2015 ඊනියා
යහපාලන පාලන තන්ත්‍රයක් බිහි වීමෙන් පසු ‘සිංහල‘ යන වචනය පවා පැවසීම සංහිඳියාවට
තර්ජනයක් යැයි මතයක් පැතිරී ගියේය. සිංහලයා නපුංශක ජාතියක් කිරීමට එකී පාලකයන් ගත්
ප්‍රයත්නයන් දරා සිටින්නට නොහැකි තැන මම 2015 ජූනි මාසයේ බ්ලොග් සටහනක් තැබුවෙමි.
(කැමති නම් එය මෙතැනින් කියවන්න) ඉන් වසර 4 කට පසුව නව ජනපතිවරයෙක් පත්ව සිටී. ඔහු
ගෝටාභය රාජපක්ෂයි. පවුල් පාලනයක් හෝ වෙන මලඉලව්වක් ද කියා මට පලක් නැත. සිංහල යැයි
නිර්භයව පවසන නායකයෙක් පත්ව තිබේ. ඔහු රුවන්වැලිසෑය අසල සිට කළ කතාවෙන් ඇඟ හිරි
වැටී ගියේය. ඔහු රට හදාවී යැයි මට සිතේ.
නව
ජනපතිතුමනි, රැකියාවක් කොට මුදල් උපයා ජීවත්වන්නට අපට හැකිය.
නොමිලේ කිසිවක් අවැසි නැත.
නොමිලේ කිසිවක් අවැසි නැත.
මේ රට හදා
දෙන්න
පුරවැසියෙක්
වශයෙන් මගේ ඉල්ලීම එයයි.
සෞභාග්‍යයේ
දැක්මක් ඇති ඔබට ජය!
ක්‍රිස්තියානි මාක්ස්වාදී දෙමෙල්ලු පරදා (වික්ටර් අයිව්නගාව ඔය ගතිගුණ 3ම තියෙනවා :D)
ReplyDeleteසිංහලබෞද්ධයා ලද මේ ජය සාමකාමිව සමරමු,
අනිවාර්යයෙන් සාමකාමීව සමරන්න ඕන. ඒක තමයි ගොඩනැගෙන්න යන විනයවත් රටක මග සලකුණු.
DeleteYes, I agreed with you 100%.
ReplyDelete