ජපානය වූ කලී
අනාදිමත් කාලයක සිටම සටන්ක්‍රමවලට ලෝක ප්‍රකට
සටන් ක්‍රමයක් වූ ‛කරාතේ’ උපන් භූමියද මෙයම වන්නේය. එයට අමතරව ෂෝගන්වරු, සමුරායිවරු හා නින්ජාවරුන්ට ද තිඹිරිගෙය
වූයේ ජපානයයි. මේ නම්වලින් හැඳින්වූ සියල්ලන් සුප්‍රකට සටන් පරම්පරාවන්ය. මේ
අතුරින් ෂෝගන්වරු හා සමුරායිවරු අද වනවිට නමට පමණක් සීමාවී ඇති බැව් පෙනේ. නමුත්
අභිරහස් සටන් පරම්පරාවක් වන නින්ජාවරු නම් තවමත් කිහිපදෙනෙක හෝ ජපානයේ සැබැවින්ම
ජීවත්වන බැව් පෙනෙන්නට තිබේ. අඳුරේ සිට සටන් කරමින් නිහඬවම සතුරා විනාශ කොට අඳුරේම
සැඟව යන නින්ජාවරු සිය ශිල්පක්‍රමය පිය පුතු පරම්පරාව ඔස්සේ මෙතෙක් රැකගෙන
පැමිණියහ. නමුත් මේවන විට නින්ජාවරුන්ගේ පරම්පරාව ද මෙලොවින් තුරන්වන්නට ආසන්නව
පවතින බැව් පෙනෙන්නට තිබේ.
නින්ජාවරුන්ගේ ඇඳුම් කට්ටලයක් |
ජපානයේ
නින්ජාවරු යනු සැබවින්ම අභිරහස් සහ ගුප්ත සටන් පරම්පරාවකි. ජපානයේ ගෞරවනීය සටන්
පරම්පරාවක් වූ සමුරායිවරු සිය ඔත්තුකරුවන් ලෙස යොදාගනු ලැබූයේ නින්ජාවරුන්ය. දෑස්
හැර අන් සියලු ශරීරාංගයන් අඳුරු වස්ත්‍රයකින් ආවරණය කොටගෙන සතුරන් නසා සෙවනැල්ලක්
සේ අතුරුදහන්වන්නට ඔවුන් සතුව ඇත්තේ අපූරු හැකියාවකි.
මුවහත් කරන ලද
තාරකාවක හැඩය සහිත දමාගසන ‛ෂුරිකෙන්’ සහ මුවින් විදිනා ‛ෆුකියා’ වැනි නිහඬ, මාරක අවි මොවුන්ටම ආවේණික වූ ඒවාය.
නින්ජාවරු යනු
අතිදක්ෂ කඩු සටන් ශිල්පීන් ද වෙති. ඔවුන් සිය අසිපත් යොදාගන්නේ සතුරන් නසන්නට
පමණක් නොවේ. ගල් පවුරු ඔස්සේ මාලිගාවලට රිංගා සතුරන් පිළිබඳ ඔත්තු බලන්නට ද ඔවුහු
සිය අසිපත්වල පිහිට යොදාගනිති.
තාරකාවක හැඩය
සහිත දමාගසන ‛ෂුරිකෙන්’
|
ඔවුන්ගේ
වැඩකටයුතු සියල්ලක්ම පාහේ අතිශය රහසිගතව සිදුකෙරුණු ඒවා බැවින් ඔවුන් පිළිබඳව වූ
නිල ලියකියවිලි ද ඇත්තේ අල්ප වශයෙනි. ඔවුන්ගේ අවි ආයුධ, මෙවලම් සහ සටන් උපක්‍රම පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන
යන්නේ කට වචනයෙන් මිස ලිඛිතව නොවේ.
