පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, November 19, 2019

අවසානයේ සිංහලයා ජයග්‍රහණය කළේය - At last, Sinhalese Won



2015 ඊනියා යහපාලන පාලන තන්ත්‍රයක් බිහි වීමෙන් පසු ‘සිංහල‘ යන වචනය පවා පැවසීම සංහිඳියාවට තර්ජනයක් යැයි මතයක් පැතිරී ගියේය. සිංහලයා නපුංශක ජාතියක් කිරීමට එකී පාලකයන් ගත් ප්‍රයත්නයන් දරා සිටින්නට නොහැකි තැන මම 2015 ජූනි මාසයේ බ්ලොග් සටහනක් තැබුවෙමි. (කැමති නම් එය මෙතැනින් කියවන්න) ඉන් වසර 4 කට පසුව නව ජනපතිවරයෙක් පත්ව සිටී. ඔහු ගෝටාභය රාජපක්ෂයි. පවුල් පාලනයක් හෝ වෙන මලඉලව්වක් ද කියා මට පලක් නැත. සිංහල යැයි නිර්භයව පවසන නායකයෙක් පත්ව තිබේ. ඔහු රුවන්වැලිසෑය අසල සිට කළ කතාවෙන් ඇඟ හිරි වැටී ගියේය. ඔහු රට හදාවී යැයි මට සිතේ.

නව ජනපතිතුමනි, රැකියාවක් කොට මුදල් උපයා ජීවත්වන්නට අපට හැකිය.
නොමිලේ කිසිවක් අවැසි නැත.
මේ රට හදා දෙන්න
පුරවැසියෙක් වශයෙන් මගේ ඉල්ලීම එයයි.
සෞභාග්‍යයේ දැක්මක් ඇති ඔබට ජය!

3 comments:

  1. ක්‍රිස්තියානි මාක්ස්වාදී දෙමෙල්ලු පරදා (වික්ටර් අයිව්නගාව ඔය ගතිගුණ 3ම තියෙනවා :D)
    සිංහලබෞද්ධයා ලද මේ ජය සාමකාමිව සමරමු,

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් සාමකාමීව සමරන්න ඕන. ඒක තමයි ගොඩනැගෙන්න යන විනයවත් රටක මග සලකුණු.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න