ඉන්දියාව යනු විවිධ ආගම්වලට තෝතැන්නක්
බැව් අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ලෝකයේ ආගම් බහුලම රට වන්නේ ද ඉන්දියාවයි.
ඉන්දිවාවේ බොහෛ් ආගම් උපත ලැබ ඇත්තේ හින්දු ආගම පදනම් කොටගෙන බැවි පෙනේ. බුදු දහම
ද එසේ හින්දු ආගමේ මූලබීජ මත උපන්නත් බුදුන් වහන්සේ එය දේවවාදයෙන් ඔබ්බට, වඩාත් යථාර්තවාදී තත්වයකට ගොඩනගන්නට සමත් වූහ.
අහිංසාවාදය පදනමකොට ගෙන මෙසේ ඉන්දියාවේ උපත ලද ආගම් අතර මේ අනුව බුදු දහම මූලික
තැනක පවතී. බුදුන් වහන්සේගේ දර්ශනයට බොහෝ පැතිවලින් සමානකම් ඇති තවත් ආගමක්
ඉන්දියාවේ බිහි විය. ඉන්දියාවේ ඉපැරණිතම ආගම්වලින් එකක්වන එය අදටත් සෑහෙන පමණ
අනුගාමිකයන්ගෙන් සමන්විතව ජීවමානව පවතී. ‛ජයින ආගම’ යනුවෙන් හැදින්වෙන මෙයද ප්‍රචලිතව
ඇත්තේ අහිංසාවාදී ආගමක් වශයෙනි. ‛ජයින’
යන්නෙහි අදහස ‛දමනය කළ තැනැත්තා’ යන්නයි. මෙම ආගම ලොවට දේශනා කළේ ‛තීර්ථක’ වශයෙන් හඳුන්වනු ලබන්නා වූ ශාස්තෘවරයන් විසින් බැව් පැවසේ. සමස්ථ
තීර්ථකයින්ගේ සංඛ්‍යාව විසිහතරක් වන අතර ඉන් මුල්වැන්නා ‛රිෂාභා’ වන අතර අවසන්වරට ලොව පහළවූ තීර්ථකවරයා ‛මහාවීර’
වේ.
අවසන්වරට ලොව පහළවූ තීර්ථකවරයා ‛මහාවීර’ වේ |
ජයින ආගම යනු ඉන්දියාවේ සුළුතර ආගමක්
වුවද එය ඉන්දියාව පුරා සෑහෙන පමණ ව්‍යාප්තව ඇති බැව් ඉන්දියාවේ දින කිහිපයක්
සංචාරය කරන්නකුට හොඳින් වැටහේ. විශේෂයෙන් ඔවුන්ගේ ප්‍රධානතම මධ්‍යස්ථානයක් වන
දිල්ලියේ ඇති ‛ශ්‍රී දිගම්බර් ජායි මන්දිරය’ අවට ජයින සාධුවරු බෙහෙවින් දැකිය හැකිය.
‛ශ්‍රී දිගම්බර් ජායි මන්දිරය’ |
ඔවුන්ගේ ඇති විශේෂත්වය නම් සිරුරෙහි කිසිඳු ඇඳුමක් නොතිබීමයි. ඔවුන් අතේ ඇත්තේ
මොණරුන්ගේ වැනි පිහාටුවලින් සකස් කරන ලද අවානක් සහ දිය රැගෙන යන්නාවූ භාජනයක්
පමණි.
ජෛන ආගමේ පැවැදි වූ කාන්තාවන් හඳුන්වනු ලබන්නේ ‛මුනි’ යන නමිනි. නමුත් ඔවුහු සාධුවරුන් මෙන්
නොව මුළු සිරුරම හොඳින් ආවරණය කරටගන සිටිති.
ජෛන ආගමේ පැවිදි වූ කාන්තාවන් හෙවත් මුනිවරු |
ඔබ ඉන්දියාවේ සංචාරය කරන්නට
බලාපොරොත්තුවන්නේ නම් ශ්‍රී දිගම්බර් ජායි මන්දිරය’ නැරඹිය යුතුම ස්ථානයක් බව කිව යුතුය. මෙය පිහිටා ඇත්තේ දිල්ලියේ රතු
බලකොටුවට ආසන්නවය. මීට අමතරව දිල්ලි නගරයේ තවත් ස්ථාන ගණනාවකම ජෛන මන්දිර පිහිටා
තිබෙන නමුත් ප්‍රධානතමය වන්නේ මෙයයි.
ජෛන සාධුවරුන් ඉතා ඉහළ අධ්‍යාත්මික
බලයකින් පසුවන බැව් එහි අනුගාමිකයෝ දැඩිව විශ්වාස කරති. ජෛන අනුගාමිකයේ මෙම
සාධුවරුන්ව සිය නිවෙස්වලට කැඳවා ඇප උපස්ථාන කරනා අතර මෙම කටයුතු මුළුමනින්ම පාඒෙ
සිදුකරන්නේ නිවසේ සිටිනා කාන්තා පාර්ශ්වයයි. මෙම සාධුවරු ඉහළ සැප සම්පත්
බලාපොරොත්තු නොවන අතර රළු තණ බිම එළා එහි සැතපෙන අතර ආහාරයට ගනු ලබන්නේ ද ඔවුනගේ
අතට ලබාදෙන යමක් පමණි.