ලිඛිතව මොවුන්
පිළිබඳ සැබෑ තොරතුරක් සොයාගන්නට නොමැතිවීම ප්‍රයෝජනයට ගත් චිත්‍රපට නිර්මාණකරුවන්
මේ නිසා තිරය මත මවා ඇත්තේ නින්ජාවරුන් පිළිබඳ සැබෑ ප්‍රතිරූපයක් නොවේ.
‛අෂුරා’ නම් කණ්ඩායම නින්ජාවරුන්ගේ ශිල්පීය ක්‍රම ඉදිරිපත්කරමින් |
‛එන්ටර් ද නින්ජා’ සහ ‛ඇමරිකන් නින්ජා’ වැනි හොලිවුඩ් චිත්‍රපටවලින් නින්ජාවරුන් යනු දියමත දිව
යා හැකි හෝ ඇසිපිය ගසන නිමේශයකින් අතුරුදහන් වියහැකි සුපිරි මනුෂ්‍ය කොට්ඨාශයක්
ලෙස හුවාදක්වා තිබේ.
“ඇත්තෙන්ම මේක
මහා බොරුවක්. මෙවැනි දේ කළ හැකි ඒවා නොවෙයි. කොයි තරම් පුහුණු වුණත් නින්ජාවරුන්
කියන්නෙත් සාමාන්‍ය මනුෂ්‍යයින් පිරිසක් විතරයි.“
නින්ජාවරු
දියමත ඇවිදින්නේ මෙවැනි සුවිශේෂී පාවහන්
වර්ගයක් පැළැඳීමෙන් බව ඇතැමෙක් පවසයි. නමුත් එයට සාක්ෂි නැත.
|
උපහාසයෙන් යුක්තව මෙසේ පවසන්නේ ජපානයේ අවසන් නින්ජා
ගුරුවරයා ලෙස එහි ඉගර්යු කෞතුකාගාරය විසින් හඳුන්වනු ලබන ජිනිචි කවකාමි ය.
කවකාමි යනු
බෑන් පරම්පරාවේ විසිඑක්වැනි නායකයාය. බෑන් පරම්පරාව යනු ‛කොකා’ යනුවෙන්
හඳුන්වන නින්ජා වංශයට අයත් පරම්පරාවේ 53න් එකකි. ඔහු නින්ජා ශිල්ප ක්‍රම
(නින්ජුට්සු) ඉගෙනීම ආරම්භකොට ඇත්තේ සවැනි
වියෙහි පසුවත්දී සිය ගුරුවරයා වූ මසාසෝ ඉෂිඩා ගෙනි.
නින්ජාවරයෙක් සහ ඔහු භාවිත කරන ආයුධ |
“මම මුල්
දවස්වල හිතුවේ මේක සෙල්ලමක් කියලා මිසක් නින්ජුට්සු පුහුණුවක් කියලා නෙවෙයි. මට
වෙලාවකට හිතුණා එයා මට හොරකමේ යන්න උගන්වනවාවත්ද කියලත්. මොකද එයා මට නිහඬව ගමන්
කරලා ගෙවල් ඇතුළට කඩාවදින විදිහත් උගන්වපු නිසා.”
ඔහු පවසයි.
ඔහුට ඉගැන්වූ
තවත් ශිල්පක්‍රම අතර පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය හා ඖෂධ වර්ග කලවම්කරන ආකාරය ද විය.
“යම්
පුද්ගලයෙක්ව ඇත්තටම මරණය පත් නොකර තමාට යම්කිසි දරුණු රෝගයක් වැළඳී තිබෙන බව හැඟෙන
ආකාරයේ විෂ සාදන්නට මට තවමත් හැකියාව තිබෙනවා.” ඔහු පවසයි.
හත්සුමිගේ සටන් පුහුණු මධ්‍යසස්ථානය |
අවුරුදු 18දී
කවකාමි ට තම පරම්පරාවට අයත් ඉපැරණි ලියිවිල්ලක් හිමිවිය.
