පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, December 27, 2013

සමාජයේ පහළ තැනක සිට ඉහළ තැනකට ගිය - ඉසිවර වෙදැදුරු - Isiwara Wedaduru alias The King's Doctor



යම්කිසි වෙළෙඳ භාණ්ඩයක් අඛණ්ඩව වෙළෙඳපලට නිකුත්වන්නේ නම් එයින් කියැවෙන්නේ ඒ සඳහා ඇති අඛණ්ඩ ඉල්ලුමය. ජාතික රූපවාහිනිය මගින් විටින් විට විකාශනය කරනා කොරියානු ටෙලි නාට්යව මාළාවන් පිළිබඳ පැවසිය හැක්කේ ද එවැන්නකි. කොරියානු ටෙලිනාට්යක සඳහා ඇති ප්රෙටක්ෂඛ ඉල්ලුමේ තරම මෙයින් සිතාගත හැකිය. මුළින්ම ‛සුජාත දියණි’ ද පසුව ‛අභීත දියණි’ ද ටෙලිනාට්යිවලින් පසුව ජාතික රූපවාහිනිය දැන් ප්රේකක්ෂකයන්ට තිළිණ කරනා නවතම කොරියානු ටෙලි නිර්මාණය වන්නේ ‛ඉසිවර වෙදැදුරු’ ය. කොරියානු බසින් Maui jk fuh වන මෙය මෙය ඉංග්රීිසි බසින් The King's Doctor, Horse Doctor, The Horse Healer ලෙසින් නම් කිහිපයකින්ම හඳුන්වනු ලබයි. වඩාත් ජනප්රිෙයව ඇත්තේ The King's Doctor යන්නය. මෙයට පෙර ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශනය කෙරුණු ‛සුජාත දියණී’ සහ ‛අභීති දියණි’ අධ්යමක්ෂණය කළ ‛ලී බ්යුාන්ග් - හූන්’ මෙහි ද අධ්යාක්ෂවරයා ලෙස කටයුතු කරයි. අතිශය ජනප්රිඅය වූවත් පෙර සඳහන් කළ නාට්යයවල නළු නිළියන් කිසිවකු හෝ මේ සඳහා දායක කොටගෙන නැත. 




ජෝසෙන් රාජ්යඅ සමයේ අවසාන භාගයේ දී පමණ ජීවත් වූ අශ්වයිනට ප්රිතිකාර කිරීමට දක්ෂකම් දැක් වූ ‛බෙක් ක්වන්ග් - හ්යු න්’ නම් පශු වෛද්යනවරයකු වටා මෙම කතාව ගෙතී ඇත. ඔහු කුලයෙන් පහත් පුද්ගලයකු වන බැවින් පශු වෛද්ය්වරයකු ලෙස පවා ඉහළට පැමිණෙන්ට ඇති බාධාවන් අපමණය. නමුත් වැඩවසම් සමාජ ක්රයමයේ තාඩන පීඩනවලින් නොසැලී දිරියෙන් ජීවිතය ජයගන්නා මේ පශු වෛද්යලවරයා අවසානයේ රජමාලිගාවේ රාජකීය වෛද්යනවරයා බවට පත්වෙයි. එමෙන්ම ජෝසෙන් රාජ වංශයේ ප්රවථම ශල්යම වෛද්ය වරයා වන්නේ ද ඔහුය. කොරියාවට ආවේණික වූ වෛද්යයකර්මයන් හා කටු චිකිත්සාව පිළිබඳ නිපුණයකු බවට පත්වන ඔහු කිසිදා තමන් සිටි තැනි අමතක නොකළ ශ්රේොෂ්ඨ පුද්ගලයක- බවට ලොව හමුවේ තහවුරු කරමින් දිළිඳු, අසරණ ජනතාවේ රෝග පීඩාදිය සුව කරන්නට ජීවිතයම කැප කළේය. මේ චරිතය නිරූපණය කරනු ලබන්නේ දක්ෂ කොරියානු සිනමා හා ටෙලිනාට්යි රංගන ශිල්පියකු වන ‛ජෝ සුන්ග් - වූ’ ය. ඔහු මෙයට දායකවන විට ඔහුගේ රංගන දිවියට වසර 13ක් සම්පූර්ණ වී තිබිණි. ‛සුජාත දියණී‛ හා ‛අභීත දියණි’ විකාශනය කළ ‛මුන්හ්වා බ්රෝ3ඩ්කාස්ටින් කෝපරේෂන්’ (Munhwa Broadcasting Corporation - MBC) ආයතනට වසර 51ක් පිරීම නිමිත්තෙන් 2012 ඔක්තෝබර් 01 වැනිදා විකාශනය ආරම්භ කළ මෙම ටෙලිනාට්යි 2013 මාර්තු 25 වැනිදා අවසන් විය. ‛කිම් යි-යංග්’ ගේ කතාවක් වන මෙහි ප්රනධාන රංගන ශිල්පිනිය ලෙසින් දායකවන්නේ ‛ලී යෝ-වොන්’ ය. මිනිත්තු 70 බැගින් වූ කොටස් 50ක් ලෙස මෙය කොරියාවේ විකාශනය වුව ද අප රටෙහි මෙය කොටස් 75කින් අවසන් කිරීමට කටයුතු යොදා තිබේ. 


