පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, December 19, 2017

කුරුමිණි මළකුණු සමග තේ බොන පුටින්


ලෝකයේ හොඳම තේ අපේය. අපේ රටේ ප්‍රධාන අපනයන භෝගවලින් එකක් වන්නේ තේ ය. මේ අපි පොඩි කාලේ උගත් දේවල් ය. නමුත් ටික ටික අපනයන භෝගවල තැන නැති වුණේය. ඒ තැනට ගාර්මන්ට්වල හදන ඇඳුම් ආවේ ය. තැන නැති වුනත් අපනයන භෝග නැති වුණේ නැති ය. අඩුම ගානේ හොඳම අපනයන භෝග පිටරට යවා අපට රොඩ්ඩ හෝ තියා ගත්තේ ය. මේ නිසා අපනයන භෝගවලින් එකක් වන තේවල රොඩ්ඩ අපි පානය කළ අතර හොඳම තේ පානය කළේය පිටරටවුන්ය. ඒත් කමත් නැත, අපේ රටට ආදායමක්වත් එනවා යැයි කියා අපි හිත හදාගෙන රොඩුම බීවෙමුය. රටේ නැති නම් කියමින්, දිලිසෙන පැකට්වල අසුරමින්, කෝටි ගණන් වියදම් කරමින් ඇඩ් දමා අපට මහා කොම්පැනි පොවන්නේ රොඩු බව දැන දැනම සද්ද නැතිව රොඩුම බීවෙමුය. 



මෙසේ සිටින අතරේ හිටි ගමන් රුසියාව අපේ රටෙන් එන තේ බොන්නට බෑ කීවේය. බෑ ම කීවේ ය. යකෝ හොඳම තේ දීලත් මුන්ට මදි වෙලානේ යැයි කියා සිතමින් නිවුස් බැලුවිට තරු විසි වුණේය. ව්ලැදිමීර් පුටින්ගේ තේ කෝප්පයෙන් Khapra beetle කියා කුරුමිණියෙක් මතුවෙලා යැයි නිව්ස්වල තිබුණේය. 



අනේ අනිච්චං කියා කියැවෙන්නේ දැන් ය. යකෝ පිටරට එවුන්ට හොඳම තේ කියා කුරුමිණි මළකුණු සමග තේ දෙනවා නම් අපි බොන රොඩ්ඩේ මොන මළ ජරාවක් ඇතිද කියා සිතමින් තවත් තේ උගුරක් බොන්නට හිත හදා ගත්තේමි ය.

9 comments:

  1. පෙරලා කහට බොන නිසා මොකා හිටියත් අපි දන්නේ නෑ හැබැයි.. :)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. හොඳ තේ එකක් බිව්වොත් තමයි වෙනස බලන්න පුළුවන් වෙන්නේ. ඒක ඉතිං කවදාවත් වෙන එකක් නෙවෙයි නේ.

      Delete
    2. රුපියල් 140ක් දී ගෙදර ගේන
      තේ 100න් 200ක් තේ බොන්න ට්‍රයි කරන මට පුටිං එක්ක තියෙන්නේ මාර කේන්තියකි. නමින් රුසියා වුනාට ඉරිසියාව නිසා ගත් පියවරක් බව පෙනේ.
      ඔබ මෙතරම් දගලන්නේ මට කියා සම් බාදක පනවා ගැනීමටද?

      Delete
  2. https://membracid.wordpress.com/2013/02/24/insect-poop-tea/

    ReplyDelete
    Replies
    1. එහෙනම් එහෙම තේ ජාති තියෙනවා නේද? අපේ කට්ටිය එක්ස්පෙරිමින්ට් එකකට කියලා යැව්වද දන්නේ නෑ මේ තේ සාම්පලේ.

      Delete
  3. හොඳම තේ පිට රට යවල අපිට ලැබෙනව ඇත්තෙ කසල තේ යයි සිතා සිටියෙමි. ඒ නිසා කඩෙන් නොගෙන ෆැක්ටරියක යාළුවකුගෙන් ලැබෙන තේ පානය පුරුද්දක්ව තිබිණි. පිට රට ඇවිත් ලංකා තේ බිව්වට පස්සෙයි මං මුලාවී හිටිය බව තේරුනේ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අපේ රටෙත් හොඳම තේ බොන්න පුළුවන් කියන එකද?

      Delete
  4. මේ කුරුමිණි වර්ගය අපෙ රටේ ⁣ඉන්නවද මංදා..දේශීය තේ අපනයනය අඩාල කරන්න අටවපු උගුලක් වෙන්න බැරිද...?

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර විට අපේ රටේ තේ කර්මාන්තය කඩා වට්ටවන්න කරපු දෙයක් වෙන්නත් පුළුවන්.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න