මීයා |
එළදෙන |
කොටියා |
හාවා |
මකරා |
සර්පයා |
අශ්වයා |
බැටළුවා |
වඳුරා |
කුකුළා |
බල්ලා |
ඌරා |
1900 2020 |
1901 2021 |
1902 2022 |
1903 2023 |
1904 2024 |
1905 2025 |
1906 2026 |
1907 2027 |
1908 2028 |
1909 2029 |
1910 2030 |
1911 2031 |
චීන ජ්‍යොතිෂයට
අනුව වර්ෂයක් ආරම්භ වන්නේ ජනවාරි පළමුවැනිදා නොව සෑම වසරකම පෙබරවාරි 4 වැනිදාය. මේ අනුව
ඔබගේ ලග්නය සොයා ගත යුත්තේ මේ ආකාරයටය. ඔබ උපන්නේ 1986 වර්ෂයේ පෙබරවාරි 5 වැනිදා නම් ලග්නය වන්නේ ‘කොටියා’ ය. නමුත් ඔබ 1986 පෙබරවාරි 3 වැනිදා උපන්නේ නම් ඔබ
බැලිය යුත්තේ 1985 වර්ෂයයි.
මන්ද වෙනත් ජ්‍යොතිෂ ක්‍රමවලට අනුව එය 1986 වර්ෂයම වුවද චීන ක්‍රමයට අනුව එය 1985 වර්ෂය බැවිනි. එවිට
ඔබේ ලග්නය වනුයේ ‘එළදෙන’ය.
දැන් ඔබගේ
ලග්නය සොයා ගන්නා ආකාරය පිළිබඳ දන්නා නිසා අපි දැන් එක් එක් ලග්නයට 2014 වර්ෂය වෙනුවෙන් වූ
ඵලාපල විමසා බලමු.
රැකියාව
2014 එතරම්
සුබ නැත. එයට හේතුව අශ්වයාගේ හා මීයාගේ ඇති සතුරුකමය. එබැවින් රැකියාවට නිතර බාධා
ඇතිවන්නට පුළුවන. රැකියාවේ කාර්ය බහුලබව වැඩිවන්නට ඉඩ තිබේ. රැකියා වෙනස් වන්නට ද
පුළුවන. ඔබ අභියෝග ජය නොගතහොත් ජීවන තරගයෙන් ඔබ පරාජය ලබනු ඇත.
මුදල්
මුදල් තත්ත්වය
සාමාන්‍ය පරිදි වනු ඇත. මුදල් ඉපැයීමේ අවස්ථා බොහෝ ඇති මුත් එය ළඟාකරගන්නට සෑහෙන
වෙහෙසක් දරන්නට සිදුවනු ඇත.
ආදරය
ආදර සම්බන්ධය
කාන්තාවන්ට වඩා පිරිමි පාර්ශ්වයට සුබපල ගෙන දෙනු ඇත. අඬදබර ඇතිවිය හැකි බැවින් ඒ
පිළිබඳ සැකිලිමත් විය යුතුය.
සෞඛ්‍යය
මේ වසර දැඩිව
මනස වෙහෙස කරවිය යුතු කාලයකි. එබැවින් මානසික විවේකය අඩුවිය හැකිය. පසුගිය වසරේ
ඔබට යම් යම් අසනීප තත්ත්වයන් තිබුණේ නම් මේ වසරේදී ද ඒවා පිළිබඳ පෙරටත් වඩා
සැලකිලිමත් විය යුතුය. මන්ද අශ්වයාගේ වර්ෂය ඔබට සුබ නොමැති හෙයිනි.
රැකියාව
රැකියාව
කෙරෙහි පීඩනයක් එල්ල විය හැකි වසරකි. නමුත් ගොවිපළකදී බර වැඩ සඳහා එළදෙනුන් සමග
අශ්වයන් යොදා ගන්නා බැවින් මෙවැනි අවස්ථාවලදී ගැටලුවලින් ගැළවෙන්නට ඔබට අශ්වයාගේ
උදව් ලැබෙන්නේය. එබැවින් ඔබට පෙර වසරට වඩා මේ වසර යහපත් වනු ඇත.
