පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, July 11, 2014

සිංහලයන් පිටසක්වලයන් හා කතා කළාද? - Sinhalese People's Connection with the Aliens



ලෝකයේ ජනප්‍රියතම මාතෘකා පිළිබඳ සොයා බැලුවහොත් එයින් එකක් වන්නේ පිටසක්වල කාරණාය. එනම් පිටසක්වල ජීවීන්, පිටසක්වල යානා, පිටසක්වල ග්‍රහලෝක ආදිය මේ අතර ප්‍රධාන තැනක් ගනී. මේවා මෙතරම් ජනප්‍රියවීමට මේ සම්බන්ධව ලියැවුණු පර්යේෂණ ග්‍රන්ථ, නවකතා, සිනමා නිර්මාණ ආදිය විශාල පිටිවහලක් ලබාදී ඇත. ඊට අමතරව මේවා ඇසින් දුටු සාක්ෂි සහිත පුද්ගලයන් ලෝකයේ බොහෝ ස්ථානවල සිටීම තවත් හේතුවකි. ඇමරිකාවේ නෙවාඩා කාන්තාරයේ රියා 51නමින් හැඳින්වෙන භූමිභාගයේ පිටසක්වල ජීවීන් සමඟ සම්බන්ධතා පවත්වන බවට පැතිර පවතින පුවත් නිසා මිනිසුන් තුළ මෙම විෂයය සම්බන්ධව ඇති උනන්දුව දිනෙන් දින ඉහළ යන බැව්ද පෙනේ. මේ සියලු කරුණු කාරණා නිසා පිටසක්වල තොරතුරු පිළිබඳ ඔබත් සමග කතාකිරීමේ වරදක් ද නැත. එසේ නම් අපි පිටස්වලයන් ගැන කතා කරන්නට පටන් ගනිමු.



අපගේ කතාව ආරම්භ කරන්නේ  දකුණු ඇමරිකාවේ පීරු හා බොලීවියා රාජ්‍යයන්ට මැදිව මුහුදු මට්ටමේ සිට මීටර් 3,812ක් උසින් පිහිටි ටිටිකාකාවිළෙනි. ලෝකයේ උසින්ම පිහිට විළ ලෙස සැළකෙන්නේද මෙයයි. මෙය අවට නිතර පිටසක්වල යානාවන් දර්ශනය වන බවට තොරතුරු ලැබී තිබේ. මෙහි අලුත්ම සිදුවීම වාර්තාවන්නේ 2013 මැයි 18 වැනිදාය. ඒ මෙය මෙයට කඩාවැටුණු යම්කිසි අභිරහස් වස්තුවක් නිසාය. 

ටිටිකාකා විලට 2013 මැයි 18 වැනි කඩා වැටුණු අභිරහස් වස්තුව 


මෙය වීඩියෝ ගතකොට ඇති අතර විශ්ලේෂණය කිරීමෙන් පසු අනාවරණය වී ඇත්තේ එය උල්කාපාතයක් නොවන බවය. එසේ නොවේ නම් ඊළඟට  මතුවන අදහස නම් එය ගුවන් යානයක් විය හැකි බවය. නමුත් මේ සඳහන් දිනය තුළ මේ අවටින් අනතුරකට පත්වූ කිසිඳු ගුවන් යානයක් පිළිබඳ වාර්තාවන්නේ නැත. අනෙක මේ විල දෙපස පිහිටි රටවල් වූ පීරු හා බොලීවියාව මිසයිල හෝ අභ්‍යවකාශ නිෂ්පාදනයට ප්‍රසිද්ධ රටවල් ද නොවේ. එසේ වූයේ නම් ඔවුන් විසින් කරන ලද වැරදී ගිය මිසයිල හෝ අභ්‍යවකාශ යානා අත්හදා බැලීමක් ලෙස මෙය නම්කරන්නට තිබිණි. හරියටම මෙයට වසරකට පෙර, එනම් 2012 මැයි 18 වැනිදා ද මෙයට කඩාවැටුණු ආලෝක වස්තුවක් පිළිබඳ වාර්තාවේ. මේ පිළිබඳවද මෙතෙක් පැහැදිලි නිගමනයක් ලබා දී නැත.

