පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, August 5, 2019

උසේ හැටියට බර පහසුවෙන්ම සොයා ගනිමු



නීරෝගී සිරුරක් පවත්වාගෙන යන්නට සෑමදෙනෙක් තුළම ඇත්තේ ඉමහත් කැමැත්තක්. නීරෝගී සිරුරක් පවත්වාගෙන යාම සඳහා බොහෝ දෙනෙක් විවිධ උපක්‍රම අනුගමනය කරනවා. නිතර ව්‍යයාම කිරීම, ව්‍යයාම සිදුකරන්නට පහසුකම් ඇති මධ්‍යස්ථානවලට සම්බන්ධ වී ඒවායේ සිටින විශේෂඥයින්ගේ උපදෙස් පැතීම, වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැනි විවිධ දෑ මේ අතරින් විශේෂයි. ව්‍යායාම කිරීම සැබැවින්ම යහපත් දෙයක්. ව්‍යායාම කළ ද නොකළ ද ඔබගේ සිරුර තරබාරු තත්වයට පත්වීමෙන් වළක්වා ගැනීම සඳහා සුදුසු පියවර අනුගමනය කිරීම නම් සෞඛ්‍යය පැත්තෙන් ගත් කල හිතකර තත්වයක්. මන්ද තරබාරු තත්වය සමඟ ලෙඩ රෝග ගණනාවක්ම අප කරා පැමිණෙන නිසයි. ඔබ තරබාරු ද නැති ද යන්න පහසුවෙන්ම සොයාගන්නට වෛද්‍යවරයෙකු හෝ ව්‍යායාම සම්බන්ධ උපදේශකවරයකු හෝ හමුවට යා යුතුම නැහැ. මේ සඳහා ඔබ දැනගත යුතු වන්නේ එක් සරල දෙයක් පමණයි. එය හඳුන්වන්නේ දේහ ස්කන්ධ පරිමාණය ( body mass index - BMI  )  නමින්. බොහෝ දෙනෙක් දැනටමත් මේ ගැන අසා ඇතිවාට සැකයක් නැහැ.

දේහ ස්කන්ධ පරිමාණය මඟින් සිදු කෙරෙන්නේ ඔබගේ උස සහ බර මත පදනම්ව සිරුරේ ඇති මේද ප්‍රමාණය ගණනය කිරීමයි. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වුවද අපට මෙහිදී පොදුවේ ලෝකයේ සැලකිල්ලට ලක් කෙරෙනා ප්‍රමාණයන් පිළිබඳව මෙහිදී සඳහන් කළ හැකියි. මේ පිළිබඳ යම් අවබෝධයක් ඇති කර ගැනීම මඟින් සිරුර තරබාරු නොවී පවත්වාගෙන යන්නට ඔබට අවස්ථාවක් සැලසෙනවා.
දේහ ස්කන්ධ පරිමාණයට අනුව සිරුරක තත්වය කොටස් කිහිපයකට වර්ග කරන්නට පුළුවන්. එනම්,

1. බරින් අඩු
2. සාමාන්‍ය
3. බරින් වැඩි
4. තරබාරු

දැන් ඔබ දැන ගත යුතු දෙය වන්නේ ඔබ පසුවන්නේ මේ අතරින් කුමන වර්ගයේ ද යන්නයි. මන්ද සිරුරේ මේද තත්වය වැඩිවත්ම එය බොහෝ සෞඛය ගැටලු ඇතිකරන්නට හේතුවන නිසයි. අන්තර්ජාලය සම්බන්ධ වී ගූග්ල්සෙවුම් යන්ත්‍රයෙන් BMI Calculator  යනුවෙන් යතුරු ලියනය කොට සෙව්වේ නම් දේහ ස්කන්ධ පරිමාණයක් ගණනය කිරීම සඳහා වූ වෙබ් පිටු දහස් ගණනක් පෙන්නුම් කරයි. සිරුරේ උසට හා බරට අනුව මෙසේ දේහ ස්කන්ධ පරිමාණය ගණන කිරීම ගණිතමය වශයෙන් නිවැරදි වුවත් එමඟින් සර්ව සම්පූර්ණ නිවැරදි තත්වයක් පෙන්නුම් නොකරනා බව ද සිහියේ තබාගත යුතුයි. නමුත් මෙයින් පෙන්වන ප්‍රතිඵලය මඟින් ඔබගේ සිරුර වඩාත් සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යාම සඳහා ලැබෙන්නේ මහඟු උපකාරයක් බව නම් කිව යුතුයි.