ජෛන ආගමේ නිකායන් දෙකක් පවතී. ඉන් එකක්
‛දිගම්බර’ වන අතර අනෙක් ‛නිකාය වන්නේ ‛ශ්වේතාම්බර’ ය. මේ අතරින් නග්නව සිටින නිකාය වන්නේ
දිගම්බරයට අයත්වූවන්ය. අපට ඔවුන්ව නග්නව පෙනුන ද තමන් සිටින්නේ නග්නව යැයි ඔවුන්
පවසන්නේ නැත. තමා අවට ඇති අවකාශය මගින් සිරුර ආවරණය කරගෙන සිටිනා බැව් ඔවුහු
පවසති. ශ්වේතාම්බර නිකායට අයත් සාධුවරු පවසන්නේ නග්නව සිටීම මෙම ශිෂ්ට සම්පන්න
සමාජය තුළ ප්‍රායෝගිකව කළ නොහැකි නිසා තමන් වස්ත්‍ර පළඳින බවය. ඔවුහු සාමාන්‍යයෙන්
සුදු පැහැ වස්ත්‍රවලින් සැරසී සිටිති. ආගමික වතාවත්වල ද යම් යම් වෙනස්කම් දක්නට
ලැබේ.
ශ්වේතාම්බර සාධුවරයෙක් |
ඉන්දීය කලා ශිල්පවලට ද ජෛන ආගම සහෙන
දුරකට බලපෑම් කොට ඇති බැව් පෙනේ. මෙහි ශාස්තෘවරුන්වරුන් තීර්ථකයන්ගේ හිඳි හා හිටි
පිළිම ඉන්දියාව පුරා බොහෝ ස්ථානවල දක්නට ලැබේ. පැට්නා කෞතුකාගාරයට ඔබ යන්නේ නම්
එහි පැරණිතම ජෛන පිළිමය දැකබලා ගන්නට පුළුවන. ඉන්දියාව පුරා ජෛන ආශ්‍රමවලට අයත්
නටබුන් දැකිය හැකිය. ජෛන ආගමට අයත් විශාලතම මෙන්ම සුවිශේෂීතම ප්‍රතිමාවක් ඇති අතර
එය කර්නාටක ප්‍රාන්තයේ හසාන් දිස්ත්‍රික්කයේ ශ්‍රවනබෙලාගෝලා කඳු මුදුනේ පිහිටා
තිබේ. ගොමාතේශ්වර නමින් ප්‍රසිද්ධ මෙය මීටර් 18ක් උසින් යුක්තය. ඉන්දියාවේ පුදුම හතෙන් මුල්වැන්න මෙය ලෙස හඳුන්වනු
ලබයි.
ගොමාතේශ්වර |
නළුනිළියන්, දේශපාලඥයින් ආදි විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන් බොහෝ දෙනෙක් ජෛන ආගමික අනුගාමිකයන් බැව් පෙනේ. වර්තමාන ආධ්‍යාත්මික නායකයකු ලෙස ප්‍රකට ඔසෝ හෙවත් ආචාර්ය රජ්නීස් ද ජෛන අනුගාමිකයෙකි. එමෙන්ම සුප්‍රකට සිනමා අධ්‍යක්ෂවරයකු සංජේ ලීලා බන්සාලි ද එහි අනුගාමිකයෙකි.
eka thamayi bansali kunuharapa pikchar hadanne
ReplyDeleteමේ වගේ හෙළුවැලි මිනිස්සුන්ට බුහුමන් දක්වන්නේ මෝඩයෝ. මේ අයට බුහුමන් දක්වනවන එක පැත්තක තියලා නිරුවතින් ප්‍රසිද්ධියේ හැසිරීම ගැන දඬුවම් කළයුතුයි. අනෙක මේ පිරිමින් මෙහෙම හැසිරෙනවිට කාන්තාවන් කොපමණ අපහසුතාවයකට පත්වෙනවද?
ReplyDeleteහරි ෂෝක් . . .
DeleteThis comment has been removed by the author.
Deleteඉන්දියාවේ ස්ත්‍රී දුෂණ වෙන එක මේවා දකිනකොට අහන්නත් දෙයක්ද? මෝඩි මහත්තයෝ අනුන්ගේ රටවලවට අතපොවන්නේ නැතුව තමුන්ගේ රටේ ශිෂ්ට සමාජයක් බිහිකිරීමට උත්සහ කරොත් හොඳයි.ලෝකෙට විහිළු සපයන්නේ නැතුව.
ReplyDeleteඒක ඇත්ත
Delete