විශ්වයෙහි
සියලූ ද්‍රව්‍ය හා ශක්තිය අඩංගු වී ඇත. පෘථිවිය සහ අනෙකුත් ග‍්‍රහවස්තූන් ද,
තාරකා, මන්දාකිණි සහ ඒවායේ අඩංගු සියලූ දෙයම විශ්වයට ඇතුළත්ය.
පෘථිවියේ ඇති කුඩාව අංශුවේ සිට අවකාශයේ ඇති විශාලතම මන්දාකිණිය දක්වා සියල්ලම යනු
විශ්වයයි.විද්‍යාඥයන් විශ්වාස කරන්නේ, අප සිටිනා විශ්වය යනු තවත් බොහෝ විශ්වයන් අතුරින් එකක් පමණක් වන බවය. මෙහි
ප‍්‍රමාණය ගැන එතරම් තොරතුරක් නොදනිතත්, එය ආලෝක වර්ෂ ටි‍්‍රලියන ගණනක් පළලින් යුක්ත බව ඔවුහු
විශ්වාස කරති.වර්ණයඑක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් සරසවියේ තාරකා විද්‍යාඥයන්
විසින් විශ්වයේ වර්ණය හඳුනාගෙන ඇත. මුළින්ම සිතුවේ එය කොළට හුරු සුදු වර්ණයක් ලෙස
වුවද, එය ඇත් දළ පැහැයෙන්
යුක්ත වන බව තහවරු කොට තිබේ.සංයුතියවිශ්වය තැනී ඇත්තේ අඳුරු ශක්තීන්ගෙන් හා අඳුරු
ද්‍රව්‍යයන් ගෙනි. එහි අඳුරු ශක්තීන් 73% ක් පවතින අතර අඳුරු ද්‍රව්‍යයන් 23%ක් පවතී. ඉතිරි 4% සමන්විත වන්නේ පරමාණුවලිනි. විශ්වය සමන්විතවී ඇති මූලද්‍රව්‍ය
පිළිබඳ සළකා බැලූවහොත්, 78%ක් හයිඩ‍්‍රජන්
වන අතර, 20%ක් හීලියම්ය.
ඉතිරි 1%ක සමන්විත වන්නේ
අනෙකුත් රසායන මූලද්‍රව්‍ය වලිනි.
අජටාකාශ විද්‍යාව
විශ්වවිද්‍යාව
ලෙසින් ද හැඳින්වෙන මෙයින් කෙරෙන්නේ, විශ්වයේ සම්භවය, වර්ධනය හා
අනාගතය පිළිබඳ විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමය. එමෙන්ම විශ්වයේ පෝෂණය හෙවත් පැවැත්ම
පිළිබඳ භෞතික හා පාරභෞතික මාර්ගයන් පිළිබඳව ද අධ්‍යයනය කෙරේ.
බහුවිශ්වය
විශ්වයන් බොහෝ
ගණණක් පැවැතිය හැකි යැයි ඉදිරිපත් වී ඇති කල්පිතය පිළිිබඳව මෙයින් කියැවේ. අපගේ
විශ්වය ද ඇතුළුව පැවැතිය හැකි සියලූම විශ්වයන් මීට අඩංගුය. බහුවිශ්වය තුළ පවතින
අසමාන ඒවා හැඳින්වෙන්නේ සමාන්තර විශ්ව නමිනි. බහුවිශ්වය යනු විශ්වයේ ඇතුවීම
පිළිබඳව මෑතකදී පිලිගනු ලැබූ න්‍යයකි. මෙයින් කියැවෙන්නේ යෝධ තාරකාවන්ගේ
බිඳවැටීමෙන් හා කලූකුහර නිර්මාණය වීමෙන් අඛණ්ඩව විශ්වය ඇතිවන බවය.