අන්තර්ජාලය ඔස්සේ දේහ ස්කන්ධ පරිමාණය ගණනය කරගත හැකිවුවද එය ඔබටම කරගන්නට ද පුළුවන්.  සඳහා මෙහි සඳහන් කොට ඇති ක්‍රමය අනුගමනය කළ හැකියි. මෙය ක්‍රම දෙකක් ඔස්සේ සිදු කළ හැකියි.

1. ඔබ සිරුරේ බර මැන ගත්තේ රාත්තල්වලින් නම් උස මැන බැලිය යුත්තේ අඟල්වලිනි. මෙසේ මැන ගත් බර ඔබේ උසෙහි වර්ගයෙන් බෙදා 703න් ගුණ කිරීමෙන්  දේහ ස්කන්ධ පරිමාණය ලබාගන්නට පුළුවන්.

උදා. බර රාත්තල් 176 නම් හා උස අඩි 5 අඟල් 8 නම් මුලින්ම උස අඟල්වලට හරවන්න. එවිට 68 වේ. එහි වර්ගය 4624ක් වෙනවා. එවිට
(176/4624) x 703. පිළිතුර 26.7 යි.

2. ඔබ සිරුරේ බර මැන ගත්තේ කිලෝග්‍රෑම්වලින් නම් උස මැන බැලිය යුත්තේ මීටර්වලිනි. මෙසේ මැනගත් බර ඔබේ උස ප්‍රමාණයෙහි වර්ගයෙන් බෙදීමෙන් දේහ ස්කන්ධ පරිමාණය ලබාගන්නට පුළුවන්. 


උදා. බර කිලෝග්‍රෑම් 80 නම් හා උස මීටර් 1.72 යැයි සිතන්න. මුලින්ම උසෙහි වර්ගය සොයා ගන්න. එය 2.95 වෙනවා. එවිට (80/2.95). 

පිළිතුර 27.1

ඔන්න මම ඔබේ පහසුව පිණිස දේහ ස්කන්ධය ගණනය කිරීම සඳහා calculator එකකුත් දැම්මා.

රාත්තල් සහ අඟල්වලට කැමති අයට

Calculate your BMI (body mass index) by using the form below. Enter your weight and height and click the Calculate button to display your BMI result.

Height and Weight

BMI

කිලෝග්‍රෑම් සහ සෙන්ටිමීටර්වලට කැමති අයට


Body Mass Index (BMI) Calculator
Measuring System
Height (Cms)
Weight (Kgs)
Body Mass Index (BMI)
Normal BMI range

The calculations are based on WHO recommendations.
දේහ ස්කන්ධ පරිමාණය ගණනය කිරීම සඳහා පහත සඳහන් කරුණු සාමාන්‍යයෙන් සැලකිල්ලට ගැනෙනවා.

1. පුද්ගලයකුගේ ස්ත්‍රී පුරුෂ භාවය
2. පුද්ගලයකුගේ වයස
3. පුද්ගලයකුගේ උස අඩි හා අඟල්වලින් හෝ මීටර්වලින්
4. පුද්ගලයකුගේ බර රාත්තල් හෝ කිලෝග්‍රෑම්වලින්

දේහ ස්කන්ධ පරිමාණය ගණනය කිරීමේදී මෙම කරුණු සියල්ල සැළකිල්ලට ගැනෙනවා. ඒ අනුව ලැබෙන ප්‍රතිඵලයට අනුව ඔබගේ සිරුර පවතින්නේ කුමන තත්වයක ද යන්න පිළිබඳ අවබෝධයක් ලබාගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් වයසත් සමඟ දේහ ස්කන්ධ පරිමාණයේ සාමාන්‍ය තත්වය පහත පරිදි වෙනවා.

