පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, July 16, 2014

ස්වප්නා ටෙලි නාට්‍යයේ ‘සන්ධ්‍යා‘ - දීපිකා සිං - Sandya of Swapna (diya aur baati hum) - Deepika Singh


සිරස රූපවාහිනියෙන් විකාශනය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන ස්වප්නාගැන බොහෝ දෙනෙක් දන්නවා. මෙය ඉන්දියාවේ දියා ඕර් බාති හම්නමින් හින්දි බසිනුත් තවත් භාෂා කිහිපයකිනුත් විකාශනය වූ ටෙලි නාට්‍යයක්. ඒ වගේම ඉන්දියාවේ අතිශය ජනාදරයට පත් ටෙලි නාට්‍යයක්. මෙහි ප්‍රධාන චරිතය වන සුරාජ්ට පණ දෙන රංගන ශිල්පී අනාස් රෂීඩ් ගැනත් අපි කතා කළා. ඔහු මේ නාට්‍යයේ ඉදිරිපත් කළ රංගනයෙන් පුසව ඉන්දියාව පුරා ප්‍රසිද්ධ වුණේ පුංචි තිරයේ හොඳම සැමියා විදියට. ඔහු හොඳම සැමියා වෙන්න නම් පුංචි තිරයේ බිරිඳක් ඉන්නත් ඕන. මේ නාට්‍යයේ ඔහුගේ බිරිඳ වුණේ සන්ධ්‍යා’. අවසානයේ මේ දෙන්න පුංචි තිරයේ හොඳම යුවල බවටත් පත් වුණා. අපි අනාස් ගැන විතරක් කතා කරන එක අසාධාරණයි කියලා හිතුණ නිසා සන්ධ්‍යාගේ චරිතයට පණදුන්නු දීපිකා සිංගැනත් කතා කරන්න හිතුවා.

විවාහය

1989 ජූලි 26 වැනිදා උපන් දීපිකා වෘත්තියෙන්ම රංගන ශිල්පිනියක්. දියා ඕර් බාති හම්එහෙමත් නත්නම් ඔබ අප කවුරුත් හොඳින් දන්නා ස්වප්නාතමයි ඇගේ කුළුඳුල් රංගනය ඉදිරිපත් කරන්න දොරටු විවර කළේ. ඇය මෙහි නිරූපණය කරන්නේ පොලිස් නිලධාරිනියකගේ චරිතයක්. දීපිකා පන්ජාබ් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ව්‍යපාර පරිපාලනය පිළිබඳ උපාධිධාරිනියක්.  ඇය රූපවාහිනි වැඩසටහන් අධ්‍යක්ෂවරයකු වන රෝහිත් රාජ් ගෝයාල් සමඟ විවාහ වී සිටිනවා.

දියා ඕර් බාති හම්කියන්නේ දීපිකාගේ මුල්ම රංගන අත්දැකීම වුණත් ඇය එයින්ම ඉන්දියානු රසික රසිකාවියන් රැසක් දිනාගැනීමට සමත් තිබෙනව බවයි පෙනෙන්න තියෙන්නේ. ඇය දක්ෂතාවයන්ගෙන් යුක්ත රංගන ශිල්පිනියක් බව බොහෝ දෙනෙක් පවසනවා. මේ ටෙලි නාට්‍යයේ පොලිස් නිලධාරිනියකගේ චරිතයක් නිරූපණය කරන බව අපි දන්නවා. මේ නිසාම ඇයට මාර්ග නීති ගැනත් තොරතුරු සොයා ගන්න සිදු වුණා. ඒක සාමාන්‍ය දෙයක් වුණත් මෙතැන තියෙන අපූරුතම දෙය නම්  ඇය මේ නීති රීති සිය නිෂ්පාදන කණ්ඩායමේ පිරිස සම්බන්ධවත් ක්‍රියාත්මක කිරීමයි. ඇය ඒ ගැන පවසන්නේ මෙන්න මෙහෙම දෙයක්.



අපි දියා ඕර් බාති හම්නාට්‍යය කරන කාලේ හැමෝම හිටියේ එක පවුලක් වගේ. අපි යම් හොඳ දෙයක් අපේ ප්‍රේක්ෂකයන්ට ලබා දෙනවා නම් ඒක අපිත් අපේ ජීවිතවලට ප්‍රායෝගිකව හුරුකරගන්න ඕන. ඒ නිසයි මම අපේ හැමෝටම කියන්න පටන්ගත්තේ මෝටර් බයිසිකල්වලින් එන අය අනිවාර්යයෙන්ම හෙල්මට් පළඳින්න කියලා. එහෙම කවුරු හරි හෙල්මට් දාගෙන ආවේ නැත්නම් මම එයාලාගේ යතුරු මා ළඟ තියාගත්තා. වැහි කාලෙට මුම්බායිවල පාරවල් හරියට ලෙස්සනවා. අනෙක හෙල්මට් එක දාන එක අනිවාර්ය දෙයක්. සන්ධ්‍යා කියන පොලිස් නිලධාරිනිය හොඳ දේවල් කියලා දෙන්න ඕන ටෙලිනාට්‍යයට විතරක් නෙවෙයි. හැබෑ ජීවිතයටත් ඒවා සම්බන්ධ කරගන්න ඕන කියලයා මම නම් නිතරම සිතන්නේ.

