නිශාචර සතුන්
පිළිබඳ කතා කිරීමේදී අපට එකවරම මතක්වන සතකු වන්නේ වවුලාය. ඒ වෙන හේතුවක් නිසා නොව
අප නිතර, වැඩිපුරම දකින නිශාචර
සත්වයා වවුලා නිසාය. අනෙක් වවුලා යනු එලෙවටත් නැති මෙලොවටත් නැති සතකු විදියටත් ප්‍රසිද්ධියක්
උසුලයි. ඒ මේ අපූරු සත්වයා ඉගිලුනත් පක්ෂියෙකු නොවීමත්, ගස්වල එල්ලී සිටීමත්, ක්ෂිරපායි සතකුද වීමත් වැනි කාරණා නිසාය. වවුලාගේ එල්ලී
යාම කෙතරම් ප්‍රසිද්ධ කාරණයක් ද කීවොත් බස්වල හා කෝච්චියේ එල්ලී යන අයටද “වවුලන් මෙන් එල්ලී යනවා” යැයි කියන්නට අප පුරුදු වී සිටිමු. මේ අනුව
වවුලා යනු සැබවින්ම විශේෂ සතෙකි.
මේ කතා කරන්නට
යන වවුලා ඊටත් වඩා විශේෂ සතෙකි. එබැවින් ඌ අතිවිශේෂය. මේ අතිවිශේෂ වවුලා
හඳුන්වන්නේ giant golden-crowned flying fox
නමිනි. සිංහලෙන් අපට
මේ වවුලා, ‛යෝධ රන් සිළු ඉගිළෙන නරියා’ වැනි අපූරු නමකින් හඳුන්වන්නටත් පුළුවන. මේ
වවුලාගේ විශේෂත්වය වන්නේ ලෝකයේ සිටින යෝධතම වවුල් වර්ගය මොවුන් වීමය. අනෙක වදවී යාමේ තර්ජනයට ද ලක්වී සිටී. කැළෑ
එලිකිරීම නිසා ැද මොවුනට උන්හිටි තැන් අහිමි වී ඇත. මොවුන් පිලිපීන කැළෑවලට ආවේණික
සතෙකු බැවින් අන් රටවල සොයා ගැනීමටද අසීරුය.
සිරුරේ ඇති
තියුණු තද කලු පැහැයට සාපේක්ෂව හිස වටා රන් පැහැ ගැන්වුණු රෝම පිහිටි ඇති බැවින් golden-crowned හෙවත් රන් සිළු යන නම ලැබී තිබේ. අනෙක්
බොහෝ වවුලන් මෙන් මොවුනට වලිගයක් පිහිටා නැත. අත්තටු දිගහල විට ඒව එක් කොනක සිට
අනෙක් කොන දක්වා මීටර 1.5 - 1.7 (අඩි 4 අඟල් 10
- අඩි 5 අඟල් 7) දිගින් යුක්තය. බර කි.ග්‍රෑ. 0.7 - 1.2 පමණ වේ.
පිලිපීන
වනාන්තරවලට ආවේණික මෙම වවුලෝ මුහුදු මට්ටමේ සිට මීටර් 1,100ක් පමණ ඉහළ මිනිස වාසයෙන් තොර ප්‍රදේශවල
ජීවත් වෙති. මොවුන් මිනිස වාසයක් කිට්ටුව ජීවත් වීමට කැමැත්තක් නොදක්වන බව
පර්යේෂණයකින්ද හෙළිවිය. නමුත් කෑම සොයා යාමේදී මිනිසා විසින් වගාකළ ප්‍රදේශකර
පැමිණෙන බවද හෙළිවී තිබේ.
කෙසේමුත්
මොවුන් වනාන්තරය තුලම ජීවත්වන්නට වැඩි කැමැත්තක් දක්වන බැවින් මොවුන් සංරක්ෂණය
කිරීම හා වන්නතර සංරක්ෂණය කිරීම එකක් බවට පත්ව ඇත. මන්ද වනානත්ර නැති තැන
මෙැවුන්ගේ පැවැත්මක් ද නැති බැවිනි. මොවුන සියින වන ප්‍රදේශ කරා මිනිසුන්ගේ
පැමිණිම මොවුනගේ වදවී යාමට ප්‍රධාන හේතුවක් බවට පත්ව තිබේ.
නිශාචරව
හැසිරෙන යෝධ රන්සිළු ඉගිළෙන නරියා ආහාර සොයා එක් රාත්‍රියක් තුල කි.මී. 40ක පමණ දුරක් ඉගිල යයි. එබැවින් පිලිපීනයේ
බොහෝ පලතුරු ගසවල පරාගනය කිරීමේ කටයුත්තේ වැඩැ දායකත්වයක් සපයන සතෙකු බවට මෙම
වවුලා පත්ව තිබේ.
මොවුනගේ ප්‍රධාන
ආහාරය වන්නේ අත්තික්කාය. වෙනත් පළතුරු සොයා යන්නේ අත්තාක්කා නැතිනම් පමණි. මිනිසා
විසින් වගාකළ පළතුරු ආහාරයට ගන්නා බව සොයාගෙන ඇතිමුත් එය එතරම් බහුප ලෙස සිදුවන්නේ
නැත. මොවුන් ශාක බීජ ව්‍යාප්තියටද විශාල මෙහෙයක් කරනා බැවින් පිලිපීන වැසි
වන්නාතරවල පැවැත්මටද මොවුනගේ ලැබෙන්නේ ඉමහත් පිටිවහලකි.
මොවුනගේ ප්‍රජනන
ක්‍රියාවලිය පිළිබඳ වැඩි තොරතුරක් අසන්නට ලැබෙන්නේ නැත. වසරකට පැටවුන් දමනා අවස්ථා
දෙකක් ඇත් අතර වරකට දමන්නේ එක පැටවකු පමණි.
පිලිපීනය පුරා
මෙම වවුලන් ඉතා බහුලව ව්‍යපාල්ව සිටි කාලයේදී මොවුන්ගේ එක් ජනපදයක වවුලන් 150,000ක් පමණ සිටි බව දැනගන්නට ලැබී තිබේ. මේ
හේතුව නිසාම ඔවුන්ව දඩයම් කිරීමද පහසුවක් විය. එය එසේ වුවත් මොවුන මෙතරම් සංඛ්‍යාවක්
එක්රොක්වී සිටින්නේ උණුසුම රඳවා ගැනීමට මෙන්ම සතුරු උපද්‍රවවලින් ආරක්ෂාවීමත්
සඳහාය.
කෙසේ වුවත්
අදවන විට වදවීමේ දැඩි තර්ජනයකට මුහුණ පා ඇති මෙම අපූරු සත්වයා රැකගැනීම සිය වගකීම
බව පිලිපීන පාරිසරික සංවිධාන අවබෝධ කරගෙන සිටීම සතුටට කරුණකි.
නියමයි. තවත් මේ වගේ දේවල් කරන්න.
ReplyDeleteඔබේ අදහස් දැක්වීමට ස්තූතියි
DeleteThis is very good
ReplyDeleteThank you
Delete