මුදල්
මුදල් තත්ත්වය
සාමාන්‍ය මට්ටමක පවතී. කෙටිකාලීන අවදානම් සහිත මුදල් ආයෝජන හිතකර නැත.
ආදරය
ආදරය සම්බන්ධව
සුබපල ඇති බැව් පෙනේ. නමුත් ඔබේ සහකරුවාගේ අභ්‍යන්තර සිතුවිලිවලට පෙරට වඩා
සැලකිලිමත්විය යුතු වේ. එළදෙන ලග්නයට අයත් පුද්ගලයන් ආදරය සම්බන්ධව නිතර සැකයෙන්
යුක්ත බැවින් එම තත්ත්වයන් මැඩපවත්වා ක්‍රියාකිරීමට සිතට ගත යුතුය.
සෞඛ්‍යය
මෙම ලග්නයට
අයත් පුද්ගලයෝ තමන්ගේ සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන ආකාරය පිළිබඳ දනිති. නමුත්
අශ්වයා අතින් එළදෙනට රිදවීමක් සිදුවිය හැකිය. එබැවින් හදිසි අනතුරු පිළිබඳ
සැලකිලිමත්විය යුතුය. බඩවැල් හා ආමාශයේ ලෙඩ රෝග වැළඳිය හැකිය.
ඔබ උපන්නේ
පෙබරවාරි 4 වැනිදාට පෙර
නම් ඔබ අයත් වන්නේ එළදෙනගේ ලග්නයටය.
කොටියා යනු
මාංශභක්ෂක සත්වයෙකි. නමුත් යම්කිසි භූමියක් අශ්වයා සමග බෙදාහදාගන්නට කොටියාට
පුළුවන. මේ දෙදෙනාම අග්නි කාණ්ඩයට අයත් නිසා ඔවුනට එකට ජීවත්වීමට ඇති බාධාවන්
අඩුය. එබැවින් මෙය යහපත් වසරක් වනු ඇත. නමුත් සතුරු උපද්‍රව පිළිබඳ සැලකිලිමත් විය
යුතුය.
රැකියාව
රැකියාව
දියුණු විය හැකි වර්ෂයකි. ඔබ වටා සිටින පුද්ගලයන් ඔබට සහය වනු ඇත. එය ඔබට නායකත්වය
අත්කරදෙන තත්ත්වයකි. නිර්මාණශීලී පුද්ගලයන්ට මෙය යහපත් කාලයකි.
මුදල්
වාසනාව නිසා
මුදල් ලැබෙන කාලයක් නොව වෙහෙසවී මුදල් ඉපැයිය යුතු කාලයකි. ඔබ යම් යම් ස්ථානවල
මුදල් ආයෝජනය කොට ඇත්නම් ඒවායේ ලාභය ඉබේ ලැබෙන තුරු බලා නොසිට ඒවා පිළිබඳ
සැලකිල්ලෙන් සිටිය යුතුය.
ආදරය
මෙය ආදරයට
යහපත් වර්ෂයකි. පසුගිය වර්ෂයේ ආදරයට බාධා තිබුණේ නම් මේ වසරේ ඒ සියල්ල මැඩපවත්වා
බලාපොරොත්තු ඉටුකරගත හැකිය.
සෞඛ්‍යය
යහපත් මානසික
වාතාවරණයක් ඇති වර්ෂයකි. සංචාරය කිරීම තුළින් මානසික සෞඛ්‍යය වඩ වඩාත් යහපත්ව
තබාගත හැකිය. නමුත් හදිසි අනතුරු පිළිබඳ සැළකිලිමත් විය යුතු වේ. අත හා පය
අනතුරුවලට ලක්වන්නට පුළුවන. හෘද රෝග පිළිබඳවත් සැලකිලිමත් විය යුතුවේ.