ටිටිකාකා විළෙහි ගුවන් ඡායාරූපයක් 


මේ අතර බීබීසී ආයතනය ජාත්‍යන්තර පුරා විද්‍යාඥයින් පිරිසක් සමඟ එකව කළ ගවේෂණයකදී ටිටිකකා විළ පත්ලේ දැවැන්ත නගරයක නටබුන් මතුකරගන්නට සමත්ව තිබේ. මෙය පිටසක්වලයන්ගේ ඉපැරණි නගරයක් බැව් ඇතැමෙක් පවසති.  මෙයින් පසුව ලෝකයේ තවත් සුප්‍රකට විල් ගණනාවක් පත්ලේ විවිධ ගොඩනැගිලිවල නටබුන් දක්නට ලැබුණු බවට පුවත් වාර්තා විය. මේ කිසිවක් පිළිබඳ තවමත් පැහැදිලි නිගමනයක් ලබාදෙන්නට කිසිවකුට හෝ හැකියාවක් ලැබී නැත.

ටිටිකාකා විල සහ පිටසක්වලයින් අතර ඊළඟ සම්බන්ධය මතුවන්නේ මෙම ටිටිකාකානමත් සමඟිනි. ඉතා ඉහළ ගුවනට නැගි විට ටිටිකාකා විලෙන් අපූරු හැඩයක් පෙන්නුම් කරයි. ඒ කොටියකු හාවකු ලුහුබඳිනා වැනි හැඩයකි. ටිටිකාකා යන නමෙහි අර්ථය ගෙන බැලුවහොත් එහි ඇත්තේ පාෂාණ පූමාවැන්නකි. පූමා යනු කොටි වර්ගයට අයත් සතෙකි. ටිටිකාකා යන්න සෑදී ඇත්තේ විළ අවට භාවිතවන ක්වෙචුවාසහ අයර්මායන ප්‍රාදේශීය භාෂාවන්ගේ සම්මිශ්‍රණයෙනි. මෙම විළට මෙසේ නම භාවිතවන්නට ආරම්භ වූ කාලය ඉතා ඈත අතීතයට දිව යයි. මෙතරම් ඈත කාලයක දී මෙහි හැඩය දකින්නට එහි සිටි මුතුන්මිත්තන්ට අහසට නගින්නට හැකියාවක් තිබුණේ නැත. එසේ නම් ඉහළ සිට පැමිණි යම් අයකු විසින් මෙම විළෙහි හැඩය දැක මෙසේ නම තැබුවේය වැනි කතාවක් අවට වැසියන් අතර පවතී. ඉතා අතීතයේ ඉහළින් යමෙක් පැමිණියේ නම් ඒ නිසැකව පිටසක්වලයෙක්ම විය යුතුය. මේ අවට කලාපය පිටසක්වල සමග සම්බන්ධතා පැවැත්වූ බවට මෙය තවත් සාධකයකි.

ටිටිකාකා විළ අවටින් හමුවන්නා වූ තවත් සුවිශේෂී ස්ථානයක් වන්නේ පීරු හි පිහිටා ඇති අමාරු මුරුනමින් හැඳින්වෙන්නාවූ  තාරකා ද්වාරයයි’. 

අමාරු මුරු හි තාරකා ද්වාරය 


මේ අවට ජීවත්වන්නාවූ රතු ඉන්දියානුවන් විසින් මෙම ස්ථානයක් දීර්ඝ කාලයක් තිස්සේ හඳුන්වනු ලැබුයේ දෙවියන්ගේ නගරයයන නමිනි. මෙහි ඇත් විශාල පර්වතයේ කපන ලද යෝධ දොරක් වැනි දෙයක් දක්නට ලැබේ. මේ අවට ප්‍රදේශය හඳුන්වනු ලබන්නේ ආත්මයන්ගේ නිම්නයනමිනි. මෙම දොර අඩි 23 බැගින්  දිගින් හා පළලින් යුක්තය.  එහි පහළින් අඩි 6ක් පමණ උසකින් යුක්ත තවත් කුඩා දොරක් වැනි දෙයක් දක්නට ලැබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම දොර තුළින් දෙවියන් කරා යා හැකි බවය. අතීතයේ යම් යම් අවස්ථාවලදී මෙම දොර විවෘත වූ බවද ජනප්‍රවාදයේ පවතියි. මෙය කුමන අරමුණකින් ගොඩනංවන ලද්දක් ද යන්න පිළිබඳ පැහැදිලි අර්ථකථනයක් ලබාදෙන්නට තවමත් හැකියාවක් ලැබී නැත.