වයස  දේහ ස්කන්ධ පරිමාණය
1. අවුරුදු 15 16 - 17
2. අවුරුදු 20 24 - 26
2. අවුරුදු 30 26 - 27
3. අවුරුදු 40 27 - 28
4. අවුරුදු 50  28 - 29
5. අවුරුදු 60 27 - 28

මෙම කරුණුවලින් පෙනෙන දෙයක් වන්නේ දේහ ස්කන්ධ පරිමාණය වයසත් සමඟ කෙමෙන් වර්ධනය වී යළිත් කෙමෙන් අඩුවන්නට පටන් ගැනෙනා බවයි. සාමාන්‍ය මෙය අඩුවන්නට පටන් ගැනෙන්නේ අවුරුදු 57 දී පමණ බව සොයාගෙන තිබෙනවා.

ඔබගේ සිරුරේ දේහ ස්කන්ධ පරිමාණය ගණනය කිරීමෙන් ලැබෙනා ප්‍රතිඵලයට අනුව සිරුර පවතින්නේ කුමන තත්වයකද යන්න සොයාගත හැකි බැව් මෙහි සඳහන් කළා. ඒ අනුව පහත වර්ග කොට ඇති ආකාරය පිළිබඳ සැලකිලිමත්වීමේදී ඔබගේ සිරුර පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

1. දේහ ස්කන්ධ පරිමාණය 18.5ට අඩු නම්  බරින් අඩු
2. දේහ ස්කන්ධ පරිමාණය 18.5 - 24.9 නම් සාමාන්‍ය
3. දේහ ස්කන්ධ පරිමාණය 25 - 29.9 නම් බරින් වැඩි
4. දේහ ස්කන්ධ පරිමාණය 30ට වැඩි නම් තරබාරු

මෙම වර්ගීකරණය අනුව ඇතැම් විට ඔබ දැන් සිටින්නේ බරින් වැඩි හෝ තරබාරු තත්වයේ වන්නට පුළුවන්. එය එක් අතකින් වහා කලබල විය යුතු තත්වයක් ද නොවේ. නමුත් නොසලකා හැරිය හැකි තත්වයක් ද නොවේ. ඔබගේ සිරුර තරබාරු තත්වයට පත්වීමත් සමඟ හෘද රෝග, රුධිර නාලවල රුධිර කැටි සිරවීම හෝ දියවැඩියාව වැනි ලෙඩ රෝග ගණනාවක් ද ඔබ කරා පැමිණෙන බවත් මතකයේ තබා ගත යුතුයි. ඔබගේ දේහ ස්කන්ධ පරිමාණය අවදානම් තත්වයේ පවතී නම් පහත කරුණු පිළිබඳව ද සැලකිල්ලක් දැක්වීම යහපත්.

1. ඉණෙහි වටප්‍රමාණය අඟල් 35 ට වැඩි
2. අධික රුධිර පීඩනය
3. කොලෙස්ටරෝල් මට්ටම
4. රුධිරයේ සීනි මට්ටම
5. පවුලේ හෘදයාබාධ ඇතිවීම පිළිබඳ ඉතිහාසය
6. ව්‍යායාම සිදුකෙරෙනා ආකාරය
7. දුම්බීම

මේවා පිළිබඳ සැලකිල්ලක් දැක්වීමෙන් දේහ ස්කන්ධ පරිමාව මගින් පෙන්වන්නාවූ සැබෑ අවදානම පිළිබඳ අවබෝධයක් ලබාගන්නට පුළුවන්. මෙහදී ඔබ මතක තබා ගත යුතු එක වැදගත් දෙයක් තිබෙනවා. එනම්, ඔබගේ බරින් 5% - 15% ක් අතර ප්‍රමාණයක් අඩු කරගන්නට හැකියාවක් ඇත්නම් ඔබට මෙහි සඳහන් කළ තත්වයන් වලක්වාගැනීම සඳහා ඇති හැකියාව ද ඉතා ඉහළ බවයි.


4 comments:

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න