ඔබ උපන්නේ
පෙබරවාරි 4ට පෙර නම් ඔබ
අයත් වන්නේ කොටියාටය. අශ්වයා හාවා යනු මිත්‍රශීලී ලග්න දෙකකි.
රැකියාව
මෙම වර්ෂයේ
හාවා ලග්න හිමියන්ට බුද්ධිය, ධෛර්යය,
මුදල් හා හැකියාව
වැඩිකරයි. සිය රැකියාවන්ගෙන් ආදායම් ඉපැයීමට ඔවුනට ශක්තිය ලැබෙන අතර ඕනෑම
අභියෝගයක් ජයගන්නට ද පුළුවන. එමෙන්ම මෙම ලග්න හිමියන් උඩඟු ගති ලක්ෂණ ඇත්තන් වන
අවස්ථා තිබේ. එය ඔබගේ රැකියාවට බාධාවකි.
මුදල්
මුදල් ලැබිමේ
වාසනාව ඉහළය. මෙය සෑම වසරකම සිදු නොවන්නක් බැවින් මුදල් ඉපයීම පිළිබඳ මේ වසරේ වැඩි
සැලකිල්ලක් දැක්වීමෙහි වරදක් නැත.
ආදරය
ආදරය සම්බන්ධව
ඉතා සුබදායක වේ. ඔබගේ ක්‍රියාකාරකම් නිසා බොහෝ දෙනකුගේ අවධානය ඔබ වෙත යොමුවන
කාලයකි. ඔබගේ සහකරුවාගේ අදහස් පිළිබඳ සැලකිල්ලක් දැක්විය යුතුවේ.
සෞඛ්‍යය
මොළය වෙහෙසවා
වැඩකටයුතු කළ යුතු අතර කාර්ය බහුල සමයක් වනු ඇත. එබැවින් යහපත් සෞඛ්‍ය තත්ත්වයක්
පවත්වා ගැනීම සිදු කළ යුත්තකි. මහ මගදී ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ
යුතුය. මුත්‍රා රෝග ඇතිවීමේ අවදානමක් තිබේ.
ඔබ උපන්නේ
පෙබරවාරි 4 වැනිදාට පෙර
නම් ලග්නය වනුයේ මකරා නොව හාවාය. මකරා යනු අහසේ සිටිනා සතෙකි. අශ්වයා සිටින්නේ
ගොඩබිමය. එය එකිනෙකට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. එබැවින් මේ දෙදෙනා අතර සමානකම්
අඩුය. එබැවින් මේ වසර එතරම් සුබපල නැත.
රැකියාව
රැකියා
ස්ථානයේ මිතුරන් හා සතුරන් හඳුනාගන්නට සෑහෙන වෙහෙසක් දරන්නට සිදුවනු ඇත. එබැවින්
රැකියාවේ තරගකාරී බවකින් යුක්තව සිටින්නට අධිෂ්ඨාන කරගත යුතුය.
මුදල්
ධනවත්
පුද්ගලයන් හඳුනාගන්නට අවස්ථාව හිමි වේ. එනම් ඔබට මුදල් සම්බන්ධ වැඩකටයුතුවලට නිතර
සම්බන්ධ වන්නට සිදුවේ. නමුත් ඔබට මුදල් යහමින් හිමිවන බවක් එයින් කියැවෙන්නේ නැත.
ආදරය
සාමාන්‍ය
තත්ත්වයක් පවතී. මාර්තු, අගෝස්තු,
සැප්තැම්බර් හා
නොවැම්බර් මාසවලදී ආදරයක් පිළිබඳ සිතීම සුබපලදායකය.
සෞඛ්‍යය
සාමාන්‍ය
තත්ත්වයටත් වඩා පහළ තත්ත්වයක පවතී. මානසික සෞඛ්‍යය ද යහපත් නැත. මහමග අනතුරු
පිළිබඳ
සැලකිලිමත්
විය යුතුය. රෝහල් ගතවී සිදුකරන ප්‍රතිකාරවලින් ද වැළකී සිටිය යුතුය. යහමින් විවේක
ගත යුතුය.