‛කිම් යි-යන්ග්’ මෙහි තිර රචනයෙන් දායක වන අතර මීට පෙර ඉහළ ප්රේ්ක්ෂක ප්රේතිචාර දිනාගනිමින් විකාශනය වූ ‛අභීත දියණි’ හි තිර රචනය ද ඔහුගේය. මෙය වෛද්යසවරයකු වටා ගෙතුණු කතාවක් බැවින් මෙහි නළ් නිළියන් සහ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම දකුණු කොරියාවේ ප්රාඉචීන රෝහලක් වූ ‛බුන්ඩාන්ග්’ හිදී ප්රාුචීන ඔසු හා කටු චිකිත්සාව පිළිබඳ පැය 2කටත් වැඩි පුහුණුවක් ලබාදෙනු ලැබිණි. මෙම නාට්යහයේ කුලයෙන් උසස් පුද්ගලයන් වෛද්ය‍ විද්යා ව හදාරණ විද්යායල අතර සිදුවන ගැටුම් ආදිය ද දක්නට ලැබෙන අතර කොරියාව ඇතුළු ආසියානු කලාපයට ආවේණික වෛද්ය ක්රචමයන් පිළිබඳ බොහෝ තොරතුරු අනාවරණය කිරීම ද සිදුකරයි. 
මෙම නාට්යුයේ රූගත කිරීම් දකුණු කොරියාවේ උතුරට වන්නට පිහිටි හයිමන්ස්යෝ ගම්මානයේ කඳුකර ප්රුදේශවල සිදුකොට තිබේ. රජමාළිගය ඇතුළු සියලු පසුතල නිර්මාණයන් සිදුකොට ඇත්තේ එම ප්රපදේශයේමය. 


මෙහි ප්ර‍ථම ජාත්ය න්තර විකාශනය සිදුකරනු ලබන්නේ ශ්රීප ලංකාවේය. රූපවාහිනි සංස්ථාවේ හඬ කැවීමේ අංශයේ ප්රරධානී අතුල රන්සිරිලාල්ගේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන හඬකැවීමේ කටයුතු සඳහා සිලරතන් සෙනරත්, කරුණාරත්න අමරසිංහ, පරාක්රිම පෙරේරා, විජේරත්න වරකාගොඩ, මෙලනි අශෝකා, රවීන්ද්රර කෝදාගොඩ ආදී ශිල්පීන් 200කට අධික ප්රුමාණයක් දායක වී තිබේ.
තේමා ගීතය රචනා කොට ඇත්තේ අතුල රන්සිරිලාල් වන අතර උපාලි කන්නන්ගරගේ සංගීත රචනයට ග්ය ගයන්නේ විශාරද නන්දා මාලිනී ය.

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න