පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, April 17, 2019

සිටුවර මොන්ටි ක්‍රිස්ටෝ (1975) සිංහල උපසිරැසි - Sinhala Subtitles for The Count of Monte Cristo (1975)



විශ්ව සාහිත්‍යයේ ඉතා රමණීය නිර්මාණයක් විදියට ඇලෙක්සැන්ඩර් ඩූමාගේ The Count of Monte Cristo සඳහන් කරන්නට පුළුවන්. මේ කතාව මා මුලින්ම දැන ගත්තේ අප පාසල යන කාලයේ ටයිටස් තොටවත්තයන් විසින් මෙය සිංහලෙන් හඩ කවා රූපවාහිනියේ විකාශනය කිරීමත් සමගින්. ඉන් පසු මේ නවකතාව සොයා කියවන්නට දැඩි කැමැත්තක් ඇතිවුනත් එයට අවස්ථාවක් ලැබුණේ නැහැ.

මේ කතා පුවතෙන් 2002 වසරේ දී නිර්මාණය කරන ලද චිත්‍රපටයක් අන්තර්ජාලයෙන් සිංහල උපසිරැසි සහිතව ලබාගෙන අපේ පවුලේ සාමාජිකයන් සමග නැරඹුවා. නමුත් රූපවාහිනියෙන් විකාශනය කරන ලද චිත්‍රපටයෙන් ලද තරම් වින්දනයක් මට එයින් ලැබුණේ නැහැ. රූපවාහිනියේ විකාශනය කරන ලද චිත්‍රපටයේ එඩ්මන්ඩ් දාන්තේස් සියුම් බුද්ධිමය උපක්‍රම මෙහෙයවා සිය සතුරන්ගෙන් පළිගන්නා ආකාරය පැහැදිලිව පෙන්වුවත්, 2002 වසරේ නිර්මාණය කරන ලද චිත්‍රපටයේ ඒවා පැහැදිලිව නිරූපණය වූයේ නැහැ.



රූපවාහිනියේ සිංහලෙන් හඬ කවා විකාශනය වූයේ 1975 වසරේ නිර්මාණය කරන ලද චිත්‍රපටයක්. මේ නිසා මා කළේ එය YouTube අඩවියෙන් ලබාගෙන එයට සිංහල උප සිරැසි දමන්නට පටන් ගැනීමයි. සිංහල උප සිරැසි දැමුවේ අප නිවසේ සියලු දෙනාටම එක සේ රස විඳින්නට එයින් අවස්ථාවක් සැලසෙන නිසයි. කෙසේ නමුත් අන්තර්ජාලයේ සිංහල උප සිරැසි සපයන්නන් තරම් ඉක්මනින් මට මෙය නිම කරන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ.  කෙසේ නමුත් මෑතකදී මම එයට සිංහල උප සිරැසි දමා අවසන් කළා.



මෙය අප පවුලේ සාමාජිකයන් සමග නරඹන්නට සාදන ලද උප සිරැසියක් නිසා මම සම්පූර්ණ පරිවර්තනයක් කරන්නට උත්සුක වුණේ නැහැ. ඇතැම් තැන් මග හැරියා. ඇතැම් දීර්ඝ දෙබස් කෙටි කොට අදහස පමණක් අරගත්තා. කෙසේ නමුත් මට සිතෙන්නේ එයින් රස වින්දනයට බාධාවක් සිදුනොවනු ඇති බවයි.

මේ නිසා මා සිතුවා පැරණි චිත්‍රපටය රස විඳින්නට කැමැති අය සිටිනවා නම් ඒ අයට මේ සිංහල උප සිරැසි රැගෙන එය රස විඳින්නට මෙයින් යම් උදව්වක් සැලසේය කියා.

පහත ලින්ක් එකෙන් උපසිරැසි ලබා ගන්නට පුළුවන්.



The Count of Monte Cristo කියා YouTube හි සෙවීමක් කිරීමෙන් 1975 චිත්‍රපටය ලබා ගන්න පුළුවන්.

එය අපහසු නම් මෙතැනින් එතැනට යන්නත් පුළුවන්.



16 comments:

  1. වැඩේ නම් නියමයි

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම ගැන ස්තූතියි.

      Delete
    2. ටොරන්ට් වලින් බාගත කරපු rip එකකට මෙම උපසිරැසිය ගැලපෙනවාද

      Delete
    3. ඒක නම් මම හරියටම දන්නේ නෑ. මම මේක හැදුවේ යූටියුබ් එකේ චිත්‍රපටයටයි.

      Delete
    4. Rupavahiniye giya sinhala dubbed eka nedda

      Delete
    5. Rupavahiniye giya sinhala dubbed eka nedda

      Delete
    6. මම ඒක හොයා ගන්න බැලුවා. හරි ගියේ නැහැ. ඒකයි මේකට සබ් එකක් හැදුවේ.

      Delete
  2. මම කැමති පොතක්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක ආසා හිතෙන පොතක්

      Delete
  3. නියමයි. මටත් මතක තියෙන්නෙම රුපවාහිනියේ ගිය ඒ වර්ෂන් එක. උපසිරසි ඩවුන් ලෝඩ් කරන්න ගියාට හරිගියේ නෑ මොකක් හරි අවුලක් උනා. ආයෙම ට්‍රයි කරන්න ඕනි ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. ඩවුන්ලෝඩ් කරන එක නම් අවුලක් වෙන්න බෑ. මේ කතාව තමයි මම බලපු හොඳම මොන්ටි ක්‍රිස්ටො කතාව

      Delete
  4. මම ගූගල් බාශා පරිවර්තන සේවාව යොදිාගන උපසිරැසි පරිවර්තනය කරන මෘදුකාංගයක් හැදුවා.
    https://anthoniyo-bahijata.blogspot.com/2018/05/subtitletranslator.html

    ඒකෙන් අපි පුංචිකාලේ බලපු Space1999 ටෙලි නාට්‍යයට සිංහල උපසිරැසි හැදුවා.
    Space1999 ට පස්සේ ඒ නව නිළියෝම දාලා හදපු තව විද්‍යා ප්‍රබන්ධයක් පෙන්නුවා පුළුවන්නම් ඒක මොකක්ද කියන්න.

    ඇයි මොන්ත ක්‍රිස්තොගේ කොන්ඩේ විතරක් පැහුනේ?

    ReplyDelete
    Replies
    1. ඒක නම් නියම වැඩක්. මමත් අරන් බලන්නම්. Subtitle Editor කියලා software එකක් තියෙනවා. ඒකෙනුත් පුළුවන් English sub එකක් සිංහලට හරවන්න. හැබැයි ඒක වෙන්කේ google translator එක හරහා. ඒ කිසා එ්ක ඒ තරම් සාර්ථක කැහැ. වාක්‍ය ගැලපීම් නම් අක්තිමයි.

      Delete
    2. සමහර වෙලාවට රැවුල සුදු වෙන්නේ පරක්කු වෙලා. ඒ නිසා වෙන්න ඇති.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න