අන්තරීක්ෂ
ක්ෂුද්‍රතරංගවල විකිරණයවිශ්වය තුළ විවිධාකාරයේ විකිරණයක් පවතින බව තාරකා විද්‍යාඥයන්
විසින් සොයාගෙන ඇත. අවකාශයේ ඇති වස්තූන්ගෙන් එක්ස්කිරණ, ගූමා කිරණ, අධෝරක්ත කිරණ හා විද්‍යුත් චුම්බක විකිරණයන් මුදාහැරේ. ‘අන්තරීක්ෂ ක්ෂුද්‍රතරංගවල පසුබිම් විකිරණය’
ද, විශ්වයේ පවතින විද්‍යුත් දුම්බක විකරණ ස්වභාවයකි. සෙව
සොයා ගනු ලැබූයේ වර්ෂ 1965 දී ආර්නෝ
පෙන්සියස් සහ රොබට් විල්සන් විසිනි. මෙවැන්නක් පවතින බවට මුළින්ම අනාවැකියක් පලකළේ
1950 දී රැුල්ෆ් ඇල්ෆර් සහ
රොබට් හර්මාන් විසිනි. විශ්වයේ මහා පිපිරුම් ආදර්ශය සඳහා ඇති හොඳම සාධකය අන්තරීක්‍ෂ
ක්ෂුද්‍රතරංගවල පසුබිම් විකිරණය බව විශ්වාස කෙරේ.නිරීක්‍ෂණය කළ හැකි
විශ්වයනිරීක්ෂණය කළ හැකි විශ්වය යනු විශාල දුරේක්ෂවලින් දැකිය හැකි විශ්වයේ කොටසය.
මෙම කොටසෙහි තාරකා බිලියන ගණනකින් සමන්විත මන්දාකිණි බිලියන 140ක් පමණ පවතී. ‘ප‍්‍රසාරණීය අජටාකාශ විද්‍යාවට’ අනුව නිරීක්ෂණය කළ හැකි විශ්වය සැබෑ
විශ්වයම වඩා බොහෝ සෙයින් කුඩාය.අඳුරු ශක්තිය හා අඳුරු ද්‍රව්‍යඅඳුරු ශක්තිය යනු
විශ්වය පුරා විසිරී පවතින, ගුරුත්වබලයට
එරෙහිව කි‍්‍රයාත්මක වන ගුරුත්ව විකර්ෂණය ද්‍රව්‍යයකි. මන්දාකිණි එකිනෙකාගෙන් ඈත්
කරමින් මෙම අඳුරු ශක්තිය මඟින් විශ්වයේ පැතිරීම වැඩිකරයි. තාරකා විද්‍යාඥයන්
විශ්වාස කරන්නේ විශ්වයෙන් 95%ක්ම ඇත්තේ
අඳුරු ද්‍රව්‍ය වලිනි. අඳුරු ද්‍රව්‍ය අපට නොපෙනෙන අතර ඊට හේතුව, එයින් විකිරණයක් නිකුත් නොවිම නිසාය.
මෙවැන්නක් දැකිය හැක්කේ අපට පෙනෙන ද්‍රව්‍ය්‍යක් මත මෙය කි‍්‍රයාත්මක වී, එය කරා ඇදී යන විට දී පමණි.
මහා පිපිරුම්
න්‍යායෙන් පැවසෙන්නේ කුමක්ද?
මහ පිපිරුම්
න්‍යායෙන් පැවසෙන්නේ ඝනීභවනය වී තිබූ ද්‍රව්‍ය පදාර්ථයක් අදින් වසර බිලියන 13.7 කට පමණ පෙර විශ්වයේ සිදුවූ පිපිරුමක්
හේතුවෙන් කුඩා කැබලිවලට කැඞී වෙන්වී මන්දාකිණි නිර්මාණය වූ බවයි. එතැන් පටන් මෙම
මන්දාකිණි එකිනෙකින් ඈත්වන්නට පටන් ගත් බවත් එයින් පැවසෙනවා. මෙම න්‍යාය ඉදිරිපත්
කළේ බෙල්ජියානු ජාතික තාරකා විද්‍යාඥයකු වූ ඇබේ ජෝර්ජස් ලෙමයිටේ‍්‍ර.
විශ්වය
ඇතිවූයේ කවදාද?
තාරකා විද්‍යාඥයින්ට
අනුව විශ්වය නිර්මාණය වී ඇත්තේ අදින් වසර බිලියන 13.7 කට පෙර සිදුවූ මහා පිපිරුමේ ප‍්‍රතිඵලයක් ලෙයසි. අවකාශය,
කාලය, ශක්තිය සහ ද්‍රව්‍ය යන සියල්ල ඇතිවූයේ යැයි පැවසෙන්නේ
ඉන් පසුවයි. පිපිරුමේ ප‍්‍රතිඵලයක් ලෙස මුදාහැරුණු ද්‍රව්‍යවලින් අති විශාල
ස්කන්ධයන් සහිත තාරකාවලින් සමන්විත් මන්දාකිණි ඇතිවුණා. සූර්යයා යනු මෙම පිපිරුම
අතරතුර ඇතිවූ එක් තාරකාවක්.
විශ්වය තැනී
ඇත්තේ කුමකින්ද?