නින්ජා ශිල්ප
ක්‍රම පිය පුතු පරම්පරාවෙන් ඉදිරියට ගමන් කරන්නක් වුවද ඇතැම් පරම්පරාවන්වල මෙම
සටන්ක්‍රම ඉගැන්වීම සඳහා කුඩා දරුවන් හදාවඩා ගන්නා අවස්ථා ද දක්නට ලැබේ.
ජපානයේ ඇති
නින්ජා සටන් පරම්පරාවන් අතර කවකාමිගේ ‛කොකා’ සහ ඔවුන්ගේ අසල්වැසි ‛ඉගා’ ජපානයේ අනෙකුත් පරම්පරාවන් අතර සුවිශේෂී
තැනක පසුවෙයි. එයට හේතුව සියවස් ගණනාවක් තිස්සේ ජපානයේ පැවැති සිවිල් යුද්ධය අවසන්
කොට වර්ෂ 1600 දී මුළු ජපානයම එක්සේසත් කරන්නට ලෙයාසු තොකුගාවා වැනි වැඩවසම්
නායකයන්ට ඔවුන් ලබාදුන් සහයෝගය නිසාය.
‛ඉඩෝ’ යනුවෙන් හැඳින්වෙන තොකුගාවා යුගයෙන් නින්ජාවරුන්ගේ ක්‍රියාකාරිත්වයන්
පිළිබඳ යම් යම් ලිඛිත තොරතුරු හමුවේ.
“චිත්‍රපටවලින්
දැක ඇති ජවනිකාවල හැටියට සමහරු හිතන්නේ නින්ජාවරු කියන්නේ නිකම්ම නිකම් මිනීමරුවෝ
කොටසක් විතරයි කියලයි. ඒත් සැබෑ නින්ජාවරුන් එයට වඩා වෙනස්.”
කවකාමි පවසයි.
නින්ජාවරු යනු
පැය විසිහතරේම හෝ දිනපතා සටනේ නියුක්තවන පිරිසක් නොවේ. ඔවුන් ඒ සඳහා යොමුවන්නේ
අවශ්‍යතාවයක් පැන නැගුණු විට පමණි. අනෙක් එය ඔවුන්ගේ ජීවිකාව ද නොවේ. ඇතැම්
නින්ජාවරු සිය ජීවිකාව ලෙස ගොවිතැනෙහි නිරත වූ බව පෙනෙන්නට තිබේ.
“ඇතැම්
නින්ජාවරු ඉඩෝ යුගයේදී සමුරායිවරුන් බවට පත්වූ බව අප අසා තිබෙනවා. එම සමයේ දී තොකුගාවා
රජය විසින් සමාජය රණවිරුවන්, ගොවියන්,
කම්කරුවන් හා වෙළෙඳුන් වශයෙන් කොටස් හතරකට
වර්ගකොට තිබුණා.”
කවකාමි පවසයි.
කවකාමි යනු ‛ජපානයේ අවසන් නින්ජාවරයා’ ලෙස නම් ලබා ඇති මුත් එය එසේ නොවන බැව් ද පෙනෙන්නට තිබේ.
අසූ හැවිරිදි මසාකි හත්සුමි පවසන්නේ තමන් තවමත් සජීවී තොගාකුරේ නින්ජා පරම්පරාවේ
නායකයා බවය.
හත්සුමි යනු
බුජින්කාන් නම් ජාත්‍යන්තර සටන් ශිල්ප සංවිධානයේ ආදිකර්තෘවරයා ද වන්නේය. එහි
පුහුණුව ලැබූවෝ ලොව වටා ලක්ෂ තුනකටත් වඩා සිටිති.
“විදෙස් රටවල
හමුදා සහ පොලිසීවල සේවය කරන්නන් ද මෙහි පුහුණුව ලැබූවන් අතර සිටිනවා.”
ඔහු පවසයි.