පිටසක්වලත් මෙවැනි සම්බන්ධතා පැවැත්වූයේ යැයි සැළකෙන මෙවැනි තවත් ස්ථාන ගණනාවක් ලොව පුරා හමුවෙයි. ඉන් එක් ස්ථානයක් වන්නේ ඊජිප්තුවයි. එහි ගීසා හි පිරමීඩ තුනක් දක්නට ලැබේ. ඒවා නම් මෙන්කවුරේ’, ‛ඛැෆ්රේසහ ඛුෆුය. මෙම පිරමීඩ ත්‍රිත්වයෙහි පිහිටීමේ හැඩය සහ ඔරායන් හෙවත් දඩයක්කාරයාගේ තාරකා පංතියේ බඳපටියේ ඇති ප්‍රධාන තාරකා ත්‍රිත්වය වූ ඇල්නිටාක්’, ‛ඇල්නිලාම්සහ මින්ටාකාවල පිහිටීමේ හැඩය අතර ඇත්තේ ඉතා දැඩි සම්බන්ධතාවයකි. 

රුවන්වැලිසෑය, මිරිසවැටිය හා ජේතවනාරාම දාගැබ් 

ගීසා හි සුප්‍රකට පිරමීඩ ත්‍රිත්වය 


ඔරායන් බඳපටියේ තාරකා ත්‍රිත්වය සමග දාගැබ් හා පිරමීඩ සමපාතවී ඇති ආකාරය 

එපමණක් නොව අප රටෙහි අනුරාධපුරයේ පිහිටි මිරිසවැටිය, රුවන්මැලිසෑය හා ජේතවනාරාමය යන පූජනීය දාගැබ් ද පිහිටා ඇත්තේ මෙම හැඩයටමය. ඊජිප්තුවේ පිරමීඩ මෙන්ම අප රටෙහි දාගැබ්ද අති දැවැන්ත නිර්මාණයන්ය. පිරමීඩ තනන්නට භාවිතකළ ගල් ගෙනැවිත් ඇත්තේ ඒවා පිහිටා ඇති ස්ථානයේ සිට ඉතාමත් ඈත ප්‍රදේශයක සිට බැව් සොයාගෙන තිබේ. මේවා මෙතරම් දුරක් රැගෙන එන්නට එකල තිබූ මිනිස් බලය පමණක් ප්‍රමාණවත් නොවූ බව ඉතිහාසඥයින් විසින් පවසයි. එසේ නම් මේවා මෙතරම් දුරක් ගෙනැවිත් මේ සා විශාල නිර්මාණයන් කරන්නට පිටසක්වලක සහය ලැබුණේ දැයි යම් යම් අදහස් පළවෙමින් පවතී.

මිරිසවැටිය, රුවන්වැලිසෑය හා ජේතවනාරාමය යන දාගැබ් ගොඩනංවන්නට අවශ්‍ය ද්‍රව්‍ය පිරමිඩ තැනීමේදී තරම් දුරකින් රැගෙන නොආවද මේවා ගොඩනැංවීමේදී එවැනි බාහිර බුද්ධියක සහය ලබාගත්තේ දැයි සැකයක් පවතී. නමුත් ඊජිප්තුවේ පිරමීඩ ගොඩනංවා ඇත්තේ තාරකා නිරීක්ෂණයට හෝ විශ්වය සමග වෙනත් යම් සම්බන්ධතාවයක් පවත්වන්නට නොව පාරාවෝ රජවරුන්ගේ මළසිරුරු තැන්පත් කරන්නටය. අප රටෙහි දාගැබ් ගොඩනගා ඇත්තේ සර්වඥ ධාතූන් වහන්සේලා හෝ රහත් ධාතූන් වහන්සේලා තැන්පත් කොට වැඳුම් පිදුම් කිරීම සඳහාය. ඒ හැරුණු විට ඒවායේ ද කිසිදු තාරකා විද්‍යාත්මක අරමුණක් දක්නට නොලැබේ. එසේ හෙයින් මේ සියල්ලේ පිහිටීමේ අතිශය සමානකමක් දක්නට ලැබුණ ද ඒවායේ පිටසක්වල සමග ඇති සම්බන්ධයක් පිළිබඳ කිසිවක් සොයාගන්නට නොමැති බව තවත් මතකයක් ලෙස ඉස්මතු වී තිබේ. කෙසේ නමුත් රුවන්මැලිසෑයේ ආකෘතිය පිළිබඳ කරන ලද අධ්‍යයනවලින් සොයාගෙන ඇති කරුණක් වන්නේ එහි පිහිටීම හා එය සමන්විතවී ඇති ද්‍රව්‍යවල බලපෑම අනුව මෙය යෝධ ධාරිත්‍රකයක් ලෙස ක්‍රියාත්මක වන බවය. ධාරිත්‍රකයක් යනුවෙන් හැඳින්වෙන්නේ ඉලෙක්ට්‍රොනික් විද්‍යාවේදී යොදා ගැනෙන විද්‍යුතය ගබඩාකොට තබාගන්නා උපකරණයකටය. රුවන්මැලිසෑය ද මෙසේ යෝධ ධාරිත්‍රකයක් ලෙස ක්‍රියාත්මකවෙමින් ඉහළ අවකාශයේ ඇති විද්‍යුත් ශක්තීන් සමඟ යම් හුවමාරුවක් කරගන්නා බවට අදහසක් ද ඉදිරිපත් වී තිබේ. රුවන්මැලිසෑය තුළ ධාතූන් වහන්සේලා තැන්පත් කොට ඇත්තේ පිරිසිදු ලෝහවලින් තනා ඇති නොයෙක් ප්‍රමාණයේ කරඬු තුළය. මේවා විශිෂ්ට ගණයේ විද්‍යුත් සන්නායකයන්ය. සුප්‍රකට ගවේෂණාත්මක ගෘහනිර්මාණ ශිල්පිනියක වූ ඩියන්නා ශ්‍රීන් තෙරෙස් අමේන්ද්‍රාසිය පර්යේෂණ කෘතියක් වූ Beyond the Seeing Eye: The Mahathupa of Lanka: An Insight හි සඳහන් කොට ඇත්තේ මහා ස්ථූපයට වැඳුම් පිදුම් කරනා සැදැහැවතුන්ගේ සිතිවිලි විද්‍යුත් බලයක් බවට හරවා පිටසක්වල යම්කිසි ස්ථානයක් සමග ඒවා හුවමාරුකරගන්නේ ද යන්නයි.

