ සාමාන්‍ය උස අඩි පහයි අඟල් හතක් වෙනවා. ඒ වගේම ලෝකයේ මිටිම කාන්තාවන් ඉන්නේ බොලීවියාවේ. එහි කාන්තාවකගේ සාමාන්‍ය උස අඩි හතරයි අඟල් 8ක් පමණ වෙනවා. 

යාඕ ඩිෆෙන් 


අපේ රටේ දැල් පන්දු ක්‍රීඩිකාව වුණු තර්ජනීගේ උස අඩි හතකට කිට්ටු වුණත් ඊටත් වඩා උස කාන්තාවන් ලෝකයේ ඉන්න බවත් සිටි බවත් කියන්න ඕන. යාඕ ඩිෆෙන් කියන චීන කාන්තාව අඩි හතයි අඟල් 8කින් යුක්ත වුණා. තව ඒ වගේ උස කාන්තාවෝ ඕනෑ තරම් ඉන්නවා. එංගලන්තයේ විලියම් කුමාරයාගේ බිරිඳ, ඒ කියන්නේ කේට් මිඩ්ල්ටන්  සාමාන්‍යයෙන් අනෙක් කාන්තාවන්ට වඩා ටිකක් උසයි. ඇගේ උස අඩි පහයි අඟල් දහයක් වෙනවා. ලෝකයේ උසින් වැඩි ජනප්‍රියතම කාන්තාවන් අතර ඇයත් ඉන්නවා. ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති බිරිඳ මිචෙල් ඔබාමා අඩි පහයි අඟල් නවයක් පමණ උසයි. 

ඩයනා පෙන්ටි 

අපේ රටේ බොහෝ දෙනෙක් නිතර අවධානයෙන් ඉන්න ඉන්දියාවේ බොලිවුඩ් පුරවරයේ ඉන්න උසම නිළිය තමයි ඩයනා පෙන්ටි. ඇය අඩි පහයි අඟල් දහයක් උසයි. ආමීර් ඛාන්ට නම් ඇයත් එක්ක රඟපාන්න වෙන්නේ බොරු කකුල් දාගෙන. ඒ වගේම සුසුමිතා සෙන්, සීනාත් අම්මාන්, දීපිකා පදුකොන්, අනුෂ්කා ෂර්මා ආදීන් ද අඩි පහයි අඟල් නවයේ සීමාව පසු කරනවා. 

ඉතින් මේ විදිහට බලද්දි උස කියන එක සාපේක්ෂ දෙයක් දෙයක් කියලා කියන්න පුළුවන්. කෙසේ නමුත් අධික ලෙස උසවීමත් අධික ලෙස මිටිවීමත් තරුණියකගේ පෙනුමට යම් බලපෑමක් කරන්න ඉඩ තියෙනවා. විශේෂිත වෘත්තීන්වල, ක්‍රීඩාවල යෙදී සිටින අය හැරුණාම අධික උසත් ප්‍රශ්නයක්. ඒ වගේම අධික මිටි බවත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. උපතින් ලැබුණු උස වැඩි කරගන්නත් උපක්‍රම තිබෙනවා. ක්‍රීඩාවේ නිරතවීම එයින් වඩා පහසු ක්‍රමයයි. දැල්පන්දු, පැසි පන්දු, අත් පන්දු වැනි ක්‍රීඩාවල යෙදීමෙන් උස තරමක් වර්ධණය කරගන්නට පුළුවන්. කෙසේ නමුත් උස හෝ මිටි බව තීරණය වන්නේ ඔබ, ඔබ ගැන සිතන ආකාරය අනුවයි. ඒ වගේම ඔබගේ සහකරුගේ උස අනුවත් ඔබට යම් ගැටලු ඇතිවිය හැකි බැවින් ඒවා ගැනත් සිතා බලන්න අමතක කරන්න එපා. උදාහරණයක් විදිහට ඉතා උස පිරිමියෙකු සමඟ ඉතා මිටි කාන්තාවක් සිටිනවා නම් වැඩි දෙනෙකුගේ අවධානය ඔවුන් වෙත යොමු වී ඔවුන් විශේෂ යුවලක් බවට පත්වෙන්න පුළුවන්. නමුත් දෙදෙනාම එක සමාන ලෙස ඉතා උස වුණත්, ඉතා  මිටි වුවත් කිසිවකුගේ විශේෂ අවධානයක් යොමු වෙන්නේ නැහැ. 