ඔහුගේ පුහුණු
මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ එතරම් විදෙස් ජාතිකයන් සිටිනු ඇතැයි කිසිවකු නොසිතන තරම්
කුඩා නගරයකය. නොඩා යනුවෙන් හැඳින්වෙන මෙම නගරය චිබා දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ.
ඔහුගේ පුහුණු මධ්‍යස්ථාන හඳුන්වනු ලබන්නේ ‛ඩොජො’ යනුවෙනි. මෙම මධ්‍යස්ථානයක තතමි පැදුරු 48ක් එළන්නට තරම්
ඉඩ පහසුකම් තිබේ. ඔහුගේ ශිල්පීය ක්‍රම එතරම් සංකීර්ණ නැත. ආයුධ භාවිත වන්නේද
ඉඳහිටය. බහුතර සටන්ක්‍රම නිරායුධ ඒවාය. සිය සරල ප්‍රහාරවලින් සතුරා බිමදමන අයුරු
ඔහු සිය සිසුනට උගන්වයි.
එක්සත්
රාජධානියේ සිට පැමිණි පෝල් හාර්පර් යනු ඔහුගේ එක් දක්ෂ ශිෂ්‍යයෙකි. ඔහු දැනට වසර
විසිපහක් තිස්සේ සෑම වසරකම හත්සුමිගේ පුහුණු මධ්‍යස්ථානයට පැමිණ සති කිහිපයක්
නැවතී සටන් පුහුණු වෙයි.
නින්ජාවරු භාවිත කරන අසිපතක් |
“අසූව දශකයේ
මුල් කාලයේ සටන්ක්‍රම ගැන ලියැවුණු විවිධ සඟරා තිබුණා. මම ඒ කාලයේ කරාතේ
ඉගෙනගත්තා. ඒ අතරේ අහම්බෙන් වගේ තමයි මට බුජින්කාන් ගැන ලිපියක් කියවන්නට ලැබුණේ.
මගේ ගුරුවරයාගේ නින්ජා පරම්පරාව ගැන මට පුදුම උනන්දුවක් ඇතිවුණා. ඒත් මම මෙතැන
සටන් ක්‍රම ඉගෙන ගන්නට පටන්ගත්තායින් පස්සේ නින්ජා සටන්ක්‍රම ගැන මගේ තිබුණු
උනන්දුව අඩුවෙලා ගියා. මගේ ගුරුවරයා වඩාත් සරල ක්‍රම ඔස්සේ සටන් කරන හැටි කියලා දුන්නා.”
හාර්පර් පවසයි.
හත්සුමි ජපානය
පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සටන් ගුරුවරයකු ලෙස පමණක්ම නොවේ. ඔහු චිත්‍රපට
ගණනාවකම සටන් උපදේශකවරයා ලෙස කටයුතු කොට තිබේ. ඒවා අතර ජෙම්ස් බොන්ඩ් චිත්‍රපටයක්
වූ ‛යූ ඔන්ලි ලිව් ට්වයිස්’ ද පැවතීම සුවිශේෂීය. සිය සරල සටන් ක්‍රමවලට
අමතරව ඔහු නින්ජා ශිල්ප ක්‍රමය ඉදිරියට රැගෙන යාමට ද කටයුතු කරයි.
කවකාමි සහ
හත්සුමි එක්තරා තැනකදී එක් මාවතක ගමන් කරනා බැව් පෙනේ. දෙදෙනාම තමන්ගෙන් පසුව
තමාගේ ස්ථානයට පත්වන්නට කිසිදු අයෙක්ව තවමත් නම්කොට නැත.
“ඉඩෝ යුගයේ
පැවති සිවිල් යුද්ධයේදී ඔත්තු බලන්නට, සතුරන් නසන්නට, ඖෂධ කළවම්
කරන්නට නින්ජාවරුන්ට තිබුණු හැකියාව ඉතාමත් ප්‍රයෝජනවත්. ඒත් අපට දැන් තුවක්කු
තියෙනවා. අන්තර්ජාලය තියෙනවා. වඩාත් හොඳ ඖෂධ වර්ග තියෙනවා. ඉතිං මේ නවීන යුගයේ
නින්ජුට්සුවලට තැනක් නැහැ.”