රන්මසු උයනේ පිහිටි සක්වල චක්‍රය 


ඉසුරුමුණියේ රන්මසු උයනේ පිහිටි සක්වල චක්‍රයයන සටහන නිසා  අනුරාධපුර යුගයේ සිටි මුතුන්මිත්තන් පිටසක්වලයන් සමඟ යම් සන්නිවේදයක් පැවැත්වූයේ ද යන අදහස මතුව එයි. මෙම සක්වල චක්‍රය පිළිබඳ විවිධ අදහස් මතුව ඇති අතර ලොව පුරා මෙය ප්‍රකටව ඇත්තේ Star Gate හෙවත් තාරකා ද්වාරයනමිනි. 

ඊජිප්තුවේ අබු ගුරාබ් හි ඇති තාරකා ද්වාරය 


ඊජිප්තුවේ අබු ගුරාබ් ප්‍රදේශයෙන් ද තාරකා ද්වාරයනම් වූ යම්කිසි ඉදිකිරීමක් හමුවේ. ඊජිප්තුවේ පිරමීඩ හා අප රටෙහි දාගැබ්වල පිහිටීමෙහි ඇති සමානකමත්, මෙම තාරකා ද්වාරත් හේතුවෙන් මෙම රටවල් දෙක අතර යම් සන්නිවේදන හැකියාවක් තිබුණේද යන අදහස ද මේ වනවිට මතුවී තිබේ.

ඇන්ග්කෝර් වැට් විහාරස්ථානය 


කාම්බෝජයේ පිහිටි ඇන්ග්කෝර් වැට්නමින් හැඳින්වෙන බෞද්ධ සිද්ධස්ථානය හා ඩ්‍රැකෝනමින් හැඳින්වෙන තාරකා පංතිය අතර දැඩි සම්බන්ධතාවයක් පවතින බැව් පෙන්සිල්වේනියාවේ ඉන්ඩියානා සරසවියේ ඉලියනොර් මැනික්කා පෙන්වා දෙයි. ඇය විසින් සිදුකරනු ලැබූ සුප්‍රකට නිබන්ධනයක් වූ  Angkor Wat: Time, Space and Kingship හි මෙය සඳහන් කොට තිබේ. ඇය පවසන්නේ මෙහි භූමි සැලැස්ම, පිහිටීම ආදි සියල්ලෙන් නිරූපණය වන්නේ දෙවියන් විසින් පත්කළ රජකු වූ දෙවැනි සූර්යවංශම් විසින් කේත ආකාරයෙන් සකස්කළ පණිවිඩයක් බවය.