මුළු විශ්වයම
තැනී ඇත්තේ පරමාණුවලින්. මහා පිපිරුම නම් වූ යෝධ පිපිරුමෙන් අනතුරුව විශ්වය සිසිල්
වී ප්‍රෝටෝන, නියුට්‍රෝන සහ
ඉලෙක්ට්‍රෝන බවට පත්වූ අතර එ්වා එකතු වී පරමාණු සෑදුණා. අපි උදාහරණයක් විදියට
හීලියම් ගනිමු. එය තැනී ඇත්තේ ඉලෙක්ට්‍රෝන දෙකකින්, ප්‍රෝටෝන දෙකකින් සහ නියුට්‍රෝන දෙකකින්.
විශ්වයේ
අඩංගුවන්නේ මොනවාද?
විශ්වයේ අඩංගු
වන්නේ පදාර්ථ, අලෝකය,
විවිධ ස්වභාවයේ ශක්තීන් සහ විකිරණයන්ගෙන්. ප‍්‍රධාන
ග‍්‍රහයන් අට දෙනෙකුගෙන් සහ වාමන ග‍්‍රහයන් තිදෙනෙකුගෙන් සමන්විත සෞරග‍්‍රහ
මණ්ඩලයත්, එ්වාය අයත් චන්ද්‍රයනුත්,
ග‍්‍රහක, ධූමකේතු සහ සූර්යයා ඇතුළු සියලූ තාරකාවලිනුත් විශ්වය
සමන්විතයි.
විශ්වයේ ප‍්‍රමාණය
කුමක්ද?
කිසිවකු
විශ්වයේ ප‍්‍රමාණය දන්නේ නැහැ. නමුත් මෙතෙක් කරන ලද පර්යේෂණ සහ අධ්‍යයන්ට අනුව
විශ්වයේ ආසන්න වශයෙන් මන්දාකිණි බිලියන 100ක් පමණ තිබෙනවා. අද දක්වා නිරීක්ෂණය කරන ලද මන්දාකිණි
පිහිටා ඇත්තේ පෘථිවයේ සිට අලෝක වර්ෂ 12 - 16 ක් පමණ දුරකින්. විද්‍යාඥයන් විශ්වාස කරන අන්දමට මහා
පිපිරුමෙන් නිර්මාණය වූ විශ්වය තවමත් ප‍්‍රසාරණය වෙමින් පවතිනවා. විශ්වයේ
විශාලත්වය අවබෝධ කරගැනීමට විද්‍යාඥයින් විශාල පර්යේෂණයන් සංඛ්‍යාවක් සිදුකොට
තිබෙනවා.
විශ්වය
තවදුරටත් ප‍්‍රසාරණය වන්නේද?
තාරකා විද්‍යාඥයන්ට
අනුව විශ්වයේ ඇති අපගේ මන්දාකිණි විශ්වයෙන් පිටතට ගමන් කරමින් තිබෙන අතර එ්වායේ
ඇති ශක්තිය ක්ෂය වී යනතුරුම ප‍්‍රසාරණය වෙයි. මෙම ප‍්‍රසාරණයේ අවසානයේ සිදු වන්නේ
විවෘත විශ්වයක් නිර්මාණය වීමයි. තාරකා විද්‍යාඥයන් විසින් අනාගතයේදී සිදුවිය හැකි
යැයි දක්වා ඇති තවත් අනාවැකියක් නම්, අපි යම් දිනෙක සංවෘත විශ්වයක් තුළ ජිවත්වෙන බවයි. මීට හේතුව මන්දාකිණි අතර
ගුරුත්වාකර්ෂණය මන්දගාමීබවට පත්වී, එ් ගුරුත්වය මගින් මන්දාකිණි යළි එකිනෙකට ආකර්ෂණය වීමට හැකි බව පැවසීමයි.
මෙහි අවසාන ප‍්‍රතිඵලය වන්නේ යළිත් මහා පිපිරුමක් ඇති වී, වන විශ්වයක් නිර්මාණය වීමයි.
මන්දාකිණියක්
යනු කුමක්ද?
මන්දාකිණියක්
යනු ගුරුත්වබලය හේතුකොට ගෙන ඒකරාශී වී තිබෙන තාරකා ගොන්නකටයි. මේවා තැනී ඇත්තේ
වායු, තාරකා සහ පදාර්ථවලින්.
තාරකා විද්‍යාඥයින් පවසන්නේ විශ්වය පුරා ආසන්න වශයෙන් මන්දාකිණි ටි‍්‍රලියන 20 ක් පමණ විසිරී ඇති බවයි.
මන්දාකිණි
වර්ග කෙතරම් තිබේද?
