පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, May 18, 2023

පනාවේ කතාව - Story of the Comb

ශ්‍රී ලංකාවෙන් හමු වූ 18 වැනි සියවසට අයත් පනාවක්



හිස කෙස් ක්‍රමවත් ව සකස් කිරීමෙන් තමන් වඩාත් පියකරු වන බව ගැහැනිය අවබෝධ කර ගත්තේ කවදාද, එදින පනාව ද උපත ලබන්නට ඇතැයි මතයකි. හිස කෙස් තුළින් ඇදෙමින් එම හිස කෙස සකස් කරන 'දත්' සහිත උපකරණයක් ලෙස පනාව දැක්විය හැකිය.

නිව්ගිනියාවේ වෙසෙන පැපුවන් වරුන්ගේ හිස කෙස් කැරලි ගැසී වැටෙන, තරමක් ගොරෝසු හිසකෙස් වූ බවත් මේ හිසකෙස් හිස මැදට පීරා හිස මැද බඳින්නට පනාව උපකාරී වූ බවත් මේ නිසා පනාවට උපත දෙන්නට ඇත්තේ මේ පැපුවන් වරුන් බවට ද මතයකි.

වයිකින් වරුන්ගේ යුගයට අයත් යැයි සැලකෙන මේ පනාව ඩෙන්මාර්කයෙන් සොයා ගන්නා ලද්දකි.


කෙසේ වෙතත් පනාව මිනිසා ඉතා නොදියුණු යුගයේ දී පවා මිනිසා සතු වූ උපකරණයක් බව පිළිගත හැකි සාක්ෂි ද ඇත. සතුන්ගේ ඇට, ලී සහ අං වලින් නිපදවූ පනා ආදි මිනිසුන් ස්විට්සර්ලන්න්තයේ විල් විසු අසබඩ කළ කැණීම්වලදී හමුවීම මෙයට හොඳ උදාහරණයකි. පුරාණ මිසර ජාතිකයන් ඇත් දත් සහ කළුවර ලීවලින් තැනූ පනා වසර දහස් ගණනකට පෙර භාවිතා කර ඇති පෙර පෙනෙන්නට තිබේ. මෙහි ඇති පුදුමය නම් මේ පනා අද භාවිතා කරන පනාවලට බෙහෙවින් සමාන වීමය.


ශ්‍රී ලංකාවෙන් හමු වූ 17 - 18 වැනි සියවසට අයත් ඇත් දළ පනාවක්



ආසියාවේ සමහර ප්‍රදේශවල විසූ ආදිමයන් උණ ලීයෙන් පනා තනද්දී නවගිනියාවේ මී හරක් අංවලින් පනා තැනීමට එහි ආදිතමයෝ සමත් වූහ.

අද අප සාක්කුවේ. බහා ගෙන යන පනාව ද අළුත් නිෂ්පාදනයක් නොවේ. පුරාණ රෝම කෞතුක වස්තු අතර සාක්තු පනා ද වේ. ඒවා සමහරක් දළවලින් තැනු ඒවා වේ. වර්ණ වීදුරු, රත්තරන්, ආදියෙන් යෙදු කැටයම් මෙන්ම අකුරු කෙටු පනා ද ආදි යුගයේ පනා අතර තිබී ඇත.

4 comments:

  1. හිනාවෙනවට පනාව දානවා කියන්න ගත්තේ කොයි කාලෙද දන්නේ නෑ 😁😬

    ReplyDelete
    Replies
    1. ඒක නම් කොයි කාලේ ආපු එකක්ද දන්නේ නෑ හැබැයි. පනාවේ වගේ දත් පෙන්න හිනාවෙන නිසා වෙන්න ඇති හිිනාවට පනාව කියලා කියන්නේ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න