ඔබ උපන්නේ
පෙබරවාරි 4ට පෙර නම්
ලග්නය වනුයේ සර්පයා නොව මකරාය.
බොහෝ සර්ප
ලග්න හිමියන්ට 2014 යහපත්
වර්ෂයකි.
රැකියාව
පසුගිය වසරේ
වෙහෙස මහන්සිව සේවය කළ සියලු දෙනාට මේ වසරේ ඒ සියල්ල වෙනුවෙන් සුබපල අත්වන්නේය. මේ
වසර දැව අශ්වයාගේ බැවින් දැව යනු සර්පයාට බුද්ධිය හා අධ්‍යාපනය ළඟා කරවන්නකි.
වැටුප් වැඩිවීමක් අපේක්ෂා කළ හැකිය. ඔබ අධ්‍යාපනය ලබන්නෙක් නම් ඔබගේ එම වැඩකටයුතු
අතිශයින් සාර්ථක වන්නේය.
මුදල්
ස්ථාවර
ආදායමක් හිමි වර්ෂයකි. අවදානම් සහිත ආදායම් මාර්ගවලට යොමුවීම අනතුරුදායකය.
ආදරය
මේ වසර ආදරයට
යහපත් වර්ෂයකි. ඔබ දැනටමත් ආදරය කරන්නෙක් නම් එය වඩාත් සුන්දර බවට පත්වනු ඇත. ඔබ
විවාහක නම් මේ වසරේ ඔබගේ විවාහ ජීවිතය වඩාත් පී්‍රතිමත් එකක් වනු ඇත.
සෞඛ්‍යය
තරමක්
අසනීපදායක කාලයකි. නමුත් බරපතළතත්ත්වයන් ඇති නොවේ. යහපත් ආහාර පුරුදු ඇතිකරගැනීම
සුබදායක වේ.
ඔබ උපන්නේ
පෙබරවාරි 4ට පෙර නම්
ලග්නය වනුයේ අශ්වයා නොව සර්පයාය.
අශ්වයකුට තවත්
අශ්වයකු හමුවීම සුබ නැත එබැවින් අශ්ව ලග්න හිමියන්ට මෙය එතරම් යහපත් වර්ෂයක් නොවේ.
රැකියාව
නායකත්වය
පිළිබඳ සලකුණු ඇති වර්ෂයකි. අශ්වයකුට අශ්වයකු මුණගැසීම යනු තරගකාරී තත්ත්වයකි.
බොහෝ අභියෝගවලට මුහුණ දෙන්නට සිදුවනු ඇත. ඉවසීමෙන් යුක්තව සියලු දෙයට මුහුණ දිය
යුතුය.
මුදල්
මුදල් සම්බන්ධ
කටයුතු හා සම්බන්ධවන්නට අවස්ථාව හිමිවේ. අවට සිටින්නන් ඔබගේ මුදල්වලින් ප්‍රයෝජනය
ගන්නට කටයුතු කරන බවක් පෙනෙන්නට තිබේ. මේ නිසාම ඔබට මිතුරන් පවා අහිමිව යා හැකිය.
ආදරය
සාමාන්‍ය
තත්ත්වයක් පවතී. ආදරය වෙනුවෙන් තරග කරන්නට සිදුවනු ඇත. ඔබ විවාහක නම් සුළු අඬදබර
ඇතිවිය හැකිය.
සෞඛ්‍යය
තරමක් අසනීප
තත්ත්වයක් පැවැතිය ද සමස්තයක් ලෙස ගතහොත් යහපත් තත්ත්වයක් පවතී. නිරන්තරව ව්‍යායාම
කිරීම යහපත්ය. අයහපත් මානසික තත්ත්වයන් නිසා එය සෞඛ්‍යය කෙරෙහි අහිතකර ලෙස
බලපාන්නට ඉඩ තිබේ.
ඔබ උපන්නේ
පෙබරවාරි 4ට පෙර නම්
ලග්නය වන්නේ බැටළුවා නොව අශ්වයාය.