ඇන්ග්කෝර් වැත් විහාරස්ථාන භූමිය හා ඩ්‍රැකෝ තාරකා පංතිය සමපාත වී ඇති අයුරු 


මීට අමතරව පාස්කු දූපතේ පිහිටි ප්‍රතිමාවන් ද යම්කිසි පිටසක්වල සමඟ වූ අරමුණක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ ඒවා යැයි පවසේ.

පාස්කු දූපතේ ප්‍රතිමා



ලෝකයේ බොහෝ ගොඩනැගීම් සිදුකරද්දී ඒවාට තාරකා පංතිවල හැඩය ලබාදීම අහම්බෙන් සිදුවූ දෙයකැයි පවසමින් මේ සියල්ල ඉවත දමන්නට නොහැකි තරම් ප්‍රබල සාධක මේවා වටා ගොඩනැගී තිබේ. අනෙක තාරකා පංතිවල හැඩය ලබාදීම, සක්වල චක්‍රයන් නිර්මාණය කොට තිබීම මගින් ද පැවසෙන්නේ අපට ඉහළින් පවතින යම්කිසි බලවේගයක් සමඟ පෘථිවි වැසියන් සම්බන්ධතා පැවැත්වූ බවය. නමුත් මේ කිසිවක් සාධනය කරගන්නට තරම් ප්‍රබල අධ්‍යයනයන් තවමත් සිදුවී නැත. ඇතැම්විට එවැනි අධ්‍යයන් සිදුවී ඇත්නම් ඒවායෙන් හෙළිවී ඇති කරුණු සමාජයට මුදාහරින්නට නොහැකි තරම් අභිරහස් මට්ටමේ පවතිනවා වන්නට ද පුළුවන. ඇමරිකාවේ නෙවාඩා කාන්තාරයේ ඒරියා 51’ ප්‍රදේශය ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ පිටසක්වලයන් සමඟ සම්බන්ධතා පවත්වන්නා වූ ස්ථානයක් ලෙස වුවද ඇමරිකාව එය ප්‍රතික්ෂේප කරන්නේ තමා දන්නා කරුණු ලෝකයා හමුවේ තබන්නට තරම් සුදුසු ද යන්න පිළිබඳ නිගමන කරගැනීමට නොහැකි නිසා වන්නට ද පුළුවන. ඇතැම්විට මේවා සදාකල් අභිරහස් ලෙසම පවතිනු ඇත. එහෙත් මේ තාරකා පංතිවල සිටිනා යම්කිසි බුද්ධිමත් ජීවීන් අප දෙස තවමත් බලාසිටිනා බැව් නම් අප අමතක කළ යුතු නැත. 

5 comments:

  1. නිරංජන් බුද්ධිමත් ජීවීන් මෙහෙට ආපු කතා වල අතීතයේ හැඩය වර්තමානයේ හැඩය ගොඩක් වෙනස් වෙලා. ඒ කියන්නෙ මෙහේ තාක්ෂණයත් එක්ක ඒ ජීවින්ගේ යානාත් දියුණු වෙලා වගේ. ආලෝක වර්ෂ මිනියන ගණනක් ගෙවාගෙන එනකොට මේවා එතරම් ඉක්මණින් දියුණු වෙන්න නම් එන අතරමග රිකන්ඩිෂන් කරගෙන එන්න ඕන නැත්තං ආලෝක වර්ෂ මිලියන ගාණක දුර උපරිම අවුරුදු 10කින් වගේ එන්න පුලුවන් දුරක් වෙන්න ඕනා.. නැත්තං කියනවා වගේ කලු කුහර හරහා. එහෙමත් දෙයක් හොයාගන්න පිටසක්වල බුද්ධිමත් ජීවීන් හිටියානම් දැන් ඒක ලෝකෙටම තර්ජනයක් වෙලා?

    http://en.wikipedia.org/wiki/Tunguska_event උල්කාවක් වෙන්න පුලුවන් උනත් ඊට එහා දෙයක් කියල කියනවා. ඔය ගැන සිංහලනේ ලිපි ලියවුනු බ්ලොග් තියනවා.