මෙවැනි කරුණු පිළිබඳ හොඳින් කල්පනා කොට තීරණ ගන්නවා නම් උස ඒ තරම් ගැටලුවක් වන්නේ නැහැ. අවසානයේ කියන්න තියෙන්නේ උස හෝ මිටි බව ගැන වැඩි දුර කල්පනා කරන්න එපා. එය ඔබේ උපතින් ලැබුණු දෙයක්. එයට අනුකූලව ජීවිතේ හැඩගස්වා ගන්නවා නම් ගැටලු මතුවන්නේ නැහැ. 



12 comments:

  1. තර්ජනීව ළඟට දැකල තියෙනවා මම - වයිකින් බස් එකේ වහලෙට හරිම ළඟයි

    ReplyDelete
    Replies
    1. ඔව් සෑහෙන උසක් තමයි තියෙන්නේ.

      Delete
  2. //තර්ජනී// පටබැඳි නමක් වගේ (අනිත් අයට මාර තර්ජනයක් නේ).. බ්ලොග් ලියන අය අතරත් බොහෝම උස ගෑණු ළමයි දෙන්නෙක් ඉන්නවා නේද බස්සී හා නුවර කුමාරී කියලා..

    ReplyDelete
    Replies
    1. එහෙමද? ඒ කියන්නේ බ්ලොග් ලෝකයේත් උස අය ඉන්නවා.

      Delete
  3. මචං අනේ මට උස යන ලේසි ට්‍රිච්ක් අක්ක ඕනෑමඉ

    ReplyDelete
    Replies
    1. මගෙන් නම් කිසිම විරුද්ධත්වයක් නෑ.

      Delete
  4. සිදුහත් කුමාරයාගේ උස විදිහට හදුන්වන්නෙ බඹයක්. වර්තමාන මිනුම් ක්‍රමයට අනුව බඹය අඩි6 ක් උනාට, ඔක්කොම සලකල බැලුවාල ,අතීත බඹය මගේ අදහස අනුව අඩි 6යි අඟල් 2 ක් වගේ වෙන්නෙ. ඒ අනුව බෞද්ධයෙක් විදිහට පිරිමියෙක්ට වඩා වැඩිත් නැති අඩුත් නැති උස විදිහට 6 2' හදුන්වන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව් එක්ට නම් මමත් එකඟයි

      Delete
  5. මගේ boy friend මට වඩා කොටයි අගල් 2ක් 😔... මට ඒක ලොකු ප්‍රශ්නයක්... සමාජයේ විහිලුකට ගනිද කියලා බය හිතෙනවා

    ReplyDelete
    Replies
    1. අපොයි නැහැ. ඒ වගේ සිදුවීම් ලෝකයේ ඕනෑ තරම් තියෙනවා. ඒ නිසා එය ප්‍රශ්නයක් කර ගන්න එපා. ජීවිතේට විශ්වාසයෙන් යුක්තව මුහුණ දෙන්න.

      Delete
  6. උස යාම සීමා කරන්න හරි පොඩ්ඩක් අඩු කරන්න හරි ක්‍රමයක් නැද්ද

    ReplyDelete
    Replies
    1. උස යන එක අඩුකරගන්න නම් දන්න හැටියට ක්‍රමයක් නැහැ. හැබැයි උස අඩු කරලා පෙන්වන විදි නම් තියෙනවා. අන්තර්ජාලයේ සෙව්වොත් හොයා ගන්න පුළුවන් වෙයි. මේ දාලා තියෙන ලින්ක්ස්වලටත් ගිහින් බලන්න.

      https://www.quora.com/How-do-I-stop-the-growth-of-height

      https://www.youtube.com/watch?v=XxIbkk8Cy_8

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න