ඇගේ පොලිස් චරිතය ඉන්දියානු ප්‍රේක්ෂකයන් තුළ මෙතරම් ජනප්‍රියත්වයකට පත්වේ යැයි කිසිවකු සිතුවේ නැහැ.  රසකැවිලි වෙළෙන්දකු වන සුරාජ් සමඟ ඇය විවාහ වී සිටියත්, ඇයට පොලිස් සේවයේ උසස් තනතුරකට යාමට හැකි සෑම අවශ්‍යතාවයක්ම සපුරාලන්නට ඔහු වගබලාගන්නවා. මෙය කෙතරම් ජනප්‍රිය වුණාද කියනවා නම් ඒ වෙනුවෙන් ඇයට 2012 සහ 2014 අවුරුදුවල ස්ටාර් පරිවාර්කියන සම්මානය ද හිමි වුණා.

ඒත් දීපිකා පවසන්නේ තමන් රංගන ශිල්පිනියක් බවට පත්වේ යැයි තමන් කිසිදා නොසිතූ බවයි.

මම පුංචි කාලෙවත් රූපවාහිනිය නරඹන පුරුද්දක් තිබුණේ නැහැ. ඒත් මම ජනප්‍රිය වෙන්න නම් පොඩි ආසාවක් හිතේ තිබුණා. මම මගේ උපාධිය අවසන් කළාට පස්සේ මගේ අනාගතය ගැන ටිකක් බරපතල විදියට හිතන්න පටන් ගත්තා. උදේ නවයට ගිහින් පහට ආපහු එන රැකියාවක් කරන්න මගේ හිතේ කැමැත්තක් තිබුණේ නැහැ. මට මගේ පවුගේ ව්‍යාපාර වැඩවලට සම්බන්ධ වන්නටත් තිබුණා. ඒත් මම ඒ හැමදේයම අතහැරලා අවේ රංගනය ගැන මගේ හිතේ තදබල ඇල්මක් තිබුණු නිසයි.

වෙළෙඳ ප්‍රචාරණය සම්බන්ධ සමාගම්වල සේවය කරන ඇගේ මිතරු මිතුරියන් ඇගේ ඡායාරූප සිනමා සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරුනට ලබාදුන්නා. ඇය ඉන් පසු රංගනය සදහා පරීක්ෂණ කිහිපයටකට සහභාගී වන්නටත් ගියා. ඒ විදියට තමයි ඇයට රංගනය සඳහා සම්බන්ධවන්නට අවස්ථාවක් හිමි වුණේ.

ඉන්දියාවේ කාන්තා චරිත ඉස්මතු වන ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයක්ම තියෙනවා. තුල්සි සහ පාර්වතී කියන්නේ ඒ වගේ චරිත. නමුත් සන්ධ්‍යා කියන්නේ ඒ සියල්ලමෙ වඩා වෙනස් චරිතයක්. මේ කතාවේ හැටියට සන්ධ්‍යා ගෙදර දොරේ වැඩ කිසිම දෙයක් දන්නේ නැහැ. නමුත් ඇය සත්‍යය වෙනුවෙන් පෙනී සිටිනවා. කාන්තාවන් සම්බන්ධයෙන් ඉන්දියානු මානසිකත්වය වෙනස් වන ආකාරය මෙයින් පෙන්නුම් කරනවා. පිරිමින් රජ කරන සමාජයක තමයි ඇය තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න උත්සාහ කරනවා. මේ වගේ චරිතයක් කරන්න ලැබුණු එක මගේ වාසනාවක් කියලයි මම හිතන්නේ.

මුම්බායිවලට ගිහින් රංගනයට එන්නට දීපිකා කළ තීරණය ගැන ඇගේ දෙමාපියන් නම් කැමති වුණේ නැහැ.


මෙහෙම ඇවිත් කොහොමටවත් ජීවිතේ සාර්ථකවයක් ලබන්න හැකි වේ යැයි ඔවුන් සිතුවේ නැහැ. ඔවුන් කිව්වේ මම මගේ ජීවතේ හොඳම කාලය අපතේ යවාගන්න සැරසෙන බවයි. මම පරාජයනවනවා දකින්න ඔවුන් කැමති වුණේ නැහැ. මොකද මම ඉස්කෝලේ යන කාලෙත් පංතියේ වැඩියෙන්ම ලකුණු ගත්ත කෙනෙක්. කොහොම වුණත් මම හිතන්නේ දැන් මම ඉන්නේ ජයග්‍රාහී මාවතක. මගේ දෙමාපියන් ඒ ගැන මටත් වඩා සතුටු වෙනවා.

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න