බැටළුවා හා
අශ්වයා සතුව සමානකම් බොහොමයක් තිබේ. එබැවින් මෙය බැටළු ලග්න හිමියන්ට සුබදායකය.
රැකියාව
වෙහෙස වී
වැඩකටයුතු කළ යුතු වර්ෂයකි. ඔබේ වෙහෙස මත රැකියා උසස්වීම්වලට පවා හිමිකම් කිව
හැකිය. නිහතමානී බව ඔබේ රැකියාවට ආභරණයක් විය හැකිය.
මුදල්
මුදල් තත්ත්වය
යහපත්ය. දිගුකාලීන මුදල් ආයෝජනවලින් සුබපල ලැබිය හැකිය.
ආදරය
ඔබ බැටළු ලග්න
හිමි තරුණියක නම් මෙය ඔබට වඩාත් යහපත් වර්ෂයකි. ඔබට සුදුසුම පුද්ගලයා හමුවන වර්ෂය
මෙයයි. ඔබ දැනටමත් ආදරයක පසුවන්නේ නම් එය වඩාත් වර්ධනය කරගැනීමට මෙම වර්ෂය ඉවහල්
වනු ඇත.
සෞඛ්‍යය
සෞඛ්‍යය අතින්
බරපතළ ගැටලු ඇති නොවේ. විවේකය අවශ්‍ය කාලයකි. මුත්‍රා, වකුගඩු වැනි ආබාධ ඇතිවන්නට ඉඩ තිබේ.
ඔබ උපන්නේ
පෙබරවාරි 4ට පෙර නම්
ලග්නය වනුයේ වඳුරා නොව බැටළුවාය. අශ්වයා සහ වඳුරා අතර විශේෂ සම්බන්ධකමක් නැත.
රැකියාව
රැකියා
ස්ථානයේ පීඩාකාරී තත්ත්වයක් පැවැතිය හැකිය. රැකියාව වෙනුවෙන් ගමන් බිමන් යාමට සිදු
වේ. කාර්යබහුල තත්ත්වයක් ඇතිවිය හැකිය.
මුදල්
මුදල් ඉපැයීමේ
අවස්ථාව පහළ වේ. නමුත් ඒවා හිමිකරගත යුත්තේ කෙසේද යන්න හොඳින් සොයා බැලිය යුතුය.
නමුත් පහසු මාර්ග හිමිවන්නේ නැත.
ආදරය
සාමාන්‍ය
තත්ත්වයක පවතී. ගැටලුකාරී තත්ත්වයක් පැවතුණ ද ඒවා ඉක්මනින් තුරන්ව යනු ඇත. නමුත්
එය ආදරවන්තයා හමුවීමට අපහසුවන තරම් කාර්යබහුල තත්ත්වයක් ඇති වන්නට පුළුවන. විවාහ
දිවියේ සුළු ගැටුම් ඇතිවිය හැකිය.
සෞඛ්‍යය
විවේකය අවශ්‍ය
වර්ෂයකි. අනතුරුදායී ක්‍රීඩාවන්ගෙන් වැළකී සිටිය යුතුය.
ඔබ උපන්නේ
පෙබරවාරි හතරට පෙර නම් ලග්නය වනුයේ කුකුළා නොව වඳුරාය. අශ්වයා හා කුකුළා ගොවිපළ
සතුන් වුවද දෙදෙනාට දෙදෙනා කැමැති නැත.
රැකියාව
කුමන රැකියාවක
නිරත වුවද පීඩනයෙන් ගැළවිය නොහැකිය. කාර්යාලයේ යහපත් මිතුරු පිරිසක් නොමැති නම්
ඔබට වැඩකටයුතු කරගෙන යාමට අපහසු තත්ත්වයක් ඇතිවන්නට පුළුවන.
මුදල්
මුදල් ඉපැයීමේ
මාර්ග ඇති මුත් ඒවා ලබාගැනීමට උපක්‍රම සොයාගත යුතුය. ඒ සඳහා උනන්දුව හා උත්සාහය
අවශ්‍යය. මුදල් අපහසුතාවයන් ඇතිවිය හැකි වර්ෂයකි.
