පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, January 10, 2021

එකපාරටම ටච් ස්ක්‍රීන් එක වැඩ කරන්නේ නැතිව ගියොත් මොකද කරන්නෙ?

 


ස්මාර්ට් දුරකතනයක් පාවිච්චි කරන ඕනෑම කෙනෙකුට මුහුණ දෙන්න වෙන භයානකම අත්දැකීමක් තමයි touch screen එක අක්‍රියාකාරී වීම. විවිධ හේතු නිසා මෙය සිදුවිය හැකියි. මෙහෙම දෙයක්  වුණු ගමන් අපි දුරකතන අලුත්වැඩියා කරන තැනකට ගිහින් අලුත් touch screen එකක් දාගන්නවා. දුරකතන මාදිලියේ හැටියට මේ සඳහා වැය කළ යුතු මුදල ද වෙනස් වෙනවා. කුමන හෝ හේතුවකට අපට අලුත් touch screen එකක් ඉක්මනින් දමාගන්න නොහැකි වුනොත් මේ දුරකතනය පාවිච්චි කරන්න නොහැකි වෙනවා. එවැනි අවස්ථාවක දි දුරකතනයෙන් යම් කිසි කාර්යයක් කරගැනීමට අවශ්‍ය වුවහොත් ලොකු ගැටලුවකට මුහුණ දෙන්න සිදු වෙනවා. එවැනි අවස්ථාවක දි දුරකතනයෙන් ප්‍රයෝජනය ගන්න ක්‍රමයක් ගැනයි මේ කියන්න යන්නේ. 

ඒ තමයි දුරකතනයට මවුස් එකක් සම්බන්ධ කරගැනීම. 

නමුත් මවුස් එක කෙලින්ම දුරකතනය හා සම්බන්ධ කළ නොහැකියි. මේ සඳහා අපට OTG එකක් අවශ්‍ය වෙනවා. පිටකොටුවෙන් නම්  OTG එකක් රුපියල් 100 කට විතර ගන්න පුළුවන්. ජංගම දුරකතන උපාංග තියෙන වෙළෙඳසල්වලිනුත් ගන්න පුළුවන්. Micro USB Port සමග සම්බන්ධ කළ හැකි ඒවා වගේම USB Type C port සමග සම්බන්ධ කළ හැකි ඒවා ද මිලට ගන්නට පුළුවන්. 


micro usb OTG





USB Type C OTG




මෙහිදී ඔබ කළ යුත්තේ ඉතාමත් කරල දෙයක්. මවුස් එක මේ වීඩියෝ එකේ පෙන්වන ආකාරයට OTG එකට සම්බන්ධ කොට, ඉන් පසුව OTG එක දුරකතනයට සම්බන්ධ කළ යුතු වෙනවා. 




එහිදී mouse connected යනුවෙන් දිස්වන අතර දුරකතන තිරයේ mouse pointer එක පෙන්නුම් කරනවා. අපට මේ ආකාරයට මවුස් එක උපයෝගී කොට ගෙන දුරකතනයෙන් වැඩකටයුතු කරගන්නට පුළුවන්. අලුත් touch screen එකක් දමා ගන්නා තුරු ඔබට මේ ආකාරයට දුරකතනය පාවිච්චි කරන්නට පුළුවන්.

මේ ගැන සම්පූර්ණ විස්තරයක් පහළ ඇති වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්



8 comments:

  1. I was not awareof it everbefore this.Good,appreciate your social mission in the digital innovative world.

    ReplyDelete
    Replies
    1. I am glad you found this useful and thank you for your comment.

      Delete
  2. thank you very much

    ReplyDelete
  3. මම ළඟ OTG එකක් තියනවා. ඔය වැඩේ කරන්න පුළුවන් කියල දැනගෙන හිටියේ නැහැ. ගත්තේ එකෙන් ෆොටෝස් මාරු කරන්න පුලවන් කියාලා ලැප්ටොප් එකට

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. OTG එකෙන් මෙහෙම වැඩක් කරගන්න පුළුවන් කියලා හුඟ දෙනෙක් හිතන්නේ නැහැ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න