පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, January 28, 2021

වීඩියෝ එක ගැස්සෙනවා නම් හෙළවෙනවා නම් මෙන්න විසඳුම - A Solution for Shaky Video with Wondershare Filmora

 මේ වීඩියෝ එක බලන්න. 



බැලූ බැල්මටම මෙහි ඇති ගැටලුව තමයි එහි යම්කිසි ගැස්සීමක් තිබීම. ජංගම දුරකතන කැමරාවෙන් වීඩියෝ පටිගත කරන බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි ඒ වීඩියෝ ගැස්සෙන ආකාරයකින්, එසේත් නැත්නම් කම්පන තත්වයකින් පැවතීම. Shaky Video කියලා මේ තත්වය හඳුන්වනවා. නමුත් වෘත්තීය මට්ටමේ වීඩියෝ පටිගත කිරීම්වල මෙය දක්නට ලැබෙන්නේ නැහැ. ඒවා වීඩියෝ ගත කිරීම සඳහා ඇති උසස් තත්වයේ කැමරා, මෙම කම්පනය ස්වභාවය ඇති නොවන සේ පටිගත කරන්නට අවශ්‍ය තාක්ෂණයෙන් සමන්විත වෙනවා. කොහොම වුනත් ජංගම දුරකතනයකින් වීඩියෝ ගත කිරීමකින් පසුව විවිධ මෘදුකාංග භාවිත කරලා මේ කම්පන ස්වභාවය අවම කර ගන්නට පුළුවන්. එවැනි මෘදුකාංගයක් ගැනයි මේ කියන්න යන්නේ. ඒ තමයි Wondershare Filmora කියා කියන්නේ. 



මෙයින් අපට පුළුවන් ජංගම දුරකතනයකින් පටිගත කරන ලද කම්පන ස්වභාවයකින් යුක්ත වීඩියෝ එකක් සෑහෙන උසස් මට්ටමක් දක්වා පරිවර්තනය කර ගන්න. 

පහළින් තියෙන වීඩියෝ එක බැලුවොත් ඔබට පුළුවන් මේක කරන්නේ කොහොමද කියන එක දැනගන්න.



4 comments:

  1. බොහොම හොඳ පාඩමක්. තාක්ෂණික ගැටලු වලට විසඳුම් දන්න අය ඉන්නේ බොහොම අතලොස්සයි.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. බොහෝ ස්තුතියි අදහස් දැක්වීම ගැන.

      Delete
  2. මාකස් අයියා
    බෝන් අගේන් කල්ලියටද?
    පතෝලික කල්ලියද සපෝට් කරන්නේ?

    ReplyDelete
    Replies
    1. වීඩියෝ එක ගැස්සීම සම්බන්ධව මේ අහලා තියෙන ප්‍රශ්නය අදාළ කර ගත්තොත් නම් කියන්න තියෙන්නේ ලෝකයේ ඉන්ධන අවසන් වූ දිනයක භාවිතයට ගන්න තවත් විකල්ප බලශක්තීන් මේ වන විටත් සොයාගැනීම අවසන් කොට තිබිය යුතු බවයි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න