    http://www.malkakulu.com/2011/12/blog-post_23.html

    මට හිතෙන්නෙ ගොඩක්ම දැන් මිනිස්සු / නාලිකා කියන කතා ගොතන ඒවා ප්‍රසිද්ධිය තකා. විද්‍යාඥයෝ එලි කරගන්න ඒවා නම් ආයෙ ආයෙ හොයල බලන්න ඕනා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපට හරියටම කියන්න බැහැ තමයි පිටසක්වල ජීවීන් ඉන්නවද නැද්ද කියන එක. නමුත් මේ පෘථිවියේ පමණක් ජීවීන් ඇතැයි කියන එකත් තර්කානුකූල නැහැ. අනෙක අපි තාක්ෂණය කියන ගැන හිතන්නේ පෘථිවියේ තාක්ෂණයත් එක්ක. ඒ කියන්නේ බටහිර තාක්ෂණයත් එක්ක. සිංහලයන් සතුවද ඉතා අනර්ඝ තාක්ෂණයක් තිබුණු බවට සාධක තිබෙනවා. නමුත් අද ඒ තාක්ෂණය නැහැ. අපි පිටසක්වල යානා ගැන හිතන්නෙත් අපේ අභ්‍යවකාශ යානාවලට සංසන්දනය කර බලමින්. උදාහරණයක් විිදිහට ගත්තොත් මගේ ජංගම දුරකතනයේ ෆ්ලෑෂ් එකක් නැහැ. ඒත් එකෙන් කියවෙන්නේ නැහැ ලෝකේ අනෙක් ජංගම දුරකතනවල ෆ්ලෑෂ් නැහැ කියලා. ඒ නිසා මේ විශ්වයේ අභ්‍යවකාශ යානා ගොඩනැගීමේ තාක්ෂණයක් ඇත්තේ පෘථිවියේ විතරක්ය කියන අදහසේ ඉන්න එක තර්කානුකූල නැහැ. ඒවා ක්‍රයාත්මක වන්නේ ඉන්ධනවලින්ය කියන එක ගැන සිතීමත් තර්කානුකූල නැහැ. අපේ ලෝකයට තර්ජනයක් වන පිටසක්වල ජීවීන් ඉන්නේ විද්‍යා ප්‍රබන්ධ සහ චිත්‍රපටවලයි. නමුත් යම් ජීවීන් පිරිසක් බුද්ධිමත් නම්, ඔවුන් තවත් ලෝකයකට තර්ජනයක් වෙනවාමයි කියන අදහසේ ඉන්න එකත් සාධාරණ නැහැ. ඒ නිසා එවැනි තර්ක ඔස්සේ කතා කරමින් මේ විශ්වයේ පිටසක්වල ජීවීන ගැන අදහස් දැක්වීමේ යම් යම් ගැටලු තිබෙනවා.

      Delete
    2. ඔයාගෙ පැහැදිලි කිරීමට ස්තූතියි. මම උඩින් කියල තියෙන දේ පිටසක්වල ජීවීන් නැතැයි කියන පදනමේ නම් නොවෙයි. ඒකෙ අවභාවිතය පිළිඹදවයි. මම උඩින් කියපු එක (තර්ජන කතාව) පොඩ්ඩක් පැහැදිලි මදි තමයි, ඒකට මම මෙහෙම එකතු කරන්නම්, තර්ජනය කියන දේ එන්නේ ආයුධ වලින්/ යුධමය වශයෙන් පමණක් නොවෙයි. ඒ නම් චිත්‍රපවට වල ඒක ඇත්ත. එහෙම (තර්ජනය) කිව්වෙ අප විසින් සාදාගත් නිර්නායකයන්ට.. පෘථිවිය බිහිකල පෘථිවියේ ජීවයට හිතකර පරිසර පද්ධතියට? මේවගේ තවත් තියනවානේ?

      Delete
  2. පිලිතුර සරලයි..ආලෝක වර්ෂ පෘථිවිවාසීන්ගේ වේගවත්ම ඒකකයක් උනාට ඊටවඩා වේගවත් ඒකක බුද්ධිමත් ජීවින් සතුයි..උදාහරණයක් කියන්නම්..ටෙලිපති මගින් විශ්වයේ ඕනෑම ප්‍රදේශයක වෙසෙන ජීවින් කොටසක් සමග සන්නිවේදනය කලහැකියි..එසේනම් සිතිවිලි තරංගයක වේගයෙන් පැමිණීමේ හැකියාවක් ඔවුන් සතු නොවේද..එසේ පැමිණෙන්නේනම් ආලෝකයක වේගයෙන් සිතුවිල්ලක වේගය මැනීම කෙතරම් මෝඩද..

    ReplyDelete
    Replies
    1. ඔෙබ් උපකල්පනය නිවැරදි විය හැකියි. සිතිවිලි තමයි මටත් හිෙතන්ෙන් ෙම් විශ්වෙය් තිෙයන ෙව්ගවත්ම ඒකකය.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න