කවකාමි පවසයි.
තමාගෙන් පසුව
අනුප්‍රාප්තිකයෙක් පත්කරන්නට ඔහු අදහස් නොකරන්නට හේතුව එයයි. ඔහු මයි සරසවියේ අර්ධ
කාලීන දේශකයකු ලෙස නින්ජා ඉතිහාසය උගන්වයි.
බොහෝ සිසුන්
සිටිය ද හත්සුමි ද සිය උරුමක්කාරයකු නම්කරන්නට තවමත් අදහස් කොට නොමැත.
“මගේ සිසුන්
නින්ජාවරුන් භාවිත කළ ඇතැම් ශිල්පීය ක්‍රම පුරුදු පුහුණු වෙනවා. නමුත් පරම්පරාවේ
ඊළඟ නායකයා කවුද යන්න තීරණය කරන්නේ ඒ පුද්ගලයාගේ දෛවයයි. ඒත් එහෙම කෙනෙක් තවමත්
නැහැ.”
ඔහු පවසයි.
කාලයත් සමග
නින්ජාවරුන් පිළිබඳ මතකය ද මිනිසුන් අතරින් වියැකී යනු ඇත. නමුත් කාටූන්වල, චිත්‍රපටවල හෝ පරිගණක ක්‍රීඩාවල ඔවුන් තවත් බොහෝ කාලයක්
ජීවත්වනු ඇත. ජපානයට මොවුන් පිළිබඳ සිහිවටන සංචාරක ආකර්ෂණය ලබාගන්නට ද හේතුවක් වනු
ඇත.
ඉග්වා නගරයේ
ඇති කෞතුකාරය මේවන විටත් නින්ජාවරුන් නිසා සංචාරකයන් ආකර්ෂණය කරගන්නා වැඩපිළිවෙලක්
දියත්කොට තිබේ. එහි සේවය කරනා ‛අෂුරා’ නම් කණ්ඩායම නින්ජාවරුන්ගේ ශිල්පීය ක්‍රම ඉදිරිපත්කරමින්
සංචාරකයන් පිනවන වැඩසටහනක් දියත්කොට තිබේ.
නින්ජා
ශිල්පීය ක්‍රම යනු නිහඬබව තුළ ක්‍රියාත්මක් වන්නක් වුවද පාසල් දරුදැරියන් හා
විදෙස් සංචාරකයන් මෙම නින්ජා ශිල්පීය ක්‍රම අද නරඹන්නේ හඬ තලා විනෝදවෙමිනි.
අවසන්
නින්ජාවරයා ද මෙලොවින් තුරන්වන්නට පෙර සිටම ඒ අපූරු නිහඬ සටන්කරුවන්ගේ ගුප්තබව
කාලය තුළ සැඟව ගොස් හමාරය.
නින්ජා පිලිබඳ මිත්‍යාව තදින් ග්‍රහණය කරගෙන ඉන්නේ පාසල් සිසුන් සහ ගැටවරයන්. මෙවැනි ලිපි ඔවුන්ගේ අවධානයට යොමුවෙනවානම් හොඳයි.
ReplyDeleteඔබගේ අදහස් දැක්වීමට බොහෝ ස්තූතියි.
Deleteඉතාම වටිනවා මේ ලිපිය... ස්තුතියි ඔබට
ReplyDeleteඔබගේ අදහස් දැක්වීමට බොහෝ ස්තූතියි.
DeleteMy friends told me that on http://clashofclanshelper.com/ - you receive free Clash of Clans gems instantly! It really works! (e8uGgVbsTm)
ReplyDelete