ආදරය
ආදරය
සම්බන්ධයෙන් මොවුන් වාසනාවන්තය. මිතුරන් අතර ඉතා ජනප්‍රිය පුද්ගලයන් වේ. නමුත්
ආදරය නිසා මුදල් පාඩු සිදුවිය හැකි බැව් පෙනේ.
සෞඛ්‍යය
සුළු අසනීප
ඇතිවිය හැකිය. ශ්වසන ආබාධ ඇතිවන්නට පුළුවන. දීර්ඝ ගමන් සුදුසු නැත.
ඔබ උපන්නේ
පෙබරවාරි 4ට පෙර නම්
ලග්නය වන්නේ බල්ලා නොව කුකුළාය. බල්ලා හා අශ්වයා යන දෙදෙනාම බුද්ධිමත් අතර
ස්වාමීවරු වෙනුවෙන් සේවය කරති.
රැකියාව
රැකියා
ස්ථානයේ ඔබ නිසා අනෙක් අයට පීඩා ඇතිවිය හැකිය. නායකත්වය හිමි වේ. නමුත් රැකියා
ස්ථානයේ තරගකාරී බවක් තිබිය හැකිය.
මුදල්
වැටුපට අමතරව
වෙනත් ආදායම් මාර්ග නොමැති තරම්ය.
ආදරය
ආදර සම්බන්ධය
සුබදායක වන අතර ඒ වෙනුවෙන් වැඩිකාලයක් ගත කරන බැව් පෙනේ. නව සබඳතා ඇතිවන්නට
පුළුවන.
සෞඛ්‍යය
රැකියාව නිසා
මානසික අසහනය ඇතිවන අතර ශාරීරික වශයෙන් ගතහොත් සුළු අසනීප තත්ත්වයන් ඇතිවිය හැකිය.
මුත්‍රාශය හා වකුගඩු ආශ්‍රිත රෝග ඇතිවන්නට පුළුවන.
ඔබ උපන්නේ
පෙබරවාරි 4ට පෙර නම්
ලග්නය වනුයේ ඌරා නොව බල්ලාය.
චීන ජ්‍යොතිෂයට
අනුව ඌරා යනු වාසනාවන්ත සතෙකි.
රැකියාව
මෙම ලග්නයෙන්
උපන් පුද්ගලයන් සියලු විටම කාර්යබහුලය. සිය වැඩකටයුතු සඳහා ඔවුනට බොහෝ ශක්තියක්
අවශ්‍ය වේ. මේ වසර ඔවුනට සුබදායකය. ආදායම වැඩි වේ. ඔබ වැඩකටයුතු කරගෙන යාමට අපොහොසත්
වුවහොත් ඔබගේ තැන ගැනීමට බොහෝ දෙනෙක් බලා සිටිනා බැව් කිව යුතුය.
මුදල්
මොවුහු සිය
බුද්ධිය යොදා මුදල් උපයති. ඔවුනට මුදල් ලැබිමේ සහජ වාසනාවක් තිබේ. නමුත් වියදම ද
ඉහළය. මුදල් දනට දීමට කැමැතිය.
ආදරය
මොවුන් රහසේ
ආදරය කරන්නට කැමැතිය. කතාබහ ද මෘදුය. එබැවින් ගැළපෙන සහකරුවකු හෝ සහකාරියක හමුවීමට
කලක් ගත විය හැකිය.
සෞඛ්‍යය
සෞඛ්‍යය එතරම්
යහපත් නැත. විවේකයක් අවශ්‍ය යැයි හැඟුනහොත් එවැන්නකට යොමුවීම සෞඛ්‍යය සම්පන්න වේ.
වෛද්‍ය උපදෙස් පැතීම සුදුසුය. වෛද්‍ය පරීක්ෂණයක් කිරීම වුව යහපත් දෙයකි.
No comments:
Post a Comment
මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න