සර්පිලාකාර,
දණ්ඩ සර්පිලාකාර, ඉලිප්සාකාර සහ අක‍්‍රමවත් වශයෙන් ප‍්‍රධාන මන්දාකිණි
වර්ග හතරක් පවතිනවා. දිගු සුළි සහිත බාහුවලින් සමන්විත, තාරකා ගොන්නකින් වටවුණු ඝන මධ්‍යයක් සහිත චක‍්‍රයක් වැනි
හැඩයකින් සර්පිලාකාර මන්දාකිණියක් යුක්තයි. උදාහරණයක් ලෙස ක්ෂීරපථ මන්දාකිණිය ගත
හැකියි. දණ්ඩ සර්පිලාකාර මන්දාකිණියක මධ්‍යයේ තාරකා පිහිටා ඇත්තේ දණ්ඩක ආකාරයකින්.
මෙම තාරකා දණ්ඬේ කෙළවරින් කුඩා බාහු පිටතට නික්මෙනවා. ඉලිප්සාකාර මන්දාකිණියක හැඩය
බිත්තරයකට සමානයි. එහි බාහු කිසිවක් ඇත්තේ නැහැ. එමෙන්ම අධික තාරකා සංඛ්‍යාවක් ඇති
අතර දූවිලි හෝ වායු ඇත්තේ
ඉතා ස්වල්පයයි. අක‍්‍රමවත් මන්දාකිණියක් කිසිදු හැඩයක් දක්නට ලැබෙන්නේ නැහැ.
විශාලතම
මන්දාකිණිය කුමක්ද?
විශාලතම
මන්දාකිණිය වන්නේ ඇන්ඩ්‍රොමීඩා යි. එය එය අපගේ ක්ෂිරපථයට ආසන්නව පවතිනවා. විශ්වයේ
බිලියන සංඛ්‍යාවක මන්දාකිණි තවත් ඇති නිසා ඇනඩ්‍රොමීඩාවට වඩා විශාල මන්දාකිණි තවත්
තිබිය හැකියි.
කවච
මන්දාකිණියක් යනු කුමක්ද?
කවච
මන්දාකිණියක් යනුවෙන් හැ`දින්වෙන්නේ ඉලිප්සාකාර
මන්දාකිණියකටයි. එය වටා තුනී තාරකා කවචයක් පවතිනවා. මෙම වර්ගයේ මන්දාකිණි සොයා
ගත්තේ 1`979 දී ඬේවිඞ්
මැලින් නමැත්තායි. මේවායේ ඇත්තේ මහලූ තාරකා.
ක්ෂීරපථය යනු
කුමක්ද?
ක්ෂිරපථය යනු
සර්පිලාකාර මන්දාකිණියක්. එය ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් එකිනෙක බැ`දුණු වායු, තාරකා, සහ දූවිලිවලින් සමන්විතයි. ක්ෂීරපථය අලෝක වර්ෂ 100,000 විෂ්කම්භයකින් යුක්තවන අතර අලෝකවර්ෂ 10,000 ක ඝනකමකින් යුක්තයි. තාරකා බිලියන 200 ක් පමණ ක්ෂීරපථයේ පවතිනවා. එය තම අක්ෂය වටා
තත්පරයට කිලෝ මීටර් 250 ක වේගයෙන්
කරකැවෙනවා. තමා වට එක් වටයක් කරකැවෙන්නට එයට වසර මිලියන 200කටත් වැඩි කාලයක් ගතවෙනවා.
ක්ෂීරපථයේ
පෙනුම කුමනාකාරද?
ක්ෂිරපථය
සර්පිලාකාර නිසා එහි මධ්‍යය ගෙඩියක වැනි හැඩයෙන් යුකතයි. එය වටා ඇත්තේ සමතල තාරකා
මණ්ඩලයක් හෙවත් තැටියක්. එය කරකැවෙන විට කුඩා බාහු පිටතට විහිදී යනවා. සිය
දුරේක්ෂයෙන් මුළින්ම ක්ෂිරපථය දුටු පුද්ගලයා වන්නේ ඉතාලි ජාතික කාරකා විද්‍යාඥ
ගැලීලියෝ ගැලිලියි.
සෑහෙන්න වටින විස්තරයක්... මේ වගේ ලිපි වලට මම කොහොමත් මනාපයි..
ReplyDeleteස්තූතියි ඔබට
Deleteharima watina article ekak ..bohoma pin..me wage articles tawa post karana ..godak watinawa. puluwan nam aloka warshayak kiyanne mokakda kiyala explain karana... thanx..
ReplyDelete